69 TODAY SL

69 TODAY SL

Share

We also provide you information regarding Breaking news and updates in the Local, Foreign,Sports, Business & Entertainment News.

04/04/2026

තල්මහ විශේෂඥයන් සහ පිටසක්වළ ජීවය සොයා පර්යේෂණ කරනන්නන් අතර සිතා සිටිනවාට වඩා සමානකමක් පවතින බව ඔබ දැන සිටියා ද? දෙ පිරිස ම තමන්ගේ විෂයයන් සමග සන්නිවේදනය කිරීමේ හරිහැටි මඟක් හඳුනා ගැනීමේ අභියෝගයට මුහුණ පාන්නන් වීම ඒ සමානකමයි.

අපත් සමග සන්නිවේදනයේ යෙදිය හැකි පාරභෞමික ජීවයක් තිබේ ද යන්න නිශ්චිත ව පැවසීමේ හැකියාව මිනිසාට නැහැ. නමුත් තල්මසුන් මුහුදේ සිටිනා බව අප සක්සුදක් සේ දන්නවා. සිවුරුහන් බෑමක් වැනි නාදයකින් ඔවුනොවුන් අතරේ සන්නිවේදනයන් සිදු වන බව ද අප දන්නා කරුණක්. නමුත් අපට ඔවුන් හා සන්නිවේදනය කළ හැකි ද? එසේ වුව හොත් එය අනාගතයේ පිටසක්වළ ජීවයක් හා පවත්වන සන්නිවේදනයකට පෙර පුහුණුවක් නො වන්නේ ද? මේ අහසට මුහුද මෙන් වෙනස් විෂයන් දෙකෙහි ඇති එම රසවත් ගැලපීම හඳුනා ගන්නට Alaska Whale Foundation නම් තල්මහ පර්යේෂණ පදනමේත් බුද්ධිමත් පිටසක්වළ ජීවයක් සොයා විශ්වය පීරමින් සිටින SETI ව්‍යාපෘතියේ විද්‍යාඥයන් සමත් වී තිබුණා. මෙහි දී ඔවුන්ගේ අරමුණ වී තිබුණේ තල්මහ සමඟ සන්නිවේදනයක නිරත වීමයි.

තල්මහ විශේෂ එකිනෙකා අතර අදහස් හුවමාරුවකට මත්තෙන් යම් සුවිශේෂ හඬක් නංවනවා. මිනිසුන් අතරේ අදහස් හුවමාරුවකට පෙර සිදු වන සුබ පැතීමකට සම කළ හැකි එය ‘contact call’ හෙවත් ‘සබඳතා ඇමතුම’ ලෙස හැඳින්වෙනවා. මෙහි දී පර්යේෂණ කණ්ඩායම සිදු කළේ හම්ප්බැක් තල්මහ ගහනය බහුල වශයෙන් ගැවසෙන ඇලස්කා මුහුදු සීමාව වෙත යාත්‍රා කර කලින් පටිගත කරන ලද ‘සබඳතා ඇමතුමක්’ විකාශය කිරීමයි. එහි අධ්‍යයන ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ UC Davis’s School of Veterinary Medicineහි මහාචාර්ය Brenda McCowan.

පර්යේෂණයේ සම කර්තෘ මෙන් ම AWFහි ප්‍රධාන විමර්ශකයා ද වන Fred Sharpe බිස්නස් ඉන්සයිඩර් වෙත පවසා තිබුණේ එවැනි සංඥා හම්ප්බැක් තල්මහ අතර සමාජයීය පැවැත්ම සඳහා නිතර භාවිත වන බවයි.

පර්යේෂකයන් විසින් විකාශය කෙරුණු ‘සබඳතා ඇමතුමෙන්’ මඳ වේලාවකට පසු බෝට්ටුව අසලට පිහිනා ආ හම්ප්බැක් තල්මහෙකු එය වටා රවුම් ගසන්නට පටන්ගෙන තිබුණා. පර්යේෂකයන් ඔහු නම් කර තිබුණේ ට්වේන් (Twain) ලෙසයි. මීළඟ විනාඩි 20 ක කාලය පුරාවට බෝට්ටුවේ සිටි විද්‍යාඥයන් එක ම ඇමතුම විවිධ වූ කාල විරාමයන් සහිත ව 36 වතාවක් නාද කරන්නට පියවර ගත් අතර ට්වේන් ඒ සෑම අවස්ථාවක දී ම ආසන්න වශයෙන් එම කාල විරාමය ම පවත්වාගනිමින් ප්‍රතිචාර නාද නංවා තිබුණා. උදාහරණයක් ලෙස ඇමතුම් නාදය ‍බෝට්ටුවෙන් නිකුත් වූයේ තත්පර 10ක නිහඬ විරාමයකින් අනතුරු ව නම් ට්වේන් ද එයට ප්‍රතිචාර දක්වා තිබුණේ තත්පර 10කට ආසන්න කාලයක් නිහඬ ව සිටීමෙන් අනතුරු ව යි. McCowan සඳහන් කරන්නේ මෙසේ සම විරාම කාල පවත්වා ගැනීම එය ඕනෑ කමින් ම කළ බුද්ධිමත් සන්නිවේදන උත්සාහයක් බව ඒත්තු ගන්වන බවයි. ඇය පසු ව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙය ‘හම්ප්බැක් භාෂාව’ යොදාගනිමින් හම්ප්බැක් තල්මහෙකු සමග කළ පළමු වැනි අදහස් හුවමාරුව වන බවයි.

මේ අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන SETI විද්‍යාඥ Laurance Doyle පවසන්නේ ට්වේන්ගේ හැසිරීම මිනිසාගේ අවධානය දිනා ගන්නට කටයුතු කරන පිටසක්වළ ශිෂ්ටාචාරයක හැසිරීමට ද සමානකමක් දැක්විය හැකි බවයි. SETI ව්‍යාපෘතිය සිය මෙහෙයුම් ඇරඹීමේ දී සිදු කළ උපකල්පනයක් නම් පිටසක්වළ බුද්ධිමත් ජීවයකට මිනිසුන් සමඟ අදහස් හුවමාරුවකට අදහසක් පැමිණියහොත් පොළොවේ පිහිටුවා ඇති ග්‍රාහකයන් ඉලක්කගත කරනු ඇති බවයි. ටේවේන් සිදු කළේ ද එයට සමාන දෙයක්.

Doyle සහ SETI ව්‍යාපෘතියේ ඔහුගේ පර්යේෂණ සගයන් AWF සහ UC Davis’s School of Veterinary Medicine සමග එක් ව වෙනත් ජීව විශේෂයක් සමග සන්නිවේදනය කිරීමේ දී ලබා ගත හැකි අත්දැකීම් බෙදාහදා ගනිමින් සිටිනවා. එය පිටසක්වළ ශිෂ්ටාචාරයක් සමග සන්නිවේදනය කිරීමට හා ඔවුන් පවසන දෑ තේරුම් ගැනීමට අවැසි බුද්ධිමය පෙරහන් තනා ගැනීමට රුකුල් සපයනවා.

තල්මහ‍ට අමතර ව ඩොල්ෆින් සතුන් වැනි බුද්ධිමත් යැ යි සැලකෙන සාගර ක්ෂීරපායින් සමග ද ගොදුරු බිල්ලට ගන්නා මාංශභක්ෂක විලෝපිකයන් මෙන් ම සමාජශීලී ජීව විශේෂයක් වන අලි ඇතුන් සමග ද මේ ක්‍රමය භාවිතා කරමින් සන්නිවේදනයක් ගොඩනඟා ගැනීම කෙරෙහි පර්යේෂණ දියත් කිරීමට ද ඔවුන් අදහස් කරගෙන සිටිනවා.

