Smiling Lanka Foundation

Smiling Lanka Foundation

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smiling Lanka Foundation, Mental Health Service, Colombo.

14/04/2026
14/04/2026

ස්වර්ණ වර්ණ මහ සෑ වන්දනා 2026
🙏✨

2026 මාර්තු 29 දා පැවැත්වූ සුගත චීවර පඬු පෙවීමේ පිංකම, 🪷🙏

2026 අප්‍රේල් මස 02 දා සවස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ✨🌳🙏

සහ 2026 අප්‍රේල් මස 03 දා මහා සෑය, ථූපාරාමය, මිරිසවැටිය සහ ජේතවනාරාමය අභියස ආමිසමය සහ අධිෂ්ඨාන පූජාවන් සමඟ ප්‍රතිපත්තිමය පූජාව 📿🧘‍♂️☸️

මෙම ස්වර්ණ වර්ණ මහ සෑ වන්දනා 2026 පූජා මහෝත්සවයේ ඉහත සියළුම උතුම් පිංකම් හදවතින්ම අනුමෝදන් වී අප සියළුදෙනාටම ධර්මයේ ආරක්ෂාව ලැබේවා ☸️☸️

උතුම් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏

09/02/2026

✨✨✨
" Beyond Counseling 2026 "

📌 ස්ථානය : ඉන්ද්‍රා හෝටලය, කඩවත
https://maps.app.goo.gl/yJqiNMBToWLw9wwk8?g_st=aw

📌 දේශන සියල්ල නොමිලේ වන අතර ස්ථානයට,ආහාර සහ වැඩමුළුව සඳහා ලබා දෙන සහතික පත්‍රය වෙනුවෙන්
රු. 2500 ක මුදලක් පහත සඳහන් බැංකු ගිණුම වෙත බැර කරන්න.

Account Name: E I P De Silva
Account Number: 1200 5236 3630
Bank Name: SAMPATH BANK PLC
Branch Name: KIRIBATHGODA SUPER BRANCH

📌 වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට:-
1. ගෙවීම් සහිත රිසිට් පත සමඟ පහත google form එක හරහා ලියාපදිංචි විය හැකිය. 👇🏼
https://forms.gle/2728ykN6A1FnM5666

2. එසේ සාර්ථක ව අවසන් වූ ලියාපදිංචි අවසානයේ ඔබට ලැබෙන whatsapp ලින්ක් එක හරහා එම කණ්ඩායමට යොමුවීමට ඉල්ලුම් කරන්න.
3. සංවිධායක මණ්ඩලය විසින් ඔබගේ ලියාපදිංචිය පරීක්ෂා කර, ඔබව කණ්ඩායමට එකතු වීමට අවස්ථාව දෙනු ඇත.

📌ගැටලු වෙතොත් විමසීමට
070 278 4820 - ජිවනි දසනායක
076 284 5744 - තනූජා කුමාරි

ස්තූතියි!

17/01/2026

🌕 දුරුතු පෝදා සිල් වැඩසටහන

📅 2026 ජනවාරි 3
මෙම වැඩසටහන උදේ වරුවේදී පැවැත්වුණේ පල්ලෙපොල, ශ්‍රී වේළුවනාරාමය විහාරස්ථානයේදීය. 🛕🙏

එම විහාරස්ථානයේ ඇති වැදගත්කම මෙම video එක තුළ සඳහන් වේ. 📹✨

ඔබ සියළු දෙනාම මෙම පිංකම මෙත්සිතින් යුතුව අනුමෝදන් කර ගනිත්වා! 🌸😇

තෙරුවන් සරණයි! ☸️🙏

23/12/2025

චිත්තවේගීය කළමණාකරණය

Emotional Controlling නොහොත් චිත්තවේගීය පාලනය යනු යම් පුද්ගලයෙකු තම හැඟීම් ඵලදායී ලෙස කළමනා කරණය කිරීමට සහ නියාමනය කිරීමට ඇති හැකියාවයි. ඒ සඳහා තම හැඟීම් හඳුනා ගැනීම, ඒවායේ බලපෑම තේරුම් ගැනීම සහ ඒවාට සමබර හා ඵලදායී ආකාරයකින් ප්‍රතිචාර දැක්වීම ඇතුළත් වේ. මානසික යහ පැවැත්ම පවත්වා ගැනීම, සෞඛ්‍ය සම්පන්න සබඳතා වර්ධනය කිරීම සහ පුද්ගලික සහ වෘත්තීය සාර්ථකත්වය අත්කර ගැනීම සඳහා චිත්තවේගීය පාලනය අත්‍යවශ්‍ය වේ.

මූලික වශයෙන්, චිත්තවේගීය පාලනය යනු හැඟීම් වලට ආවේගශීලීව ප්‍රතිචාර දැක්වීමට ඉඩ නොදීමයි. නිදසුනක් වශයෙන්, කෝපයට හෝ කල කිරීමට පත් පුද්ගලයෙකු චිත්තවේ ගිය පාලනයක් සහිත අයෙකු නම් ඔහු ආක්‍රමණශීලි හෝ විනාශකාරී හැසිරීම් වෙනුවට සිදු වූ දෙයට ප්‍රතිචාර දැක්වීම සඳහා මඳ විරාමයෙක් ලබාගනී. මෙම ස්වයං - නියාමනය ගැටුම් වළක්වා ගැනීමට උපකාරී වන අතර සන්සුන් ලෙස ගැටළු විසඳීම ප්‍රවර්ධනය කරයි. මේ තුළින් පුද්ගලයන්ට ආතතිය හා ජීවිත පසුබෑම් සමඟ වඩා හොඳින් කටයුතු කිරීමට හැකියාව ලබා දෙයි.

චිත්තවේගීය පාලනය සැමවිටම ස්වයං නියාමනයකින් ආරම්භ වේ. එය හුදෙක් පුද්ගලයෙකු පරිණත භාවයට පත්කරන සංජානන කුසලතාවයකි. චිත්තවේගීය පාලනය නොමැතිකම ස්වයං විනාශකාරී හැසිරීම් වලට තුඩු දේ. පුද්ගල හැසිරීම් නියාමනය නොකළ විට එය මානසික හා කායික සෞඛ්‍යයට අපිත පර ලෙස බලපායි. අධික ලෙස මත්පැන් භාවිතය, ඇයි බැහිකම් වලට යොමුවීම, සියදිවි නසා ගැනීම. අන්‍යයන් කායික හා මානසිත පීඩාවට ලක් කිරීම ආදී හැසිරීම් චිත්තවේ ගිය පාලනයක් නොමැති පුද්ගල කණ්ඩායම් අතර බහුලව දක්නට ලැබේ.

පර්යේෂණ වාර්තාවන්ට අනුව Cognitive Repraisal සහ සතිමත් භාවය (Mindfulness) එදිනෙදා ජිවිතය තුළ පුහුණු කිරීම චිත්තවේගිය නියාමනය සඳහා විශාල වශයෙන් දායක වේ. ඊට අමතරව ව්‍යායාම, සමẤර ආහාර, ප්‍රමාණවත් නින්ද ආදී එදිනෙදා පුරුදුද චිත්තවේගීය සමතුලිතතාවයට දායක වේ.

ඵලදායී චිත්තවේෂීය පාලනය සඳහා ස්වයං දැනුවක්ෂාවය (Self-awareness) අතිශය වැදගත් වේ. තමාගේ හැගීම් අවුලන සාධක තේරුම් ගැනීම වඩා හොඳ චිත්තවේගීය කළමනාකරණයකට ඉඩ සලසයි. චිත්තවේ ගිය පාලනයක් නොමැතිතම සබඳතා සිඳ වැටීම, දුර්වල තීරණ ගැනීම, කාංසාව (Anxiety) හෝ මානසික අවපීඩනය (Depression) වැඩිවීම වැනි කාණාත්මක ප්‍රතිවිපාක වලට හේතු විය හැක. චිත්ත වේගීය නියාමනය ප්‍රගුණ කළ පුද්ගලයන්ට ශක්තිමත් සමාජ බැඳීම් හා යහපත් සන්නිවේදන කුසලතා තුළින් සමස්ත ජීවිත තාප්තිය ළඟා කරගැනීමට පහසු වේ.

ජීවිතයේ මුල් අවධියේ සිටම චිත්තවේගීය පාලන කුසලතා ඉගැන්වීම ඉතා වැදගත් වේ. පවුල හා පාසල මෙහිදී වැදගත් කාර්‍යයක් ඉටු කරන අතර වැඩිහිටියෙකු ලෙස මුහුණදීමට සිදුවන සංකීර්ණතා සඳහා එහිදී

දරුවන් පුරුදු පුහුණු කරයි. වැඩිහිටියන්ටද ඔවුන්ගේ පුද්ගලික වර්ධනය හා යහ පැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා චිත්තවේ ගිය කළමණාකරණය කෙරෙහි අවධානය යොමු කිරීම වඩා යෝග්‍ය වේ.

අවසාන වශයෙන්, චිත්තවේගීය පාලනය යනු පුද්ගලයන්ට තම හැඟීම් ඵලදායී ලෙස හැසිරවීමට, අන් අය සමඟ අන්තර්ක්‍රියා වැඩිදියුණු කිරීමට සහ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීමට හැකියාව ලබා දෙන අත්‍යවශ්‍ය කුසලතාවයකි. එය පුද්ගලයන්ට සමබර හා තෘප්තිමත් ජීවිතයක් පවත්වාගෙන යාමට අභිශය වැදගත් වේ.

ෂිත්රි නිදුල්‍යා
B.A(Hons) in Psychology
University of Sri Jayewardenepura

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo