Bodhini Samaratunga
A serial storyteller, medic and public health researcher
(This Page is maintained by the author's publicist)
14/11/2025
සායනික සටහන් නොවේ
වෛද්‍ය බෝධිනී සමරතුංග
ග්‍රන්ථ ප්‍රකාශන
මිල රු.600/-
මේ පොත අවුරුදු දෙක තුනක් මගේ කබඩ් එකේ පරිස්සමට ඇහිරිලා තිබුනා. ඔක්තෝබර් මාසේ මුල් කාලේ මම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින්, ෆෝන් භාවිතය අඩු කරලා කියවලා ඉවර කරන්න ඕන කියලා පොත් ටිකක් ඇදලා පොත් මේසෙන් තියාගත්තා. අන්න ඒ පොත් ගොඩේ කියවන්න තෝරගත්තු පොතක් තමා "සායනික සටහන් නොවේ" පොත.
මේ පොතේ තියෙන්නේ මේ වෛද්‍යවරිය විසින් තමන්ගේ රැකියා ජීවිතයේ තමන් අත්විඳි දේ. ඒවා තීරු ලිපියක් විදිහට පළ වෙලා තියෙනවා. ඒ තීරු ලිපි සියල්ල කෘතියක් විදිහට මේ පොතින් එළියට පාඨකයන් වෙත ඇවිත්.
හද සසල කරන සිදුවීම් මේ පොතේ තියෙනවා. ඒ වගේම සාමාජීය, ආර්ථික හා දේශපාලනික කාරණා මේකේ තියෙනවා. ආගමික වශයෙන් සුළු ප්‍රමාණයකුත් තියෙනවා. ඒ වගේම කතුවරිය මේ ලිපි මඟින් මිනිසත්බව මෙන්ම මිනිසාගේ බුද් ධි මට්ටම ප්‍රශ්න කරලා තියෙනවා. මේකේ ළමා අපචාර ගැන කිහිප තැනකම කතා කරලා තියෙනවා. ඒ වගේම ඒවායේ ප්‍රතිඵල සහ ඒවා සමාජයට දීර්ඝකාලීනව බලපාන අන්දමත් මේකේ බරපතලව කතා කරලා තියෙනවා.
අපේ රටේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය පිළිබඳ දැනුවත්භාවය ගැනත් මේ ලිපි තුළින් කතා කෙරෙනවා. ඒ වගේම නිතරම වෛද්‍යවරුන්ට බැණ වදින මිනිස්සු ඉන්න සමාජෙක ඒ වෛද්‍යවරු කොතරම් වෙහෙසෙනවාද කියන එකත් මේ ලිපි වලින් කතා කෙරෙනවා.
තව තවත් අතපසු නොකර කියවන්න ඕන ලිපි පෙළක් මේක. මම වුනත් ඇයි අවුරුදු ගණන් මේ පොත කබඩ් එකේ තියෙන්න ඇරියේ කියලා මම පසුතැවුණේ මේ පොත කියවන් යනකොට. මේ පොතේ කවරේ ගැනත් කියන්නම ඕන. පොත කියවලා ඉවර වෙලා කවරේ දිහා බැලුවම මේ ලිපි පෙළේම බරපතල බව සහ මානසික වශයෙන් මෙන්ම කායික වශයෙන් සෞඛ්‍ය සේවයේ නියුතු අයගේ වෙහෙසත් මේ තුළින් මනාව පිළිඹිබු වෙනවා. ඉතින් මේක අතිසාර්ථක කවරයක්. කවර නිර්මාණය ප්‍රදීප් ප්‍රේමලාල් අයියගේ.
✍️ නයෝමි හේවාවසම්
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo