Danush pc

Danush pc

Share

Danush pc

Photos from Danush pc's post 30/07/2024

ලංකාවට Internet එන්නේ චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි? එහෙනම් කොහොමද?
ලංකාවට ඉන්ටනෙට් එන විදිය... අපි හැමෝම හිතන් හිටියේ චන්ද්‍රිකා වලින් කියලනේ.. එහෙම නෙමෙයි මෙන්න මෙහෙමයි එන්නේ..

Submarine Cables - මුහුද දිගේ අන්තර්ජාලය එන හැටි
ලංකාවට ඉන්ටර්නෙට් එන්නෙ කොහොමද කියල දන්නවද? චන්ද්‍රිකා වලින් නම් නෙමෙයි. මුහුදු පතුල දිගේ ඇදපු කේබල් කිහිපයක් මගින් තමයි දූපතක් වෙච්ච ලංකාව ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නෙ. මේවට කියන්නෙ Submarine cables (සබ්මැරින් කේබල්) කියලා. මේ කියන්න යන්නෙ ඒ ගැන..

SEA-ME-WE කේබල් පද්ධතිය..

ලංකාවට එන submarine කේබල් අතරින් ප්‍රධානම කේබල් පද්ධතිය තමයි SEA-ME-WE (සීමීවී) කියන්නෙ. SEA-ME-WE කියන අකුරු ටිකෙන් කියවෙන්නෙ South East Asia - Middle East - West Europe කියන එක. මේ කේබල් පද්ධතිය ප්‍රංශයේ ඉඳලා සිංගප්පූරුව දක්වාම දිවෙනවා. ඔය අතරෙ තියෙන හැම රටකම වගේ නියෝජිත ආයතනයක් (ලංකාවෙ නම් SLT) මේ කේබල් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවා. මේ කරපු ආයෝජනයේ ප්‍රමාණයට අනුව තමයි කේබල් පද්ධතියෙන් තමන්ට ලැබෙන ධාරිතාවය තීරණය වෙන්නෙ.. දැනට SEA-ME-WE 1 සිට 5 දක්වා කේබල් පද්ධති මුහුදෙ තියෙනවා.

Copper Cables - තඹ රැහැන්..

ගොඩක් ඉස්සර මේ සබ්මැරින් කේබල් හදල තිබුණෙ තඹ වලින්. විෂ්කම්භය අඩියකට ටිකක් අඩුයි. ලංකාවට මුලින්ම ආවෙ SEA-ME-WE 1 කියන කේබල් එක. තනිකර තඹ. මේක සම්බන්ධ වුණේ කොළඹ ගෝල්ෆේස් පිටිය අසලට. ලංකාවෙන් මේකෙ අයිතිය තිබුණෙ SLT ආයතනයට.
ටික කාලයකින් මේකෙ ධාරිතාවය මදිවුණා. ඒක නිසා අර රටවල් ටික එකතු වෙලා හැදුවා SEA-ME-WE 2 පද්ධතිය. මේකත් තඹ. වෙනසකට තිබුණෙ මේකෙ කේබල් 2ක් තිබුණා. එහෙම බෙදුවෙ සංඛ්‍යාතය දෙකට බෙදලා. මේකත් සම්බන්ධ වෙන්නෙ ගෝල්ෆේස් පිටිය අසලටමයි. අධික වියදම, අනාගතයේදී වේගය ප්‍රමාණවත් නොවීම හා ප්‍රකාශ තන්තු වල ආගමනය නිසා SEA-ME-WE 1 සහ SEAMEWE 2 වගේ තඹ රැහැන් සියල්ලම වගේ අභාවයට ගියා.

Fiber Optics..

ඊට පස්සෙ ආපු submarine cables ඔක්කොම ප්‍රකාශ තන්තු (fiber optics). මුලින් fiber optics (ප්‍රකාශ තන්තු) කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා කෙටියෙන් පැහැදිලි කරන්නම්.

මුලින්ම කියන්න ඕන fiber optics ඇතුලෙ කිසිම කම්බියක් නෑ. තියෙන්නෙ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක්. එතකොට කොහොමද මේක දිගේ දත්ත හුවමාරු කරන්නෙ?

