BUDY
Hi it's me 🤟
06/05/2026
🚨 ඔයාගේ වකුගඩුත් අනතුරේ ද තියෙන්නෙ?
මේ රෝග ලක්ෂණ 5 ඇත්නම් ඔබේ ජීවිතය අවදානම්!🩺💧
අපේ ශරීරයේ පෙරහන් පද්ධතිය ලෙස ක්‍රියා කරන වකුගඩු, රුධිරය පිරිසිදු කිරීමටත්, රුධිර පීඩනය පාලනය කිරීමටත් මහඟු මෙහෙවරක් කරනවා. නමුත් බොහෝ දෙනෙක් වකුගඩු අකර්මණ්‍ය වීමේ මුල් ලක්ෂණ මඟ හරිනවා.
ඔබත් මේ ලක්ෂණ ගැන දැනුවත්ද? අදම පරීක්ෂා කර බලන්න!
1. මුත්‍රා කිරීමේ වෙනස්කම් 🚽
නිතර නිතර මුත්‍රා පිටවීම (පොලියූරියා) වකුගඩු වල ගැටලුවක ලක්ෂණයක් විය හැකියි. විශේෂයෙන් මුත්‍රා පිටවන විට අධික ලෙස පෙණ සහිත බවක් ඇත්නම්, එයින් අදහස් වන්නේ මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවන බවයි. මෙය වකුගඩු දුර්වල වීමේ පෙරනිමිත්තක් විය හැකියි.
2. ශරීරය ඉදිමීම (Edema) 🦵
වකුගඩු මගින් ශරීරයේ අතිරික්ත ජලය ඉවත් නොකරන විට ඒවා පටක වල තැන්පත් වේ.
ඇස් වටා ඉදිමීම.
කකුලේ වළලුකර සහ පාදයේ පහළ කොටස ඉදිමීම.
මෙවැනි ලක්ෂණ ඇත්නම් එය සාමාන්‍ය දෙයක් ලෙස සලකා අතපසු කරන්න එපා.
3. පාලනය කළ නොහැකි රුධිර පීඩනය 🩸
අධි රුධිර පීඩනය සහ වකුගඩු රෝගය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක්ව ගෙයි. අධි රුධිර පීඩනය නිසා වකුගඩු නරක් වන අතරම, වකුගඩු දුර්වල වීම නිසා රුධිර පීඩනය තවත් ඉහළ යනවා. ඔබ ඖෂධ ගත්තත් රුධිර පීඩනය පාලනය නොවේ නම්, වකුගඩු පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත්.
4. දියවැඩියාව සහ සීනි මට්ටම 🍭
වකුගඩු රෝගීන්ගෙන් 80%ක්ම දියවැඩියා රෝගීන් බව ඔබ දන්නවාද? වසර ගණනාවක් පුරා සීනි මට්ටම ඉහළ යාම වකුගඩු වලට මරු පහරකි. ඔබ දියවැඩියා රෝගියෙකු නම්, හදිසියේ ඔබේ සීනි මට්ටම අඩුවීමට පටන් ගන්නේ නම් එය වකුගඩු දුර්වල වීමේ ලක්ෂණයක් විය හැකියි.
5. තෙහෙට්ටුව සහ හමේ කැසීම 😫
වකුගඩු දුර්වල වන විට රුධිරයේ අපද්‍රව්‍ය පිරී යයි. මේ නිසා
නිරන්තර විඩාව සහ ඔක්කාරය දැනීම.
කෑම අරුචිය.
ශරීරයේ පොස්පරස් මට්ටම වෙනස් වීම නිසා හමේ ඇති වන දැඩි කැසීම.
✅ වකුගඩු රැක ගැනීමට ඔබ කළ යුතු දේ-
දිනකට අවම වශයෙන් ජලය ලීටර් 2.5ක් පානය කරන්න. ඔබේ මුත්‍රා ලා කහ පැහැයෙන් පවතී නම් එය ඔබ ජලය නිසි පරිදි බොන බවට ලකුණකි.
පැකට් කළ ආහාර, අච්චාරු සහ සහිඳ ලුණු භාවිතය අඩු කරන්න. සීනි අධික බීම වර්ග වලින් වළකින්න.
ඔබේ BMI අගය 24ට වඩා අඩුවෙන් තබා ගැනීමට උත්සාහ කරන්න.
වෛද්‍ය උපදෙස් නැතිව නිතර වේදනා නාශක පෙති ගැනීම වකුගඩු වලට ඉතාම අහිතකරයි.
විශ්මිත ලොව වැදගත් මතක් කිරීම -
ඔබේ වකුගඩු නිරෝගීව තබා ගැනීම ඔබේ සම්පූර්ණ සෞඛ්‍යයටම බලපායි. ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී මුත්‍රා සහ රුධිර පරීක්ෂණයක් කරගන්න.
මේ වටිනා තොරතුරු ඔබේ හිතවතුන් අතරත් බෙදා ගන්න Share කරන්න. 🔄
18/10/2025
Stay Strong Mate 💪
You will protect by Mother UUNIVERSE 🌎😇
Follow BUDY
Click here to claim your Sponsored Listing.
Category
Contact the restaurant
Telephone
Website
Address
Panadura