The SOJJE

The SOJJE

Share

Hello There! Its SOJJE Here, Welcome to my page!

14/02/2026

"කවදාවත් බඳින්නෙ නෑ කියන අය,
තනියම ඉන්නවා කියන අය,
මේ ජීවිතේ හරි නිදහස් කියලා
හරි සතුටින් හිනාවෙලා ඉන්නවා පේනවා නේද?
හැබැයි ඒ හැමෝටම තියනවා
මතක් වෙද්දිත් පපුව ඉහිලුම් නැතිව යන
මහ මූසල අතීත කතාවක්
ඒ අයගෙන්,
සමහර අය හරි ආදරෙන් ඉඳලා කියන්නෙත් නැතුව තනිකරලා ගියපු අය,
කවදාවත්ම එකතුවීමක් නැති නිසා තමන් විහින්ම අතහැරිය අය,
තනිවුනේ ඇයි කියලා තාමත් හිතාගන්න බැරුව ඉන්න අය,
කවදහරි එයි කියලා
බලාපොරොත්තු තියාගෙන බලන් ඉන්න අය,
නොඑන්නම ගිය අය කවදාවත්ම එන්නේ නෑ කියලා දැනදැනම එයි කියලා බලන් ඉන්න අය
තනිකම පට්ට කියන සමහර මිනිස්සු
හිනාවෙලා ඉන්නේ පිරිස එක්ක ඉද්දි විතරයි,
තනිවෙන හැම වෙලාවකම උන් හූල්ලනවා
අපි හිතන තරම් හැමෝගෙම ජීවිත කතා සුන්දර නෑ "🥀

(copied)

ජිවිතේ සුන්දරම හමුවීම් සමරන්න විශේෂ දවසක් ඕනි නෑ, ඒ බැදීම් එක්ක ගෙවෙන හැම දවසක්ම විශේෂයි , සුන්දර බැදීම් හමුවු , හිමිවු ඔයාලා හැමෝටම හැපි වැලන්ටයින් ! ❤

11/02/2026

දෙහදේ පෙම් පරවුනේ නෑ ගිනියමේ 🥀
සුහදේ තව ළං වෙමුද මේ මීදුමේ ❤

06/02/2026

In the silence between truths, villains are born.😈

Travel Partner Updated DTM 150 ❤️🔥

13/01/2026

නෙලා ගැනුමට නොහැකි වුවද
අතහැරීමක් නොවෙයි ප්‍රේමය
බලා දුරහිද කතා නොකරම
සුසුම් පපුවක සිර කිරීමය.. 🥀❤💐

21/12/2025

The Most Beautiful Train Ride is Back on Track 🇱🇰❤️
ලංකාවේ ලස්සනම දුම්රිය ගමන, උඩරට මැණිකේ බදුල්ල – අඹේවෙල අතර කඳුකරයේ හදවතෙන් නැවත ගමන් අරඹයි

Udarata Manike, the most beautiful train ride in Sri Lanka Rolling again through the heart of the hills Badulla to Ambewela

08/11/2025

තොටුපොළ කන්දේ Surprise වික්‍රමය | Idalgashinna Sri lanka Travel Vlog

අද හවස 6 30 The Sojje Youtube Channel එකෙන් 👇

https://youtu.be/m3kL8R6AguY?si=jvt7PaTmXi20yn1g

11/10/2025

මට ජීවිතේ හැම මොහොතක්ම ඉතාම හොඳ පුද්ගලයෙක් විදිහට ඉන්න බැහැ ,

සමහරු ලඟදි මම විෂ සහිත වෙලා තියනවා ,
සමහර වෙලාවට සමහරුන්ගෙ හිත රිදුනත් ,නැහැ ,බැහැ කියල කියන්න වෙලා තියනවා ,

සමහරුන්ට ඕනවටත් වඩා ආදරේ කරලා තියනවා වගේම සමහර අවස්ථා වල මට සමහරුන්ව මග අරින්න වෙලා තියනවා ,

සමහර වෙලාවට සමහරුන්ට මම ඕනවටත් උදව් කරලා තියනවා වගේම සමහර උදව් මම නොකර ඉඳල තියනවා ,

බොහෝ ගැලවුම්කාරයා වෙලා තියනවා වගේම ඉඳහිටක මන් නිසා මිනිස්සුන්ට රිදුනු වෙලාවල් තියනවා ,

මම සමහර කථාවල වීරයා වගේම දුෂ්ටයා වෙච්ච අවස්ථාත් තියනවා ,

ඒ ඒ අවස්ථාවල මට හොඳයි පහසුයි කියල හිතෙන දැනෙන විදිහට හැසිරුනා මිසක් මේ කිසිම තත්වයක් තුල මම ස්ථිරසාර වෙලා නැහැ , හැම වෙලේම හොඳ මිනිහෙක් වීමේ මහන්සිය කොච්චරක්ද කියල හොඳින්ම තේරුම් ගත්ත දවසෙ ඉඳල මම මාව පරිස්සම් කරගන්න උත්සහ කරනවා ..

ඉතා සාමාන්‍ය මනුස්සයෙක් විදිහට කවදාවත් මට සදාකාලිකව ඉතාම හොඳ මනුස්සයෙක් වෙලා බැරි බව මම තේරුම් අරන් ඉන්නවා ,

රිදෙන තැන් තනියෙන් පිරිමදිමින් බිඳෙන විට ස්වයං පිළිසකර කරගනිමින් හුස්ම ගැනීම’ම ජීවිතය බව මට මෙන්ම ඔබටද පිළිගන්න ම වෙනවා ...💜

Copied from-
අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor)

Want your business to be the top-listed Media Company in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Post Quarters
Badulla
90000