Nurses Diary

Nurses Diary

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nurses Diary, Galgamuwa.

24/03/2026

ජනාධිපතිවරයෙක් තමා වෙනුවෙන් වෙන්කරගත් ලොව එකම රෝහල් ඇඳ!
සහ එහි සැබෑ ඓතිහාසික කතාව 🏥✨

​ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිර්මාණය සහ එහි ඇති සුවිශේෂී ඇඳක් පිළිබඳව ඔබ මේ අපූරු ඓතිහාසික කතාව දන්නවාද? 🤔

​🇯🇵 ජපන් රජයෙන් ජනාධිපති ජේ.ආර්. ට ලැබුණු සුවිශේෂී තිළිණය:

​1978 වසරේදී ජපන් රජයේ රාජත්‍රාන්තික නියෝජිත පිරිසක් එවකට රාජ්‍ය නායකයා වූ ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා හමුවී විශේෂ ප්‍රකාශයක් කළා.

​"ඔබ අපට [ජපානයට] නිදහස ලබාදීමට කැපවුණු නායකයා. ඒ වෙනුවෙන් ජපන් ජනතාව වශයෙන් අප ඔබට තිළිණයක් ලබාදිය යුතුයි. ඕනෑම දෙයක් ඉල්ලන්න, අප එය ඉටු කරන්නම්."

​එම අවස්ථාවේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඔවුන්ගෙන් අපූරු ප්‍රශ්නයක් ඇසුවා:

​"ජපන් ආණ්ඩුව පරිත්‍යාගයක් ලෙස කිසියම් රටකට රෝහලක් ලබා දී තිබේද?"

​ජපන් නියෝජිතයන් පැවසුවේ ඔවුන් උදව් කර ඇති බවත්, එතුමාගේ ඉල්ලීම කුමක්දැයි දැනගැනීමට කැමති බවත්ය. ඒ අනුව ඇඳන් 1001 සහිත අංග සම්පූර්ණ රෝහලක් ලබාදෙන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටියා.

​🤔 ඇයි ඇඳන් 1001?

ඇඳන් 1001 කුමකටදැයි විමසූ විට එතුමා උපහාසයෙන් සහ නිහතමානීව මෙසේ ප්‍රකාශ කළා:
​"ඇඳන් 1000 මහජනතාවට, ඉතිරි එක ඇඳක් මට!"
​ඒ අනුව, ජපන් රජයේ ආධාර ඇතිව ඉදිකළ විශාලතම රෝහල අප රටට ලැබුණා. මෙය ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඇති දැඩි මිත්‍රත්වයේ සංකේතයක් ලෙස ඉතිහාසයට එක්වුණා.

​🏗️ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගමන් මඟ:

​ඉදිකිරීම් ආරම්භය: 1979 වර්ෂයේදී. (JICA ආයතනයේ මැදිහත් වීමෙන්).
​නිල විවෘත කිරීම: 1984 සැප්තැම්බර් 17 දින, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ උපන්දිනය වෙනුවෙන්.
​සුවිශේෂී අවස්ථාවක්: මෙම විවෘත කිරීමේ උත්සවයට එකල ශ්‍රීලනිපයේ නායිකා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද එක්වීම විශේෂත්වයක්.
​අරමුණ: රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය ගුණාත්මකව වර්ධනය කිරීමට සහ නවීන-තාක්ෂණික සෞඛ්‍ය සේවාවක් සැපයීමට.
​පාලනය: 1983 අංක 54 පනත යටතේ පාලක මණ්ඩලයක් මගින් පවත්වාගෙන යනු ලබයි. මෙය පශ්චාත් උපාධි පුහුණු (Graduate & Post Graduate Training) රෝහලක් ලෙසද ක්‍රියාත්මක වේ.

19/03/2026

🌻 ජීවිතය කියන්නේම "විඳීමක්"!💕🍃

අපි හුඟක් වෙලාවට මහන්සි වෙන්නේ ලෝකයාට පේන්න ජීවත් වෙන්නයි.

හැබැයි ඇත්තම සතුට තියෙන්නේ තමන්ට දැනෙන විදිහට ජීවත් වීමේදීයි.

අපි හුඟක් වෙලාවට මිල අධික දේවල් ගන්නේ අපිට අකමැති මිනිස්සුන්ව මවිත කරන්නයි.

ඒකෙන් වෙන්නේ ඔයාගේ සැනසීම නැති වෙන එක විතරයි.

ඔයා ඔයා විදිහට ඉන්න දවසටයි ඔයා ඇත්තටම නිදහස් වෙන්නේ.

