Amaya Rajanayake

Amaya Rajanayake

Share

Doing what I #LOVE not what others #LIKE

28/05/2026

හෙමින් ලොකු වෙන්න 🫶

මහ ගොඩක් හිනැහෙන්න
දුක් වෙන්න හුරුවෙන්න
සිනහා වෙන තරමටම
කදුලේ බර දැන ඉන්න

හැමදාම අම්මි ළඟ
ඉන්න බව නොසිතන්න
ලෝකයේ තනි වුනත්
හිත හයිය කරගන්න

නපුරු මිනිස්සුන්ට ලොව
හුරු වෙලා සමුදෙන්න
එපා කිසි දවසකත්
නුඹව රිදවාගන්න

ගැහැණු හට දුක උරුම
යැයි එපා ලතැවෙන්න
නුඹ ලොවට රැජිනියක්
එය හිතට අරගන්න

අප්පච්චිගේ හිතට
සැනසුමක් නිති දෙන්න
අම්මිගේ ලොවම නුඹ
හදේ රදවාගන්න

මගෙ මැණික ඉතින් දැන්
අත් ඇරලා අවිදින්න
හෙට දවසේ තටු විදා
ඈත ලොව පියඹන්න

ජීවිතේ බරයි තව
නුඹට කියලාදෙන්න
ඉතින් මගෙ සුදු මැණික
තව හෙමින් ලොකු වෙන්න!

සුබ උපන්දිනයක් මගෙ සුරංගනාවී 'අනායා' 😘
28.05.2026

- අමායා රාජනායක 🫶

Beautifully captured Just Natural By Rod 🍃

17/05/2026

මැයි 18 🇱🇰🫶

Want your public figure to be the top-listed Public Figure in Bandarawela?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Bandarawela