Hey Jeewa

Hey Jeewa

Share

Photographer 📸
Content Creator 💡
Writer ✍🏻

16/01/2025

සමහර කාල වලදි අපි පන්න පන්න ජීවත් වෙන්න, සතුටු වෙන්න හේතු හොයනවා. ඒම තැන් වල හමුවුන ජීවිතයකවත්, හමුවුන සතුටක්වත් නෑ. ප්‍රශ්ණ විසඳගෙන සතුටක් විඳින්න, ජීවිතය විඳින්න හීන මවන අය ඇත්තටම පවු!

මැරෙනකම් ජීවිතයේ ප්‍රශ්ණ නතර වන්නේ නැත. කාලයෙන් කාලයට, එක එක විදිහේ ප්‍රශ්ණ අපිට එනවා. නොනවත්වා එනවා. ඉතිං අපි ඉගෙන ගත යුතුයි ප්‍රශ්ණ වලටත් උත්තර හොයන ගමන් ජීවිතය විඳින්න. සතුටින් ඉන්න. අනිත් දේ තමයි අපිට සතුටින් ඉන්න මහා ලොකු දේවල්ද ඇත්තටම අවශ්‍ය නැත

අන්න ඒ නිසා මේ වෙලාවේ හුස්ම වැටෙන එකත් සමරන්නම ඕන හේත්වක් තමයි. 🫰🏻

Photos from Hey Jeewa's post 12/01/2025

🤝🏻

14/10/2024

🙂‍↔️

20/09/2024

An Educated Artist 📷👨🏻‍🎓

03/09/2024

කොයි තරම් දැකලා අහලා තිබුණත් අවුරුදු 20-30 අතර කාලය ගේමක් ගහන්න Try කරන කොල්ලෙක්ට කෙල්ලෙක්ට පට්ට අමාරු කාලයක් කියලා, ඒක බොරුක් නෙවෙයි කියලා සමහර ප්‍රශ්ණ එක්ක තේරුම් යනවා හරියටම.

මේ වයස් සීමාවේ ඉන්න ඉගෙන ගන්න, Job කරන, Business කරන, කරන්න Try කරන හැම කෙනෙක්ටම කට්ටක් කන්නම වෙනවා. කවුරු මොනවා කීවත් තමන්ගේ හයියෙන් නැගිටින්න හදන ඕනම කෙනෙක්ට ජීවිතේ බර දැනෙනවමයි. ඉතින් ඒකයි බහුතරය කියන්නේ මේ කාලය ලේසි නෑ කියලා.

හැබැයි මම කියන්නේ ඒක ඒම වෙන එක හොඳයි. ඒක තමයි Life එකේ නියම ආතල් එක. නියම රහ. තමන්ට තමන් ගැන ගට් එකක් එන්නේ එතකොටයි. තමන්ට තමන් ගැන ආදරයක් ඇති වෙන්නෙ එතකොටයි. ඇත්තටම අපිට ප්‍රශ්ණ මොකුත්ම නැතිනම්, කරන්න වැඩක් නරත්නම්, මුහුණ දෙන්න අභියෝගයක් නැත්නම්, ඒ ජීවිතය පට්ට කම්මැලි. කිසිම ආතල් එකක් නැ.

ඉතින් මචං ඔයාට මේ කාලේ අමාරු ඇති. හැබැයි සතුටු වෙන්න ඔයා උත්සහ කරන නිසයි ඔයාට ඒක දැනෙන්නෙ. ඔයා එහෙම උත්සහ කරන නිසාමයි දවසක ඔයාට හරියන්නෙත්.

ඉතින් අපි ඇවිදගෙන යමු දිගටම. උත්සහ කරමු. මහන්සි වෙමු. උසම තැනක ඉඳන් කෝපි එකක් බොන ගමන් අපි ආපු ලස්සන ගමන මතක් කර කර හිනා වෙන තැනට එනකම්!

ඒ ගමන එන්න ගේම ගහන හැමෝටම තවත් හිතේ හයියයි ගතේ හයිය ලැබෙන්නම ඕන. 🤍

- Hey Jeewa -

Want your business to be the top-listed Photography Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Colombo