ඔයාට හැමෝවම සතුටු කරන්න බැරි බව තේරුම් ගන්න.

ඔයා කොච්චර හොඳ කළත් ඒකේ වැරැද්දක් දකින පිරිසක් හැමදාමත් ඉන්නවා.
ඒ නිසා මුලින්ම තමන්ව සතුටින් තියාගන්න.
ඊට පස්සේ තමන්ගේ ආදරණීයයන් ගැන බලන්න.

අනිත් අය හිතන දේවල් ඔයාගේ ප්‍රශ්නයක් කරගන්න එපා.

වෙනස් වීමට බය වෙන්න එපා.

වයසත් එක්ක අපේ පෙනුම, අදහස් වෙනස් වෙනවා.
ඒක ස්වභාවධර්මය.

රැළි වැටෙන හමට වඩා ලස්සනයි මෝරා ගිය බුද්ධියක් සහ කරුණාවන්ත හදවතක් ඇති කරගන්න එක.

ඒ වෙනස් වීම ඇතුළේ තියෙන ගාම්භීරත්වය විඳින්න.

තමන්ගේ ගමන අනුන් එක්ක සසඳන්න එපා.

එක්කෙනෙක්ට වාහනයක් ලැබෙන්නේ අවුරුදු 25දී වෙන්න පුළුවන්,
තව කෙනෙක්ට ඒක ලැබෙන්නේ 40දී වෙන්න පුළුවන්.
හැමෝටම තමන්ගේම කියලා "Timeline" එකක් තියෙනවා. පරක්කු වීම අසාර්ථක වීමක් නෙවෙයි.

හිතේ සැනසීම තරම් වටිනා බෙහෙතක් තවත් නැහැ.

විටමින් වර්ග බොනවට වඩා, ජිම් යනවාට වඩා වටින්නේ හිතේ තියෙන පීඩනය (Stress) නිදහස් කරගන්න එකයි.

අතීතය ගැන හිත හිත ලතවෙන්නේ නැතුව, වර්තමානය සැහැල්ලුවෙන් විඳින්න.

මතකයන් ඉතුරු කරන්න.

ඔයා නැති දවසක ඔයාගේ දේපළ වලට වඩා මිනිස්සු කතා කරන්නේ ඔයා ඔවුන්ට දීපු ආදරය සහ කරුණාව ගැනයි.

මිනිස්සුන්ගේ හදවත් වල ඉතුරු වෙන්න පුළුවන් විදිහේ ලස්සන චරිතයක් ගොඩනගා ගන්න.

ජීවිතය අපි හිතන තරම් සංකීර්ණ නැහැ.
අපිමයි ඒක පටලවා ගන්නේ.

අද දවස "තෑග්ගක්" විදිහට සලකලා සතුටින්, හිනාවෙලා ඉන්න😘❤️

ජයවේවා හැමෝටම! 💪✨

Mihiri Mayakaduwa✍🏻

12/03/2026

Daycare එකක රැකවරණයට දාපු පුංචි බබෙක්
අවධානය අඩු වීමක් නිසා පොන්ඩ් එකකට වැටී ජීවිතය නැති වෙලා කියනකොට…
අම්මා කෙනෙක් විදියට ඒ වේදනාව හිතාගන්නවත් අමාරුයි. ඒ video එක දැකපු වෙලේ ඉඳන් හිතට හරි බයයි.😔

අම්මා කෙනෙක් බබාව daycare එකකට දාන්නේ
👉 විශ්වාසයෙන්
👉 ආරක්ෂාවෙන්
👉 “මගේ බබාව බලලා ඉඳියි” කියන බලාපොරොත්තුවෙන්.

නමුත් තත්පර කිහිපයක් අවධානය අඩුවුණාම පුංචි ජීවිතයක්ම නැති වෙන්න පුළුවන්… 💔

📌Daycare වල දරුවන්ගේ ආරක්ෂාව ගැන විමසිලිමත් වෙන්න👶

අද කාලේ බොහෝ දෙමව්පියන් රැකියාවන් සහ දෛනික කාර්යබහුලත්වය නිසා තම පුංචි දරුවන් Daycare මධ්‍යස්ථාන වලට භාර දෙනවා.
ඒත් අම්මලා තාත්තලා එය කරන එකම හේතුව දරුවා ආරක්ෂිතව බලාගන්නවා කියන විශ්වාසය.

