LUMOS SL

LUMOS SL

Share

✨ Creator of tiny enchanted worlds
🌿 Handmade whimsical miniatures
🌙 A little magic in every detail
🇱🇰 Sri Lanka

16/01/2026

අද අපි පොඩි සවාරියක් යමුද? 🍰❤

ඇස් පියාගන්නකො එහෙනම්...🍰❤

අතීත යුරෝපයේ කොටේජ් පන්නයේ කෝපි අවන්හලක් මවාගන්න, සුදු පැහැ ලේස් තිර දැමූ වීදුරු දොරක් ඇති, මදක් වියැකී ගිය නිල් කොල පැහැ රාක්ක පිරෙන්න අඩුක් කර ඇති ඇපල් පස්තෑල, විස්කෝතු, බනිස් මවාගන්න. ඉර බැහැගෙන යන හැන්දෑවක, දෙපස හයිඩ්‍රැන්ජියා මල් පිරුණු සුදු වැලි අතුල මාවතක් දිගේ, දවස නිමවී ගෙදර යන ඔයාට ඒ කහ පාටින් එලි‍ය වුණු මද අඳුරකින් යුත් කෝපි හල පහු කරගෙන යන්න හිත දෙන්නෙම නෑ නේද?🍰❤

ඉතින් කෝ අපිට හදිස්සියක්.. යමු ඇතුලට.

උණු කෝපි කෝප්පයක් එක්ක චීස් සැන්ඩ්විච් එකක් මේ වෙලාවට කදිමයි නේද? එක්කො විස්කෝතු?🍰❤
දැන් ඇස් අරින්නකෝ..🍰❤

මේ කියන්න යන්නෙ මගේ ගැලරියේ පහලට යන වෙලාවක අහම්බෙන් ඇසගැටුන පරණ වීඩියෝවක මතකයක් ගැන.

හාත්පසින්ම වෙනස් වෙනස් ජීවිත ගතකලත් මං හැමදාම කියනව වගේ අපි ඇතුලෙ ඉන්නව වින්ටේජ්/කෝපිපාට ලෝකයකට ආදරේ කරන මනුස්සයෙක්. අන්න ඒ මිනිස්සු වෙනුවෙන් මගේ හිතේ මැවුන කෝපි හලක මොඩලයක් තමයි මේ තියෙන්නෙ. මේ සියලුම අංග එකින් එක මං අතින්ම නිම කරපුව. මේ බිත්ති සැරසිල්ල ගියේ මිනියේචර් ආර්ට්ස් වලට ආදරේ කරන කෙනෙක්ගෙ එකතුවට. 🍰❤

ඇස් ඉස්සරහ මේ වගේ ආර්ට් එකක්, බුක් නූක් එකක් තියාගෙන හීන ලෝකෙක සැරිසරන්න ඔයත් කැමතිනම් කියන්න..🍰❤

පුංචි කාලෙකින් මං ආයෙම එනවා..❤🍰

මිනියේචර් ආර්ට්ස් ලංකාවට ටිකක් විතර අලුත්. හොයල බලන්නකො ලස්සන දේවල් තියෙනව

Photos from LUMOS SL's post 31/12/2025

2025 දිහා හැරිල බලනකොට අපි හිනාවුන තැන් වගේම අඬපු තැනුත්, ජය ලබපු තැන් වගේම පරාජය වුණ තැනුත්, සතුට වගේම දුක දෝරෙ ගලපු තැනුත්, ප්‍රශංසා වගේම නින්දා ලබපු තැනුත් , උස් වගේම මිටි තැනුත් තියෙන්න ඇති... ඒත් අවසානයේ අපි තවමත් ශක්තිමත්ව ඒවාට මුහුණ දෙමින් සිටිනවා නොවේද??❤

ඒ සියලු තැන්හිදී අප වටා නොවෙනස්ව පිරිසක් සිටියා නොවේද?❤

ඒ ආදරණීයන් වෙනුවෙන්, තව තවත් ශක්තිමත්ව ගොඩනැගුනු අපේ හිත් වෙනුවෙන් මේ විශ්වයට අපි ස්තූතිවන්ත වෙමින් 2025 ට සතුටින් සමු දෙමු නේද?❤

ඉතින් මේ 2026, හැමෝගෙම සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ අලුත් අවුරුද්දක් වේවා..!!❤

ප.ලි- තව පොඩි විවේක කාලයකින් පස්සෙ අලුත් වෙලා අපි එන්නම්..

Photos from LUMOS SL's post 24/12/2025

ජීවිතේ බොහෝම සුන්දර වගේම අභියෝගාත්මක කාල වකවානුවකට පස්සෙ, හරියටම මාසයකට පස්සෙ වගේ තමයි මගේ පිටුව පැත්තෙ ආවෙ..🦊🫎🌲⛄☕

මීට මාසයකට විතර කලින් සුළි කුණාටුවේ මුල් විහිදෙන්න පටන්ගත්තු දවසෙ පාන්දර දෙගොඩහරි ජාමෙ, හරියටම දවසක් වයසැති අපේ දූ සිඟිත්ත ගෙදර අරගෙන ආවට මොකෝ පොළවෙ පය ගහන්න බැරි සීතලයි, මොරගෙඩි වගේ දවසම කලුවර කරගෙන වහින වැස්සයි, සුව වෙන්න හිතලවත් නොතිබුනු අඟල් 6ක විතර සීසර් කැපුම් තුවාලෙකුයි වේලෙන්නෙ නැති නැපි ගොඩකුයි එක්ක අපි ඔට්ටු වෙද්දි දරාගන්න අමාරුම කාලගුණයක් එක්ක මේ අලුත් ලෝකෙට හුරු වෙන්න අපේ පැටියත් ලොකු සටනක් කරමින් හිටිය. ⛄🌲🫎🦊☕

යාන්තමින් අපි දෙගොල්ලොම අලුත් ජීවිතේට හුරු වෙද්දි නත්තල් හුළං අපිවත් සිපගෙන සාමයේ පණිවිඩය මේ ලෝකෙ පුරාම අරන් යන මේ හවස් යාමෙ මොකුත් නොලිය ඉන්න හිත දුන්නෙම නෑනෙ මට...⛄🌲🫎🦊☕

එක පාරම මං මගේ පුංචි කාලයට දුවල ගිහින් ආවෙ උණුවට හදාගත්තු චොක්ලට් පානයක් උඩ පාවුන මාෂ්මෙලෝස් දිහා බලන් හිටපු තත්පර කීපයෙදි..☕🦊🫎🌲⛄

ලෝරගෙ නත්තල් කාලෙ ගැන කියවපු පොඩි කෙල්ලෙක් කාලෙදි මටත් ක්‍රිස්තියානි භක්තිකයෙක් වෙන්න හිතිල තිබුන. ඒකට පලවෙනිම හේතුව තමයි නත්තල කියන්නෙ පුදුම තරම් වර්ණවත් කාලයක් වීම. රතු, කොල, රන්වන්, පාටින් හැඩවුනු නැත්තල් ගස්, සැරසිලි, පාට පාට තෑගි පෙට්ටි, සුදු පාට හිම, පිණි මුවෝ, නත්තල් සීයා, මාව වෙනම ලෝකෙකට අරන් ගිය එක.⛄🌲🫎🦊☕

ඒත් එක්කම පාසල් නිවාඩු කාලෙ හින්ද දවල් වෙනකන් නිදාගන්න ලැබුනු එකත්, රූපවාහියෙ යන ළමා චිත්‍රපටි බලන්න ලැබීමත්, හැමදාම නත්තල් දවසෙ දවල් කෑමට ක්‍රිස්තියානි භක්තික නෑදෑ ගෙදරකට රැස්වීමත්, තාත්තාට නත්තලට තෑගි ලැබුනු හැම්පර් එකේ තිබුන රසම නත්තල් කේක් එකත් තව තව හේතු මැව්ව. ⛄🌲🫎🦊☕
එක වෙලාවක මට ඕනි වුනා වුඩ්ලන්ඩ් ආර්ට් වල තියෙන හිමෙන් වැසුන කැලෑවක ගස් බෙනයක් ඇතුලෙ හීතලට ගුලි වෙලා නිදියන රතු ලේනෙක් වෙන්න, නැත්නම් පොලොව යට ගුලක් ඇතුලෙ ඉන්න පීටර් රැබිට් වගේ හාවෙක් වෙන්න, එක්කො උණු පෝරණුවක් ලඟ වාඩි වෙලා ජනේලෙන් එලියෙ හිම වැටෙන දිහා බලන් ඉන්න ගමන් රස සුප් එකක් බොන චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි එකේ දුප්පත් චාලිගෙ ගෙදර කෙනෙක් වගේ වෙන්න..⛄🌲🫎🦊☕

ඉතින් මං ආගම වෙනස් නොකලත් නත්තල් ගීතිකා අහන්න, 24 රෑ දේව මෙහෙය බලන්න, නත්තල් දවසෙ දවල් ජේසුතුමාගේ ජීවිත කතාව ඇතුලත් චිත්‍රපටය බලන්න,එදා රෑට පල්ලියෙ මල් වෙඩි බලන්න, කාලයක් යනකන් අමතක කලේ නෑ. ඒත් උසස් අධ්‍යාපන සහ රාජකාරි කාල සීමාවෙදි මේ පුරුදු මගෙන් ගිලිහිලා ගියා.⛄🌲🫎🦊☕

ඒත් මේ අද, මාතෘ නිවාඩුවෙ එක සීතල උදේ වරුවකදි මට ආයේම ඒ පුරුදු මතක් වෙලා.. කාලයත් එක්ක අපි වයසට ගියත් නත්තල හැමදාම එකම විදියට වර්ණවත්, වැඩි වැඩියෙන් වර්ණවත්.... පුංචි කාලෙ දැනුන හැඟීම් ආයෙම විඳගන්න මම තවම පරක්කු නෑ කියලයි මට හිතෙන්නෙ...⛄🫎🦊☕🌲

මේ එන නත්තල් දවසටනම් අනිවාර්‍යෙන්ම දේව මෙහෙය බලන්නත් ගීතිකා අහන්නත් මල් වෙඩි බලන්නත් ඇහැරගෙන ඉන්න මං මටම පොරොන්දු වුනා. කොහොමත් අපේ රෝස මල මාව රෑ පුරාම ඇහැරවන් තියන රාජකාරිය අකුරටම කරාවි🤭🤭⛄🌲🫎🦊☕

ඉතින් හැමෝටම සාමයේ අතු ඉති විහිදෙන සුබ නත්තලක්...❤

Photos from LUMOS SL's post 24/11/2025

අද උදේ වරුව බොහොම රස්නෙට ඉර පායපු දවසක්..
විශේෂම දවසක් ළඟ එන නිසා උදේ ඉඳන්ම හරිම කාර්‍යබහුල පරිසරයක් තමයි ගෙදර තිබුනෙ. ☕🍞🍂

ගෙවල් දොරවල් අස් කරනවා, සෝදනවා, අඩුම කුඩුම ගේනවා..
හැබැයි වරුවක් ගෙවිල ඉවර වෙද්දි ආසාවෙන්ම විඳින්න පුලුවන් වටපිටාවක් සොබාදහම මට දීල තිබුන.☕🍞🍂

මුලින්ම ඈතම තියෙන කඳු ඔක්කොම ගණ සුදු පාට මීදුමකින් වැහිල ගියා...කන්දක් මුදුනෙ තියෙන අපේ ගෙදරට පේන පහල තියෙන මුලු නගරෙම ඊළඟ තත්පරේදී මීදුම තුරුලු කරගත්ත.
ඊටපස්සෙ හීන් හිරිකඩත් එක්ක ආව හීතලම හුළඟ...☕🍞🍂

දේවදාර ගහේ ( ඇත්ත නම මම දන්නෙ නැති වුනත් මම දාපු නම ඒක) පිණි බිංදු රැඳිල තිබුණෙ මුතු ඇට වගේ..

එතනින් පස්සෙ තමයි හොඳම හරිය..☕🍞🍂
ගෙවල් වලට යන්න පමා වෙච්ච දෙමලිච්චො රංචුවක් මෙන්න අපේ වැට උඩ..!! එයාල බැල්කනියෙ ටයිල් පොලවෙ එකතු වෙච්ච වතුර නානව, මොනවදෝ කියන ගමන්..☕🍞🍂

මගෙ හිත අස්සෙ ඉන්න ලෝරගෙ කාලෙ කෙල්ලට ඒ වැස්සෙ තෙමෙන්න ආස හිතුනට "මං එනකන් දඟලන්නෙ නැතුව පරිස්සමට ඉන්න" කියල ආදරණීය තරවටුවක් දාල වැඩට ගියපු හැඩකාරය මතක් වෙලා හිතින් විතරක් දෙමලිච්චොත් එක්ක වැස්සෙ තෙමෙන්න මං තීරණය කලා..☕🍞🍂

හැබැයි ඉතින් කහට වැඩියෙන් දමාපු කිරි තේ එකක් එක්ක කහ පාට බටර් ටිකක් ගාල ඒක උණු වෙනකන් ටෝස්ට් කරපු පාන් පෙත්තක් හපන්න කවුරුත් මට තහනම් කලේ නෑනෙ..🤭☕🍞🍂

එහෙනම් සුබ හවසක්..🍂🍞☕
අපි ආයෙ මුණගැහෙන්න ටික දවසක් යයි...🍂🍞☕
2025/11/24

Photos from LUMOS SL's post 22/11/2025

අපි හැමෝටම ජීවිතේ එක එක කාල පරිච්ඡේද තියෙනව. 🍂🍪

කිසිම දෙයක් ගැන වගේ වගක් නැතුව ගෙවපු පුංචි කාලෙ, ඊළඟට ඉස්කෝලෙ, කැම්පස් කාලෙ, රස්සාවල් එක්ක බිසී වුණ කාලෙ... 🍂🍪

ඒ වගේමයි ආදරවන්තයෙක් එක්ක තමන්ගෙම කියල සතුට පිරුණු කැදැල්ලක් හදන, ඒ කැදැල්ලට අලුත් සාමාජිකයො ගේන කාලෙත්...🍂🍪

මේ හැමදේම ජීවිතේකට තියෙන්නම ඕනි දේවල් කියන එකයි මගේ හැඟීම... 🍂🍪

හැබැයි මොන දේ කොහොම වුනත් හීන දකින එක, තමන් වෙනුවෙන්, තමන් ආසම දේවල් වෙනුවෙන් කාලයක් වෙන් කරන එක අමාරුවෙන් වුනත් කරන්නම ඕනි.. 🍂🍪

එතකොට මේ ගෙවෙන දවස් තව තව රහ වෙනව..🍂🍪

හරියටම යහමින් කර වෙච්ච චොකලට් චිප් කුකී එකක් වගේ..🍂🍪
゚viralシfypシ゚viralシalシ #කෝපිපාට

Photos from LUMOS SL's post 17/11/2025

දවස් කීපයක් නිහඬවම ගෙවිල ගියෙ මේ පැත්තෙ එන්න හිතන්නවත් ඉඩක් නොතිය. 🐔️🍂

පාන්දර අහසෙ එකම වෙලාවක ගත්තු චායාරූප එකතුවෙ පාටවල් වෙනස් වෙන්න අරන්. 🐔️🍂

දැන් වැඩිපුරම තියෙන්නෙ තැඹිලි, කහ පාටකට වඩා කලු, නිල් අහසක්.. 🐔️🍂

ඒ දකිද්දි, අපි නිදාගත්තට පස්සෙ අවදි වෙලා අඳුරු අහු මුලුවලින් එලියට ඇවිත් පුංචි පුංචි රහස් ලෝක වල ජීවත් වෙන, නටන ගයන, කන බොන "අන්තෝනි පගරේල්ස්කි" ලියපු "කළු කිකිළිය" හෙවත් පාතාල ලෝකයේ මිනිස්සු කතාව මතක් වෙන එකනම් මට නවත්තගන්නම බෑ..🐔️🍂

ඇයි ඉඟුරු පාන් මල්ලියා? ඔයාලගෙ පැන්ට්‍රි උඩත් ඊයෙ රෑ පෝච්චි හාමිනෙයි, ගම්මිරිසුයි, ලුණුයි, කුකුයි සෙල්ලම් නොකලා කියල ඔයාල කියන්නෙ කොහොමද? 😍🐔️

ඉඟුරු පාන් නැති වුනත් ඉඟුරු විස්කෝත්තක් එක්ක රස තේකක් බොන්න මේ පාන්දර තමයි හොඳම වෙලාව🐔️🍂

ඉතින් සුබ උදෑසනක්...🐔️🍂
゚viralシfypシ゚viralシalシ #කෝපිපාට

Photos from LUMOS SL's post 13/11/2025

හැමදාම හවස් වරු වැහි වතුරෙන් හේදිලා..🍂❤
නොවැම්බරයේ ආවේණික අඳුර හීතලත් එක්ක වෙනදට වඩා ඉක්මණින්ම ගෙට ගොඩ වෙනව.🍂❤
කළින් දවසක මං කිව්ව රාස්සිගේ අව්ව මාව හැර දාලම ගිහින්ද මන්ද... 🍂❤

ඒ වෙලාවට, මගේ ආදරවන්තයගෙ ගොම කොළ පාට ස්වේටරය ඇඳගෙන මගේ දුඹුරු තැඹිලි පාට මෆ්ලරයත් කර වටේ දමාගෙන කිරි කෝපි එකකුයි ඒ වගේම රස පොතකුයි අරන් සෝපාවේ ගුලි වුනාම දැනෙන උණුහුම මගෙ හිත පුරවනව. 🍂❤

ළඟ ළඟම එන සුබ දවස් මතක් කරන්න වගේ මගෙ පුංචි දූ බංඩියෙ ඉඳන් සැරින් සැරේ හුරතල් තට්ටු දානව. 🍂❤

මගෙත් එක්ක ලෝරාගෙ ලෝකෙට යන්න, කුරුල්ලන්ගෙ සද්ද අහන්න, පාට පාට හතු, බත් කූරන්ගෙ, සමනල්ලුන්ගෙ රූප එකතු කරන්න, ලස්සන කරාබු, ක්ලේ පින්ස්, මිනියේචර්ස් හදන්න, කෝපි පාට ලෝකෙක සතුට විඳින්න එයා එනකන් මාත් මග බලන් ඉන්නව..🍂❤

#කෝපිපාට ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

Photos from LUMOS SL's post 12/11/2025

වෙද නළාවක් විතරක්ම අතේ රැඳෙන ජීවිත හරිම ඒකාකාරියි කියලයි මටනම් හිතෙන්නෙ... (ඒත් රාජකාරිය එක්ක ලැබෙන පුංචිම නිදහස් වෙලාවෙත් පාඩම් කරන එක තරම් සතුටක් කෙනෙට නැති වෙන්න පුලුවන් මං කියන්නෙ එහෙම අය ගැන නෙවෙයි)😌🍂

මං කියන්න යන්නෙ මගෙ වටේ ඒ කාලේ ඉඳන් හිටපු හොඳම යාලුවො ගැන. මගෙ ක්ලිනිකල් ගෲප් එකෙන් එකතු වුනු යාලුවොයි අපේ දිස්ත්‍රික්කෙන් එකතු වුනු යාලුවොයි කියල දුකට සැපට හිටපු දෙගොල්ලක් මට හිටිය. 😌🍂

ඒ කිසිම කෙනෙක් නළාව විතරක්ම ජීවිතේ කර නොගත්ත පුදුම තරම් සුන්දර , දක්ෂ මිනිස්සු ටිකක්...😌🍂
අතිශය මිහිරි කටහඬක් තිබුණ අය, ක්‍රිකට් කිව්වොත් නොකා නොබී ඉන්න පුලුවන් අය, හැබෑම මිනිස් රූප ඒ ආකාරයෙන්ම අඳින්න පුලුවන් අය, පුදුම තරන් දක්ශ පිහිණුම් සූරියො, රසට උයන්න පිහන්න පුලුවන් අය, මං වගේ සුරංගනා කතන්දර අස්සෙ අතරමං වෙන්න කැමති පොත් පිස්සො, අම්ම කෙනෙක් වගේ හැමෝවම බලාගන්න තරන් ආදරණීය හිත් තිබුන අය, පාරෙ අසරණ වුන සත්තු ගෙවල් වල ගෙනිහින් බලාගත්තු අය, කොරියන් ඩ්‍රාම/ කේ පොප් පිස්සො වගේ එකී මෙකී නොකී අනන්‍යතා පිරිච්ච, ඒ හැමදේටම වැඩියෙන් කෙනෙක් වැටෙන්න යද්දි තදින් අල්ලගෙන අවුරුදු ගානක දුෂ්කර එහෙත් සුන්දර වෛද්‍ය ශිෂ්‍ය ජීවීතේ එකටම දිනන්න ඕන කියන පරමාර්ථෙන් හිටපු පිරිසක් මං වටේ හිටිය.😌🍂

අද අපි ලංකාව පුරාම විසිරිලා, සමහරු විශේෂඤවරු වෙන්න ඉගෙනගන්න ගමන්, සමහරු අම්මල තාත්තල වෙලා, සමහරු වෙන රටවල් වල...😌🍂

හැබැයි හිත් වලින් බැඳිච්ච, මතක් වෙද්දිත් ඇහැට සතුටු කඳුලක් උණන, කාලෙකින් හම්බුනොත් හිනා වෙලා පණ යන ඒ යාලුකම් අදටත් එහෙමමයි...😌🍂

ඒකට හේතුව ඒ හැමෝම නළාව විතරක් ජීවිතේ නොකරගත්තු මනුස්සකම් වලින් පිරිච්ච සංවේදී හදවත් ගොන්නක් වීම කියලයි මගේ හැඟීම...😌🍂

ගොඩක් දේවල් කෝපි පාටට දකින්න ආස ගැහැනියක් වෙච්ච මට ඒ නොස්ටැල්ජික් මතක අවුරුදු 10 කට පස්සෙ මෙහෙම ලියල තියන්නම ඕනිමයි කියල හිතුන...😌🍂

ඉතින් ඔයාලගෙත් යාලුවො එහෙමද? 😌🍂

Photos from LUMOS SL's post 11/11/2025

විශ්වයට දොරගුලු විවර කරන 11:11 😌❤

💎නිදහස්, නිහඬ තැනක වාඩිවෙලා (උදාහරණයක් විදියට ඔයා වැඩ කරන මේසෙ ළඟ) සුවඳහමන ඉටිපන්දමක් පත්තු කරගෙන දිලිසෙන ක්වාර්ට්ස් හරි අමෙතිස්ට් හරි කැටයකුත් ළඟින් තියාගෙන ගැඹුරු හුස්මක් ගන්න... ඊට පස්සෙ ඔයාගෙ අරමුණු ගැන පැහැදිලිව හඬනගන්න, නැත්නම් ලියන්න... ඔයාට ආකර්ෂණය කරගන්න ඕනි දේ ගැන, ඔයාගෙ හිතේ තියෙන සුවපත් කරගන්න ඕනි රිදුම් ගැන ලියන්නත් පුලුවන්

