Anthro World
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Anthro World, Business service, Colombo.
05/07/2021
ශාක ඉතිහාසය - 02
☘️ඩෙවෝනියන් අවධිය - සිනිඳු හෝ හීන් කටු සහිත ශාක දක්නට ලැබීම.
☘️පර්මියානු අවධිය - ශල්ක සහිත ශාක හා සබීජ මීවන ගංමෝයවල් අසල වගුරු වල සුලබ වීම.
☘️ත්‍රියාසික අවධිය - කේතුධර ශාක, මීවන හා සිකැඩ් ශාක තවත් විකාශනය වීම.
☘️ජුරාසික් අවධිය - මේඩින්හෙයා ශාක හා සිකැඩ් ශාක බහුලව තිබීම. මෙය #සිකැඩ් ශාක වල යුගය ලෙස හැඳින්වීම.
☘️ක්‍රිටේෂියානු අවධිය - මුහුදේ බොහෝ මුහුදු හතු දක්නට ලැබීම. මැග්නෝලියා හා අත්තික්කා ගස් වලට සමාන සපුෂ්ප ශාක තිබීම.
☘️පේලියොසීන අවධිය - පලා ශාක, සපුෂ්ප ශාක හා තෘණ වර්ග බොහෝ වීම.
මූලාශ්‍රය - රණවීර, එස් හා රණවීර, ආර්. (2003). පාසල් විශ්වකෝෂය. වාසනා ප්‍රකාශකයෝ.
© Anthro World
තවත් කෙනෙකුට බලන්න ශෙයාර් කරන්න...❤️
{මෙම ලිපියෙහි අයිතිය Anthro World ෆේස්බුක් පිටුවෙහි කර්තෲ මණ්ඩලය සතු වන අතර, කර්තෲ මණ්ඩලයේ අවසරයකින් තොරව කිසිදු කරුණක් උපුටා ගැනීම(Copy and Paste), වෙනස් කිරීම හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා වල පලකිරීම තහනම්}
05/07/2021
ලොව උඩුයටිකුරු කළ විද්‍යාඥයෝ - 07
සර් ඉයන් විල්මට්
වර්ෂ 1997 දී ක්ලෝනිකරණයෙන් ලොවට ප්‍රථම වතාවට බිහිකළ 'ඩොලී' නම් බැටළුවා දායාද කළ තාක්ෂණික ශිල්පියා මොහුය. මෙම බැටළුවා බිහිකිරීමට ගත් උත්සාහ 266 වාරයක්ම අසාර්ථක වී ඇති අතර එය එසේ වන්නේ සත්ත්ව ක්ලෝන ලබා ගැනීමේදී නොසිතූ විරූ ලෙස වැරදී ගොස් කළල විනාශ වීමට වැඩි ඉඩකඩක් පවතින බැවිණි. කෘතීමව ඇතිවන කළල විලින් 98%ක්ම ගර්භාෂයක පිළිසිඳ නොගැනීමෙන් හෝ ගර්භාෂයක වර්ධනය වීමේදී හෝ උපත ලැබීමේදෘ විනාශයට පත්විය හැක.
එමෙන්ම උපතින්ම වයස්ගත පෙනමකින් යුතු වන මොවුන් රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවද අඩුය. කෙසේවෙතත් ඉයන් මහතා සත්ත්ව ක්ලෝන ලබා ගැනීම මහත් අපරාධයක් සිදු කිරීමක් හා සමාන යැයි පෙන්වා දී ඇත.
© Anthro World
තවත් කෙනෙකුට බලන්න ශෙයාර් කරන්න ❤️
{මෙම ලිපියෙහි අයිතිය Anthro World ෆේස්බුක් පිටුවෙහි කර්තෲ මණ්ඩලය සතු වන අතර, කර්තෲ මණ්ඩලයේ අවසරයකින් තොරව කිසිදු කරුණක් උපුටා ගැනීම(Copy and Paste), වෙනස් කිරීම හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා වල පලකිරීම තහනම්}
03/07/2021
ඇතැම් ඉංග්‍රීසි වචන සඳහා සිංහල භාෂාවේ නිසියාකාර තේරුම් දක්නට නොලැබීමෙන් අප බොහෝ අවස්ථාවල ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙමු. එවැනි ගැටළුකාරී අවස්ථාව කීපයක් පිළිබඳ "Anthro World" විග්‍රහය
[email protected]_shutterstock.com
Like ☑️ Comment ☑️ Share ☑️
© Anthro World
02/07/2021
ඇතැම් ඉංග්‍රීසි වචන සඳහා සිංහල භාෂාවේ නිසියාකාර තේරුම් දක්නට නොලැබීමෙන් අප බොහෝ අවස්ථාවල ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙමු. එවැනි ගැටළුකාරී අවස්ථාව කීපයක් පිළිබඳ "Anthro World" විග්‍රහය
Like ☑️ Comment ☑️ Share ☑️
© Anthro World
28/06/2021
ලොව උඩුයටිකුරු කළ විද්‍යාඥයෝ - 06
විලියම් හාවි - (1578 - 1657)
එංගලන්තයේ ෆොක්ස්ටන් හි වර්ෂ 1578 ක්වූ අප්‍රේල් මස පළමුවන දින උපත ලද මෙතුමා බටහිර වෛද්‍ය විද්‍යාවේ විප්ලවීය සොයාගැනීමක් වන "රුධිර සංසරණ පද්ධතිය" සොයාගන්නා ලදී.
• 1628 දී රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව ඔහු ඉදිරිපත් කළ මතය හේතුවෙන් සාම්ප්‍රදායිකව මිනිස් සිරුරේ රුධිරය පිළිබඳව පිළිගෙන තිබූ මත බැහැර වී නිවැරදි මතය ස්ථාපිත විය.
• රුධිර ධාවනය පිළිබඳව කේශනාලිකා වලින් රුධිරය ගමන් කරන බව පෙන්වා දී ඇත.
• හෘදය සෑම ස්පන්දන වාරයකදීම ලේ අවුන්ස දෙකක් පිට කරන අතර දිනකට ලේ ගැලුම් 1500ක් පමණ බෙදා හරින බවද හෙතෙම සොයා ගෙන ඇත.
• කලල වේදය හා ප්‍රසූත විද්‍යාව පිළිබඳව ද මහඟු මෙහෙවරක් කර ඇති අතර පර්යේෂණ මත ජීව විද්‍යාවන් දියුණු කිරීමෙහිලා පුරෝගාමියකු ලෙස මොහු හැඳින්විය හැක.
© Anthro World
තවත් කෙනෙකුට බලන්න ශෙයාර් කරන්න ❤️
{මෙම ලිපියෙහි අයිතිය Anthro World ෆේස්බුක් පිටුවෙහි කර්තෲ මණ්ඩලය සතු වන අතර, කර්තෲ මණ්ඩලයේ අවසරයකින් තොරව කිසිදු කරුණක් උපුටා ගැනීම(Copy and Paste), වෙනස් කිරීම හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා වල පලකිරීම තහනම්}
28/06/2021
ලොව උඩුයටිකුරු කළ විද්‍යාඥයෝ - 05
ඇල්ෆ්‍රඩ් වොලස් - (1829 - 1913)
නිරීක්ෂණ මත පදනම්ව ස්වභාවික වරණය ජීව පරිණාමයේ පදනම ලෙස විග්‍රහ කළේය. ඩාවින්ට සමාකාලීනව අප්‍රිකානු මහද්වීපයේ මැඩගස්කරය, නැගෙනහිර ඉන්දීය දූපත් ආශ්‍රයෙන් නිරීක්ෂණය කරනු ලැබූ ජීව පරිණාමයට අදාල කරුණු වර්ෂ 1858 දී ඩාවින්ට එවමින් ඒවා ලිනියන් සංගමයටද යැවීය. වොලස්ගේ මතය ඩාවින් පරිණාමය පිළිබඳ ගොඩනැගූ මතයම විය. ඩාවින් හට වර්ෂ 1859 දී ඔහුගේ කෘතිය එළි දැක්වීමට හේතුවූයේද වොලස්ගේ කෘතියයි.
© Anthro World
තවත් කෙනෙකුට බලන්න ශෙයාර් කරන්න ❤️
{මෙම ලිපියෙහි අයිතිය Anthro World ෆේස්බුක් පිටුවෙහි කර්තෲ මණ්ඩලය සතු වන අතර, කර්තෲ මණ්ඩලයේ අවසරයකින් තොරව කිසිදු කරුණක් උපුටා ගැනීම(Copy and Paste), වෙනස් කිරීම හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා වල පලකිරීම තහනම්}
Click here to claim your Sponsored Listing.