ඉතින් හිතවතුනි යම් කලෙක පිටසක්වළ බුද්ධියක් අප ආමන්ත්‍රණය කළත් නො කළත්, නිවෙසේ වෙසෙන සුරතලා සමග හෝ කතා බස් කළ හැකි යුගයක් එලැඹෙනු ඇතැ යි බලාපොරොත්තු තබාගත හැකියි.

04/03/2026

දෝෂ සහගත න්‍යෂ්ටික ප්‍රහාර අනතුරු ඇඟවීම් ගැන විමසුමක්
න්‍යෂ්ටික ශක්තිය මිනිසා දැනට ලබාගෙන ඇති බලවත් ම අවිය බව අමුතුවෙන් කිව යුතු නැහැ. බලවත් රාජ්‍යයන් ගණනාවක් සතු ව පවතින න්‍යෂ්ටික අවි තවමත් යුදමය මුහුණුවරකින් භාවිත වී නොමැති වීම ලෝකයේ වාසනාව නිසා සිදු වූවක් විය හැකියි. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ න්‍යෂ්ටික යුද්ධයකින් පසු ජය ලබන දේශයක් නො වීමයි. න්‍යෂ්ටික බලවතුන් ද මේ ගැන අවබෝධයකින් පසු වීම මෙතෙක් කලකට සුරැකි ව පවතින න්‍යෂ්ටික සාමයේ පදනමයි. නමුත් එය එලෙසින් ම පවතිනු ඇත්තේ රටක් තවත් රටකට එරෙහි ව න්‍යෂ්ටික අවි ඔසවන තෙක් පමණයි.

එවැනි භයානක යුද්ධයකට අත වනමින් න්‍යෂ්ටික මිසයිල පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරන පද්ධතීන් විසින් නිකුත් කරන ලද, ලෝක ඉතිහාසය මුළුමනින් ම වෙනස් කර දැමීමට තරම් විභවයක් සහිත වූ දෝෂ සහගත අනතුරු ඇඟවීම් කිහිපයක් පහතින් පෙළ ගැස්වෙනවා.

කාටර් පාලන සමය
1979 නොවැම්බර් 09 වැනි දා උදෑසන 9 පසු වී සුළු මොහොතකට පසු උතුරු ඇමරිකානු ගුවන් ආරක්ෂණ බලගනයේ (North American Aerospace Defense Command), පෙන්ටගනයේ සහ මේරිලන්ඩ්හි පිහිටි විකල්ප ජාතික ආරක්ෂණ මධ්‍යස්ථානයේත් (Alternate National Military Command Center) පරිගණක පෙන්නුම් කළේ සෝවියට් දේශය ඇමරිකාවේ න්‍යෂ්ටික මර්මස්ථාන වෙත න්‍යෂ්ටික මිසයිල ගණනාවක් දියත් කර ඇති බවයි. විය හැකි හානිය සලකා බැලූ ආයතන තුනෙහි ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බටහිර ඇමරිකාවේ භූමියට යටින් ස්ථාපනය කර ඇති මිනිට්මන් අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිල මධ්‍යස්ථාන වෙත ඇමරිකාව න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක් වෙමින් ඇති බවත් ප්‍රතිප්‍රහාරවලට සූදානමින් සිටින ලෙසත් දැනුම් දී තිබුණා. මේ සියල්ල සිදු වන අතරේ අවම තරමින් ප්‍රහාරක යානා 10ක් වත් ගුවන්ගත වී තිබුණා. එසේ ම හදිසි අවස්ථාවක දී එරට ජනාධිපතිවරයා ද සහිත ව ගුවනේ සිට යුද කටයුතු මෙහෙයවිය හැකි අයුරින් සකසා ඇති ‘ලෝකාවසාන ගුවන් යානය’ (doomsday plane) ද ගුවන් ගත කරනු ලැබුණා. (කෙසේ නමුත් ඒ ජනාධිපති ජිමී කාටර් නොමැති වයි.)

