Day By Day

Day By Day

Share

will be better Day By Day

04/01/2026

කිරි උතුරන පළමුදාව ,

පොඩි කාලෙ ඉදල අපි හැමොටම එක එක විදිහෙ dream jobs තියෙනවා. මටත් ඒවගේ ගොඩක් dream jobs තිබුනා. මන් ඒවගේ සිහින අතරින් පීරල පීරල අන්තිමට එක තැනක නවතිනවා. ඒ තමයි කියල මන් දැන් ඒක ගැන කියන්න ලෑස්ති නැහැ. මොකද ඒ හීනේ මට තව ගොඩක් දුරින් තියෙන් එකක් නිසා.

හැබැයි මන් මගෙ පලමු රැකියාව ඇතුලෙ යම් විදිහක අකමැතක් තිබුනු නිසාත් ජීවිතේ සමහර දේවල් මට එපා උනත් කරන්න වෙන නිසාත් මන් මාස හයකට පස්සෙ එයට විවේකී බවක් එක් කලා.

පසුවට මන් ආසම විදිහෙ රැකියා සොයමින් ගත කල කාලය මගෙ ඇතුලෙ රැකියා විරහිත විවේකය නිසා ඇති වූ පීඩාකාරි බව මම හොද හැටි තේරුම් ගනිමින් හිටි මොහොතක ලැබුනු අමුතු අරුම තැනක මම නැවතුනා. නිවීසැනසිල්ලෙ හිතල බලනකොට නොදැනිම අවුරුදක් ගත වෙන්න කිට්ටුව අලුත් අවුරුදක් අලුත් විදිහට සමරන්න ඒ වටිනා තැන වටිනා පිරිසක් එක්ක මට පුලුවන් උනා.

ඉගෙන ගන්න ජාති ගොඩක් අස්සේ පීඩනය දාරා ගනිමින් වැඩක් කරන්න ඉගෙන ගන්න පුලුවන් වෙන එක තමයි හොදම වැඩේ. දිග දවස් ලස්සන ගෙවල දාන්නෙ මේ ඉන්න පිරිස එක්ක නේද කියල හිතන ගමන් ලස්සන පළමුදාව මොහොතකට නවත්තන්න පුලුවන් උනා නම් මට ඕනි මේ ඉතිරෙන කිරි දිහා බලාගෙන ටික වෙලාවක් බිම ඉදගෙන ඉන්න. හැබැයි ගතවෙලා ඉවර ලස්සන දවස් වල සුන්දර මතක අරන් අපි ඉස්සරහට ඇවිදගෙන යන්න ඕනි.

පළමුදා ගෙවිල අද 4. එහෙම තමයි කාලය ගත වෙනවා ලස්සන මතක අපි අරගෙන යමු. අමිහිරි මතක විසි නොකර ඒවගෙන් පාඩම් ඉගෙන ගමු.

එහෙනම් ඔයාටයි මටයි දෙන්නටම කිරි ඉතිරෙන ලස්සන 26ක් වේවා!

ස්තුතියි!
IMPAS මේ අවුරුද්ද ඔයා එක්ක සමරන්න මටත් අවස්ථාවක් දුන්නට.
දවසින් දවස අලුත් දේවල් එක්කහු වෙලා ඔයා ලස්සන වෙන හැටි බලන් ඉන්න ආසයි.
ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දෙ ලස්සනට හැඩවෙන්න තව තව ලැබේවා !

07/02/2025

Good Morning!

අපේ ජීවිතේ දවසින් දවස මොහොතින් මොහොත අලුත් වෙනවනේ.
මගේ ජීවිතෙත් ඒවගේම අලුත් මොහොතක් අත්විඳින ගමන් තමයි ඉන්නේ.
ඉස්සරහට ඒ ගැන විස්තර මම ඔයාලට අරන් එන්නම්කෝ.

එතකන් ඉක්මනට ලස්සන වීඩීයෝ එකක් අරන් එන්නම් හොදේ.

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo