ECHO Online Store
It's a place where you can look for healthy, eco-friendly and high-quality products. Customer's sat
21/09/2024
10/10/2021
තවත් වැදගත් දෙයක් කතාකරන්න තමයි optimum fitness page එක සූදානම් වෙන්නෙ.ඇත්තටම ගොඩක් සතුටින් තමයි මගෙ මෙ දන්න පොඩි දැනුම ඔයාලත් එක්ක මෙ බෙදාගන්නෙ.හරි අපි කෙලින්ම topic එකට යමු.
ගොඩක් අය කියන දෙයක් තමයි කොච්චර බඩට ගැහුවත් six pack එක එන්නෙ නැහැනෙ කියල.අද අපි ටිකක් හොයලා බලමු මොකක්ද මෙකට හෙතුව කියන එක.
ඇත්තම කාරනය තමයි අපි හැමෝටම six pack එකක් තියෙනවා සහ six pack එකක් ලබාගන්න පුළුවන් කියන දෙය.ඔයාට උනත් අනිවා six pack ගන්න පුළුවන්.හැබැයි කොහොමද එක කරන්නෙ කියන්නේ කියන එක තමයි ගොඩක් අයට ගැටලුවක් වෙලා තියෙන්නේ.
පහලින් තියෙන photo එක ටිකක් මුලින්ම හොඳට බලන්න.ඔයාගෙ වම් අත පැත්තෙ ඉදන් බලන් යනකොට තියෙන පලවෙනි පින්තූරය හොදින් බලන්න.එකෙ දුඹුරු පාටින් ඔයාගෙ abs තමයි පෙන්නලා තියෙන්නේ.ටිකක් කහ පාටට හුරු පාටකින් පෙන්නලා තියෙන්නේ ඔයාගෙ fat එක.දැන් බලන්න ඔයාගෙ fat එක වැඩි නිසා ඔයාගෙ abs muscle මුකුත්ම පෙනෙන්නේ නැහැ.හැබැයි ඇත්තටම ඔයාට abs muscle තියෙනවා.fat එක ගොඩක් වැඩි නිසා ඔයාගෙ abs muscle ටික එලියට පෙනෙන්නේ නැහැ.අපි කියන්නේ බඩ ගොඩක් වැඩියි කියල.මෙන්න මෙ අවස්ථාව තමයි එක.
දැන් photo එකෙ මැද තියෙන පින්තූරය ටිකක් බලන්න.එකෙ දුඹුරු පාටින් පෙන්නන ඔයාගෙ abs muscle ටිකක් ලොකු වෙලා වගෙ ඔයාට පෙනෙනවා ඇති.දැන් මොකද වෙලා තියෙන්නේ ඔයා gym එකට ගිහින් පන දාගෙන හති දාගෙන බඩට ගැහුව නිසා ඔයාගෙ abs muscle ටිකක් විතර ලොකු වෙලා.හැබැයි ඔයාගෙ fat එක අඩුවෙලා නැහැ කියල ඔයාට පෙනෙනවා ඇති.photo එකෙ මැද තියෙන කොටස නැවත හොදින් බලන්න.අර කහ පාටට හුරු කොටස එහෙමම තියෙනවා.එ කියන්නේ ඔයාගෙ fat එක තාම එහෙමම තියෙනවා.හැබැයි ඔයාගෙ abs muscle ටිකක් ලොකු වෙලා තියෙනවා.
මෙහෙම උනාම ඔයාට මොකද හිතෙන්නේ.හිතට දුකක් වගේම මාර කෙන්තියක් එනවා නෙද? ඇයි පන යනකන් බඩට ගහලා මුකුත් වෙනසක් නැහැනෙ කියල.දැන් තමයි වැදගත්ම කොටස ඔයාලට කියල දෙන්න යන්නේ.
ඔබ හොදින් මතක තියාගන්න පැය ගනන් gym එකට ගිහින් බඩට ගැහුව කියල ජීවිතෙට ඔයාට abs එළියට ගන්න බැහැ.එකෙන් වෙන්නෙ ඔයාගෙ abs muscle ලොකු වෙන එක විතරයි.ඔයාට ලස්සනට abs ටික එලියට ගන්න ඔනෙ නම් ඔයා ඔයාගෙ fat එක අඩුකරගන්න වෙනවා.දැන් photo එකෙ දකුණු පැත්තෙ කෙලවරේ පින්තූරය බලන්න.එකෙ අර කලින් පෙන්නපු කහ පාට කොටස දැන් නැහැ නෙද.එ කියන්නේ fat එක නැතිවෙලා.fat එක නැතිවුණ ගමන් ඔයාට පෙනෙනවා ඇති ඔයාගෙ abs muscle ටික හොඳට පෙනෙන්න ගන්නවා.මෙක තමයි six pack එකක හැදිමෙ සරලම අදහස.ඔයා බඩට සෙල්ලම් කරන ගමන් අනිවාර්යයෙන්ම ඔයාගෙ fat එකත් අඩුකරගන්න වෙනවා.fat එක අඩුකරගන්නෙ නැතුව ඔයාට කවදාකවත් ඔයාගෙ abs muscle ලස්සනට පෙනෙන්න ගන්න බැහැ.
බඩට කරන exercises ගැන ඔයාල ගොඩක් දන්නවා.හැබැයි ගොඩක් අයට කරගන්න බැරි මෙ fat එක අඩුකරන වැඩෙ තමයි.එක වෙනම දවසක ගොඩක් ගැබුරින් කතාකරන්න ඔනෙ topic එකක්.මන් දැනට සරලව කියන්නන් කොහොමද ඔයාගෙ fat එක අඩුකරගන්නෙ කියල.ඔයා එකට calorie deficit එකක් කරන්න ඔනෙ සහ protein intake එක වැඩි කරන්න ඔනෙ.එක තමයි සරලම උත්තය.තවත් සරල කරල කිව්වොත් පිටි,සිනි තියෙන කෑම වලින් ඉවත් වෙලා protein වැඩි කෑම වැඩිපුර කන්න ඔනෙ.අනිවාර්යයෙන්ම ඔයාගෙ කෑම ටික හොඳටම තියෙන්න ඔනෙ.එහෙම නැතුව නම් මෙක කරන්න බැහැ.කෑම පාලනය කරන ගමන් ඔයාට cardio ටිකක් වැඩිපුර කරන්න පුළුවන්.මෙහෙම ටිකක් කරගෙන යනකොට ඔයාගෙ fat එක ටික ටික අඩුවෙන්න පටන්ගන්නව.එතකොට ඔයාගෙ abs muscle එක එළියට පෙනෙන්න ගන්නවා.කියනවා වගෙ මෙක ලෙහෙසි නැහැ.හැබැයි කරන්න බැරි දෙයක් නැහැ.අනිවා පුළුවන්.උවමනාව සහ උනන්දුව විතරයි ඔයාට ඔනෙ.
හරි මන් හිතනවා ඔයාට යම්කිසි අදහසක් එන්න ඇති කියල මෙක ගැන.අද ඉදන් gym එකට ගිහින් පන යනකන් බඩට ගහනකොට හිතන්න,ඔයා හරියට ඔයාගෙ කෑම බිම ටික ගන්නවාද කියල.කොච්චර බඩට ගැහුවත් වැඩක් නැහැ ඔයා ගෙදර ගිහින් අලි බත් පිගානක් දෙසා බානවා නම්.කොත්තු කනවානම්.ඔයාට බඩ ලස්සන කරගන්න නම් අනිවා ඔයාගෙ කෑම පාලනය තියෙන්නම ඔනෙ.
Optimum fitness page එකත් එක්ක දිගටම රැඳෙන්න.ඔයාලට ගැටලු තියෙන තැන් මට msg එකක් දාන්න.call එකක් උනත් ගන්න.තවත් වැදගත් ලිපි ඉදිරියට අරන් එනවා.දිගටම රැඳෙන්න.ආදරෙයි fitness සහ bodybuilding කරන හැමෝටම.love you all guys.will meet another good article.stay safe and stay fit.
Optimum fitness ❤️💪
0766809234
04/10/2021
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
LE31SN