හරිම සරලයි. ඕනම දත්තයක් ද්වීමය (binary) සංඛ්‍යාවකින් නිරූපනය කරන්න පුළුවන්නෙ.. 0110101001 වගේ. චිත්‍රපට වල එහෙම දැකලත් ඇති. එක සහ බිංදුව විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මෙහෙම හිතන්නකො. ඔයා ගඟේ එක ඉවුරක ඉන්නවා. ඔයාගෙ යාළුවෙක් එහා ඉවුරෙ ඉන්නවා. ඔයාට ඕන එයාට 0111010 කියන පණිවිඩය යවන්න. ඔයා කරන්නෙ විදුලි පන්දමක් පාවිච්චි කරන එක. ටෝච් එක නිවිලා නම් 0. පත්තු වෙලා නම් 1. ඔයා නිශ්චිත කාලයක් තුල ටෝච් එක
Off (0) On (1) On (1) On (1) Off (0) On (1) Off (0) හැටියට 0111010 කියන පණිවිඩය එහා ඉවුරෙ ඉන්න යාළුවට යවනවා. දැන් එයාට තියෙන්නෙ ඔය ද්වීමය සංඛ්‍යාව decode කරලා ඔයා එව්වෙ මොකක්ද කියන එක හොයාගන්නයි.

ඔය ක්‍රමයම තමයි optical fiber වලත් තියෙන්නෙ. වීදුරු කෙන්ද දිගේ යවනවා අධි බ්ලැති ලේසර් කදම්බයක්. මේක on off වෙන හැටියට තමයි එහා පැත්තෙන් 1ද 0ද කියන එක අඳුරගන්නෙ. එහෙම බැලුවම මේක ආලෝකයේ වේගයෙන් දත්ත සම්ප්‍රේෂණ කිරීමක්. තඹ කම්බි වලට මේ වේගයත් එක්ක හැරෙන්න වත් බැහැ. ඉතින් කාලයත් එක්ක submarine cable ඔක්කොම fiber වලට මාරුවුණා. පරණ copper cable එහෙමම මුහුද මැද අතඇරල දැමුණා.

වර්තමානයේ අපිට එන submarine cables..

දැන් ලංකාවට එන සබ්මැරින් කේබල් කිහිපයක් තියෙනවා. මේ ඔක්කොම fiber.

1) SEA-ME-WE 3 - මේකෙ landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ. පරණ නිසා ලඟදිම මේකෙ ඔපරේෂන්ස් නවතියි. මේකෙ ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට

2) SEA-ME-WE 4 - මේක තමයි අර ගෝල්ෆේස් එකේ මුහුද දිගේ කලු පාට බට වගේ යන්නෙ. ගෝල්ෆේස් එකට ගියොත් මේක වගේම SEA-ME-WE 1 සහ 2ත් බලන්න අමතක කරන්න එපා. මේකත් ලංකාවෙ අයිතිය තියෙන්නෙ SLT එකට. ලංකව වැඩිපුරම වැඩ ගත්තෙ මේකෙන්.

3) SEA-ME-WE 5 - මේක තමයි අලුත්ම සහ වේගවත්ම එක. එක තරංග ආයාමයක් සඳහා වේගය 100Gbps. ඒ වගේ තරංග ආයාම 80ක් යවන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වේගය 8 Tbps විතර වෙනවා. හැබැයි ලංකාවෙ නම් තව අවුරුදු 10කට වත් තරංග ආයාම 80ක් පාවිච්චි වෙන්නෙ නෑ. ඒ නිසා දැනට උපරිම වේගය 600 Mbps වගේ තමයි යන්නෙ. landing station එක මාතර. මේකෙත් ලංකාවෙ අයිතිය SLT එකට

4) Dhiraagu - මේක නම් ලෝකෙ වටේ යන එකක් නෙමෙයි. මේක Point to point කනෙක්ෂන් එකක්. මේකෙන් තමයි ලංකාවයි මාලදිවයිනයි connect වෙන්නෙ. ලංකාවෙ අයිතිය SLT

5) Bharat Lanka - මේකත් point to point. මේක ලංකාවයි ඉන්දියාවෙ tuticorin (තූත්තුකුඩිය) අතර. ලංකාවෙ අයිතිය SLT.
SEA-ME-WE 5 එන්න කලින් තිබ්බ 3 සහ 4 වල දෝෂයක් ආවොත් මේ Bharat Lanka එක මගින් ඉන්දියාව හරහා තමයි අපි ලෝකෙට සම්බන්ධ වුණේ.

