SuKu creation
Make your world with your possibility
21/06/2020
Broken glass jelly pudding ...😋😋😋 කුඩා ළමුන්ට සහ අමුත්තන්හට සංග්‍රහ කිරීමට කදිමයි...හදන්නත් හරිම පහසුයි
අවශ්‍ය දේවල්....
* පාට දෙකකින් හෝ තුනකින් ජෙලි ( මෝතා 80 g එක ගන්නවනම් වතුර 300ml දාලා දියකරගන්න..ජෙලි සාදන භාජනය ඇතුලෙ බටර් ටිකක් ගාලා ඊට පසුව හොදින් නිවාගත් ජෙලි එක භාජනයට දාලා විනාඩි 20ක් අධිශීතකරණයේ තියලා ගන්න..ඊට පස්සෙ හොදින් සෙට්වුන ජෙලි ටික කුඩා කොටු හැඩයට කපාගන්න..භාජනයට අපි බටර් ගෑවෙ මෙහෙම කොටු කපනකොට වෙන්කරගන්න පහසුවෙන්න.☺️)
* පිටිකිරි මේස හැදි 5-8
* උණුසුම් ජලය 350ml
* සීනි මේස හැදි 3-4
* වැනිලා තේ හැදි 1/2
* ජෙලටින් තේ හැදි 3 (මෙය උණු වතුර මේස හැදි 5ක පමණ හොදින් දියකරගෙන නිවෙන්නට හරින්න.)
සාදන ආකාරය .....
පිටිකිරි මේස හැදි 5-8 ක් ගෙන (වැඩිපුර දැම්මම රසායි☺️) එය උණුසුම් ජලය 350ml හොදින් දියකරගන්න .එයටම සීනි රස අනුව එක්කර ගන්න..ඉන්පසු වැනිලා ,දියකරගත් ජෙලටින් එක්කරගෙන හොදින් නිවෙන්නට හරින්න..ඉන්පසු පුඩින් එක සෑදීමට ගන්නා භාජනය ගෙන කලින් සකසාගත් ජෙලි කැබලි එහි අසුරා හොදින් නිවාගත් කිරි මිශ්‍රණය දමන්න..ඉන්පසුව අධිශීතකරණයේ විනාඩි 20ක් තියන්න.....දැන් රස බලන්න පුලුවන් ☺️
Click here to claim your Sponsored Listing.