Cosmos Education
Best Taste of Earth
04/12/2025
අපේ නෑදෑ වෙන කෙනෙක්ට වකුගඩු රෝගයක් හැදුනා. ඉතිං එයාගේ වකුගඩු දෙකම නරක් වෙලා අයින් කරන්න ඕනි වෙලා තිබ්බේ. ඔය කියන කට්ටිය එහෙම සල්ලි නැති කට්ටියකුත් නෙවේ. ගෙවල් පවා හොඳට හදාගෙන, වාහන පවා අරන් තිබ්බා.
හැබැයි ඉතිං ඔයවගේ අසනීපයක් උනාම කාටත් මුදල් අමාරුකම් එනවනේ. දුප්පත් පොහොසත් හැමෝටම. ඉතිං ඒ හින්දා අපිත් ඇතුළුව හැමෝම ඒ අයට මුදල් දුන්නා පුලු පුලුවන් හැටියට. අපි ගිහිල්ලා බලලත් ආවා. අනිත් උදවු පුලු පුලුවන් හැටියට කළා.
කොහොමහරි ටික දවසකින් එක දවසක් ඔයවගේ මගේ නෑදෑ වන තවත් ආච්චි කෙනෙක් (ඇය වෛද්‍යවරියක්) මෙයාලට කෝල් එකක් දීලා තිබ්බා කොහොමද බලන්න. ඇයත් මේ පුද්ගලයන්ට තමන්ට පුලුවන් මට්ටමින් උදවු කරපු කෙනෙක් නිසා. කෝල් එක දුන්නා විතරයි මේ ලෙඩේට ගොදුරු උන නෑදෑ කෙනාගේ මහත්තයා මේ ආච්චිට නොසෑහෙන්න බැනලා. " අපිට නිකම්වත් කීයක්වත් දුන්නෙත් නෑ. අපිට මෙච්චර සල්ලි යනවා. ඔයාලා මෙච්චරයි අපිට සල්ලි දුන්නේ කියලා "
ඉතිං ඔයාලා හිතන්නකෝ මෙයාලට මේ වෙච්ච කරදරේට අනිත් මිනිස්සු පලිද? ඇරත් අපි හැමෝම පුලු පුලුවන් හැටියට උදවු කල බව ඇත්ත. හැබැයි මෙයාලා හිතාගෙන හිටියා අපි හැමෝම මෙයාලට උදවු කරන්න බැඳිලා ඉන්නවා කියලා.
ඔබ දන්නවාද?
1. එක්සත් ජාතීන්ගේ සංගමය විසින් අප රටට එරෙහිව මානව හිමිකම් චෝදනා ගොනු කරද්දී 2006 සිට පිට පිටම ලංකාවට පක්ෂව රුසියාව සහයෝගය දැක්වූවා. මෙවරත් ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රුසියාව ශ්‍රී ලංකාවට පක්ෂව සහයෝගය දැක්වූවා ඔබට මතක ඇති.
2. අප රටේ යුද්ධය පැවති සමයේ අපේ හමුදා සොල්දාදුවන් අවශ්‍ය යුධමය දැනුම හා පුහුණුව ලබාදුන්නේ රුසියාව විසින්. ඒ සඳහා අවශ්‍ය හෙලිකොප්ටර් ඇතුලු අනෙක් උපාංග පවා ඔවුන් ලබාදුන්නා. (තවත් රටවල් සිටී)
3. සෑම වසරකම රුසියානු රජය විසින් ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට Medicine, Engineering, Aviation වැනි ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරනවා.
4. ලංකාවෙ ප්‍රධාන තේ ගැනුම්කරුවෙකු වන්නේ රුසියාවයි. ඒ වගේම අපේ රටේ පොල් ආශ්‍රිත නිෂ්පාදන, කුළුබඩු, වැනි දේද රුසියාව මිලදී ගන්නවා.
5. අප රටේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර, ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් නිෂ්පාදන හා තිරිඟු පිටි ආනයනය කරන්නේ රුසියාවෙන්.
6. Covid - 19 පැවති සමයේ අප රටේ සංචාරක කර්මාන්තය කඩා වැටී තිබෙන විට සංචාරකයන් පැමිණියේ රුසියාවෙන්. (යුක්‍රේන සංචාරකයන්ද පැමිණියා)
7. 2022 අපි ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳිද්දී පවා රුසියාව අපෙන් නොනවත්වා තේ මිලදී ගත්තා.
8. ඒ වගේම එම කාලයේ ඔවුන්ගේ තෙල් පවා සහන මිලට ලබාදීමට ඉදිරිපත් උනා. (ඉරානයත් එය කලා)
ඔය කොටසක් විතරයි. තව බොහෝ දේ තියනවා.
9. 2025 ලෝක ආහාර වැඩසටහන යටතේ (WFP) රුසියාව ලංකාවට ඇ. ඩො. මිලියන 1.5 සූරියකාන්ත තෙල් ප්‍රදානයක් සිදු කලා.
10. 2024 දි පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර මෙටික් ටොන් 55,000 ක් මානුෂීය ආධාර ලෙස ලබාදුන්නා.
11. මීට පෙර (වර්ෂය අමතකයි) ඇ. ඩො. මිලියන 55 ග්‍රාමීය දරුවන්ගේ පෝෂණය නඟා සිටුවීම වෙනුවෙන් ලබාදුන්නා.
තවත් බොහෝ දේ තියනවා. ඔය පැවසුවේ කොටසක් පමණයි.
ඔබ රුසියාව ගැන, පූටින් ගැන මොන මතවාදය දැරුවත් (මොකද සමහරු කියනවනේ පූටින් බලයට කෑදරයි, යුද්ධ කරනවා, හරමයි, මෙහෙමයි කියලා. ) ඔය තියෙන්නේ රුසියාව ලංකාව වෙනුවෙන් කළ දේ.
ඒ නිසා Monetization හම්බෙච්චි පලියට මේ වගේ පෝස්ට් දාන අය කරුණාකරලා කියපු දේ තේරුම් ගන්න Please.......
- කෂ්මි -
31/07/2025
මේ සම්බන්ධව ඇත්ත දැනගෙන හිටියද?
📚 Technology ගැන කතාකරන යූ ටියුබර් කෙනෙක් Starlink කියන අන්තර්ජාල සේවාවේ වැරදි කියමින් ලංකාවෙ පවතින වෙනත් අන්තර්ජාල සබදතාවක් Promote කිරීම සම්බන්ධව මේ වෙනකොට සෑහෙන ලොකු විරෝධයක් එල්ල වෙලා තියනවා.
📚 ඒකෙන් මට එක අතකට සතුටක් දැනුනේ අපේ මිනිස්සු Technology ගැන මාර විදියට update වීම ගැන. Starlink සේවාව හොඳද නරකද කියා මා දන්නෙ නෑ. නමුත් ඒ යූ ටියුබර් කරන්න හදපු ප්‍රෝඩාව ගැන මිනිස්සු දැනගත්ත එක ලොකු දෙයක්.
📚 ඔය හා සමගාමීව ම තමයි ඔය පල්ලෙහා තියන News එකත් ඇත්තද කියලා මම හොයලා බැලුවේ. මොකද මම සාමාන්‍යයෙන් සිංහල චැනල් වල යන news පවා එකපාර පිළිගන්න මැලිකමක් දක්වන නිසාත් ලංකාවෙ දැන් මීඩියා කියන්නේ එක්තරා විදියක මාෆියාවක් වීම නිසාත්.
📚 නමුත් ඇත්ත කතාව මෙහෙම වාර්තා කරලා තියෙන්නේ එක්තරා වෙබ් අඩවියක් පමණයි. වෙබ් අඩවියකට ඕනම දෙයක් කියන්න පුලුවන්. කොටින්ම ඒක Depend වෙන්නේ ඕක ලියන කෙනාගේ Choice එක මත. කොටින්ම මම වෙබ් අඩවියකට ලෝකේ තියන හොඳම දූපත් 10 ගැන Article ලියනවා නම් අනිවාර්යයෙන් ඔය අස්සට කොහොමහරි ලංකාව දානවා. මොකද මාත් ආසයි එහෙම හරි ලෝකේ මිනිස්සු ලංකාව ගැන දැනගන්නවානම්.
📚 මේක කියන්න කලින් මම කියන්න ඕනි මේ news එක කියන තරම් ඇත්තක් උනානම් මාත් හරියට සතුටු වෙනවා. මොකද මාත් මේ රටේ ඉපදුනේ, මේ රටේ හැදුනේ වැඩුනේ, මේ රටේ මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙන ගත්තේ. අදටත් ෆිල්ම් එකක උනත් අපේ රටේ නම ඇහෙද්දී අභිමානයක් දැනෙනවා. මමත් හරි කැමතියි ලංකාව කියන තරම් හොඳ රටක් වෙනවනම්, අනිත් රටවල මිනිස්සුන්ට තියන පහසුකම් ලංකාවෙ අපිටත් තියේනම්, අපේ ඉතිහාසය ගැන, අතීත තාක්ෂණය ගැන, අපේ සංස්කෘතිය ගැන මේ ලෝකේ මිනිස්සු කතා වෙනවනම්. ඒ වගේම පකිස්තානය ලාහෝර්, ඉන්දියාවේ දිල්ලි ජීවත් වෙන්න නුසුදුසු නගර කියලා නම් කරද්දී දකුණු ආසියාවේ අපි ඔය තැනට වැටිලා නෑ. ඒ ගැනත් සතුටු වෙනවා.
📚 ඒ වගේම මේ වෙබ් අඩවියේ විතරක් නෙවේ. තව වෙබ් අඩවිවල ලෝකේ සුන්දරම දූපත් අතර ලංකාව තියනවා. එක ඉතිං Depend වෙන්නේ ඒක ලියන Writer ගේ choice එක මත. හැබැයි අපි ඇත්තට මුහුණ දෙන්න ඕනි. යථාර්ථය දැනගන්න ඕනි. ඔය තියෙන්නේ ඇත්ත Ranking
10. අයිස්ලන්තය
9. Mauritius
8. සැන්ටෝරිනී
7. බාලි
6. පලවාන්
5. නවසීලන්තය
4. බෝරා බෝරා
3. ෆිජි
2. සීෂෙල්ස්
1. මාලදිවයින
ලංකාව නැත.
මූලාශ්‍රය : 👉 National Geographic Travel
👉 UNESCO World Heritage Sites
👉 CNN Travel & BBC Travel Features
📚 සමහරවිට අපේ රටේ මිනිස්සු මේ රට පිරිසිදුව තියාගත්තනම්, තැන තැන කුණු නොදා, බුලත් කෙල නොගහා හිටියනම් මේ Ranking අතර අපිත් ඉන්න තිබ්බා. මොකද මේක නරක රටක් නෙවේ.
- Kashmira Rathnayaka -
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Colombo
10600