Dimuthu Design Homes

Dimuthu Design Homes

Share

T.P 077 98 25 473 We provide always best things for our clients. Make your dream home realistic with Dimuthu Design Homes in a efficient and effective way.

27/10/2025

අත්තිවාරම සහ Floor concrete ගැන
තාක්ෂණික අදහසක්
අත්තිවාරම සහ බිම කොන්ක්‍රීට් කිරීමේදී සිදුවන තාක්ෂණික දෝශයක් සහ නොදැනුවත් කමත් නිසා කල්යත්ම නිවැසියන්ට මුහුණ දීමට සිදුවන අපහසුතාවන් හේතුවෙන් අමතර වියදමක් දැරීමට සිදුවීමක් වලක්වා ගැනීමට කලහැකි දෙයක් ගැන අප මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ
නිවාස සැලසුමක් සකස් කිරීමේදී සැලසුම සකස් කරන්නාවූ ඉඩමෙහි පවතින ස්වභාවය පසෙහි ස්වභාවය පිහිටීම ගැන නියත වශයෙන්ම අවබෝධයක් සැලසුම් ශිල්පියා විසින් ලබාගතයුතුයි, මතුපිටින් බැලීමට අමතරව තැන් කිහිපයක් සැලකිය යුතු ගැඹුරකට සිදුරුකර බැලීම , අවට ඉදිකර ඇති නිවාස වල තත්වය ,ළිං පවතී නම් එමගින් අදාල කලාපයේ භූගත ජල මට්ටම වැනි අදහස් එකතු කරගත යුතු වෙනව, මෙසේ එකතු කරගත් දත්ත පාදක කරගෙන තමයි යෝජිත නිවාස සැලසුමේ අත්තිවාරම තීර්ණය කරන්නේ , අත්තිවාරමේ පළල සහ ගැඹුර ප්‍රධාන වෙනව , මහල් නිවාසයක නම් බේස් වලේ ගැඹුර දිග පළල වගේම පාදම් කොන්ක්‍රීට් එකේ ඝණකම තීරණය කරනව , මේ සාකච්ඡා කල කරුණු ගොඩක් වෙලාවට සැලසුම් පතට (plan එකට) ඇතුලත් කරනව
බොහෝ වෙලාවට සිදුවෙන්නේ තනිමහල් නිවාස නම් 6"x9" කළුගල් බැමි බිත්ති පිහිටන සීමාවන් වටා ඉදිකරල ඒමත අඟල් 6 ක් හෝ 9 ක ඝණකමට 10mm කම්බි දෙකක් දාල Tie Beam එකක් යෙදීම , දෙමහල් හෝ තෙමහල් නම් බේස් කනු අදාල මට්ටම දක්වා කොන්ක්‍රීට් කර පස්පුරවා 12mm කම්බි හතරක් අධාරයෙන් 9" හෝ 1' ප්‍රමාණයට පළල අඩියක් හෝ අඟල් නවයක් උසට Tie Beam එකක් දැමීම , මෙන්න මේ ආකාරයට පලමුව Tie Beam එක ඉදිකරල අනතුරුව පස්පුරවා තලා බිම කොන්ක්‍රීට් (Floor concrete ) කිරීම තමයි බොහො වෙලාවට සිදු කරන්නේ ,
අවස්තාවන් දෙකකදී ටයිබීම් සහ පොළව කොන්ක්‍රීට් කිරීම සිදුවන නිසා එම කොන්ක්‍රීට් දෙක සම්බන්ධ වන ස්ථාන වන ටයිබීම් ආසන්නයේ දුර්වල බැඳීමක පවතිනව , කල්‍ යත්ම දුර්වල ස්තාන පළුදුවෙලා ඉතා සියුම් විවර ඇතිවෙනව එම විවර මඟින් වේයන් කුහුඹුවන් වැනි සතුන් මඟින් නිවෙස්වල ගෘහභාණ්ඩ සහ දොර උළුඅස්ස සඳහා හානිකරනව , නිවැසියන්ට අමතර පිරිවැයක් දරන්න වෙනව anty termite treatment වලට , ඒසඳහා පොළවට විශාල වශයෙන් වස යෙදිමක් වෙනව එම වස පොළව තුල වසර 5 , 10 දක්වා පවතිනව කියලයි අලෙවි කරුවන් කියන්නේ , ඔබගේ අසල් වාසීන් සහ ඔබ භූගත ජලය පරිභෝජනය කරනව නම් එම වස එකතු වෙන්නත් පුළුවන් භූගත ජලයට, නිවස ඉදිකරන අවස්තාවේ කල්පනාකාරිව කටයුතු කලානම් මේ අමතර වියදම් පරිසර හානි මොනවත්ම යෙදෙන්නේ නෑ
තනිමහල් නිවාසයක නම් කළුගල් බැමි බඳල පස්පුරවල ටයි බීම් සහ Floor concrete එක එකට සිදු කරන්න පුළුවන් , දුර්වල පසක් පවතිනව නම් අදාල භූමියේ Floor Concrete එක සඳහා කාලේ කම්බිවලින් 1'x1' කොටු එන ලෙස කම්බි යොදන්න පුළුවන් ,දෙමහල් හෝ තෙමහල් නිවසක නිවාසයක නම් අදල ටයිබීම් මට්ටමට කණු ඉදිකරල පස්පුරවල ටයිබීම් බැඳල ටයිබීම් සහ Floor concrete එක එකට සිදුකරන්න පුළුවන් එවිට අප පෙර සඳහන් කල ආකාරයේ දුර්වල සන්ධි පිහිටන්නෙ නෑ එක ඒකකයක් ලෙස ශක්තිමත්ව පවතිනව , කෘමි හානිනෑ බිත්ති බැඳගෙන යනකොට බදාම අපතේ යන්නේ නෑ , ස්ලැබ් ඉදිකරනවිට ලෙවල් වෙනස් වෙන්නෙ නෑ ටයිල් කරන්න ගියාම උළු අස්ස කපන්න වෙන්නෙ නෑ මේ වගේ ගොඩක් වාසි තියෙනව
මෙහිදී විශේෂ අවධානයක් දෙන්න වෙනව බාත් රූම් එකේ vast water පිටවීම් නල, ගලි සඳහා සහ මුළුතැන් ගෙයහි සින්ක් එකේ බටය, වොෂින් මැෂින් එක පිහිටුවන ස්තානයේ vast out එක මේවාට අදාල බට යොදල, අදාල drop තියල කොන්ක්‍රීට් කරන්න

හොඳයි එහෙනම් තවත් දවසක ඔබට වැදගත් වන යමකින් හමුවෙමු එතෙක් Dimuthudesignhome පිටුව Follow කරල තියාගන්න

18/10/2025

සිමෙන්ති කොට්ටයක කොන්ක්‍රීට් වලින් අපිට කොච්චර වැඩකරගන්න පුළුවන් ද

කොන්ක්‍රීට් එකක් ඔබ මොනයම් හෝ කටයුත්තක් සඳහා භාවිතා කරනව නම් උදාහරණයක් ලෙස 9"x9", 1'x1' ,1'x2' යන විවිධ ප්‍රමාණ කණු (column ), විවිධ ප්‍රමාණ බීම්, විවිධ ප්‍රමාණ ලින්ටල්,සඳහා වගේම floor concrete , slab concrete සඳහා ද කොන්ක්‍රීට් විවිධ ඝණකම් යටතේ යොදාගන්නව, අද අපි බලමු එවැනි අවස්තාවක දික් අඩි කීයක් වර්ග අඩි කීයක් සිමෙන්ති කොට්ටයකින් සකස් කරගන්න පුළුවන් ද කියල,
මෙහිදී කොන්ක්‍රීට් එකේ ප්‍රමිතිය රඳවා ගැනීම සඳහා පරිමාණ පෙට්ටියක් භාවිතා කරන්න උත්සාහ කරන්න , (දිග ,පළල, උස )12"x12"x15" පරිමාණ පෙට්ටියක්(ඝණ අඩි1.25) කියන්නේ සිමෙන්ති කොට්ටයක පරිමාව ඒ කියන්නේ මේ පෙට්ටියට සිමෙන්ති කොට්ටයක් දැම්මම ,පෙට්ටියේ කටමට්ටමට එනව ,
1:2:4 කොන්ක්‍රීට් තමයි නිවෙස්වල සාමන්‍ය කටයුතු සඳහා බොහෝවෙලාවට භාවිතා කරන්නේ, ඒ නිසා අපි බලමු ඉහත ආකාරයට පරිමාණ පෙට්ටියෙන් මැනල වියලි පරිමාව පෙට්ටි 7 ක් යොදල හොඳට මිශ්‍ර කරල , කොන්ක්‍රීට් එකෙන් පිටත්ට ජලය පිට නොවෙන ලෙස ගුණාත්මක කොන්ක්‍රීට් අනාගෙන අනතුරුව ඉහත සඳහන් කල පරිමාණ පෙට්ටියෙන් මැන්නම පරිමාව ලෙස එනව පෙට්ටි 4කුත් තවත් පෙට්ටියක අඟල් 4ක් අඩුවෙන් ඒකියන්නේ 11/15ක් එනව, මෙය දශම කලාම ආසන්න ලෙස පරිමාණ පෙට්ටි 4.733 එනව, ඉහතදීම පරිමාණ පෙට්ටියේ පරිමාව ඝණ අඩි 1.25ක් ලෙස සොයාගත්ත නිසා, කොන්ක්‍රීට් පරිමාව ලෙස එනව 5.916 (4.733x1.25) මම මේ කියන කාරණා අපි වැඩබිම්වලදි ප්‍රායෝගිකව අත්දකින ඒවා නිසා ඔබටත් පුළුවන් ඔබගේ කටයුතු සඳහා භාවිතා කරන්න
දැන් අපි බලමු 5" ඝණකම slab එකක වර්ග අඩි කීයක් දාන්න පුළුවන් ද කියල
5" ඝණකම ව.අ.= 5.916x12/5
=14.19
ආසන්න වශයෙන් වර්ග අඩි 14ක්
3" ඝණකම ව.අ = 5.916x12/3
=23.6
ආසන්න වශයෙන් වර්ග අඩි 23ක්
එලෙසම 4" ඝණකම වර්ග අඩි 17ක් ආසන්න කොන්ක්‍රීට් ඇතිරීම කරන්න පුළුවන්
දැන් අපි බලමු කණු ,බීම ලින්ටල් සඳහා කොහොමද කියල
මෙහිදී 9"x9" කණු අඩියක් සඳහා ගණනය කරමු =9"x9"12"/ 1728 ,
=ඝණාඅඩි 0.5625
සිමෙන්ති කොට්ටයකින් යෙදිය හැකි ප්‍රමාණය
=5.916/0.5625
=දික් අඩි10.5
ආසන්න වශයෙන් 9"9" කණු අඩි 10ක් යොදන්න පුළුවන් ඒ ආකාරයට ඔබට අවශ්‍ය ගණනයන් මේ ආධාරයෙන් සිදුකරගන්න පුළුවන්
මෙලෙස ගණනය කිරීම් කලාම ඔබට වාසියක් එනව ඔබගේ ඉදිකිරීම් වලදි වරින් වර අමුද්‍රව්‍ය ගෙන ඒමට යන වියදම එහෙම අවම වෙනව අපි ඊළගට ඔබට පැහැදිලි කරන්නම් වැලි සහ මෙටල් ප්‍රමාණයක් සොයන ආකාරය
ඔබගේ යම් ඉදිකිරීක් සඳහා ඉහත ආකාරයට ගණණය කලාම සිමෙන්ති කොට්ට 400ක් කොන්ක්‍රීට් සඳහා යනව කියල හිතමු
සි වැ ග
1 2 4
වැලි ප්‍රමාණය සෙවීම
400x2x1.25 (1.25 කියන්නේ මතකනේ සිමෙන්ති කොට්ටයක පරිමාව)
ඝණ අඩි 1000
ඒ කියන්නේ කියුබ් 10ක්
මැටල් ප්‍රමාණය සෙවීම
400x4x1.25
ඝණ අඩි 2000
ඒ කියන්නේ කියුබ් 20ක්
හොඳයි එහෙනම් තවත් දවසක ඔබට වැදගත් වන යමකින් හමුවෙමු එතෙක් Dimuthudesignhome පිටුව Follow කරල තියාගන්න

12/10/2025

"ඇයි සංස්ථා සිමෙන්ති Slab කොන්ක්‍රීට් වලට අවුල්? , හාඩ්වෙයාර් එකෙන් කිව්වෙ සංස්ථා තමා හොදම එක කියලා..බාසුන්නැහෙත් ඒකම කිව්වා..ඔයා ඇයි ඔහොම කියන්නෙ?"

කියලා කෙනෙක්ට අහන්න පුළුවන්.
මේකයි, ලංකාවෙ වෙළඳපොලේ ප්‍රධාන වශයෙන් සිමෙන්ති වර්ග තුනක් තියෙනවා. ඒ SLS 107 සිමෙන්ති, SLS 1247 සිමෙන්ති සහ SLS 1253 සිමෙන්ති විදියට.
ඕකෙන් SLS 1247 සහ SLS 107 සිමෙන්ති තමා කොන්ක්‍රීට් වලට හොද SLS 1253 සිමෙන්ති කොන්ක්‍රීට් වලට සුදුසු නෑ.
107 සිමෙන්ති ද 1247 සිමෙන්ති ද වඩාත් හොද?
107 සිමෙන්ති කියන්නෙ සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති, SLS 1247 න් එන්නෙ flyash මිශ්‍ර කරපු සිමෙන්ති . (සංයෝග කරන ලද ද්‍රාව සිමෙන්ති කියලා ගහලා තියෙනවා ලොකුවට)
ගෙවල් වගේ හදද්දි මේ දෙකෙන් කෝක පාවිච්චි කලත් වෙනසක් නෑ, ඒත් හොදම එක නම් 1247. ඔයා ලොකු පාලම් වගේ ඒවට භාවිතා කරන්නෙ SLS 1247 සිමෙන්ති.
මේ SLS 1247 සිමෙන්ති වල විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා ඒ තමා මේකෙ තාප විමෝචනය ගොඩක් අඩුයි,ඒ නිසා පුපුරන්නෙ නෑ. ඒ වගේම මළකෑමට ප්‍රතිරෝධීයි.
ඒ වගේ දේවල් නිසා මේ SLS 1247 සිමෙන්තිය තමා හොදම එක වෙන්නෙ කොන්ක්‍රීට් වලට.
හැබැයි කලින් කිව්වා වගේ නිවසක වගේ පොඩි කොන්ක්‍රීට් වැඩ වලදි මේ දෙකෙන් කෝක පාවිච්චි කලත් වෙනසක් නැති තරම්.
ඇයි SLS 1253 සිමෙන්ති කොන්ක්‍රීට් වලට නොසුදුසු වෙන්නෙ?
මොකද 1253න් එන්නෙ හුණගල් මිශ්‍ර සිමෙන්ති.
මේක කොන්ක්‍රීට් වලට සුදුසු නැතිවෙන්නෙ අමතරව එකතු කරල තියෙන හුණු (Lime) නිසා.
ඒක සුදුසු බිත්ති බදින්න සහ කපරාරුවට, මොකද මේ සිමෙන්ති හොදට ඇලෙනවා.
මේකෙන් කොන්ක්‍රීට් දැම්මොත්, කොන්ක්‍රිට් එක හැකිලිලා (Shirnk) පොඩි පිපිරීම් උනත් ඇති වෙන්න පුලුවන් අමතරව මිශ්‍ර කරලා තියෙන Lime නිසා.
දැන් දන්නවනෙ මේවගෙ වෙනස්කම්.
ඉතින් ආයෙ කොන්ක්‍රීට් වලට සිමෙන්ති ගද්දි SLS 1247 සහ SLS 107 සිමෙන්ති ගන්න.
හාඩ්වෙයාර් එකේ මුදලාලි මොනා කිව්වත්, බාසුන්නැහැ මොනා කිව්වත් ඒ අයටත් මේක කියලා හරි සිමෙන්තිය තෝරගන්න.
පොඩි පොඩි ලින්ටල් දාන ඒවට වගේ නම් ඉතින් මොන සිමෙන්තියෙන් කොන්ක්‍රීට් දැම්මත් ඒකෙ අවුලක් නෑ.

Want your business to be the top-listed Contractor in Ahangama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Galle
Ahangama
80650

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00