Mr PraSa
දැණුම විනෝදය සතුට ලබාඟන්න Mr Prasa පේජ් එකට අදම ලයික් කරල එකතු වෙන්න..
16/10/2025
එදා සහ අද, Dubai නගරයේ සංකේත ✨ වැලි කතරක්ව තිබූ ඩුබායි, අද සිහිනයන්ගේ නගරයක් කිවුවට වැරදි නැහැ.
අභිලාෂය, නිර්මාණශීලිත්වය, සහ පරිකල්පනයන් යථාර්ථයක් කළ නගරයක්!
1. බර්ජ් අල් අරාබ් (Burj Al Arab)
2. අයින් ඩුබායි (Ain Dubai)– ලෝකයේ උසම නිරීක්ෂණ චක්‍රය
3. බර්ජ් ඛලිෆා (Burj Khalifa)– ලෝකයේ උසම ගොඩනැගිල්ල
4. අනාගතයේ කවුතුකාගාරය (Museum of the Future) – අනාගතය නිර්මාණය කරමින්
5. ඩුබායි ෆ්‍රේම් (Dubai Frame)– අතීතය සහ වර්තමානය එකතු කරන ගොඩනැගිල්ල
6. පාම් ජුමේරා (Palm Jumeirah) – මනුෂ්‍ය නිර්මාණයක් ලෙස පෙනෙන පුදුමයක්
7. ඇට්ලෑන්ටිස් ද රෝයල් (Atlantis the Royal) – සිහිනවල නවාතැනක්
ඩුබායි කියන්නෙ නගරයක් පමණක් නෙවෙයි — "Impossible” කියන වචනයත් ඉලක්කයක් කරගත්ත උදාහරණයක්.
13/10/2025
ලෝකය පුදුම කරවමින් සවුදි අරාබිය හදන ලෝකෙ ලොකුම ගොඩනැගිල්ල 🤯. රියාද් නගරයේ ඉදිකෙරෙන මේ "මුකාබ්" නම් ගොඩනැගිල්ල මීටර් 400ක උසකින් (400mx400mx400m) ඉදිවෙනවා. අති විශාල ඝනකයක හැඩයක් ගන්න මේක, ඇමරිකාවෙ තියන එම්පයර් ස්ටේට් ගොඩනැගිලි 20කට වඩා ඇතුලෙ තියන්න පුලුවන් ඉඩක් ගනීවි කියලා තමයි කියන්නේ. මේක හදලා ඉවර උනාම ලෝකයේ තියන "විශාලතම" ගොඩනැගිල්ල බවට පත්වෙනවා.
01/10/2025
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඩුබායි ෆවුන්ටන් එක
දැන් ලෝකයම කතා කරන දෙයක් තමයි ඩුබායි ෆවුන්ටන් එක. මොකද මේ මාස ගණනාවක් වහලා තිබුණු ලෝක ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණය නැවතත් විවෘත වෙනවා. ඒ නිසා අපි ඒ ගැන පොඩි විස්තරයක් බලමු.
➡️ ඩුබායි ෆවුන්ටන් එකේ ඉතිහාසය
2009 වසරේ මැයි 8 වෙනිදා තමයි ඩුබායි ෆවුන්ටන් එක නිල වශයෙන් විවෘත කළේ. ඒ ඩුබායි මෝල් එක විවෘත කරන දවසේමයි.
මෙය නිර්මාණය කරලා තියෙන්නේ ලෝක ප්‍රකට WET Design සමාගමයි. ඔවුන් තමයි ලාස් වේගාස් නුවර තියෙන Bellagio Fountain එකත් නිර්මාණය කළේ.
මේ ෆවුන්ටන් එක අක්කර 30ක් පුරා විහිදෙන Burj Khalifa Lake එකේ තමයි පිහිටලා තියෙන්නේ. ලෝකයේ උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා සහ ඩුබායි මෝල් එකට මැදිව මෙය පිහිටා තිබීම විශාල සංචාරක ආකර්ෂණයක්.
➡️ ඇයි මේක වහලා තිබුණේ?
ඩුබායි ෆවුන්ටන් එක තව තවත් අලුත් කරන්න, ඒකේ කාර්යසාධනය වැඩි දියුණු කරන්න තමයි මේක තාවකාලිකව වහලා තිබුණේ.
මේ අවුරුද්දේ (2025) අප්‍රේල් මාසේ 19 වෙනිදා ඉඳන් තමයි මේක වහලා තිබුණේ. ඒ මාස පහක කාලයකට.
මේ කාලය තුළ ෆවුන්ටන් එක යට තිබුණු විල සම්පූර්ණයෙන්ම හිස් කරලා, අලුත් ටයිල් දාලා, වෝටර්ප්‍රූෆින් වැඩ කරලා තියෙනවා. මේක පළමු අදියර විතරයි. දෙවන අදියර 2026 අවුරුද්දේදී පටන් ගන්න නියමිතයි.
➡️ කවදාද ආයේ අරින්නේ?
ඔක්තෝබර් 1 වෙනිදා තමයි මේ ෆවුන්ටන් එක නැවත විවෘත කරන්න නියමිත වෙලා තිබුණේ.
➡️ මේ පිටුපස ඇති ඉංජිනේරු විද්‍යාව
මේ ෆවුන්ටන් එකේ වතුර ජෙට් මීටර් 150ක් (අඩි 500ක්) තරම් උසට විදින්න පුළුවන්. ඒක මහල් 50ක ගොඩනැගිල්ලක උසට සමානයි.
එක වෙලාවකට ගැලුම් 22,000ක් විදින්න පුළුවන්. ඒකට ලොකු පීඩනයක් ඕනේ.
මේ වතුර, ලයිට්, සහ සංගීතය එකට සමමුහුර්ත කරන එක තමයි මෙහි තියෙන ප්‍රධානම තාක්ෂණය. මේවා පාලනය කරන්න විශේෂ රොබෝ පද්ධති පවා යොදාගෙන තියෙනවා.
➡️ වාර්ෂික සංචාරකයන්
මේ ෆවුන්ටන් එක දවසකට දහස් ගණන් සංචාරකයන් පිරිසක් ආකර්ෂණය කරගන්නවා.
2015 වසරේදී ඩුබායි ෆවුන්ටන් එකට විදේශීය සංචාරකයන්ගෙන් 67%ක්ම පැමිණිලා තියෙනවා. එයින්ම පේනවා මේක කොච්චර ජනප්‍රියද කියලා.
➡️ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට මෙය කොහොමද?
මේ වගේ ෆවුන්ටන් එකක් අපේ රටේ ස්ථාපිත කළොත් ඒක ලොකු සංචාරක ආකර්ෂණයක් වෙයි. කොළඹ සිනමන් ලයිෆ් හෝ බේරේ වැව වගේ තැනක, නැත්නම් මහනුවර වැව අසල මේ වගේ ව්‍යාපෘතියක් කළොත් ලංකාවේ සංචාරක කර්මාන්තයට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඒක රටට ලොකු ආදායමක් ගේන්නත්, රැකියා අවස්ථා වැඩි කරන්නත්, රටේ අලංකාරය වැඩි කරන්නත් හේතු වෙනවා.
ඔයාලත් හිතන්නේ මේ වගේ ව්‍යාපෘතියක් ලංකාවට වැදගත් කියලාද? ඔයාගේ අදහස පහළින් ලියන්න.
07/02/2024
ඉතාම දැකුම්කළු මෙන්ම හරිතමය නිදන කාමර සැලසුම් කිහිපයක්, 🤩