Aruni's Yummy Cooking

Aruni's Yummy Cooking

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aruni's Yummy Cooking, Blogger, # 35, Maitland Place,, Colombo.

11/06/2026

ආදරණීය සොඳුරු සිතැති ඔබ සැමටම උදා වූ අද දවස, බ්‍රහස්පතින්දා දවස සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුබ දවසක් වේවා ❤️

ඊයේ රෑ කෑමට මගේ ආදරණීයන් වෙනුවෙන් සූදානම් කරපු කෑම

Sausage ටිකක් තෙල් දාලා තක්කාලි ලූණු කොළපාට පිපිඤ්ඤා දමා හදපු croissant 🥐

10/06/2026

ආදරණීය සොඳුරු සිතැති ඔබ සැමටම උදා වූ අද දවස සියලු යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු වන වාසනාවන්ත සුබ දවසක් වේවා ❤️

සාමාන්‍යයෙන් මගේ උදේ කෑම වේල කියන්නේ තේ වෙලාවම තමයි...අද මගේ උදේ තේ වෙලාව කෑම වේලාව වෙනුවෙන් සමෝසා තියෙනවා... කලින් දවසක හදලා වැඩි හරිය ෆ්‍රිජ් එකේ දාලා තිබුණා.... ඒවා අරගෙන ගැඹුරු තෙලේ බැඳලා ගත්තා...ඒක ඉතින් මට ලේසියි නේ....
සමෝසා වලට හොඳටම ගැලපෙන්නේ චායි එකක් නේද....ඒ නිසා රසට සැරට චායි එකක් හදා ගත්තා... මේ පාර ගෙනාපු තේ කොළ එක කහට පාට අඩුයි....ඒ නිසා චායි එකේ පාට නම් මට මදි වගේ...

වෙජිටබල් සමෝසා
මසාලා චායි

09/06/2026

ආදරණීය සොඳුරු සිතැති ඔබ සැමදෙනාටම උදා වූ අද දවස සතුට සැනසීම පිරි වාසනාවන්ත සුබ දවසක් වේවා 🤎🤎

කලින් දවසක දඩිබිඩියේ හදපු fish pastry එකක්....රස Nestamalt තේ එකක්...

මේ Bear mug එකයි Bread slice shaped plate එකයි ගත්තේ Vervok Collective එකෙන්....

07/06/2026

ආදරණීය සොඳුරු සිතැති ඔබ සැමදෙනාම අද විවේකී ඉරිදාව බොහොම සතුටින් ගත කරනවා ඇති....

අද දහවල් මගේ සරල නමුත් රසවත් කෑම වේල....

සුදු කැකුළු සම්බා බත්
පරිප්පු කරිය
ගම්මිරිස් සැරට හදපු මාළු ස්ටු එක
පොල් සම්බෝල

Want your business to be the top-listed Home Improvement Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

# 35, Maitland Place,
Colombo
00700