Cost Plus Buildings Pvt Ltd
Cost Plus is a alternative procurement method to build your home/ building.
05/12/2023
පිටුපුරා plan ඇදගත්තට 3D visual ඇදගත්තට ගේ හදන්න පටන්ගන්න එපා.
ඇත්තම cost එක ( වියදම ) දන්නෙ නෑතුව මුල්ගල් තියන්න foundation දාන්න හිතන්නවත් එපා. 90% ක්ම නිවාස බිත්ති slab හා වහලය නිමකර සදහටම නවතිනවා. ඒ Estimates හා Quotations වලින් රැවටීම නිසයි. එබැවින් designer ගෙන් හෝ contractor ගෙන් ගනන් අසා හිත රවටා ගන්න එපා .
ඇත්තම වියදම දන්නවනම් ගේ හදන එක අතහැර දැමිය හැකියි, කල්දැමිය හැකියි, Down size කල හැකියි, phase out කල හැකියි. එහෙත්, රැවටි හදාගෙන හදාගෙන ගියොත් අතැති සියලුමුදල් concrete හා ගඩොල් බවට පත්වු පසු කිසිවක් කල නොහැකියි.
ගේ සදහා Labour and Materials Estimate එකක් හදාගන්න. පියවරෙන් පියවර වියදම් විශ්ලේශනය කරගන්න. මෙහි එක් පැත්තකින් building materials list එක හා එහි cost එක තිබෙනවා. අනෙක් පැත්තේ තිබෙන්නේ labour contract cost එක හා එහි breakdown එකයි. මෙම estimate එක ඔබ අත තිබෙනවානම් ඔබට hardware shop එකෙන් කෙලින්ම බඩු මිලදී ගත හැකි අතර තනිවම labour contractors ලා පරිපාලනය කල හැකියි. මන්ද මෙහි තනිකරම ඇත්තේ දැනුමයි.
Sample estimate එකක් පහත දක්වා ඇත. විස්තර සදහා 0779292090 අමතන්න

නිවාස සැලසුම Budget එක ඇතුලත තබාගන්න
හදන්න බැරි ගෙවල් ඇදගන්න එපා
plan එකේ sketch එක රුපියල් 5,000.00 සිට
නිවසක් හදන්න ඉන්න ඔබට විය හැකි අතුරු අන්තරා එමටයි. හැබැයි ඔබ මෝහයෙන් මුලා නොවනවා නම් සහ ජන්දය නිසා අගතියට නොයනවා නම් ඔබ අමාරුවෙ දැමිමට කාටවත් නොහැකියි. ඔබ discount ,විශේෂ දිමනා හා නොමිලේ වෘත්තීය සේවා පසුපස ගියොත් ඔබගේ විනාශය නියතයි. මෙබදු දේවල් පිටුපස අත්තිකාරමක් තිබෙනවා. ජන්දය හා මෝහය නිසා අන්ද වුනාම මෙය පෙනෙන්නේ නෑ. කොන්ත්‍රාත්කරුවෙක් අත්තිකාරම් මුදල් රැගෙන පැන යා හැකියි. එමගින් ඔබට ලක්ෂ පහක් හෝ දහයක් නැතිවිය හැක. නමුත් ඊට වඩා ඉතා දරුනු ප්‍රතිවිපාක අත්වනුයේ house plan එකෙනි. 80% කට වඩා පිරිසක් house plan එක නිසා විනාශයට පත්වේ. මිලියන 5 ක budget එකට අන්දවන නිවස සාදා ඉවරවන විට මිලියන 10 ක් 12 ක් වත් වියදම් වේ. සැලසුම්කරු සමග වාද කරොත් පරදින්නෙ ඔබයි. මුදල් වන්චාවක් නම් පොලීසියටවත් යා හැක. මේ අවනඩුව අසන්නේ කවුද?. අමාරුවෙන් ඉපැයූ මුදල් විශාල කොන්ක්‍රීට් හා ගඩොල් ගොඩක් බවට පත්ව අවසන්. මේ සම්මජ්ජාතියේ මෙ ය සාදා නිමකල නොහැකි බව තේරෙනකොට විය යුතු දේ සිදුවී හමාරයි. මෙවිට එක්කෝ ගේ බාගෙට හදාගෙන සිගන්නකු සේ හෙමිහිට පදින්චි වේ, නැත්නම් දිගට හරහට නය වේ ඉන්පසු නය අර්බුදයකට මුහුනදේ, එක්කෝ ඉඩම් හෝ වාහන විකුනමින් දිගටම ගේ හදයි, තවත් අය පවුලෙන් වෙන්වී පිටරටවලට ගොස් බොහෝ කල් කබුරති, එසේ කිරිමේදි දරුවන් නොමගයාම හා පවුල් කඩාකප්පල් විම වැනි අප්‍රතිකාරී ව්‍යසන වලට මූන දීමට සිදුවේ, ඇතැම් අය වන්චනික හෝ කූට අයුරින් මුදල් ඉපැයීමට පෙලබී සිරගත වීමට පවා සිදුවේ, budget ගැටලුව නිසා මුහුන දෙන පීඩනය හේතුවෙන් පවුලේ අඩදබර හා වෙන්වීම් ඇතිවේ, දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සදහා මුදල් නැතිවේ, කරන කියන රැකියාද හරියට කරගෙන යාමට බැරිවිමෙන් දියුනුව වලකි. තවත් බොහෝ දුශ්ට දැ සිදුවේ. අවසන් වශයෙන් ජීවිතය වදයක් බවට පත්වේ.ලගදී නිවසක් සෑදූ මිතුරෙකුට හර්දයාන්ගමව කතා කලොත් ඔබට මේ කරුනු සත්‍යාපනය කරගත හැක. මුදල් ගෙවා plan එකක් ඇදගත් පසු එය බාර ගැනීමට සිදුවේ. Budget out ද, design එක වැඩක්නැතිද කියා වැඩක් නැත. නැවත plan එකකට වියදම් කිරීමටද සිත ඉඩ නොදේ. අවසන් වශයෙන් අමාරුවේ වැටේ. කිසි විටෙක budget එක සැලසුම්කරු ගෙන් හෝ කොන්ත්‍රාත්කරුගෙන් අසන්න එපා. Independent Quantity Surveyor (QS) කෙනකුගෙන් පමනක් අසන්න. එබැවින් කාටවත් අසුනොවී අප ලවා plan sketch එකක් ඇදගෙන එයට estimate එකක් ලබාගෙන ඊලග පියවර ගැන සිතන්න. Plan sketch එක රුපියල් 5,000.00 සිට ඉහල ගාස්තුවකට කර දිය හැක. අමතන්න 0779292090
Cost Plus Buildings Pvt Ltd Cost Plus is a alternative procurement method to build your home/ building.
අපගේ COST PLUS ප්‍රසම්පාදන ක්‍රමය ගැන දැනගන්න
ඔබට නිවසක් සෑදිය හැකි ක්‍රම දෙකක් ඇත.
1. Company එකකට Full Contract දී ඔවුන් කියන පරිදි අත්තිකාරම් හා අනෙකුත් ගෙවීම් සිදූකර ඔවුන් ලවා නිවස ඉදිකරවා ගැනීම
2. තමාම කම්කරු කොන්ත්‍රාත් කරුවන් හා ගොඩනැගීලි ද්‍රව්‍ය සපයාගෙන නිවස ඉදිකිරීම
මෙම දෙවන ක්‍රමයට ඔබ නිවස සාදනවානම් ඔබට විශාල මුදල් ඉතිරියක් ඇතිවේ . දෙවන ක්‍රමයට නිවසක් සෑදීමට ඔබට දැනුම, පලපුරුද්ද හා ඒ සඳහා කාල වේලාව අවශ්‍ය වේ. ඔබට දෙවන ක්‍රමය තනිවම ක්‍රියාත්මක කරගැනීමට නොහැකිනම් ඒ වෙනුවට එහිම දිගුවක් වන අපගේ COST PLUS ක්‍රමය තෝරාගත හැක
මෙහිදි පලමු පියවර වන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය ඇස්තමේන්තුව හා කම්කරු පිරිවැය ඇස්තමේ න්තුව පිලියල කිරීමයි. මෙමගින් ඔබට නිවසේ පිරිවැය පිලිබද ඉතා පැහැදිලි චිත්‍රයක් ලැබේ . ඒ මත ඔබට වැඩ ආරම්භ කිරීම පිලිබද තීරනය ගත හැක .
ඔබ අපගේ "ගොඩනැගිලි කොන්ත්‍රාත් පරිපාලන" ( Construction contract administration) සේවාව ලබාගන්නේ නම් නිශ්චිත මාසික ගාස්තූවක් යටතේ එය අප විසින් ලබාදේ .
ඔබ විසින් ගොඩනැගිලි ද්‍රව්‍ය අපවෙත සැපයිය යුතුය. ඔබගේ පූර්ව අනුමැතිය යටතේ අපගේ කම්කරු කොන්ත්‍රාත්කරුවෙකු සේවයේ යොදවා ඉදිකිරීම් කරගෙන යනු ලැබේ. මේ අනුව ඔබ කෙලින්ම hardware shop එකට ගොඩනැගිලි ද්‍රව්‍ය සදහා මුදල් ගෙවන අතර වැඩ නිම වන අයුරින් සෑහීමට පත්වෙමින් අදාල කම්කරු කොන්ත්‍රාත් මුදල් කෙලින්ම කම්කරු කොන්ත්‍රාත්කරුට ගෙවනු ලැබේ.
මෙහිදි කම්කරු කොන්ත්‍රාත් කරුවන් සැපයීම, ඉදිකිරීම් සුපරීක්‌ෂනය ( construction supervision), කම්කරු බිල් සැකසීම හා ගෙවු ම් නිර්දේශ ( labour contractor’s bill preparation and payment recommendations), සැලැස්ම පරිදි ඉදිකිරිම ( drawing compliance), ඉදිකිරීම් තාක්ෂනය හා යෙදවුම් ( construction technology and applications), ඉදිකිරීමේ ප්‍රමිති හා පිලිවෙත් ( standerd and best practices), ඉදිකිරිම් වැඩසටහන හා ප්‍රගති නියාමනය ( construction program and progress monitoring) ආදී කොන්ත්‍රාත් කරුගේ භූමිකාවට අයත් කටයුතු අප විසින් ඉටු කර දෙනු ලැබේ.
මෙහිදී ඔබ ලබන අද්විතීය ප්‍රතිලාභ:
1. ඉදිකිරීම් වියදම ( පිරිවැය / cost) විශාල ලෙස අඩුවීම .
2. ඉදිකිරීමේ ගූනාත්මකභාවය ( construction quality) ඉහල යාම . ( තමන් බඩු සපයන නිසා )
3. අත්තිකාරම් ගෙවීමේ අවදානම නැත .
4. තමාට කිසිදු පාඩුවක් කර නොගෙන කොන්ත්‍රාත් කරුගේ වැඩ නැවැ ත්විය හැක
5. අත්තිකාරම් නොගෙවීම නිසා එහි දුෂ්ට ප්‍රතිපලවලින් මිදීමට හැකි වීම .( උදා : වංචා වලට හසුවීම, ඉදිකිරීම් දීර්ග කාලයක් පමාවීම, තත්වයෙන් බාල බඩු යොදා ඉදිකිරීම ආදී සුලබ විපාක හා අවාසි සහගත අනෙකුත් විපාක )
6.ඉදිකිරීම් වලින් පසුව මුදල් ගෙවන නිසා තම වැඩබිම තමාගේ පාලනයෙන් ගිලිහි නොගොස් තමා සුරක්‌ශිත වීම.
7. ඉදිකිරීම් වැඩ ඉක්‍මනින් නිම වීම. ( මුදල් පසුව ගෙවන නිසා )
මේ පිලිබද වැඩිදුර විස්තර සඳහා 0779 29 20 90 අමතන්න
Cost Plus Buildings Pvt Ltd Cost Plus is a alternative procurement method to build your home/ building.
01/10/2022
Call for more details on 077 929 20 90