Cinema Update
📽️🧡 Worldwide Cinema Update 🧡📽️
සිනමා ලෝකයේ සයිබර් අවකාශය
20/05/2026
💠 Flop වෙලා Top වුන බොලිවුඩයේ නලු නිලියන්..
තමන් රඟපෑ මුල්ම චිත්‍රපටය අති අසාර්ථක වෙලා තමන්ට බොලිවුඩයේ ගේමක් ගහගන්න බැරි යැයි කඩාවැටිලා හිටපු මේ කියන්න යන පිරිස්, අන්තිමටම නැවතුනේ ඉන්දියාවේ විතරක් නෙමෙයි මුලු ලෝකයේත් අති සුප්‍රසිද්ධියට පත්වෙලා, රේස් එකක වුනත් පටන්ගන්න කෙනා කොච්චර හොදට කලත් එයා නෙමෙයි වැදගත්, අති දුෂ්කර ලෙස ස්ටාර්ට් එක ලබාගෙනත් ජය කණුව පසුකර යන කෙනයි නියම වැඩ්ඩා, මෙයාලත් එකෙන්ම එහෙම සෙට් එකක්
🔶 Amitabh Bachchan
බොලිවුඩයේ රජුන්ගෙන් රජු Shahenshah තමයි ඔහු, තාමත් ජවසම්පන්නකම ඇතුව චරිතයන් රංගනයට ඔහු අති ශූරයි, 1969 ආපු Saat Hindustani චිත්‍රපටයයි ඔහු චරිත මැවූ මුල්ම රිදී තිර ආගමනය, එය වෙනුවෙන් හොදම නවක නලුවාට හිමි සම්මානය ඔහු දිනාගන්නේ ජාතික චිත්‍රපට උළෙලේදීයි, නමුත් එය අසාර්ථක චිත්‍රපටයක් වනවා, වැඩේ කියන්නේ එයින් පසු ආ ඔහුගේ ෆිල්ම්ස් 11-12 ක් එකදිගට ෆ්ලොප් ලේබලය ගසාගන්නවා,
' Failed Newcomer ' කියන ටැග් එකත් ඔහුට වදිනවා, බෑග් පැක් කරන් ඉන්දීය සිනමාවෙන් සමුගන්න ඔන්න මෙන්න ඉන්නකොටයි ඔහුව ' Angry Young Man ' ලෙසින් හඳුන්වන්න ගනිපු Zanjeer චිත්‍රපටය එන්නේ, ඉතින් එක රැයින් ඔහු අසාර්ථක නලුවෙක්ගේ ඉදන් අති සාර්ථක නලුවෙක් වෙනවා, පසුව එහිම රඟපෑ ජයා බහදූරී සමගින් ඔහු විවාහ වෙනවා, වෘත්තීයත්, බිරිඳත් කියන දෙකම ඔහුට එක් චිත්‍රපටයක් හරහා ලැබෙනවා
🔶 Salman Khan
බොලිවුඩයේ සිහින කුමරුවන් මුලින්ම තිර අවකාශයට පායන්නේ සහය නලු චරිතයකින්, ඒ 1988 වසරේ Biwi Ho To Aisi කියන සිනමාපටය හරහායි, සුරූපි නිලි රේඛා සමගින් ඔහු රඟපාන්නේ ඇගේ මස්සිනා ලෙසිනුයි, නමුත් එය අසාර්ථක වෙනවා, නමුත් එයින් පසු අවුරුද්දේම ඔහුගේ නොනවතින තරු ආකර්ෂණය පටන්ගන්නේ 1989 ආපු Maine Pyar Kiya චිත්‍රපටයෙනුයි, එය බ්ලොක්බස්ටර් එකක් වෙනවා, ඉතින් ඉතිරිය ඉතිහාසගතයි
🔶 Aishwarya Rai
ලෝකයේ සුන්දරම කත ගේ සිනමා සම්ප්‍රාප්තියත් පටන්ගන්නේ අසාර්ථක අදියරයකින්, 1997 වසරේ ඇගේ මුල්ම රංගනය එන්නේ Iruvar නමැති දමිළ සිනමාපටයෙන්, එයට විචාරක පැසසුම් ලැබුනත් බොක්ස් ඔෆිස් වල ඇවරේජ් වෙනවා, එම වසරේම ඇය සහ බොබී ඩියොල් එක්ව රඟපාන Aur Pyaar Ho Gaya ෆ්ලොප් වෙනවා, ඇයට වාසනාව වගේම ආදරයත් හම්බවෙන්නේ Hum Dil De Chuke Sanam චිත්‍රපටයේ රඟපෑමෙන්, මෙදා සැරේ ආදරය ෆ්ලොප් වෙලා ගියත් ඇය නිලියක් ලෙසින් ක්ෂ්‍රේත්‍රයේ තමන්ගේ රදාපැවැත්ම තහවුරු කරගන්නවා
🔶 Ranbir Kapoor
බොලිවුඩයේ චොකලට් බෝයිගේ ෆස්ට් ෆිලුම එන්නේ 2007 වසරේ, ඒ සංජේ ලීලා බන්සාලිගේ Saawariya, එය ක්ලෑෂ් වෙන්නේ බොලිවුඩයේ කින්ග් ඛාන් ගේ Om Shanti Om එක්කයි, ඉතින් විවාදයකින් තොරවම ජයගන්නේ ශාරුක් ඛාන් තමයි, හැබැයි රන්බීර් ගේ රංගන හැකියාව ඉහලින්ම අගය කෙරෙන්නේ Filmfare උළෙලේදී නැගී එන හොදම නලුවා ලෙසින් සම්මාන ලබමින්, ඔහුගේ රසික විචාරක පැසසුම් ලැබූ ප්‍රථම ෆිල්ම් එක ලෙසින් සදහන් වෙන්නේ Wake Up Sid මූවී එකයි
🔶 Katrina Kaif
අනිත් අයට නැති අවාසියකුත් ඇයට බොලිවුඩයේ නමක් හදාගැනීමේදී බලපෑවා, ඒ බ්‍රිතාන්‍යය ජාතික ඇය හින්දි භාෂාව ගැන මෙලෝ හසරක් නොදැනීම, ඒ නිසාම ඇගේ මුල්ම චිත්‍රපටයන් වලට හඬකැවීමේ ශිල්පිනියකගේ දායකත්වයත් ලබාගන්න සිද්ධ වුනා, 2003 වසරේ ආපු Boom ඇය රඟපෑ මුල්ම ෆිල්ම් එකයි, අමිතාබ් බච්චන්, ජැකී ෂෙරොෆ් වගේ ප්‍රවීණයන් එක්ක ඇය රංගනයේ යෙදුනත්, ෆිලුම Box Office Bomb එකක් ඒ කියන්නේ අසාර්ථකම චිත්‍රපටයක් වුනා, එහි නිෂ්පාදිකාව වුනේ ජැකී ෂෙරොෆ් ගේ බිරිඳයි, ඔවුන්ට මේ පාඩුව දරාගන්න තමන්ගේ දේපල පවා විකුණා දැමීමට සිදුවුනා, ඇගේ පළමු ජනප්‍රිය හින්දි ෆිල්ම් එක වුනේ Maine Pyaar Kyun Kiya? චිත්‍රපටයයි, එයින් පසු බොලිවුඩය පුරාම කට්රිනා කුණාටුව ඇරඹුනා
🔶 Akshay Kumar
බොලිවුඩ් පුරයේ අංක එකේ ක්‍රියාදාම නලුවෙක් ලෙසින් තමන්ගේ සුවිශේෂී අනන්‍යතාවය ගොඩනගා ගන්න කලියෙන් ඔහුගේ පළමු සිනමා රංගනය තත්පර 10 ට සීමාවුනේ 1987 ආපු Aaj ෆිල්ම් එකේදී කරාතේ ගුරුවරයෙක් ගේ චරිතයෙන්, එය එකෙන්ම ෆ්ලොප්, එයින් පසු ආ චිත්‍රපට වලටත් අත්වුනේ ඒ ඉරණමම තමයි, නමුත් 1992 ආපු Khiladi ත් එක්ක ඔහු ජනප්‍රියත්වයේ ප්‍රථම රසය බලනවා, ' Khiladi Of Bollywood ' බවට පත්වෙමින් අදටත් මාරම ෆිට්නස් එකක් පවත්වාගෙන යන ඔහු වන් වෙනත් නලුවෙක් නම් ඉන්දීය සිනමාවෙන් නම් සොයාගන්න නොහැකියි..❤️🎥
📝 Viduni Hettiarachchi
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo