Legendary Music Director R. Muthuswamy Master
Music Director, Composer, Music Arranger, Singer,
Musician
14/04/2026
To all our Sinhala & Hindu families, relatives, neighbors, and dear friends…Wishing you a very Happy Sinhala & Hindu New Year! May this beautiful season bring you endless joy, prosperity, good health, and success in the year ahead.❤️
May your days be filled with happiness, laughter, and cherished moments with your loved ones.
With lots of love and warm wishes,
Keerthica Neeliya Muthuswamy & Family 💛🙏💜🙏❤️🙏
26/02/2026
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් අද දින සම්භාවනීය ලෙස සංවිධානය කළ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දන ප්‍රණාම උළෙල - 2026/02/24 🙏
අපගේ සංගීත ලොවේ මහා පෞරුෂයකුට ගෞරව පුද කළ
අතිශය සුන්දර, සන්සුන් හා හෘදයාංගම අවස්ථාවක් විය. 🙏✨
1972 වසරේ තිරගත වූ අද මෙහෙමයි චිත්‍රපටයේ, ආචාර්ය වික්ටර් රත්නායක ශූරීන්ගේ මධුර හඬින් සදා ජීවමාන වූ “දැල්වු පහන් නිවී ගියා අන්ධකාරයේ” ගීතය, මගේ ආදරණීය පියාණන් වූ ආර්. මුත්තුස්වාමි මාස්ටර්ගේ සංගීතයෙන් අලංකාර වූ අමරණීය නිර්මාණයකි.❤️🙏
ඒ වාසනාවන්ත මොහොතේ එම අභිනන්දන උළෙලට එක් වීම මගේ ජීවිතයේ සුවිශේෂී,
මතකයේ සදා රැඳෙන,
අතිමහත් ආශීර්වාදයක් ලෙස මම සදා සලකමි. 🙏✨🙏
31/12/2025
30/12/2025
1953 මාර්තු 27 දින තිරගත වූ “ප්‍රේම තරඟය” චිත්‍රපටයෙන් සිනමා සංගීතයේ නව යුගයක් ආරම්භ කළ සංගීත අධ්‍යක්ෂක ආර්. මුත්තුස්වාමි මාස්ටර්ගේ සංගීතයට, ශ්‍රී ලාංකීය ජන හදවත් මුළුමනින්ම වසඟයට ගත් ප්‍රවීන ගායිකා ලතා වල්පොල මහත්මියගේ ඒ මධුර හඬ අදත් අපේ හදවතේ සදාකාලිකව රැදේ. එතුමිය ගායනා කළ ගීත අපේ ජීවිතවලට බැඳුණු සෙනෙහස, වේදනාව, ආදරය, බලාපොරොත්තුව — ඒ සියල්ල ඒ හඬ තුළ ජීවමාන වුණා. ❤️
මගේ ආදරනීය පියා සංගීත අධ්‍යක්ෂක ආර්. මුත්තුස්වාමි මාස්ටර් නිසා දැන හැඳින ගත් ආදරනීය ලතා ආන්ටි ඇතුළු එතුමියගේ ආදරනීය පවුලත්, අපගේ පවුලත් අතර තිබුණේ ඉතාම ළඟ, ආදරණීය සම්බන්ධයක්. එතුමිය සැමවිටම කරුණාවන්ත, සෙනෙහෙබර, සිනාවෙන් පිරි චරිතයක්.❤️
එතුමියට මෝක්ෂ සුවය ලැබේවා. 🕊️
04/11/2025
Derana Dream Star Season 12 top 06
මගේ හදවත්ගත ස්තූතිය ❤️🎶
Derana Dream Star Season 12 විශේෂ වැඩසටහන මගින් ශ්‍රී ලාංකීය සිනමා හා සංගීත උරුමයේ දීප්තිමත් පූර්වගාමියෙකු වූ මගේ ආදරණීය පියාණන් ආර්. මුත්තුස්වාමි ශූරීන්ගේ අමරණීය නිර්මාණයන් යළිත් ජනහද තුළ ගැයුනි.🎼🎤🙏
මෙම අර්ථවත් උත්සාහය මගින් ශ්‍රී ලාංකික ජනතාවටත් ලෝකයටත් මගේ පියාණන්ගේ සංගීත උරුමය නැවත මතක් කළ අතර, ඔහුගේ ගීත සදාකාලිකව අපගේ හදවත තුළ ගැයෙයි.🎼🎤🎹🎼
2025-11-01 (සෙනසුරදා) 2025-11-02 ( ඉරිදා) දින සහභාගි වන ලෙස ආරාධනා කළ ටීවී දෙරණේ සහකාර කළමනාකරු කැලුම් දර්ශන මහතාට, නිෂ්පාදක මහතාට, Derana Dream Star විනිශ්චය මණ්ඩලයට, වාදක මඩුල්ලට, දෙරණ කණ්ඩායමට, නිවේදකයන්ට, Creative Focus Photography සහ Dream Star Season 12 Top 06 කණ්ඩායමේ සියලුම තරගකරුවන්ට සුබ පතමින් මගේ ගැඹුරු හා හදවත්ගත ස්තූතිය පළ කරමි.🙏
ඔබ සැම මගේ පියාණන්ගේ සදාතන සංගීත උරුමයට ගෞරව දැක්වූ අය ලෙස — අප පවුලේ සියලු දෙනාගේ හදවතින්ම ස්තුතිය🙏
Click here to claim your Sponsored Listing.