Techie Instants

Techie Instants

Share

වැඩි වැඩ නැතිව Instantly tech ගැන update වෙන්න, TechNews.LK වෙතින් හඳුන්වාදෙන Techie Instants කෙටි පුවත් සේවය. ⚡ instants.technews.lk

05/03/2026

Oppo Find X9 series ස්මාර්ට්ෆෝන් සඳහා Quick Share සහ නව AI පහසුකම් හඳුන්වා දෙයි

Oppo සමාගම නිවේදනය කරන්නේ ඔවුන්ගේ Find X9 series ස්මාර්ට්ෆෝන් සඳහා ඉක්මනින්ම Quick Share පහසුකම ලැබෙන බවයි. මේ හරහා Android සහ iOS, iPadOS මෙන්ම macOS devices අතර AirDrop ආකාරයෙන් file transfers සිදු කළ හැක. MediaTek සහ Google සමඟ එක්ව සංවර්ධනය කළ මෙය මාර්තු මාසයේදී software update එකක් හරහා ලබාදීමට නියමිතයි. ඉදිරියේදී Samsung Galaxy S26 series සඳහාද මෙවැනිම පහසුකමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මීට අමතරව ඔවුන්ගේ නව Omni AI model එක මගින් ක්‍රියාත්මක වන AI Translate සහ AI Portrait Glow වැනි නව on-device AI features ද Find X9 series එකට හඳුන්වා දී ඇත.

04/03/2026

Apple සමාගම ඩොලර් 599 කට නව MacBook Neo ලැප්ටොප් පරිගණකය හඳුන්වා දෙයි

Apple සමාගම ඔවුන්ගේ මිලෙන් අඩුම ලැප්ටොප් පරිගණකය වන MacBook Neo හඳුන්වා දෙයි. මෙහි ආරම්භක මිල ඩොලර් 599 ක් වේ.

මෙම නව පරිගණකය අඟල් 13 ක Liquid Retina display එකකින් සහ A18 Pro chip එකකින් සමන්විත වේ. මෙහි ඇලුමිනියම් නිමාව වර්ණ හතරකින් වෙළඳපොලට පැමිණේ.

එසේම පැය 16 ක battery life එකක්, 1080p FaceTime HD camera එකක් සහ fanless තාක්ෂණය මෙහි අඩංගු වේ. Apple Intelligence සහ macOS Tahoe මගින් මෙය ක්‍රියාත්මක වේ.

පාරිභෝගිකයින්ට අද සිට pre-order කළ හැකි අතර මාර්තු 11 දින සිට මෙය අලෙවිය සඳහා නිකුත් කෙරේ.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo