Lankacomics.com

Lankacomics.com

Share

A PAGE FOR THE LIFE STORIES OF COMIC ARTISTS.

Mage Sithe Ran Mala Obai 15/11/2025

https://www.youtube.com/watch?v=IifyFGBYl3Q

Mage Sithe Ran Mala Obai Historical Song Mage Sithe Ran Mala Obai.Lyrics - Priyanka Amaratunga # Sri Lanka # India

24/03/2025

සුබ උපන් දිනයක් වේවා...

Photos from Lankacomics.com's post 17/03/2025

සරත් මහින්දසිරි කලාකරුවා....

කන්ද උඩරට ගම්පොළ, අන්ගම්මන නම් ගම් පියසේ 1952 උපන් සරත් මහින්දසිරි නම් කලාකරුවා සිප්සතර හදාරා ඇත්තේ වැවතැන්න මහා විද්‍යාලයෙන් සහ ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඔහු කුඩා කළ පටන්ම චිත්‍රකලාවට හපන්කම් දක්වා ඇති අතර පාසල් අවධියේ දී චිත්‍රතරඟවලින් ජයග්‍රහණ රාශියක් ද ලබා ඇත. සරත් මහින්දසිරි පාසල් ශිෂ්‍යයකුව සිටියදීම නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් සිතුවමට නැගීමට තරම් වාසනාවන්තයකු විය. ඔහුට මෙම හැකියාව ලැබී ඇත්තේ චිත්‍ර ඇඳීමට දක්ෂයකු වූ සිය පියාගෙනි. 1976 අප්‍රේල් 01 වෙනිදා සරත් මහින්දසිරි ලිපිකරුවකු ලෙස රාජ්‍ය සේවයට එක් වූ අතර ඔහුගේ පළමු පත්වීම ලැබී ඇත්තේ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටයි. විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන්ගේ සහ ආර්. ප්‍රේමදාස මහතාගේ සිතුවම් සහිතව ඔහු විසින් තේ කුඩු වලින් නිර්මාණය වූ තොරණ රාජ්‍ය නායකයින්ගේ ප්‍රසාදයට සහ අවධානය දිනා ගැනීමට සරත් මහින්දසිරි සමත් වීය.

චිත්‍ර පිළිබ‍ඳව තවදුරටත් ඇති ආශාව නිසාම ෙසෟන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සරත් අදහස් කළ අතර, ඒ අනුව ඔහු ෙසෟන්දර්ය විශ්ව විද්‍යාලයට තේරී පත් විය. ඒ අනුව නුවරඑළියේ සිට කොළඹට මාරුවීමක් ලබා ගෙන පැමිණිය ද, රාජ්‍ය සේවයේ නිරත වීම ෙසෟන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට බාධකයක් වී ඇත. අනත් දරු විශ්‍රාම කාර්යාලයේ සේවයේ නියුතුව සිටි අවධියේ දී සුගත් වටගෙදර මහතා මුණ ගැසීමෙන් සරත්ගේ ජීවන ගමන වෙනස් මගකට යොමු වීම ඔහුගේ ජීවිතයේ ලද සුවිශේෂ ජයග්‍රහණයකි. එවකටඉතා ජනප්‍රිය චිත්‍රකතා පුවත්පතක් වූ ‘‘සතුට‘‘ පත්‍රයට චිත්‍රකතාවක් නිර්මාණය කිරීමට අවස්ථාව උදා වී ඇත්තේ සුගත් වටගෙදරයන්ගේ මග පෙන්වීම මතයි. ලේක්හවුස් ආයතනයේ දී ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මසිරි ගමගේ මහතා හමු වීම සරත්ගේ චිත්‍රකතා නිර්මාණය කිරීමේ ගමන් මග තව තවත් එළි පෙහෙළි කර ගැනීමට ඉමහත් පිටුවහලක් වීය.

විජය පුවත්පත් ආයතනයට සරත් මහින්දසිරි යොමු කර ඇත්තේ ද ධර්මසිරි ගමගේ මහතා විසිනි. එහි දී පර්සි ජයමාන්න, ටී. බී. සුබසිංහ, දෙල්තොට චන්ද්‍රපාල වැනි පුවත්පත් ලොවේ ප්‍රවීණයන්ගේ ඇසුරත් සමග වටිනා උපදෙස් ලබා ගැනීමට ඔහුට හැකිවිය. දයා රාජපක්ෂ, පී. වික්‍රමනායක වැනි ජ්‍යෙෂ්ඨ චිත්‍රශිල්පීන්ගේ ඇසුර නිසා සරත්ගේ ගමන් මග තවත් ආලෝමකමත් වීය. චිත්‍රකතා ලොවේ ජයකෙහෙළි නැංවීමට සරත් මහින්දසිරි සමත්වූයේ ඔවුන්ගේ මග පෙන්වීම සහ සුහද ඇසුර නිසා බව කිව හැකිය. දිනමිණ, මධුර, සිළුමිණ, විජය, සතුට, සිරිකත, සුරතලා, තරුණයා, ලංකාදීප, සත්මිණ, දිමුතු, සිත්තරු, විජය සතුට, වැනි පුවත්පත් රාශියකට චිත්‍රකතා නිර්මාණය කිරීමට සරත් මහින්සිරි වාසනාවන්ත විය. ඔහුගේ චිත්‍රකතා කිහිපයක්ම ටෙලි නාට්‍ය බවට ද පත්විය.

වසර 2005 දී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලත් සරත් මහින්දසිරි, විහාර චිත්‍රකලාවේ බිතුසිතුවම් නිර්මාණය කිරීමටත්, මූර්ති, පැරණි බිතු සිතුවම් සහ මූර්ති ප්‍රතිසංස්කරණය කිරීමට මෙන්ම මියුරල් සහ බිත්ති සැරසිලි නිර්මාණය කිරීමටත් යොමු විය. විහාර බිතු සිතුවම් කලාවේ නිරතව සිටි සරත් ගේ සමීපතම මිතුරකු වන ටෙනිසන් ප්‍රේමරත්නයන්ගේ ඇරයුමෙන් පන්සල් බිතු සිතුවම් කලාවට යොමු වී ඇත.

ජීවිතයේ සැඳෑසමයේ දී ද පූර්ණ කාලීනව පන්සල් බිතු සිතුවම්, මූර්ති, මියුරල් නිර්මාණය කිරීමට කැපවී සිටි සරත් මහින්දසිරිගේ තෙළිතුඩින් විහාර බිතු සිතුවම් නිර්මාණය කිරීමට ලැබීම ඔහු ලද පුණ්‍යකර්මයකි. ජීවිතයේ සැදෑ සමයේදී විවිධ අසනීපයන් ගෙන් වුවද සිය ආදරණීය බිරිඳ වසන්ති, දියණියන් තිදෙනාත් බෑණනුවන් දෙදෙනාත් සමගින් සතුටින් දිවි ගෙවූ සරත් මහින්දසිරි කලා කරුවා වසර 73 ක් ආයු වළඳා, වසර 2025 මාර්තු මස 16 වන දින සිය දිවියෙන් සමුගත්තේය. සරත් මහින්දසිරි කලා කරුවාණන්ට උතුම් වූ අමාමහ නිර්වාණ සුවය අත්වේවා...!

මහනුවර ලලිත් බී සමරකෝන්

(කරුණු උපුටා ගැනීම සිත්තරු ඇඳි රූ සංග්‍රහය)
වර්ණ පින්තූර නිමන්සා වෙතින්.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

COLOMBO
Colombo