අනතුරු ඇඟවීම ලැබී තිබුණේ මිසයිල හඳුනා ගැනීම සඳහා ස්ථාපනය කර තිබූ රේඩාර් පද්ධතිය හරහායි. ඇමරිකානු බලධාරීන් වහා ඉන් ලැබෙන දත්ත ඇමරිකාව විසින් කක්ෂගත කර ඇති DSP චන්ද්‍රිකා පද්ධතිය වෙතින් ලැබෙන දත්ත හා සසඳා සත්‍යාපනය කළ හැකි දැ යි සොයා බැවා. රේඩාර් පද්ධතිය මඟින් හඳුනාගත හැක්කේ ඇමරිකානු භූමියට ආසන්නයේ ඇති සබ්මැරීන මඟින් නිකුත් වන න්‍යෂ්ටික මිසයිල හා ගුවන්ගත වී සැලකිය යුතු වේලාවක් ගමන් කරමින්, සිතිජ නැම්මෙන් ඔබ්බට විත්, අභ්‍යවකාශය ඔස්සේ ළඟා වෙමින් පවතින අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල පමණයි. නමුත් DSP හෙවත් Defense Support Program ව්‍යාපෘතිය මඟින් කක්ෂගත කරනු ලැබූ චන්ද්‍රිකාවලට යම් මිසයිලයක් ගුවන්ගත වීම ඇරඹෙන මොහොතේ සිට ම ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතිනවා. එනිසා රේඩාර් යන්ත්‍ර මඟින් පමණක් පෙන්නුම් කෙරෙන ‘න්‍යෂ්ටික ප්‍රහාරයට’ වැඩිදුර ප්‍රතිචාර නො දක්වා සිටීමට ඔවුන් තීරණය ද පුහුණු වීඩියෝ පටයක් අත්වැරදීමකින් පරිගණක පද්ධතියට ඇතුළු වීමෙන් මේ ජංජාලය සිදු වූ බවයි!

මේ සිදු වීමෙන් වසරක් වත් ඉක්ම නො ගොස් තිබූ 1980 ජුනි 03 වැනි දා යළිත් රේඩාර් පද්ධති මඟින් අනතුරු ඇඟවීම් නිකුත් වන්නට ගත්තේ සෝවියට් දේශයෙන් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවෙමින් තිබෙන බවයි. නැවතත් මිනිට්මන් මිසයිල මධ්‍යස්ථාන වෙත පූර්ව අනතරු ඇඟවීම් නිකුත් කෙරුණා. මෙවර පෙර සිදු වීමට වඩා අමුත්තක් සිදු වුණා. පැමිණෙන මිසයිල ගණන කොපමණක් දැ යි නියත අගයක් පරිගණක තිර මත දිස් වූයේ නෑ. වරෙක එය මිසයිල දෙකක් ලෙසත්, වරෙක මිසයිල කිසිවක් නැති බවත් හා තවත් වරෙක මිසයිල 200ක් තරම් අධික ගණනක් බවත් පෙන්නුම් පරිගණක චිපයක හටගත් දෝශයක් එයට හේතුව වූ බව සොයා ගැනුණා.

රුසියාව නො මඟ යැවූ වලාකුළු
රේඩාර් මත පමණක් නො යැපී ඇමරිකා එක්සත් ජනපදය මෙන් චන්ද්‍රිකා පද්ධතියක් ස්ථාපනය කර යම් මිසයිල ප්‍රහාරයක දියත් කිරීම කෙළින් ම ග්‍රහණය කර ගැනීමේ අවශ්‍යතාව හඳුනාගත් සෝවියට් සමූහාණ්ඩුව කක්ෂගත කළ ‘ධනද’ හෙවත් ‘ඇස’ යන නමින් යුතු වූ පූර්ව අනතුරු ඇඟවීමේ චන්ද්‍රිකා පද්ධතිය මුළුමනින් ම බලාත්මක වූයේ 1982 වසරේ දී යි. ඉන් වසරකට පසු, අත සේවයට එක් කළ චන්ද්‍රිකා පද්ධතිය අතින් 1983 සැප්තැම්බර් 26 දා සිදු වූ එක් වැරදි නිරීක්ෂණයක් නිසා නැති යුද්ධයක් මවමින් තුන් වැනි ලෝක යුද්ධය ආරම්භ වන්නට ද ඉඩ තිබුණා.

සෝවියට් දේශයේ පූර්ව ආරක්ෂණ පද්ධතියට අයත් චන්ද්‍රිකා කක්ෂගත වී තිබුණේ ඇමරිකානු DSP චන්ද්‍රිකා පද්ධතියට වඩා වෙනස් ආකාරයකටයි. ඇමරිකානු චන්ද්‍රිකා සිදු කරන්නේ මුළු පෘථිවිය ම ආවරණය වන පරිදි පහළට නෙත් හෙළීමයි. මේ ක්‍රමය වෙනුවට රුසියානු චන්ද්‍රිකා පද්ධතිය කළේ පෘථිවියේ දාරය දෙස විමසිල්ලෙන් සිටීමයි. යම් මිසයිලයක් පොළොව මට්ටමේ සිට කිලෝමීටර 16ක් පමණ ඉහළට එන විට, එය පසුබිම් වන අභ්‍යවකාශයේ අඳුරු පසුබිමෙන් දීප්තිමත් පැහැයකින් යුතු ව කැපී පෙනෙනවා. සෝවියට් සමූහාණ්ඩුවේ ‘ඇස’ අවධානයෙන් සිටියේ මේ ගැනයි. මෙවැනි දර්ශනයක් නිරීක්ෂණය කිරීමට නම් යම් චන්ද්‍රිකාවක් සුවිශේෂ වූ කක්ෂයකට අවතීර්ණ විය යුතු වනවා. රුසියානුවන් මොල්නියා කක්ෂ ලෙස හඳුන්වන මේ කක්ෂවල ගමන් මඟ පිහිටන්නේ දක්ෂණ අර්ධගෝලයට ඉහළින් පෘථිවියට ආසන්නයෙන් ගමන් කර උතුරු අර්ධ ගෝලයේ දී වැඩි කාලයක් ඇමරිකානු කලාපය නිරීක්ෂණය කළ හැකි පරිදි පෘථිවියට දුරස්ථ ව ගමන් කළ හැකි ලෙසයි. නමුත් එක්තරා ‘අපායේ සැණකෙළි දවසක’ මධ්‍යම රාත්‍රිය පසු වී මොහොතක් ගත වන විට සූර්යයාත්, චන්ද්‍රිකා පද්ධතියත්, ඇමරිකානු මිසයිල සහිත බිම්කඩකුත් එක ම සරල රේඛාවක් ඔස්සේ පෙළගැසුණා. ඒ වන විට ඇමරිකාවේ අදාළ භූමි භාගයට ඉහළින් පැවතුණේ ඉහළ උන්නතාංශ වලා වියනක්. සිය තත්ත්වයන් ඇති වී තිබුණේ වලා වියන මත පතිත වන හිරු එළියෙන් වැඩි කොටසක් පරාවර්තනය වී චන්ද්‍රිකාවට දිස් වන ලෙසටයි.