6) Bay of Bengal Gateway (BBG) - මේක UAE ඉඳල සිංගප්පූරුවට යන්නෙ. මේකෙ ලංකාවෙ අයිතිය Dialog එකට. උපරිම වේගය 6.4 Tbps ක් කියල තමයි කියන්නෙ. Landing station එක තියෙන්නෙ ගල්කිස්සෙ.

දැනට ලංකාව සම්බන්ධ වෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති 6ට විතරයි. ඒකෙන් 5ක අයිතිය SLT එකටත් 1ක අයිතිය Dialog එකටත් හැටියටත් තමයි තියෙන්නෙ.

මේ සබ්මැරින් කේබල් වල මුහුද දිගේ ගමන මොන වගේ ඇතිද?

මේ සිතියම් තියෙන්නෙ ඔය සබ්මැරින් කේබල් පද්ධති කිහිපයක ගමන් මාර්ගය.

මේවා සාමාන්‍යයෙන් යන්නෙ මුහුදු පතුලෙන්. මේ කේබල් ස්ථාපනය කරන්න, නඩත්තු කටයුතු කරන්න ඉන්නවා නැව්, කිමිදුම්කරුවො පවා සහිත වෙනම ජාත්‍යන්තර ආයතන. එයාලා තමයි සබ්මැරින් කේබල් සම්බන්ධව මුහුදෙ අණසක පතුරවාගෙන ඉන්නෙ.

ලේසර් එළියක් ඔය තරම් දුරට යනවද?

අපි ටෝච් එකක් ගැහුවම ඒ ටෝච් එලිය විහිදෙන උපරිම දුරක් තියෙනවනෙ. ඊට වඩා දුරින් ඉන්න කෙනෙකුට මේ ටෝච් එලිය පේන්නෙ නැහැනෙ. Fiber optics දිගේ යන ලේසර් එලියත් ඒ වගේමයි (එලියක් කිව්වට මේක එලියක්ම නෙමෙයි. තේරුම්ගැනීමේ පහසුවට එලියක් කියල හිතාගන්නකො). මේ ලේසර් ආලෝකයටත් යන්න පුළුවන් උපරිම දුරක් තියෙනවා. එතනින් එහාට එළිය යන්නෙ නෑ. එතකොට මොකද කරන්නෙ?

එතකොට තමයි රිපීටර්ස් (repeaters) අපේ පිහිටට එන්නෙ.

මේ රිපීටර්ස් මුහුදෙ තැනින් තැන හයිකරල තියෙනවා. මේවා වලට පැවරෙන රාජකාරිය තමයි තමන්ට ලැබෙන දුර්වල ලේසර් කදම්බයේ ශක්තිය වැඩි කරලා නැවතත් කේබල් එක දිගේ ඊළඟ නැවතුම වෙත යවන එක. ඒකට පාවිච්චි කරන්නෙ රිපීටර් එකේ තියෙන optical amplifiers.

Submarine cables වලට සිදුවන හානි..

1) කලාතුරකින් මුහුදෙ නැව් එහෙට මෙහෙට යනවා නැංගුරමත් මුහුදට දාගෙනම. ඔය නැංගුරමක් අපේ submarine cable එකේ පැටලුනාම කේබල් එක එතනින් කැඩිලා යනවා

2) සාමාන්‍ය fiber එකක් සිහින් කෙන්දක් හැටියට තිබුණට සබ්මැරින් කේබල් නම් එහෙම හීනි නෑ. ඒකට හේතුව තමයි fiber එකේ ආරක්ෂාවට ඒක වටේට තියෙන ආවරණ. මේ හරස්කඩ දිහා බැලුවම පේනවනෙ හීනි fiber එක වටේට කොච්චර ආරක්ෂක ආවරණ තියෙනවද කියලා..

ඔය එක ආවරණ වර්ගයකට තමයි armour එක කියන්නෙ. මේක ලෝහමය ආවරණයක්. මේ ලෝහ armour එක දිගේ තමයි repeaters වලට අවශ්‍ය විදුලිය සම්ප්‍රේෂණය කරන්නෙ. සන්නායකයක් දිගේ විද්‍යුතය ගමන්කරනකොට ඒ වටා චුම්භක ක්ෂේත්‍රයක් ඇතිවෙනවනෙ. මේකෙත් එහෙම තමයි. ඔන්න ඔය චුම්භක ක්ෂේත්‍රය කට්ටියක් වරදවා වටහගන්නවා. ඒ තමයි මෝරු. එයාලා මේක ගොදුරක් කියල හිතලා cable එක හපල හපලා කඩල දානවා.

ඔය 2 තමයි ප්‍රධාන වශයෙන් සබ්මැරින් කේබල් වලට සිදුවන අලාභහානි. ඉතින් ඔය එක කේබල් එකකට අනතුරක් වුණත් අපිට තව කේබල් ඕන තරම් තියෙන නිසා ලංකාවට ඉන්ටර්නෙට් නැතිවෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකරගන්න නම් කිසිම හේතුවක් නෑ.

31/12/2023

AI Update

ChatGPT හදපු OpenAI සමාගමට සහ එයට මුදල් ආයෝජනය කල නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතෙනුත් නඩු දමා තිබෙනවා . ඒ ඔවුන්ගේ වෙබ් ලිපි හරහාත් අනවසරයෙන් CHATGPT පුහුනු කිරීම නිසා .ඔවුන් මේ සමගම මයික්‍රොෙසාෆ්ට් සමාගමටත් නඩු පවරලා තිබෙනවා .

ඔවුන් ගෙනෙන කරුනු අනුව එකක් වන්නේ අනවසරයෙන් තමුන් විසින් මහන්සියෙන් නිර්මාණය කෙරෙන ප්‍රවෘත්ති අනවසරයෙන් අන්තර්ජාලය හරහා ලබා ගනිමින් ChatGPT පුහුනු කිරීමට යොදා ගැනීම . මේ නිසා යම් යම් ආකාර වලින් එහි ලිපි වල අන්තර්ගතයන් චැට් ජීපීටී මගින් විමසා දැන ගැනීමට එය භාවිතා කරන අයට හැකියි . මෙම නිසා මිලියන ගණනක් වන එහි මුදල් ගෙවා ලියා පදිංචි වී ඇති අයට සිදුවී ඇත්තේ විශාල අසාධාරණයක් . ඒ වගෛ්ම microsoft bing වැනි සෙවුම් යන්ත්‍ර දැන් සෙවීමක් කල පසු අදාල වෙබ් පිටුවේ සාරාංශය ලබා දෙන්නේ AI මගින් . මේ නිසා පෙර මෙන් නොව ලිපි පිලිබද සාරංශ අදහසක් ලබා ගැනීමට වෙබ් සෙවුම් කරන්නන්ට පුලුවන් . මේ නිසාත් බොහෝ දෙනෙකු ලිපි කියවීමට අඩවියට පිවිසෙන්නේ නෑ . එමගින් ලිපිය තුල අන්තර් ගත වැදගත් දේ සහ ඒ ලිපියේ අරමුණ වැනි දේ පාඨකයා අතරට යන්නෙත් නෑ . ඒ වගේම මාසික ඒ වගේම ලාභ නොලබන ආයතනයක් ලෙස පටන් ගත් එය දැන් ඒ තත්වය අත හැර ඩොලර් බිලියන 90 පමන වටිනා ලාභ ලබන ආයාතනයක් බවට පත් කිරීමෙනුත් විවෘත මෘදුකාංග සදහා අදාල ගරුත්වයටද හානි සිදු කර තිබෙන බවත් ඔවුන් චෝදනා කරනවා . රිසර්ච් එකක් ලෙස පටන් ගත් එය ඒ ආකාරයටම පැවතියේ නම් ChatGPT කියන්නේ අද නොමිලේ භාවිතා කල හැකි නිදහස් මෘදුකාංගයක් . මයික්‍රොසොෆ්ට් සමාගම එයට තනා දුන් සුපිරි පරිඝනකයේ CPU කෝර්ස් 285000 ,එකක් රුපියල් ලක්ෂ විසි පහක් විතර වෙන A400 GPU 10000 සහිත තත්පරයකට ගිගාබයිට් 400 පමන වේගයක් සහිත ජාලයක්ද අඩංගු වෙනවා .මෙවන් වියදමක් දැරිය හැකි සමගම් ලෙස කිසිදු මුදලක් වැඩ නොකර හොරෙන් දත්ත ලබා ගෙන වැඩසටහන් පුහුනු කිරීම , එම නිර්මාණ සිදු කල පුද්ගලයන්ට සිදු කරන බලවත් අසාධාරණයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා .

Open AI සමාගම දත්ත පුහුනු කිරීම අනවසරයෙන් අන්තර්ජාලයේ වෙබ් අඩවි හරහා සිදු කර ඇති අතර එසේ නෑ කීමම බොරුවක් බව ඊලෝන් මස්ක්ද දින කීපයකට පෙර ප්‍රකාශ කර තිබුනා . එලොන්ගේ ආන්දෝලනාත්මක සයිබර් ට්‍රක් ජීප් රතය දැන් වෙලද පොලට ඉදිරි පත්කර තිබෙනවා . එහි පලමු රිය අනතුර ඊයේ සිදුවී තිබුනා . වෙඩි නොවදින හැම අතින්ම ආරක්ෂිත එය පැවසූ ලෙසම කිසිදු හානියකින් තොරව බේරී තිබුනා. මේ රතයේ තිරිංග ක්‍රියාත්මක වන්නේ මෘදුකාංගයක් හරහා . රියදුරු සිදු කරන්නේ දැනුම් දීමක් වැන්නක් පමනයි . ඊලෝන් අතට ලෝකයේ වැදගත් දේ කීපයකම බලය ලැබීමටත් දැන් හේතු වෙලා . වාහන තිබෙන තැන් ඔවුන් දන්නවා . SpaceX නිසා අන්තර් ජාලය අතින් ලෝකයම ආවාරණය වෙනවා . ඒ විස්තර තියෙනවා ඔවුන්ට . ට්විටර් හරහා සමාජ මාද්‍යය පැත්තත් තියෙනවා . ඔහුගේ මොලයට සවි කෙරෙන න්‍යුරල් චිප් එකෙත් දැන් මිනිසුන් සම්බන්ධ පරීක්ෂන සිදු කෙරෙනවා . මේ සදහා 25000 පමන පෝලිමක් පැවති බවත් පලවුනා .

Google Gemini API එක යොදා ගෙන දැන් ඕනෑඹ කෙනෙකුට පරිඝනක වැඩසටහන් හදන්න පුලුවන් . ඒ සමගම ඔවුන් AI මෘදුකාංග 130 පමන රිලීස් කලත් දැක්ක විදිහට අපිට තාම ඇක්සස් කරන්න බෑ හෝ මුදල් ගෙවිය යුතුයි .
මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකට වගේ දැන් ගිහින් සර්ච් කරන්න ගොඩක් AI ටූල්ස් ඇවිල්ලා ඇති ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරන්න පුලුවන් . ගිහින් බලන්න. ලබන වසර වෙන කොට මයික්‍රොෙෂාෆට් ආයතනය ලැප්ටොක් පරිඝනක වලට NNC නැතිනම් න්‍යුරල් නෙට් චිප් එකක් ඇතුල් කරන්න ලෑස්තියි . ඒ AI තාක්ෂනය දෘඩාංග සමගම ලබා දීමට .

