Bella Luna

Bella Luna

Share

සඳ පිණි දියේ කිමිදෙන්න මොහොතක්....

26/04/2026

හොඳින් තිබුණ relationship එකක් හදිසියේම ඇතිවෙන වැරදි සිතුවිල්ලක් නිසා විනාශවෙන අවස්ථා මට මුණගැහිලා තියෙනවා.

ඒත් ඒ හැම තැනකදිම මේ relationship එක
විනාශ කරන්නේ එක පොදු සිතුවිල්ලක්.

ඒ තමයි, “එයා දැන් වෙනස් වෙලා/ එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා” කියන සිතුවිල්ල සහ සැකය.

සාක්ෂි නැතිවම මෙහෙම හිතෙනවා නම්, ඒක “ඩිලූශන්” එකක්.

ඒකට, අතිශය සැකය හෝ අභ්‍යන්තර බිය
කියලා අපිට හඳුන්වන්නත් පුළුවන්.

බොහෝ වෙලාවට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එයාගේ නෙවෙයි, ඔයාගේ ඔලුව ඇතුළේ විතරයි.

මේ වගේ අතිශය සැකයක් ඇතිවෙන්න ඔයාගේ අතීත අත්දැකීම් අනිවාර්යයෙන්ම බලපානවා.

මොකද ඔයා කළින් ආදරේ කරද්දි ඔයා අධිකව විශ්වාස කරලා ඒක කැඩුණා නම්, ඔයාගේ මනස එතනින් එහාට “ආරක්ෂක තත්ත්වයකට” යනවා.

එතැනින් පස්සේ කාගෙන් හරි අපිට පරක්කු
වෙලා එන reply එකක් පවා අනතුරක් වගේ පේන්න ගන්නවා.

“මම ප්‍රමාණවත් නෑ” කියන විශ්වාසයක් ඔයාගේ ඇතුළේ තියෙනවා නම්, අන්න එහෙම හිතෙනකොට ඒ සැකය ස්වභාවිකවම ඔයාගේ ඇතුළේ ගොඩක් වැඩියෙන් වර්ධනය වෙනවා.

ඔයාගේ පුංචි කාලෙදි ඔයාට ආරක්ෂිත ආදරයක් හරි, ස්ථාවර සම්බන්ධයක් හරි නොලැබුණොත්, ඔයාගේ වැඩිහිටි වියේදී ඔයාට ලැබෙන ඕනිම විදිහක ආදරයක් “නැති වෙයි” කියන අධික බිය බලවත් වෙනවා.

එතකොට ඔයාගේ partnerගේ පොඩි වෙනස්කමත් ඔයාට ලොකු අනතුරක් වගේ දැනෙනවා.

සමහර වෙලාවට අපේ මනස “එයා වෙනස් වෙලා.” කියලා වෙන්න තියෙන නරකම විදිහට ඒ ගැන හිතන්න ගන්නවා.

“Reply late උන ගමන්, මේක ඉවරයි, ඔයාට වෙන කෙනෙක් ඉන්නවා.” කියලා ලොකු ප්‍රශ්න ඇති කරගන්නවා.

මේවා සම්පූර්ණයෙන්ම ඔයාගේ හිතේ ඇතිවෙන රටා විතරක් වෙලා, ඇත්ත නොවෙන්නත් පුළුවන්.

ඔයා නිතරම එයාගේ phone check කරනවානම්, එයගේ Social media ඇතුළේ දේවල් හොයන්න හදනවා නම්, සාක්ෂි නැතිව නිරන්තරයෙන් අමනාප වෙනවා නම්,

දවසට විනාඩි 10ක් අරගෙන “අද මට ලැබුන
සාක්ෂි vs අද මගේ කතාව” කියන exercise එක කරන්න.

මුලින්ම, ඔයාගේ හිතේ තියෙන කතාව ලියන්න.

පසුව, ඒකට විරුද්ධ සාක්ෂි ලියන්න.

එයා ඔයාට කරන ආදරය, ඔයාගෙ විශ්වාසය
ඔප්පු කරලා පෙන්වපු අවස්ථා ගැන වගේම
කළින් ඔයාගේ බොරු සැකය වැරදිවුන වෙලාවන් එහෙමත් ලියන්න.

අන්තිමට balanced thought එකක් හදාගන්න.

මේක දවස් 14ක් විතර කරන්න.

ඒත් ඔයාට තනියම මේක කරගන්න බැරිනම් වෙලාවක් අරගෙන කතා කරන්න.

උපදේශණයකට, කෝචින් එකකට ඔයාව 100% ක් මේකෙන් එළියට ගන්න පුළුවන්!

Pramod Weerarathna
Motivator | Life Coach
Transformation Mentor

26/04/2026

තනිවම තමන්ගේ ප්‍රශ්න විසඳගෙන,
ලොකු අමාරුකම් මැද්දෙන් නැගිටපු,
මිනිස්සු ගැන හරිම පරෙස්සමෙන්,
කතා කරන්න ඕනේ.!🧐

ඒ වගේ අය ගොඩක් වෙලාවට ටිකක් නිහඬ,
අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න,
අය වෙන්න පුළුවන්.!😶

​ඇත්තටම ඒ වගේ අය ඉස්සර,
හැමෝටම හදවතින්ම උදව් කරපු,
හැමෝම ගැනම හොයලා බලපු,
ගොඩක් සංවේදී මිනිස්සු.!❤️

ඒත් ලෝකය ඇතුළේ ලැබුණු,
අමිහිරි අත්දැකීම් නිසාම,
එයාලා හැම දෙයක් දිහාම,
අමුතුම විදිහට බලන්න,
දැන් පුරුදු වෙලා ඉන්නවා.!🌎

​එහෙම තනිවම නැගිටපු කෙනෙක්ගේ,
මොකක් හරි වෙනසක් පේනවා නම්,
ඉක්මනට ඒ අයට දොස් කියන්න යන්න එපා.!🚫

මොකද ඒ අය පහු කරපු අඳුරු,
බලාපොරොත්තු රහිත කාලවලදී,
ඒ අයට උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ.!☔️

ඒ දුක්බර රාත්‍රීන් වල,
තනියම අවදි වෙලා ඉන්නකොට,
එයාලගෙ හිතේ තිබුණු වේදනාව,
තනියම දරාගන්නයි එයාලට සිද්ධ වුණේ.!😔

​හැම දුකක්ම,
හැම අසාධාරණයක්ම තනියම විඳලා,
ඒ දුක් මතින්ම ආයෙත්,
අලුත් කෙනෙක් විදිහට එයාලා ඉපදෙනවා.!🔥

ඇත්තටම සාර්ථක මිනිස්සු කියන්නේ,
ඒ වගේ කායිකවත් මානසිකවත්,
අමාරු ගමනක් තනියම ඇවිත්,
ජයග්‍රහණය කරපු අයටයි.!🏆

✍️ Chathuranga Lakmal

26/04/2026
25/04/2026

ඇත්තමයි, හුස්ම ගත්තට ගොඩක් මිනිස්සු ඉන්නේ හදවතින් මැරිලා.....

25/04/2026

Beautiful Places
Yoshino, Kansai, Japan 🇯🇵

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo