Maze by Generation ALPHA

Maze by Generation ALPHA

Share

Maze is a hub that connects all educational opportunities to one platform. enabling 2-way communication.

17/09/2023

අපි පොරොන්දු උන article Series එකේ දෙවෙනි ලිපිය තමයි මේ. අපි අද කතා කරන්නෙ CIM එහෙමත් නැත්නම් The Charted Institute of Marketing ගැන.

CIM එහෙමත් නැත්නම් The Charted Institute of Marketing කියන්නේ Marketing පැත්තට විශේෂයෙන් කැමැත්තක් තියෙන ඕනෙම කෙනෙකුට ඕනෙම වයසකදී පටන්ගන්න පුළුවන් පාඨමාලාවක්.තියෙන දැනුම හෝ වෘත්තීය අත්දැකීම් අනුව සුදුසු මට්ටමකින් මේ පාඨමාලාව පටන්ගන්න පුළුවන් කම තියෙනවා.

මේ මට්ටම් වලින් ඔයාලට වැදගත් වෙන්නේ Foundation Level එක එහෙමත් නැත්නම් Level 3

මේ foundation එහෙමත් නැත්නම් පදනම් පාඨමාලාව වෙන් කරලා තියෙන්නෙ Marketing field එකට අලුතෙන්ම එකතු වෙන්න බලාගෙන ඉන්න ඔයාලා වගේම පිරිසට.

ඔයාලට මේ කියන පාඨමාලා දෙකන් එකක් ඔයාලගෙ කැමැත්ත අනුව තෝරාගන්න පුළුවන් කම තියනවා

Foundation Certificate in Professional Marketing
Foundation Certificate in Professional Digital Marketing

ඔයාලා ට සුදුසු ඔයාලා කැමති රැකියා ක්ෂේත්‍රය අනුව මේ දෙකෙන් එකක් තෝරාගන්න එක තමයි ගොඩක්ම සුදුසු.

පස්සේ ඔයාලට Marketing field එකේ ඔයාලගෙ වෘත්තීය අත්දැකීම් එක්ක පාඨමාලාවේ ඉහළට Level 4,6,7 වගේ පශ්චාත් උපාධි මට්ටමේ සුදුසුකම් දක්ව CIM පාඨමාලාවේ ඉහළට යන්න ඔයාලා ට පුළුවන්කම තියනවා.

Foundation එහෙමත් නැත්නම් Level 3 පාඨමාලාවේ course content එක නැත්නම් විෂය අන්තර් ගතය වගේම ගෙවීම් සිදු කරන්නේ කොහොමද ගෙවීම් මොනවද කියලා ඔයාලට මේ website එකෙන් දැනගන්න පුළුවන්.

https://www.cim.co.uk/qualifications/foundation-certificate-in-professional-marketing/

එයාල ප්‍රධාන වශයෙන්ම ගෙවීම් 3 ක් ගැන සදහන් කරන්වා.

Tution fee
ඔයාලගෙ tution එහෙමත් නැත්නම් ඉගැන්වීම වෙනූවෙන් ගෙවන ගෙවීම් ඔයාලා තෝරාගන්න study Center එකට අනුව වෙනස් වෙන්න පුළුවන්.

Study Member Fee
ඊට පස්සේ ඔයාලා ලබා ගන්න ඕනේ Affliate study Member කියන සාමාජිකත්වය. මේ හරහා ඔයාලට එයාලා පොත්, webinars වගේ විවිධ පහසුකම් ලබාදෙනවා.ඒ වෙනුවෙන් ඔයාලාට වාර්ෂිකව ගෙවන්න ඕනෙ මුදල තමයි මේ study Member Fee කියන්නේ.

Assesment Fee
විභාග සහ අනිත් ඇගයීම් සදහා කරන්න ඕනේ ගෙවීම් තමයි මේ.

මේ ඔක්කොම ගෙවීම් බ්‍රිතාන්‍ය පවුම් වලින් තමයි සදහන් වෙන්නේ.ඒ ඒ දවසට තියෙන බ්‍රිතාන්‍ය පවුම් වටිනාකම රුපියල් වලින් වැඩි කරලා ඔයාලට අවශ්‍ය ගෙවීම් හදා ගන්න පුළුවන්කම තියනවා.

කොහොම වුණත් CIM කියන්නේ අන්තර්ජාතික ව පිළිගත් පාඨමාලාවක් වුනත් CIM ආයතනයක් විදියට පාඨමාලා පිරිනමන්නේ තවමත් රටවල් 9 ක් වගේ ප්‍රමාණයක් විතරයි. මේ නිසා අනාගතයේ වෙනත් රටක රැකියාවට යන්න බලාපොරොත්තුවකින් නම් ඔය ඉන්නේ ඒ රටේ CIM සුදුසුකමක් විදියට සලකනවා ද කියන කාරණාව ගැන ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. හැබයි උදාහරණයක් විදිහට UK නැත්නම් බ්‍රිතාන්‍ය යේ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල CIM සදහා ඉහළ පිළිගැනීමක් තියනවා යුරෝපයේ සමහර රටවල් වල වගේම මැද පෙරදිග ඇතැම් රටවලත් CIM ඉහලින් පිළිගන්නවා.

- මාධවී ඇතුලත්මුදලි -

Marketing

01/11/2022

🔹 අපේ රට ඇතුලෙත්, වෙනත් රටවලත්, ඔයාලා දකින වෘත්තීමය හීන වලට යන්න, ගොඩක් අවස්ථා තියෙනවා.
අවාසනාවට ඒ ගොඩක් අවස්ථා, එක එක තැන විසිරුන websites, you tube channels සහ නොයෙකුත් social media channels වලින් හැදුන digital ලෝකයක හැංගිලා තමා තියෙනේනෙ.

🔹 අපි "Maze" project එක මගින්, ඔයාලට ඔයාලගේ academic/career pathways ගැන අවශ්‍යම තොරතුරු එකම තැනකට ගෙනත් දෙනවා.

🔹 මේ project එක Generation ALPHA මගින් සිදු කරන project එකක්. විශේශයෙන්ම දරුවන්, දෙමව්පියන්, සහ ගුරුවරුන් අපගේ page එක like කරලා තියාගන්න. අපි ඉදිරි දිනවලදී කියන්නම් හරියටම මොකක්ද මේ කරන්න හදන්නෙ, ඇයි අපි මේක කරන්නෙ, කොහොමද මේක කරන්නෙ කියලා.

Our social media pages:

https://www.facebook.com/maze2025 🧩

https://www.facebook.com/generationalpha2025 🦅

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo
Colombo