Diary of Wife
අවාරෙක හෝ ඇවිත් මගේ
මගේ හද කියවන්න
ලියා යමි ගැබුරු තැන්
ආදරෙයි උතුරන්න ❤
16/05/2026
හිනාවෙලා ඉන්න 🥴....................................................................................
අහල පහල උඩහා පල්ලෙහා ඉන්නේ ඔයාට වරදිනකන් බලාන ඉන්න, ඔයාව අපහසුතාවට පත් කරලා සතුටු වෙන්න බලා ඉන්න, වගේම ඔයා කෙරෙහි දැඩි ඉර්ශියාවක් දක්වන මිනිසුන් නම් අනිවාර්යයෙන්ම හිනා වෙලා ඉන්න පුරුදු වෙන්න...
ඒ වගේම ජීවිතේට හොඳ මිනිස්සු ලංකරගන්න... එතකොට ඔයා වෙනස් විදියට බැබලෙන්න ගන්නවා ... මිනිස්සු හිතන දේ තවදුරටත් ඔයාට ප්‍රශ්නයක් නොවන විට ඔයාට වෙනස් විදියට හිනාවෙන්න පුලුවන් වෙනවා ...
ඒ වගේම ඔයා ඔයාගේ ගමන කෙරෙහි අවධානය යොමු කරන විට ඔයාව වෙනස් ලෙස වර්ධනය වෙනව... ඔයාව රිදවන දේ අතහැර දැමූ විට ඔයා වෙනස් ආකාරයෙන් සුව වෙනවා ...
ඒ විතරකුත් නෙමෙයි, ඔයාගේ මනස සාමයෙන් සිටින විට ඔයා වෙනස් ලෙස හිතන්න ගන්නවා ... ඔයාගේ අරමුණ පැහැදිලි වූ විට ඔයා වෙනස් ලෙස ගමනක් යනවා ...
හැමදාමත් වගේ ඔයාගේ හදවත අව්‍යාජ වූ විට ඔයා වෙනස් ලෙස කතා කරනවා ...
කෘතඥතාව ඔයාගේ ආත්මය පුරවන විට ඔයා වෙනස් ලෙස ජීවත් වෙන්න පටන් ගන්නවා...
විශ්වාසය ඇති තැනක ඔයා වෙනස් ලෙස ආදරය කරන්න පටන් ගන්නවා ...
ඔයාගේ හෘදය සාක්ෂිය පැහැදිලි උනාම වෙනස් ලෙස විවේක ගන්න පුලුවන් වෙනවා ...
බිය තවදුරටත් ඔයාව පාලනය නොකරන විට ඔයා වෙනස් ලෙස සිහින දකිනවා ...
ඔයාගේ අභිප්‍රායන් අවංක වූ විට ඔයා වෙනස් ලෙස ජයග්‍රහණය කරනවා...
ඔයාගේ ජීවිතයේ ගුණාත්මකභාවයට ඔයා ලග තබා ගන්නා පුද්ගලයින් සහ ඔයාගේ මානසිකත්වය ගැඹුරින් බලපායි....
අභ්‍යන්තර සාමය සහ නිරන්තර අනුමැතියෙන් නිදහස් වීම සැබෑ ආත්මය වඩාත් සම්පූර්ණයෙන් මතුවීමට ඉඩ සලසනවා...
නදිශානි j ඉද්දමල්ගොඩ
2026.05.16
Janith Iddamalgoda
09/05/2026
සෑහෙන කාලෙකට පස්සේ මම ඉව්වා... ගොඩක් ආසාවෙන් ඉව්වා...
ජිවිතේ මම කරන්න ආසම දේ කලා...
ඒක නිකන්ම උයමනක් නෙවෙයි...
අනාගත්ත බත් කට උගුරෙන් පල්ලෙහාට දාගන්න බැරි තරමට අසරණ උන, හෙම්බත් උන ගෑනියෙක් විදියට නොවෙයි ජිවිතේ ගැන ආත්මය පිළිබදව තෘප්තිමත් ගෑනියෙක් විදියට ඉව්වා... උයාගත්ත බත් ටික කෑවා...
පහුකරගන ආවේ, පහුකරගන යන්න තියෙන්නේ ඇම්මැහි කදු ගොඩක් නොවුනත්, මම ඒ දුර පහුකරගන ආවා... අනිවාර්යයෙන්ම ඉස්සරහටත් යනවා...
හැබයි වෙනද කාපු බත් පතට වඩා මේ බත් පත් මට ගොඩක් විශේෂයෙන් දැනෙන්නේ ඇයි කියලා හිතලා බැලුවහම තමයි තේරුනේ ඕනෑම ස්වාදීන ගෑනියෙක්ගේ හදවත තුල උවත් තමන්ටම හිමි උන ආදරයක් රැකවරණක් ලැබීමේ ආශ්වාදය කෙතරම් පවතිනවාද යන්න...
මේ පතේ කොයි බත් ඇටේට ඔයා වග උනාද කියලා මම නොදන්නවා උනත්, මමම හම්බරකගන මමම කාපු අනර්ඝ බත් පතකට වඩා මට මේ බත් කට හරි රහයි... හිතත් පිරිලා බඩත් පිරිලා... ඒ ඔයා මාව රකිනවා කියන හැගීම ...
කවදහරි දවසක මැරිලා යන්නට මත්තෙන් මේ ලෝකෙට ආව කාරණව ඉශ්ඨ කරගන්න මට පුලුවන් වෙනවා නේද කියලා හිතෙනකොට පුදුම සතුටක් වගේම ජීවත් වෙන්න පුදුමාකාර ශක්තියක් දැනෙන්නේ...
මිනිස්සුන්ගේ ජීවිත වල හැටි ❤
නදිශානි j ඉද්දමල්ගොඩ
2026.05.09
Click here to claim your Sponsored Listing.