එම නිසා Daycare එකක දරුවන්ගේ ආරක්ෂාව කියන්නේ ඉතාම වැදගත් දෙයක්. 👶


🏡 1️⃣ ආරක්ෂිත පරිසරයක් තිබීම

Daycare එකක වටාපිටාව දරුවන්ට අනතුරු නොවෙන ලෙස සකස් කරලා තිබිය යුතුයි.

✔️ වටා වැටක් (fence) තිබීම
✔️ පොකුණු, කුහර, ජල තැන් ආරක්ෂිතව වසා තිබීම
✔️ විදුලි plug point ආවරණය කර තිබීම
✔️ බිම slippery නොවීම

පුංචි දරුවන් ඉතා ඉක්මනින් ඕනෑම තැනකට යන්න පුළුවන්. ඒ නිසා පරිසරයම ආරක්ෂිත විය යුතුයි.


👩‍🏫 2️⃣ ප්‍රමාණවත් සේවකයින් සහ නිරීක්ෂණය

Daycare එකක දරුවන්ට සෑම වෙලාවකම අවධානය තිබීම ඉතා වැදගත්.

✔️ එක් teacher කෙනෙක්ට දරුවන් ගොඩක් නොදීම
✔️ දරුවන් සෑම වෙලාවකම නිරීක්ෂණය කිරීම
✔️ play time වලදි staff members ලඟ සිටීම

තත්පර කිහිපයක් අවධානය අඩුවුණත් දරුවන්ට අනතුරු වෙන්න පුළුවන්.


📹 3️⃣ CCTV සහ ආරක්ෂක පද්ධති

හොඳ Daycare මධ්‍යස්ථානයක CCTV කැමරා තිබීම වැදගත්.

✔️ classroom
✔️ playground
✔️ entrance

මේවා තියෙනවා නම් දෙමව්පියන්ටත් විශ්වාසයක් ලැබෙනවා.


🚪 4️⃣ පිටතට යාම පාලනය කිරීම

Daycare එකකින් දරුවන් අනිසි ලෙස පිටතට යාමට ඉඩ නොදිය යුතුයි.

✔️ gate එක සුරක්ෂිතව lock කර තිබීම
✔️ අනවසර පුද්ගලයන්ට ඇතුළු වීමට ඉඩ නොදීම
✔️ දරුවා භාරදීමේදී parents/guardian verify කිරීම


🩹 5️⃣ හදිසි අවස්ථා සඳහා සූදානම් වීම

Daycare එකක First Aid kit තිබීම අත්‍යවශ්‍යයි.

✔️ කුඩා තුවාල වලට ප්‍රතිකාර කිරීම
✔️ emergency contact numbers තබාගැනීම
✔️ staff membersට basic first aid training තිබීම


❤️ දෙමව්පියන්ට මතක තබාගත යුතු දේ

Daycare එකක් තෝරනකොට

✔️ එය visit කරලා බලන්න
✔️ staff members ගැන දැනගන්න
✔️ safety measures හොඳට පරීක්ෂා කරන්න

පුංචි දරුවන්ගේ ජීවිතය අපට තිබෙන වටිනාම වස්තුව.
ඒ නිසා ඔවුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීම අපි හැමෝගෙම වගකීමක්. 👶🤍


💬 ඔබේ අදහස මොකක්ද?
Daycare වල ආරක්ෂක නීති තව දැඩි වෙන්න ඕනේ කියලා ඔබ හිතනවාද?

👶🤍

10/03/2026

🌝

10/03/2026

ගැහැණු ළමයි අපි ජොබ් එක..අපේ හැඟීම්..යහළුකම්..බැඳීම්..විශ්වාසවන්ත කම්..පව්ලෙ දේවල්..ඒ විතරක් නෙවෙයි සෙල්ෆ් ලව්..මේ හැමදේම බැලන්ස් කරනවා..ඒක පිටින් කොයි තරම් සාමාන්‍යද සරලද වගේ පෙනුනත්..ඇතුළතින් අපි ඒ දරාගෙන ඉන්නෙ කොයි තරම් බරක්ද කියලා දැනුනම අඬන්න හිතෙනවා අපි ගැනම දුකට..ඒ වෙහෙස මහන්සිය ඒ තරම්ම දරුණුයි..

ඉතින් මේ වෙලාවෙ ඔයා කොයිතරම් ඒ ගැන දුකින් හිටියත් ලස්සන ගැහැණු ළමයො ටිකක් කල්පනා කරන්න මේ තාක් දුරක් ඔයා කොයිතරම් නම් ශක්තිමත්ව ආවද කියලා..🫶💞🌸

Lavenciye

Want your business to be the top-listed Food & Beverage Service in Galgamuwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Galgamuwa