eshop Computer

eshop Computer

Share

Join us for your essential services 🕹✨️

09/01/2026

පරිගණක තාක්ෂණයේ නව පෙරළියක් ඇති කරමින් HP සමාගම විසින් පසුගියදා පැවැත්වුන CES 2026 ප්‍රදර්ශනයේදී සිය නවතම "HP Eliteboard G1a" උපාංගය එළිදක්වා තිබෙනවා.

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ බැලූ බැල්මට සාමාන්‍ය යතුරුපුවරුවක් ලෙස පෙනෙන මෙම උපාංගය තුළ සම්පූර්ණ Windows පරිගණකයක් අන්තර්ගත කර තිබීමයි. මෙය 1980 දශකයේ තිබූ Commodore 64 වැනි පරිගණකවල නූතන සහ ඉතා දියුණු අනුවාදයක් ලෙස සැලකිය හැකියි.

HP Eliteboard G1a හි විශේෂාංග
සාමාන්‍යයෙන් අප දකින්නේ Laptop හෝ Desktop පරිගණක වුවද මේ ඔස්සේ HP සමාගම සිදු කිරීමට අවශ්‍ය වී ඇත්තේ පරිගණකයේ සියලුම ප්‍රබල උපාංග යතුරුපුවරුවක් තුළට ගොනු කිරීමයි. ඒ අනුව ඔවුන් මෙම යතුරුපුවරුව තුළට AMD Ryzen CPU එකක්, RAM එකක්, Storage එකක් පමණක් නොව මයික්‍රොෆෝන සහ ස්පීකර් පවා අන්තර්ගත කර තිබෙනවා.

මෙහිදී ඔබ කළ යුත්තේ USB-C කේබලයක් මඟින් මෙම යතුරුපුවරුව ඕනෑම මොනිටරයකට සම්බන්ධ කිරීම පමණි. එවිට එය සම්පූර්ණ Windows Desktop පරිගණකයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර USB-C Port දෙකක් ඇති බැවින් වෙනත් උපාංග සම්බන්ධ කිරීමට හෝ බලය ලබා ගැනීමට පහසු වනවා. ඒ ඔස්සේ මෙය සහාය නොදක්වන මොනිටර් ඔස්සේ වුවද භාවිත කළ හැකි වනු ඇත. තවද බැටරියක් සහිත සහ රහිත ලෙස මාදිලි දෙකකින් මෙය ලබා ගත හැකි වීම විශේෂ වෙනවා.

HP සමාගම පවසන පරිදි මෙය ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සිටින අය සඳහා නිර්මාණය කර ඇති අතර ඔවුන්ට තමන්ගේ යතුරුපුවරුව පමණක් රැගෙන ගොස් ඕනෑම තැනක ඇති මොනිටරයකට සම්බන්ධ කර වැඩ කටයුතු ආරම්භ කළ හැකි වනවා. එමෙන්ම කාර්යාලවල විවිධ මේසවල වාඩි වී වැඩ කරන අයට තම සම්පූර්ණ පරිගණකයම යතුරුපුවරුවක් ලෙස පහසුවෙන් රැගෙන යා හැකි විම නිසා මෙය වැදගත් වෙනවා.

ලබා ගත හැකි කාලය -
HP Eliteboard G1a උපාංගය 2026 මාර්තු මාසයේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත වන අතර මෙහි මිල ගණන් පිළිබඳව තවමත් ප්‍රකශ කර නොමැති වෙනවා.

උපුටා ගැනීම - Android වැඩකාරයෝ වෙබ් අඩවියෙන්

(https://androidwedakarayo.com/hp-introduces-full-windows-computer-built-into-a-keyboard)

වීඩියො උපුටා ගැනීම - PCMag Youtube Channel

(https://www.youtube.com/watch?v=1XLmI0e876s&pp=ygUTSFAncyBFbGl0ZUJvYXJkIEcxYQ%3D%3D)

---------------------------------------------------------------------------------------------------------------------------
📞 Phone Number: 071 20000 15
📞 WhatsApp: 071 20000 15
📍 Address: සියනෑ ගොඩනැගිල්ල, හුංගම පාර, අඟුණකොළපැලැස්ස.
FaceBook -
https://www.facebook.com/profile.php?id=100064132081300&mibextid=ZbWKwL

Whatsapp -
https://whatsapp.com/channel/0029VaAjvDZ30LKShdmWtC3l

09/01/2026

📞 Phone Number: 071 20000 15
📞 WhatsApp: 071 20000 15
📍 Address: සියනෑ ගොඩනැගිල්ල, හුංගම පාර, අඟුණකොළපැලැස්ස.
FaceBook -
https://www.facebook.com/profile.php?id=100064132081300&mibextid=ZbWKwL

Whatsapp -
https://whatsapp.com/channel/0029VaAjvDZ30LKShdmWtC3l

Want your business to be the top-listed Computer & Electronics Service in Angunakolapelessa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Angunakolapelessa
Angunakolapelessa
82220

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00