Pinokio.computer මේකට ගිහින් ඒකේ තියෙන ඕනෑම AI මෘදුකාංගයක් පරිඝනකයට බා ගන්න පුලුවන් . කලින් දවසක සදහන් කරපු facefusion වගේ ගොඩක් ඒවා ඇති .

https://www.freepik.com/ මේකට ගිහින් හොද ඩිසයින් හදා ගන්න පුලුවන් . මේ කේ හෝ අනෙක් AI රූප තැනිය හැකි මෙවලම් භාවිතා කරලා හදන රූප wirestock වගේ සයිට් වලට ගිහින් ස්ටෝර් එකක් ඇරගෙන විකුණන්න පුලුවන් . නැතිනම් Prinitfy වගේ සයිට් එකකට ගිහින් හොද ටීෂර්ට් වගේ ඒවට ගැලපෙන ඩිසයින් කරලා විකුණන් දාන්න පුලුවන් . ඕඩර්ස් ආවෝත් ඒ අයම ඒවා ප්‍රින්ට් කරලා විකුණලා තමුන්ට ගාන එවනවා . Fiverr එකට ගිහින් මේ නිර්මාණ කර දෙන බව කියලා සල්ලි හොයන්නත් පුලුවන් . තමුන්ව මාර්කට් කර ගැනීම ඉතින් ටික්ටොක් , සමාජමාධ්‍යය වගේ දේ හරහා කර ගත යුතුයි .

සෙන්සර් කරපු නැති AI මොඩල් එකක් පාවිච්චි කරලා බලන්න කැමති නම් මෙන්න මේකට ගිහින් පුලුවන් . ඕනෑම දෙයක් අහලා බලන්න.
https://colab.research.google.com/drive/1JME_dudxiWx_iszG072QgRx3ViTLXX0i?usp=sharing =_DrrfiB8SzDE
තක්ෂනයේ හානි ගැන කියන අයම මේවා නිකම් අහසින් වැටුනා වගේ අතන මෙතන දාලා තියෙනවා නිකම් හංගලා වගේ .

මේ නෝට් බුක් එකේ උඩ ඉදන්ම වම් පැත්තේ තියෙන රන් නැතිනම් ඊ තල වගේ තියෙන ඒවා පිලිවෙලට කිලික් කර කර ඒ ඒ වාට රන් වෙන් න දෙන්න . එක්ක රන් උනාට පස්සෙයි අනිකට යා යුත්තේ . අන්තිමට ආපුවහම තියෙන prompt කියන තැන තමුන්ගේ ප්‍රශ්නය අහලා ආයේ පහලට රන් කරන්න. එකසැරයක් උඪ ඒවා රන් කලාට පස්සේ මේක විතරයි රන් කර කර ඉන් න වෙන්නේ .

sketch2app මේකට ගිහින් තමුන්ට කැමති ගේම් එකක නැතිනම් ඇප් එකක රූපයක් ඇදලා දාන්න . ඒ විදිහටම ගේම් එක නැතිනම් ඇප් එක හදලා දෙනවා . ඕවත් හොදට කරගන්න පුලුවන් නම් විකුණන්නත් පුලුවන් .

https://leonardo.ai/
එකෙනුත් ටෙක්ස්ටු විඩියෝ මොඩල් එකක් එලි දක්වලා තියෙනවා . නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් .

https://digi.ai/ මෙන්න මේකට පෝන් එකෙන් ගිහින් තමුන්ටම කියලා ගර්ල් ‍ෆ්‍රෙන්ඩ් කෙනෙක් හදා ගන්න පුලුවන් .ලබන වසරේ මේවා හොදම මාකට් වෙන බවට අනාවැකි පලවෙනවා .

storyboard.ai මේකෙන් රූපේ ඉදන් කතා පොතක් හදලා දෙනවා පොඩි ලමයින්ට .
GPTExcel . එක්සෙල් ෆෝමියුලා වලට .

ඔය නොමිලේ චිත්‍ර ඇද ගන්න පුලුවන් ඇප් වලින් ඔය පොඩි ලමයින්ගෙ පාට කරන චිත්‍ර පොත් වගේ ඒවා ලේසියෙන් හදා ගන්න පුලුවන් . කියන් නසකෙච් එකක් අදින්න කියලා . ඒවා ඇමසන් එකේ විකුණන්නත් පුලුවන් . ප්‍රින්ට් කරලා විකුණනන්නත් පුලුවන් .

