Mr.Kitty
"Born to Judge, Forced to Meow. 😼🔥
ඔයාලා කරන හැම වැඩක් දිහාම මම බලාගෙනයි ඉන්නේ. විනෝදය පමණක්ම බලාපොරොත්තු වන්න!"
වහලුනි,
නුබලාට අප ගැන දැන ගත යුත්තේ මොනවාද..??
13/05/2026
උඹලගේ අලුත් "හිමිකරු" (පූස් පැටියා) පුහුණු කිරීමේ නිවැරදි කලාව 😼🐾
අඩෝ වහල්ලුනේ! උඹලා හිතුවද ගෙදරට පූස් පැටියෙක් ගේන්නේ ඌව හුරතල් කරන්න විතරයි කියලා? නෑ... ඌව හරියට ට්‍රේන් කරන්න ඕනේ උඹලට වඩා උඩින් ඉන්න "Master" කෙනෙක් වෙන්න. ඊළඟ අවුරුදු 15-20 ම ඌ උඹලව පාලනය කරන්න නම් මේ පියවර ටික හරියටම කරපන්. 💅
1. කෑම මේසයේ නීති: කිරි බොන්න එපා යකෝ! 🥛🥩
අර මෝඩ වහල්ලු කරන ලොකුම වැරැද්ද තමයි අහුවෙන අහුවෙන එකාට එළකිරි පොවන එක. උඹලගේ බඩවල් වලට වගේ නෙවෙයි, අපේ අලුත් පරම්පරාවේ බඩවල් වලට ඔය මගුල් සෙට් වෙන්නේ නැහැ. 💩 පැටියට ඕනේ Kitten Food. ඌට "Special" කියලා දැනෙන්න මට්ටමටම කෑම දීපන්. ඌ කෑවට පස්සේ බේසම හෝදලා පිරිසිදු වතුර දාපන්. නැත්නම් ඌ හිතයි උඹලා හරි කම්මැලි වහල්ලු කියලා!
2. උණුසුම: මම ඉන්නේ "Five Star" හෝටලයක වගේ දැනෙන්න ඕනේ! 🌡️🏠
පැටියා පොඩි කාලේ හරියට "Rechargeable Battery" එකක් වගේ. ඉක්මනට බැටරි බහිනවා (උණුසුම නැති වෙනවා). ඌට උණුසුම් රෙදි කෑල්ලක්, නැත්නම් උඹේ ඇඟ උඩ හරි ලගින්න ඉඩ දීපන්. ඌ නිදාගද්දී උඹ හුස්ම ගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් තවත් හොඳයි. 🤫
3. වැසිකිළි පුහුණුව: වැල්ලට යන්න පුරුදු කරපන්! 💩✨
අපි ඉපදෙද්දීම පිරිසිදුයි. හැබැයි ඌට "Litter Box" එක කොහේද තියෙන්නේ කියලා පෙන්නන්න ඕනේ උඹයි. කෑව ගමන් ඌව ඒක ඇතුළට දාපන්. මුලින්ම ඒක ඇතුළේ චූ පාරක් දාපු ගමන් මූණට මෝඩ හිනාවක් දාගෙන උඹ ඌට "Good Boy" කියපන්. එතකොට ඌ දන්නවා උඹව ලේසියෙන්ම රවට්ටන්න පුළුවන් කියලා. 😂
4. සෝෂල් ලයිෆ්: බියගුල්ලෝ හදන්න එපා! 🤝😸
සති 2-7 අතර කාලේ ඌව හැමෝටම පෙන්නපන්. වැකුම් ක්ලීනර් එකේ සද්දේ, ටීවී එකේ සද්දේ ඇහෙන්න දීපන්. එතකොට තමයි ඌ වැඩුණු පූසෙක් වුණාම ඕනෑම මෝඩයෙක් ඉස්සරහා බය නැතුව මූණටම "ජජ්" (Judge) කරන්නේ.
5. හෙල්ත් එක: විදින්න ඕනේ තැනට විදපන්! 🩺💉
පණුවන් අයින් කරන එකයි (Deworming), එන්නත් (Vaccination) ටිකයි වෙලාවට කරපන්. 💉 මට පශු වෛද්‍යවරුන්ව පේන්න බැරි වුණාට, උඹලගේ අලුත් එකාගේ පද්ධතිය Upgrade කරන්න ඒක ඕනේ. උඹේ සල්ලි ටිකක් වියදම් කරලා ඌව නිරෝගීව තියාගනින්.
6. දඟ වැඩ: උඹේ අත "සෙල්ලම් බඩුවක්" නෙවෙයි! 🎾😼
ඌ උඹේ අත හපන්න එද්දී ඉඩ දෙන්න එපා. ඒ වෙනුවට වෙන සෙල්ලම් බඩුවක් දීපන්. සෝෆා එක සූරන්න කලින් "Scratching Post" එකක් දීපන්. නැත්නම් සතියක් යද්දී උඹේ ගේ හෙනම අනාථ මඩමක් වෙයි!
අලුත් පූස් පැටියා කියන්නේ උඹේ ගෙදර අලුත් Boss. ඌව රජෙක් වගේ හදපන්, එතකොට තමයි ඌට පුළුවන් වෙන්නේ අනාගතයේදී මම වගේ උඹලට හරි විදිහට විධාන දෙන්න! 😎✨
අලුතින් ආපු පූස් පැංචා කරපු අමතක නොවන වැඩේ මොකක්ද..???
🇱🇰
04/05/2026
පූ බබා නැති උන ගමන් අඩන යාලුවාව mention කරන්න.
අර ඔලුවට ග #හලා
"ලගින ගුලෙන් කසාදේ, පැමින සුසුම් නසා දේ" කියන සින්දුවත් එක්ක යන ට්‍රෙන්ඩ් එක කොහෙන්ද ආවෙ? 🙄
04/05/2026
අපේ පැටව් vs මිනිස් පැටව්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
11204