Dream Zone Cosmetics

Dream Zone Cosmetics

Share

Hello, Beautiful! ❤️

24/11/2025

✨ කෝපි සහ සීනි ස්ක්‍රබ් වට්ටෝරුව (Coffee and Sugar Scrub Recipe)

ඔබේ සම පැහැපත් කරන, ස්වභාවික ගුණ රැසක් අඩංගු සිරුරේ ආලේප කරන ස්ක්‍රබ් (Scrub) වට්ටෝරුවක් සහ එහි සෞඛ්‍ය ප්‍රතිලාභ පහත දැක්වේ.

මෙය සමේ මිය ගිය සෛල ඉවත් කර සමට දීප්තියක් ලබා දෙන ඉතා ජනප්‍රිය සහ පහසුවෙන් නිවසේදී සාදාගත හැකි ස්ක්‍රබ් එකකි.

📜 අවශ්‍ය ද්‍රව්‍ය (Ingredients)

* කෝපි කුඩු (Coffee Grounds): මේස හැඳි 2ක් (ඉක්මන් කෝපි (Instant coffee) වෙනුවට බොන්නට පෙරන ලද, ටිකක් රළු කෝපි කුඩු හෝ කුඩා කැබලි සහිත කෝපි කුඩු භාවිතා කරන්න).

* සීනි (Sugar): මේස හැඳි 2ක් (දුඹුරු සීනි (Brown sugar) හෝ සාමාන්‍ය සීනි භාවිතා කළ හැක).

* පොල් තෙල් / ඔලිව් තෙල් (Coconut Oil / Olive Oil): මේස හැඳි 1-2ක් (තෙල් වර්ගයක් ලෙස දියර ස්වභාවයෙන් තිබිය යුතුය).

* කහ කුඩු (Turmeric Powder): තේ හැඳි 1/4ක් (අවශ්‍ය නම් පමණක්).

🥣 සාදා ගන්නා ආකාරය (Preparation)

* පිරිසිදු භාජනයක් ගෙන, එයට කෝපි කුඩු සහ සීනි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

* දැන් එයට පොල් තෙල් හෝ ඔලිව් තෙල් එකතු කරන්න. (මිශ්‍රණය ඉතාමත්ම වියළි නම් තෙල් ටිකෙන් ටික වැඩි කරන්න. එය කැඳ (Paste) ස්වභාවයෙන් තිබිය යුතුය).

* අවශ්‍ය නම්, එයට කහ කුඩු ටිකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

* ඔබේ ස්ක්‍රබ් එක දැන් සූදානම්!

🛀 ස්ක්‍රබ් එක භාවිතා කරන ආකාරය (Directions to Use)

* සම තෙත් කරන්න: මුලින්ම උණුසුම් වතුරෙන් හෝ සාමාන්‍ය වතුරෙන් ඔබේ සිරුර හෝ මුහුණ (මුහුණට නම් ඉතාම මෘදුව කරන්න) හොඳින් තෙත් කර ගන්න.

* ආලේප කරන්න: ස්ක්‍රබ් මිශ්‍රණය ටිකක් ගෙන, එය ඔබේ සමේ වෘත්තාකාරව (circular motions) මෘදුව ආලේප කරන්න. දැඩිව පීඩනය යොදා අතුල්ලන්න එපා.

* ස්ක්‍රබ් කරන්න: විනාඩි 2-3ක් පමණ මෘදුව සම්බාහනය (massage) කරන්න. මෙසේ කිරීමෙන් මිය ගිය සමේ සෛල (dead skin cells) ඉවත් වේ.

* සෝදා හරින්න: මද උණුසුම් හෝ සාමාන්‍ය ජලයෙන් සම හොඳින් සෝදා හරින්න. සබන් (soap) හෝ බොඩි වොෂ් (body wash) භාවිතයෙන් තොරව ස්ක්‍රබ් එක සම්පූර්ණයෙන්ම සෝදා ඉවත් කරන්න.

* තෙත මාත්තුවක් ගල්වන්න: සම වියළා ගෙන, සමට ගැලපෙන හොඳ මොයිස්චරයිසර් (moisturizer) එකක් ආලේප කරන්න.

* නිතර භාවිතා නොකරන්න: සතියකට එක් වරක් හෝ දෙවරක් පමණක් මෙම ස්ක්‍රබ් එක භාවිතා කිරීම ප්‍රමාණවත් වේ.

🤩 මේකෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ 6ක්!

1. මිය ගිය සම ඉවත් කිරීම (Exfoliation):

• ☕️ කෝපි සහ සීනි වල ඇති ස්වභාවික රළු ගතියෙන්, සමේ මතුපිට ඇති අපිරිසිදුකම් හා මිය ගිය සෛල පිරිසිදු කර, සම අලුත් කරයි.

2. සම පැහැපත් කිරීම (Skin Brightening):

• 🌟 ඇන්ටිඔක්සිඩන්ට් සහ ග්ලයිකෝලික් අම්ලය සමට දීප්තිමත් බවක් (Glow) ලබා දෙයි.

3. රුධිර සංසරණය වැඩි කිරීම (Boosts Circulation):

• 💆‍♀️ ස්ක්‍රබ් කිරීමේදී සිදුවන සම්බාහනයෙන් රුධිර ගමනය වැඩි වී, සම නිරෝගී කරයි.

4. සම මොයිස්චරයිස් කිරීම (Moisturizing):

• 🥥 පොල්/ඔලිව් තෙල් සමට පෝෂණය ලබා දෙන අතර, සමේ තෙතමනය රැක දෙයි.

5. සෙලියුලයිට් අඩු කිරීම:

• 🎯 කෝපි වල ඇති කැෆේන් මගින් සෙලියුලයිට් පෙනුම තාවකාලිකව අඩු කිරීමට උපකාරී වේ.

6. කුරුලෑ පාලනය (Acne Control - කහ):

• 💛 කහ වල ඇති ප්‍රති-ගිනි අවුලුවන ගුණ නිසා කුරුලෑ ඇතිවීම පාලනය කිරීමට උපකාරී වේ.

💡 ඉක්මන් උපදෙස්:

සතියකට 1-2 වතාවක් පමණක් භාවිතා කරන්න.

ස්ක්‍රබ් කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම මොයිස්චරයිසර් (Moisturizer) එකක් භාවිතා කරන්න!

ඔබත් මේ ස්ක්‍රබ් එක භාවිතා කරලා තියෙනවාද? ඔබේ ප්‍රතිඵල කමෙන්ට් කරන්න! 👇
#ස්වභාවිකසත්කාර #රූපලාවන්‍ය

30/10/2020

වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

“වැපිරෑ අස්වනු නෙළාගන්නා පොහොය” වප් පොහොය යනුවෙන් හැඳින්විය හැකිය.වපුරන දේ අනුවයි අස්වැන්න ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතිං බෞද්ධයන් වශයෙන් අපිත් මීට මාස තුනකට කලින් අස්වැන්න වැපිරැවා පසුගිය මාස තුනේ ම එය හොඳින් ආරක්ෂා කළා.දැන් තියෙන්නේ එහි ඵලය නෙළාගැනීමටයි. ඒ කියන්නේ මීට මාස තුනකට ඉහතදී තමයි වස් කාලය ආරම්භ වුනේ ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම හඳුන්වන්නේ පින් නැමති බීජ වැපිරැවා කියල. වැපිරැව දේ ආරක්ෂාකළා කියන්නේ වස් තුන් මාසෙම දාන,ශීල,භාවනා කියන මේ කුසල් දහම් සිදුකරගත්තා කියන එකයි.දැන් එහි පලය නෙලාගන්නවා කියන්නේ මේ වප් පොහොයෙන් තමයි කඨින පිංකම් ආරම්භ වෙන්නේ මේ මාසය ඇතුළත තමයි අපිට පින් ඵල නෙළාගන්ට පුළුවන්.

❃ ❃ ❃ වප් පොහොයේ ප්‍රධාන වැදගත්කම් කිහිපයකි මේ…❃ ❃ ❃

01. මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය දේශනාව සිදුකර සෝවාන් එලය ලබාදී සංකස්සපුරයෙන් මනුලොවට වඩිමින් දේවාවරෝහණ පූජාව සිදු කළ පූජනීය පොහොය අදයි.

02. අගසව් දෙනම අතරින් දකුණත් සව් ලෙසින් වැඩසිටි බුද්ධ ප්‍රඥාවට පමණක් දෙවැනි වූ සැරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥා ලාභීන් අතරින් අගතැන්පත් තනතුරට පත්වූයේ අදවන් උතුම් වප් පොහෝ දිනකයි.

03. කල්ප ලක්ෂයක් මතුයෙහි බුදු වන මෛත්‍රිය බෝසතාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි බවට පත්වීම සිදු වූ උතුම් පෝ දිනය අදයි.

04. අනුලා දේවිය ඇතුළු කුල කතුන් පැවිදිබිමට ඇතුළත් කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණී සංඝයා සමග ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමට දූත පිරිසක් දෙවනපෑතිස් නිරිඳු විසින් දඹදිවට පිටත්කර හැරීම සිදුවූයේ අදවන් පෝය දිනකයි.

05. ථූපාරාමයේදී සිදුකළ විනය සංගායනාව සිදුවූයේ අදවන් පුර පෝය දවසකයි.

06. ජය ශ්‍රී මහා බෝධි අංකුරය මහ බෝධියෙන් ගැලවී රන් කටාරමක පිහිටියේ අදවන් දවසකයි.

07. වස් පවාරණය සිදුවන්නේ අද වන් පුර පෝය දවසකයි.

තෙරුවන් සරණයි ! 🙏

10/03/2020

👸 ASTA BERRY WINE FACE WASH 👸

සම පැහැපත් කිරීමේ විශේෂිත කාර්ය භාරය සිදු කරන මෙම පිරිසිදු කාරකය පලමු සතියේ සිටම ප්‍රතිඵල ලබා දෙයි.

🌷සමේ මැරුනු සෛල ඉවත් කර සම පිරිසිදු කරයි.

🌷සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.

🌷සම පැහැපත් කරයි.

තවද මෙහි ඇති 'UV හිරු ආවරණක' හිරුගේ අහිතකර බලපෑම් වලින් හා කළු වීමෙන් සම සුරකී. මෙහි 100% ස්වභාවික ක්‍රියාකාරී ශකසාර අඩංගු වන අතර PH අගය තුලිත, 100% සබන් රහිත සේදුම් කාරකයකි.

දිනපතා උදේ දහවල් සහ රාත්‍රී තෙත් මුහුණේ සහ බෙල්ලේ ආලේප කර මෘදුව සම්බාහනය කර සෝදා හරින්න.

නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ

නම
ලිපිනය
දුරකථන අංක 2ක්

අප වෙත එවන්න....

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo