Sithira Dabare

Sithira Dabare

Share

Owner & Founder @ BestTeacher.lk

21/09/2024

රට හදන්න තියෙන උනන්දුවට නින්ද යන්නෙත් නැති නිසා මෙහෙම ලියන්න හිතුනා 🙈

මගේ මිතුරු ලැයිස්තුවේ බහුතරයක් ඉන්නේ බිංදුවෙන් පටන් අරන් තමන්ගේ උත්සහයෙන් සහ මහන්සියෙන් ජීවිතය ජයගන්න වෙර දරන සහ තමන් අවට ලෝකය යහපත් ලෝකයක් කරන්නට සිහින දකින පිරිසක්🙏

මෙවර ජනාධිපතිවරණය කවුරුන් ජයග්‍රහණය කලත් ඔබේ ජීවිතය ඔබ විසින්ම ගොඩනගාගත යුතුය.
වංචාවෙන් දූශනයෙන් තොර යහපත් රාජ්‍ය නායකයෙකු බිහිවුවහොත් ඔබේ සහ පොදු මහජනතාවගේ ජීවිතය ගොඩනගා ගැනීමට ඉන් යම් පිටුවහලක් ලැබෙන බව නොරහසකි.
නමුත් පැවැති තත්වය යටතේ වුවද තම උත්සහයෙන් සහ කැපවීමෙන් තමන්ගේ ජීවිතය ගොඩනගාගත් මිනිසුන් ඕනෑතරම්ය.
බිංදුවෙන් පටන් අරන් ලංකාවේ සහ ලෝකේ ඉහලටම ගිය මිනිස්සු ගැන මං මීට කලිනුත් කියලා තියෙනවා.
ඔවුන් බහුතරය තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නවා සේම තමන්ගේ පවුල සමාජය රට ලෝකේ ගොඩනැගීමට මහන්සිවෙනවා.
උත්සහවන්ත මනුස්සයා ඕනෑම තත්වයක් තුල තම ජීවිතය ජයග්‍රහණය කරා මෙහෙයවනවා. කම්මැලියා කොතරම් යහපත් දේශපාලන,සමාජ තත්වයක් තුල වුවද කිසිවක් නොකර සියල්ල ලැබෙනතුරු බලා සිටුනු ඇත.🥶

මීට අවුරුදු දහයකට විතර කලින් මගේ පුංචි ලෝකේ මං දැනගෙන හිටපු දුප්පත්ම මනුස්සයා මං. 😋 මං අදුරන දන්න කියන මගේ අවට හිටපු කිසිම කෙනෙක් මට වඩා දුප්පත් උනේ නෑ. 😁
හැබැයි දැන් මගේ ලෝකේ පොහොසත්ම මනුස්සයා මං 😜 මාව සහ මගේ අවට ඉන්න අය සතුටින් තියන්න පුලුවන් හැමදේම මං කරනවා. 💛

මතක ඇති කාලේ ඉදලම මට ඕනේ උනේ ජීවිතය ජයගන්න.
පහුගිය අවුරුදු දහයේ මේ රට පාලනය කල කිසිම එකෙකුට බැරිඋනා මං මගේ ජීවිතය ජයගන්න එක නවත්තන්න. 😝

ඒක නිසා මෙවර මැතිවරණය කවුරුන් ජයග්‍රහණය කලත් ඔබගේ ජීවිතය ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම ඔහුට භාරදෙන්න එපා.
ඔබේ ජීවිතය ජයග්‍රහණය කරා මෙහෙයවීම ඔබ සතු කාර්‍යයයක් බව මතක තබාගන්න. එවිට ඔබේ පවුල ඔබ අවට සමාජය රට ලෝකේ ජයග්‍රහණය කරා මෙහෙය වීමේ නියමුවා බවට පත්වීමට ඔබට හැකියාව ලැබැනු ඇත.

Photos from Sithira Dabare's post 09/08/2023

Meeting with Mayors of South Asian cities 🇧🇩🇮🇳🇵🇰🇱🇰

26/02/2021

වසර 7ක් තුල "තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය"
තනි හා කුඩා කණ්ඩායම් පන්ති 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවමින්,මේ දක්වා 100% ක සමත් ප්‍රතිශතයක් හා 75% කට වැඩි ප්‍රතිශතයකට විශ්ව විද්‍යාල වරම් හිමිකර දුන්,
යුගයේ පෙරලිකාරම තර්ක ශාස්ත්‍රය පන්තිය.
2021 / 2022 උසස්පෙළ තනි හා කුඩා කණ්ඩායම් පන්ති සදහා සීමිත සිසුන් පිරිසක් පමනක් බදවා ගැනේ.
0712875125

12/02/2020

සල්ලි😱❤️
සමහරුන්ගේ ස්වාමියා, තවත් සමහරුන්ගේ සේවකයා.
සමහරු සල්ලි හම්බුකරනවා,සමහරු සල්ලි හදනවා
( Earn money☹️ & Make money ❤️)
පුන්චි කාලේ ඉදලම අපිට පුරුදු කරන්නෙ ඉගෙන ගෙන රස්සාවක් කරලා සල්ලි හම්බුකරන්න. නැත්තම් භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරලා සල්ලි හම්බුකරන්න.☹️
මන් ඉගෙන ගත්ත ආර්ථික විද්‍යාවක් නෑ.
ඒත් මට මතක ඇති කාලේ ඉදලම ඕනේ උනේ සල්ලි කීයක් හරි හම්බුකරගන්න.
ස්කෝලෙ ගාව කඩෙන් රුපියලට අරන් එන DayCards ගෙවල් පැත්තෙ කොල්ලොන්ට රුපියල් දෙකට විකුනනකොට මං හතර වසරේ,25ට ගන්න මුරුක්කු පැකට් එක ගොටු 6කට ගහලා එකක් පහකට විකුනනකොට මන් 5 වසරේ.🙂 ඒ කාලෙම වගේ මාලු ඇතිකරලා විකුනන එකත් සරුවටම කෙරුනා.😍
සරුංගල් කාලේට සරුංගල් හදලා විකුනලා,වෙසක් කාලෙට වෙසක් කූඩුවක් හදලා විකුනලා,අතට අහුවෙන යකඩ කෑල්ලක් බෝතලයක් උස්සන් ගිහින් බෝතල් පත්තර කඩේට විකුනලා.තව ගොඩක් දේවල් කරලා😳 මං සල්ලි හම්බුකරා💪
ඒත් පහුවෙනකොට මට තේරුනු දේ තමයි ලෝකේ 95% ක් කරන්නේ සල්ලි හම්බුකරන එක.ඒත් ලොකේ තියෙන සල්ලි වලින් 5% යි ඒගොල්ලො ගාව තියෙන්නේ. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 5% යි සල්ලි හදන්නෙ( Make Money ) , ඒත් ඒගොල්ලො ගාව ලොකේ තියෙන සල්ලි වලින් 95% ක් තියෙනවා😳 ඉතින් ඇයි මං තවදුරටත් සල්ලි හම්බුකරන්න මහන්සිවෙන්නෙ?
ඔබ භාණ්ඩයක් හෝ සේවාවක් සපයලා සල්ලි හම්බුකරනවනම් එම භාණ්ඩය හෝ සේවාව අවසන වූ විට ඔබට ්සල්ලි හම්බුවෙන්නෙ නැත.එහෙත් ඔබ සල්ලි හදන විදිය දන්නවනම් ඔබ නිදාගෙන හිටියත් සල්ලි ඔබ වෙනුවෙන් හැදෙනු ඇත.නැත්නම් වෙන කෙනෙක් ඔබ වෙනුවෙන් එය හදාදෙනු ඇත.🥰
ඔබ සල්ලි වෙනුවෙන් වැඩකරනවට වඩා සල්ලි වලට ඔබ වෙනුවෙන් වැඩ කරන්න ඉඩ දෙන්න.🧐
සල්ලි වලට ආදරේ කරන්න.නමුත් කෑදර නොවන්න.😅
සල්ලි හදන්න❤️ ( Make Money )

10/10/2019

ඔබට ඇති නැති පරතරය වටහා ගැනීමට අවශ්‍යද?
එහෙනම් අහන්න...
අතේ සතයක් නැතුව කොළඹ ආපු නවලෝක මුදලාලිගෙන්,
ගෙයක් ගෙයක් ගානෙ ගිහින් බෙහෙත් තෙල් විකුනපු සිද්ධාලේප ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ගෙන්,
ගෙවිච්ච සෙරප්පු දෙකක් දාගෙන කොළඹ ආපු බන්ඩාර දිසානායකගෙන්,
ඉන්න ගෙයක්වත් නැතුව ලෝකෙ ප්‍රබලම රටේ ජනාධිපති වෙච්ච බැරක් ඔබාමාගෙන්,
ජීවත් වෙන්න කඩේක තේ හදපු ලයනල් මෙසීගෙන්,
සත්තු වත්තක සතුන් බලාගත්ත ඒබ්‍රහම් ලින්කන්ගෙන්,
පෙට්‍රල් ශෙඩ් එකක තෙල් ගහපු මුකේෂ් අම්බානිගෙන් ...........
ඔවුන් ඔබට කියලා දෙයි ඇති නැති පරතරය අතර වෙනස

15/08/2019

Graduation.
LLB University Of Colombo

16/04/2019

මිනිස්සුන් ජීවිතේ අසරන වන අවස්ථා ඕනෑ ත‍රම් ය.😓
විවිද දාර්ශනිකයින් යැයි කියා ගන්නා අය මිනිසුන් අසරන වීමට හේතු ඕනෑ තරම් ඉදිරිපත් කර තිබේ.😮
කෙනෙක් එය ආර්ථිකය හා සම්බන්ධ කරයි.😂
තවකෙක් එය කර්මය හා සම්බන්ධ කරයි.😓
තවත් අය එය ලෙඩ රෝග හා සම්බන්ධ කරයි.😕
එමෙන්ම බොහෝ අය එය රට,ආගම,ජාතිය,ප්‍රදේශය,කුලය,හමේ වර්නය හා සම්බන්ධ කරයි. 😂
නමුත් මා දුටු භෞතික ලෝකය තුල මිනිසුන් අසරන වන අවස්තා දෙකකි.😮
එනම් තමා පුද්ගලයෙකු ලෙස ආකල්පමය වශයෙන් ශක්තිමත් නොවීම හා විකල්ප නොමැති වීමයි.😮
ඒ අතරින් වැදගත්ම එක විකල්පය.😮😂
මිනිසුන්ට විකල්ප ඇත්නම් අසරන නොවී සිටිය හැකිය.🙌
ඒත් අවාසනාවට බොහෝ මිනිසුන්ට විකල්ප නොමැත.තිබුනද ලෝකෙට,සමාජෙට බයෙන් තමා විසින්ම ගොඩනගා ගෙන ඇති රූකඩ ජීවිතය ගතකරමින් ඉපදුන නිසා මැරෙනකන් ජීවත් වේ.😭😭
එහෙත් ඉතා සුලු පිරිසක් තමන්ගේ ජිවිතය තමන්ට රිසි සේ රස විදිමින් ජීවත් වේ.😎
ඔවුන් කිසිදා අසරන වන බවක් මට සිතෙන්නේ නැත.ඒ ඔවුන්ට ප්‍රශ්න නැති නිසා නොව ඔවුන්ට සෑම ප්‍රශ්නෙකදීම විකල්පයක් ඇති බැවිනි.😆😅😂😮🙃❤
ප.ලි.
මම කැමති නෑ කොටු පනින මිනිස්සුන්ට😂
ඒත් මන් කැමතියි ට්‍රැක් පනින මිනිස්සුන්ට❤

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo