Mr Meow

Mr Meow

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr Meow, Colombo.

23/05/2026

වනසරාගෙ හපන්කම් 🥴. පෙරේද හවස අල්ලන් ආපු මී හාදයා තමයි මේ. 😴 ගුටිකාලා, තුවාල වෙලා ඉද්දි පණ බේරගන්න ඕනෙ නිසා මනුස්සයෙක්ගෙන් උදව් ඉල්ලන්න සිද්ධ උනා පොරට. ❤️ තුවාල වලට බෙහෙත් දාලා, Antibiotics දුන්නට පස්සෙ ටිකෙන් ටික සනීප උනා.☘️ ඊයෙ උදේ වෙද්දි සෞඛ්‍ය තත්වය සෑහෙන දුරට හොඳ තත්වයට හැරුනා පොරගේ. ඉතින් රැ වෙලා ආපහු යවන්න තමා හිතාගෙන හිටියෙ.😴

කොහොමහරි තුවාල හොඳ වෙද්දි පොරට මාව විශ්වාස නැති උනා.😂 වනසරාව විශ්වාස නැති උනා වෙන්නත් පුළුවන්. "අනේ උඹ නිදහස් කරන්න ඕනේ නෑ " කියන්න වගේ පොරම නිදහස හොයාගෙන ඊයෙ දවල් ඉඳලා උමගක් හදන ගමන් ඉඳලා තියෙන්නෙ 😅. (කාඩ්බෝඩ් box එකක හිටියෙ) නිදහස් කරන්න කියල රෑ වෙලා යද්දි තමා ඩෑල් එකත් පැනලා යන්න ලෑස්ති වෙලා තියෙන්නෙ.☘️

කොහොමහරි ආපහු අල්ලගෙන, ආරක්ශිත තැනකට ගිහින් දැම්මා හාදයාව. 🥴 නිල්පාටට ඉන්න නිසා මී වර්ගයේ නායක පට්ටමක් හම්බෙන්නත් පුළුවන් ඩෑල් එකට. 🐭 මොනා නැතත් පූසෙක්ට අහුවෙලා බේරිලා ගියපු විදිය ගැන ගැම්මෙන් යාලුවන්ට කියනවත් ඇති 😂. ඩෑල් එකගෙ අවසාන ඡායාරූපෙ තමා මේ.

(ඒ කරම්දරෙත් ඉවරායි...😝)

22/05/2026

ලොරියටකට හැප්පෙන්න කලින් මෙන්න මේ අහිංසක කලුපාට බටු ඇටේට ගෙදරක් හොයාගන්න ඕනෙ ❤️🐈 පර්සියන් පූසෙක් ගැන දැම්මනම් inbox පිරෙනවා.😪 හැබැයි මේ වගේ කෙනෙක් ගැන පෝස්ට් එකක්වත් reach වෙන්නෙ නෑ 😴 කලින් පෝස්ට් කීපයක් දාලත් බාරගන්න කැමති කෙනෙක් හම්බුනේ නැහැ 😜.

මෙයා කෙල්ලෙක්, ඉන්නෙ ගම්පහ උඩුගම්පොල ලොරි යාඩ් එකක 😴 අම්මව ඔපරේෂන් කරන්න සූදානම් කරල තියෙන නිසා අනතුරක් වෙන්න කලින් මේ බට්ටට ගෙදරක් හොයාගන්න ඕනෙ.. ගම්පහ, මිනුවන්ගොඩ, වේයන්ගොඩ හෝ ඒ අවට කෙනෙක් ඉන්නවානම් අදම කතා කරන්න. ❤️☘️ ( 072 5168 200 )

Vaccination වියදම් දරාගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනෙ, අවශ්‍ය නම් OHE එක මට කරලා දෙන්න පුළුවන් නිසි වයසෙදි..🙂 මෙයාව බාරගන්න කෙනාට, වියදම් දරාගන්න පුළුවන් නම්, මේ පූසාව බලාගන්න විදිය බලලා persian / British shorthair කෙනෙක්ව free දෙනවා මාස කීපයකින්.😊

කොන්දේසි සහිතයි***

22/05/2026

දවල් කාලෙම රවුම් ගහලා, හවස නිරිතදිග මෝසම සක්‍රීය වෙද්දි ගෙදර එන හාමු මහත්තයාව පිළිගන්න කවුරුත් හිටියෙ නැති එකට තරහ ගිහින් 😊💔...

මේවා ඉතින් වනසරාගෙම වැරදි 🐈😤

21/05/2026

urgent !- හලාවත උසාවිය ළඟ පාර අයිනේ පූස් පැටව් 4 දෙනෙක් ගෙනත් දාල ගිහින් ලු 😪💔 එක්කෙනෙක් වාහනේක හැප්පිලා මියගිහින්ලු.

හලාවත අවට පුළුවන් කෙනෙක් ඉන්නවානම්.මේ පැටව් ගැන බලන්න. තාවකාලිකව හෝ රැකවරණයක් දෙන්න ඉදිරිපත් වෙන්න ❤️ දැකපු කෙනෙක් පණිවිඩය එව්වේ පේජ් එකට 🏠️.

ආදරෙන්,පරිස්සමෙන් බලාගන්න කැමති රැකවරණයක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් පෝස්ට් එකට කමෙන්ට් කරන්න 😪

(ලැබුනු පණිවිඩයක් අනුව පලකරන ලදි !!! - AI වලින් generate කරපු pic එකක් මේක ⚠️️)

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Colombo