𝗨𝗻𝗹𝗶𝗺𝗶𝘁𝗲𝗱
Learning, growing, and evolving. වෙනස්ම විදියට ජීවිතය විදින අපේ කලාවේ සීමා මායිම් නැතිඅලුත්ම ගමනකට එකතු වෙන්න අපි එක්ක
වාහන ඉල්ලුම සීඝ්‍රයෙන්
පහලට 🚗
12/06/2026
ඔය පින්තූරේ දකුණු පැත්තේ කොනේ රතු පාට කමිසයක් ඇඳන් ඉන්න මනුස්සයා දන්නවද....??
ඔය් ටොරිංටන් ග්‍රවුන්ඩ් එකේ පඩිපෙලේ ඔය ඉන්න මනුස්සයා දැන් අවුරුදු කීපයකට උඩදී... ඒ කියන්නේ.. තමන්ගෙ පුතාව ලෝක වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතාවට යන්න හරි වෙලාවට වීසා නොලැබුණු දරුවෙක් ගේ තාත්තා කෙනෙක්...
හරියටම කියනව නම් 2022 දී.. දන්නවද අන්තිම වෙලාවේ වෙන්න ඕනේ ඔක්කොම දුක් කඳුලු අම්මලාගේ තාත්තලගේ වේදනා මැද්දේ ඒ තාත්තා ගේ පුතාට... මේ තරගාවලියට යන්න පුලුවන් වෙනවා... 🇱🇰
මේ අපේ රටේ බහුතරයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ දෙමව්පියන් ගෙ කඳුලු කතා.. මේක අවුරුදු ගාණක් තිස්සේ මගෙ ළඟ තිබ්බ පින්තූරයක් ....
අද ඒ ඉන්න තාත්තගේ පුතාව මුළු ලෝකෙම දන්නවා... එදා ඒ මහන්සිය නොවුණා නම්... අද උඹලට... ලෝකේ අංක එකේ Javelin Thrower කෙනෙක් නැතිවෙන්න තිබ්බා... 🇱🇰🥺
මේ ඉන්නේ ඒ වීරයා... රුමේෂ් තරංග ගේ තාත්තා...
තුෂර ප්‍රේමකීර්ති... ඒ වගේම මේ වටේ ඉන්න ගොඩක් දෙමාපියන් ඒ දුක් වේදනා වින්ද අය... මේ වගේ කොච්චර රටේ ක්‍රීඩාවට කුඩම්මා සැළකිලි ලැබෙනවා ඇත්ද...
අද ඒ මහන්සියේ ප්‍රතිඵල රටක් දකිනවා.. 🇱🇰🫡
ඒ මව් පිය වරුන්ට උපහාරයක් වේවා...🇱🇰
උපුටාගැනීම
චතුර රණසිංහ
08/06/2026
මේජර් ජනරාල් තුවාන් සුරේෂ් සලේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් තුවාන් සෙල්වින් සලේ යන ශ්‍රේෂ්ඨ රණවිරුවන් දෙපලට උපත දුන් මෑණියන් ඇයයි..
මේජර් ජනරාල් සුරේෂ් සලේ පිරබාහරන් ඇතුලු ත්‍රස්ත කල්ලිය නන්දිකඩාල් වලදී අවසන් කරන්නට හමුදා බුද්ධි අංශයේ දශක ගණනක් සේවය කර වීරෝදාර ලංකා පුත්‍රයෙක් ලෙස අභිමානනීය සේවයක් කල රණවිරුවෙක්..
එතුමාගේ බාල සොයුරා මේජර් සෙල්වින් සලේ යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ අප්‍රතිහත කැපකිරීම් කරමින් රට වෙනුවෙන් දිවි නොතකා සටන් කල උදාර ලංකා පුත්‍රයෙක්...එතුමා සුප්‍රසිද්ධ "මන්නකුලම් සටන කමාන්ඩෝ ඇසින් - සතුරා ඉදිරියේ දණබිම නොගැසූ කමාන්ඩෝ විරුවන්ගේ සත්‍ය කතාව" නම් ග්‍රන්ථයේත් තවත් ලක් යුධ ඉතිහාස ග්‍රන්ථවලත් කතුවරයායි..
ලංකා මැලේ ජාතිකයන් ශ්‍රී ලාංකීය ජාතියත්
මාතෘභූමියේ ඒකීය භාවයත් ස්වෛරීත්වය වෙනුවෙනුත් බොහෝ කැපකිරීම් කල දිවිපූජා කල
පුරවැසියන් පිරිසක්..
මේ සලේ පවුලත් පරම්පරා තුනක් පුරාවට ශ්‍රේෂ්ඨ රණවිරුවන් රැසක් තිළිණ කල මාතෘභූමිය වෙනුවෙන් කැපකිරීම් කල රටට ජාතියට ණය නැති පවුලක්...
නිර්ලජ්ජීත නිවට මාලිමා ආණ්ඩුව තමන්ගේ කූඨ දේශපාලන න්‍යාය පත්‍රයක් ඉටු කරගැනීමට අභූත චොදනා නගමින් අද මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සහ ඒ පවුලේ සාමාජිකයන්ව අසාධාරණ ලෙස අසරණ කර විවිධ තාඩන පීඩනවලට ලක්කර තිබෙන මොහොතක, හෘදසාක්ෂියට එකඟ කළගුණ දත් දේශමාමක ජනතාව ඔවුන් අත්නොහැර ඔවුන් සමඟ එක්ව සිටගැනීම ගැන ඇත්තේ ආඩම්බරයක්..
දේශපාලනයෙන් අන්ධ වූ මැරී ඉපදුනු ති.රි.සන් මාලිමාවේ කිලිටිශෝධකයන්ගේ නොසරුප් වදන් අලුයම ලූ කෙල පිඩක් සේ ඉවත විසිකර
දිගින් දිගටම රණවිරු සලේ පවුලේ සාමාජිකයන් සමඟ එකාවන්ව එකට සිටගත් සියලු දේශමාමක සිංහලයන්ට අපගේ උත්තමාචාරය 🙏
මාතෘභූමිය උත්තරීතරයි... 🇱🇰
-මාලින්ද ඩයස්-
#ජෙබයිටිපර්කරණය
පසු ලිවීම..
මේ දෙසොහොයුරන්ට අමතරව ඔවුන්ගේ බාල සහෝදරයාත් (මේජර් ජනරාල් රමේෂ් සලේ- යුද්ධ හමුදා පොලිසිය) ශ්‍රී ලංකා යුධ හමුදාවේ රණවිරුවෙක් බව දැනගන්නට ලැබුනා..ඒ කියන්නේ මේ උදාර මවුතුමිය තමන්ගේ සියලු පුතුන් ලක්දෙරණේ උස් නිදහස වෙනුවෙන් කැපකල වීරෝදාර මවක්..එතුමියට දීර්ඝායුෂ වේවා!!
08/06/2026
දිරවගන්න බැරි අය කියන ඒවා කවුද ගණන් ගන්නේ🫶🏻
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
10100