Badulla api
👊💥UVA api බදුල්ල අවට සියලුම පණිවිඩ සියලුම ව්‍යාපාරය සහ දැන් වීම් විකිණීමට ඇති නිවාස සහ ඉඩම් අපහා සම්බන්දව සිටින්න 🌍🌈️
Badulla 💥🥺
11/02/2026
සුන්දර ස්ප්‍රිංවැලි එදා අද💔😢
10/02/2026
අපේ ජීවයේ උල්පත - බදුල්ලේ ජල පෝෂක කලාප. මේ සොඳුරු දිය දහරා මතු පරපුර වෙනුවෙන් සුරකිමු. 🌿💧
බදුල්ල දිස්ත්‍රික්කයේ ජල පෝෂක ප්‍රදේශ සහ ඒවායේ වැදගත්කම,
බදුල්ල දිස්ත්‍රික්කය මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල පිහිටා ඇති බැවින්, එය දිවයිනේ ප්‍රධාන ගංගා පද්ධති කිහිපයකම උපත සිදුවන ස්ථානයක් ලෙස සැලකේ.
බදුල්ල දිස්ත්‍රික්කය තුළ හඳුනාගත හැකි ප්‍රධාන ජල පෝෂක කලාප කිහිපයකි:
👉නමුණුකුල කන්ද: බදුල්ල නගරයට ඉහළින් පිහිටි මෙම කඳු පන්තිය ප්‍රදේශයේ ප්‍රධානතම ජල පෝෂකයයි. බදුලු ඔය ඇතුළු අතු ගංගා රැසකට මෙයින් ජලය සැපයේ.
👉නෙළුම්දෙනිය සහ ස්ප්‍රිංවැලි ප්‍රදේශ: මෙම කලාප හරහා බදුලු ඔයේ ආරම්භක දිය දහරා ගලා බසී.
👉හපුතලේ සහ දියතලාව කඳු පන්ති: වලවේ ගඟේ සහ මැණික් ගඟේ ඉහළ ජල පෝෂක කලාප ලෙස මෙම ප්‍රදේශ ක්‍රියා කරයි.
👉ඌව-පරණගම සහ වැලිමඩ සානුව: උමා ඔයේ ප්‍රධාන ජල පෝෂක කලාපය වන්නේ මෙයයි.
මෙම ප්‍රදේශ සුරැකීම මගින් ප්‍රධාන වාසි කිහිපයක් අත්වේ:
💧ගංගා පෝෂණය: මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන උමා ඔය සහ බදුලු ඔය පෝෂණය වන්නේ මෙම කඳුකර වනාන්තර හරහාය.
💧පානීය ජල අවශ්‍යතාව: බදුල්ල, බණ්ඩාරවෙල සහ හාලිඇළ වැනි ප්‍රධාන නගරවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරන්නේ මෙම ජල පෝෂක මගිනි.
💧කෘෂිකර්මාන්තය: ඌව පළාතේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයට (විශේෂයෙන් එළවළු වගාවට) අවශ්‍ය ජලය ලබා දෙන්නේ මෙම ස්වභාවික උල්පත් මගිනි.
අවාසනාවකට මෙන්, බදුල්ලේ ජල පෝෂක ප්‍රදේශ මේ වන විට දැඩි අවදානමකට ලක්ව ඇත.
💢අවිධිමත් වගා කටයුතු👉 කඳු බෑවුම්වල එළවළු වගා කිරීම නිසා පාංශු ඛාදනය වැඩි වීම සහ උල්පත් සිඳී යාම.
💢වන විනාශය 👉පයිනස් වගාව වැනි ඒක-භෝග වගාවන් නිසා ස්වභාවික ජල රඳවා ගැනීමේ හැකියාව අඩු වීම.
💢නාගරීකරණය 👉ජල පෝෂක කලාප තුළ අනවසර ඉදිකිරීම් සිදු කිරීම.
බදුල්ලේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම යනු හුදෙක් පරිසරය රැකීමක් පමණක් නොව, එය මතු පරපුරේ ජල අයිතිය සුරක්ෂිත කිරීමකි. නමුණුකුල වැනි සංවේදී පරිසර පද්ධති රැකගැනීම සඳහා රජය මෙන්ම මහජනතාවද වගකීමෙන් කටයුතු කළ යුතුය.
🩷 මුතියන්ගන වෙහෙර පිරුණු අවස්ථාව 🩷
08/02/2026
අද කාලගුණ වාර්තාව
අද (09) ඌව පළාතේත්, මාතලේ, නුවරඑලිය, අම්පාර සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර, උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි දැක්වෙන්නේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මාතලේ, ත‍්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30–40 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා
08/02/2026
කත්නෝරුවේ සිරිදම්ම අපේ හමුදුරුවන්ගේ ධර්ම දේශනාව සඳහා මුතියංගන පුදපිමේ....සැදැහැවතුන්ගේන් පිරි ඉතිරි යයි....🙏🙏
©️Ape Badulla api
08/02/2026
ඒ අවස්ථාව 🩷
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla
08/02/2026
08/02/2026
07/02/2026