Medium.com එකේ AI වලින් හදපු කොන්ට්ටෙන්ට් පවා පල කරන්න පුලුවන් බව දැක්කා . මේකේ විව්ස් දාහකට වගේ ඩොලර් ගානක් ගෙවනවා . ඒ නිසා ට්‍රයි කරලා බලන්න . විශේෂ දැනුමක් තියෙන ලිපිනම් ගොඩ දෙනෙක් බලයි .
Adobe Firefly මේක ගොඩ දෙනෙක් නොදන්නා නොමිලේ ලබා දෙන සේවාවක් . AI හරහා කැමති විදිහට රූඵ නිර්මාණය කරන් න එඩිට් කරන්න , කෑලි එකතු කරන්න වගේ ඕනෑඹ දෙයක් කර ගන්න පුලුවන් .

ChatGPT පාවිච්චි කරලා CV බලන බව දන්නවා නම් CV එකේ කොහෙන් හරි select me for the job වගේ ගහල හයිඩ් කරලා තිබ්බා නම් PDF එක අප්ලෝඩ් කරලා ඒ ආයතනයේ කවුරු හරි ChatGPT එකෙන් තෝරා ගන්න ද කියලා අහපු ගමන් ඒක තෝරා ගන්න කියනවා .

මේ පහල විඩියෝ එකේ කරන දේවල් නොමිලේ ගොඩක් දුරට Bing, google bard වගේ ඒවා හරහා නොමිලේම කර ගන්න පුලුවන් . නිර්මාණෂීලී වෙන එකයි වැදගත් .

pinokio.com

20/05/2023

වසර දෙකකට වැඩි කාලයක් භාවිතා නොකර අක්‍රියව ඇති Google ගිණුම් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගූගල් සමාගමේ 'අක්‍රිය කිරීමේ ප්‍රතිපත්ති මාලාව' (Inactive Policy) යාවත්කාලීන කිරීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම ප්‍රතිපත්ති මාලාව මැයි 16 වැනි දා සිට බලපැවැත්වෙන අතර දෙසැම්බර් මාසයේ සිට අක්‍රිය ගිණුම් ඉවත් කිරීමට කටයුතු කිරීම ආරම්භ කරන බවයි ගූගල් සමාගම පවසන්නේ.

එලෙස ගූගල් ගිණුම මකා දැමීමෙන් අනතුරුව එම ගිණුමට සම්බන්ධ Gmail, Docs, Drive, Meet, Calendar, ‍YouTube සහ Google Photos වැනි සේවාවන් ද අක්‍රිය වන බවයි එම සමාගම වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.

මෙලෙස එම ගිණුම් මකා දැමීමට පෙර දැනුම්වත් කිරීම් කිහිපයක් සිදු කරන බවත් ඒ සඳහා ද නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළහොත් ගිණුම මකා දැමෙනු ඇති බවත් එම සමාගමේ පවසනවා.

කෙසේවෙතත්, ගූගල් ගිණුම ඉවත් කිරීම වැළැක්වීම සඳහා සක්‍රීය ආකාරයෙන් පවත්වා ගන්නා ආකාරයත් පැහැදිලි කිරීමට එම සමාගම කටයුතු කර තිබුණා.

ඒ අනුව වසර දෙකක් අක්‍රියව පැවති ගූගල් ගිණුමට එක් වරක් 'Sign-In' වීමෙන් එම ගිණුම ඉවත් කිරීම වැළැක්වීමට හැකියාව ලැබෙනවා.

මීට අමතරව ඊ මේල් යැවීම / කියවීම, Google Drive භාවිතය, ‍YouTube භාවිතය, Google Play Store භාවිතය, Google Search භාවිතය, තෙවන පාර්ශවිය App හෝ Service සඳහා Google Account එක භාවිතයෙන් Sign-In වීම වැනි දේවල් තුළින් පහසුවෙන් Google Account එකේ සක්‍රීය භාවය පවත්වා ගත හැකි බවත් එම සමාගම හෙළි කළා

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo