Agra's Style

Agra's Style

Teilen

Some people choose to see the ugliness in this world. The disarray. I choose to see the beauty.

02/01/2024

ජීවිතේ කියන්නෙ හරි අපූරු චාරිකාවක්...
විදින විදවන හිත් එක්ක කරන ගණු-දෙනු එක්ක,
යන-එන-නතර වෙන හරි අපූරු ගමනක්.
මතක-හීන- එක්ක
අතීතය-අනාගතය-මේ මොහොතවල් එක්ක
අලුපාට හීන වලට පාට එක්කහු කරන්න වෙර දරන
සොදුරු චාරිකාවක්.

💚අග්‍රා

14/12/2023

හීන් කෙදිරිලි හඩින් මුමුනන...
ආදරේ බර විඩා ඇස් යට..
ගලා හැලුනා හිමින් කදුලක්...
තෙමා වියැකුනු කොපුල් රහසෙම...

අතීතය සිහි කරන් තාමත්..
පෙම්බදින හිත් කොයිතරම්නම්...
ඇද්ද මිහිපිට සැගව ඉකිබිද
හඩා වැලපෙන හුදෙකලාවක

දෑත වාරුව තියනකම් හිත්
මහ හයිය ගස් වගේ පෙනුනත්
තාම ඉදහිට හිතෙනවා මට
හිටියෙ කෝමද ඒම හයියට...

වැදූ මව මෙන් සෙනෙහසක් ගෙන
හිතපුරා ආදරේ වපුරන
හීන එක්කල මග බලන ඇස්
ඉන්නෙ කෝමද දුර රටක මම....

~ආදරෙන් අග්‍රා~ 🌹

ප.ව. මිනිස්සු හරි ලස්සනයි.. ආදරේ පිරුනු හිත් තියන මිනිස්සු තවත් ලස්සනයි. තමන්ගෙ නොවුනත් තමන්ගෙ වගේ දැනෙන මිනිස්සුන්ට ආදරේ හිත පුරා දෙන්න. ඔයාව සුරදූතයෙක් කියල හිතන මිනිස්සුන්ගෙ හිත් ආදරෙන් සනසන්න. ඔයාට සුරදූතයෙක් උන මිනිස්සුන්ට ආදරේ විතරක්ම දෙන්න...
ජීවිතේ හරි පොඩී... කොයිතරම් නපුරු කුනාටු ආවත්... ඒ හැම තැනකම හිත සතුටින් පුරවන්න පුලුවන් ලස්සනම ලස්සන හේතු මහගොඩක් තියනව.

Wollen Sie Ihr Museum zum Top-Museum in Bern machen?
Klicken Sie hier, um Ihren Gesponserten Eintrag zu erhalten.

Kategorie

Webseite

Adresse

Bern