සෝවියට් දේශය සිය පූර්ව අනතුරු ඇඟවීම් චන්ද්‍රිකා පද්ධතියේ දත්ත මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය Serpukhov-15 බංකරයේ ඒ මොහොතේ ප්‍රධානියා ලෙස රාජකාරයේ නියුතු ව සිටි තිනන් කර්නල් Stanislav Petrov හට සිය පරිගණක තිරයේ මේ බව දැක්වෙන අනතුරු ඇඟවීම දිස් වුණා. ඉන් කියැවුණේ ඇමරිකාවේ නිකුත් කෙරුණු මිසයිල කිහිපයක් (ඇතැම් මූලාශ්‍රවලට අනුව පහක්) සෝවියට් දේශය වෙත ප්‍රක්ෂේපණය වෙමින් පවතින බවයි. සිය රාජකාරි ස්වභාවය මත මෙය ඉහළට දැනුම් දිය යුතු තරමේ දෙයක් වුවත් ඔහු ඒ අවදානම ගනිමින් තවත් වරක් කල්පනා කර බැ ̈ වා. ඇමරිකාව සෝවියට් දේශය වෙත න්‍යෂ්ටික පහර දීමක් සිදු කරන්නේ නම් එය සිදු කරනු ඇත්තේ මහා පරිමාණයෙන් බව ඔහු දැන සිටියා. අනපේක්ෂිත බවේ වාසිය ලබා ගැනීම වෙනුවෙන් එවැන්නක් සිදු කෙරෙනු ඇත්තේ එක් වර මිසයිල විශාල සංඛ්‍යාවක් දියත් කරමින්. මිසයිල කිහිපයක් පමණක් එවැනි ප්‍රහාරයකට නො සෑහෙන බව Petrov තාර්කික ව තීරණය කළා. එනිසා මේ අනතුරු ඇඟවීම ගැන ඉහළට දැනුම් දීමෙන් වැළකී සිටියා.

නොර්වේජියානු රොකට්ටුවේ සිදුවීම
1995 ජනවාරි 25 වැනි දා නොර්වේ මුහුදු කලාපයේ ඇති අන්ඩෝයා දූපතේ සිට එතෙක් පියාසර කරවා තිබූ විශාලතම උපකක්ෂීය රොකට්ටුව උඩුගුවනට නැඟු ණේ උත්තරාලෝක අධ්‍යයනය කිරීමේ විද්‍යාත්මක අරමුණ පෙරදැරි වයි. එහි ප්‍රක්ෂේපිතය සැතපුම් 930ක උන්නතාංශයකින් රුසියාවෙන් ඉවතට ඇදී යන පරිදියි. කෙසේ නමුත් රුසියානු රේඩාර් තාක්ෂණඥයන් සිතුවේ එය ඇමරිකානුවන් විසින් රුසියානු රේඩාර් ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම සඳහා ඉහළ වායුගෝලයේ පුපුරුවා හැරීමට යන න්‍යෂ්ටික යුදහිසක් සහිත මිසයිලයක් ලෙසයි.

මුළුමනින් ම විද්‍යාත්මක රොකට්ටුව න්‍යෂ්ටික යුද්ධයකට අතවැනීමක් වන්නට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. එම කාලය තුළ රුසියානුවන් ඇමරිකාව වෙත මහා පරිමාණයේ න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාරයක් සඳහා සූදානම් වී තිබුණා. පසු දා එවක රුසියානු ජනාධිපති බොරිස් යෙල්ට්සින් ප්‍රකාශ කළේ තමන් ‘න්‍යෂ්ටික පාපන්දුව’ පවා දිගහැරි බවයි. (Nuclear Football හෙවත් න්‍යෂ්ටික පාපන්දුව ලෙස හැඳින්වෙන්නේ න්‍යෂ්ටික පහර දීමක් අනුමත කිරීම සඳහා ජනාධිපතිවරයා හට අඥා නිකුත් කළ හැකි සුවිශේෂ කේත නාමාවලියක් සහ සන්නිවේදන උපාංග කට්ටලයක් ඇතුළත් බ්‍රිෆ්කේසයක්. ඇමරිකානු ජනාධිපතිවරයා සතුවත් මෙවැනි ම උපාංගයක් තිබෙනවා.) කෙසේ නමුත් අවසානයේ දී ඒ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර නො දැක්වීම මත උපකල්පනය කළ හැකි වන්නේ නියෝග නිකුත් කිරීමට පෙර රොකට්ටුවේ සැබෑ තතු අනාවරණය කර ගැනීමට රුසියානු බලධාරීන් සමත් වී ඇති බවයි.

■ සත්‍ය හෙට්ටිආරච්චි - විදුසර සඟරාව

Want your organization to be the top-listed Government Service in La Mirada?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

La Mirada, CA