💎ඔයාගෙ අනාගත ප්‍රතිරූපයට ආමන්ත්‍රනය කරල ලස්සන ලියුමක් ලියන්නත් ඔයාට පුලුවන්.. ඒ වෙද්දි ඔයා හැබෑ කරගන්න කැමති හීන ගැන ධනාත්මකව...😍 ඊට පස්සෙ පරිස්සම් තැනක තියල තියන්න හරි ඒ හීන, අරමුණු විශ්වයට මුදාහරින සංකේතයක් විදියට ඒ කොල කැබැල්ල පුළුස්සා දාන්නත් පුලුවන්...

💎ආධ්‍යාත්මික ශක්තීන් මුදා හරින්න, සුවඳ හමන තෙල්, බෙහෙත් ගල්වා මද උණුසුම් ස්නානයක් කරන්නත් ඔයාට පුලුවන්...😍

💎 අද දවසේ ඔයා ලඟ තියෙන, ඔයාට ලැබුන දේවල් 11ක් ගැන විශ්වයට ස්තුතිවන්ත වෙන්නත් ඔයාට පුලුවන්...😍

Photos from LUMOS SL's post 09/11/2025

මුහුදු වෙරළේ මහ විශාල , ගසකි ඕක්, හරිත වර්ණ🌲🍂
පණ්ඩිත තඩි බළල් රාළ🐈බැඳ ඇත යදමින් ස්වර්ණ
ගීත ගයයි ගස වටේට යමින් වමෙන්,
කතා කියයි දකුණු දෙසට🐈යමින් සෙමෙන්.

වනේ ඉන්න වන යකා කියයි පුදුම රස කතා🍂
කිඳුරෝ ගස් උඩ නැගලා, පාර තොටක් නැත දැකලා
කුකුළු පාද උඩ ගෙයක් ඇතේ, දොර ජනේල ගෙදර නැතේ.
වනයේ රුක් බොහොම ඇතේ.🍂

අරුණෝදයේ රැල්ල සිපගති වැල්ල,
පාලු වෙලා ඇත රන් මුතු වෙරළ🍂
රුසියන් වීරයො තිස් දෙන මුහුදු සටන් කැරැ ජය ගෙන
එතැනය නැව් සෙන්පති තැන..🍂

කරලේවිච් කුජ දෙවියා රජු පරදා ජය ගත්තා
මිනිසුන් වෙතට අහසින් වනය හරහා මුහුද උඩින්🍂
මායාකරුවා සැනෙකින් ගෙනෙති යෝධයා විගසින්
බිම් ගෙයි ළතැවෙයි කුමරිය, වෘකයා දෙයි ඇයට දිරිය🍂

බබායිගා මහ යකින්න, වංගෙඩියට මෝලෙන් ඇන
වකුටු පයෙන් උඩ පැන පැන, ගුවනෙ පියාඹයි සතොසින🍂
කෂෙයි යකා රන් ගොඩ උඩ, රුසියනුන්ට දීලා ඉඩ
කතාව අහලා මී පැණි බීලා වෙරළේ ඕක් රුක දැකලා🍂

ගස යට සිටි බළල් රාළ, දිග ඇරියා කතා මල්ල...🍂

-අලෙක්සාන්දර් පුෂ්කින්-

Do you believe in fairies? 😱 I do...❤
Limited edition.
Grab your fairy coffee shop now❤❤❤
.
.
#lumossl #viralpost2024 #fypシ #foryoupage #handmade 08/11/2025

එකමත් එක කාලෙක මං ආසාවෙන්ම හදපු miniature fairy house model එකක් මේ තියෙන්නෙ. 😍😍
සුබ දවසක්❤

Do you believe in fairies? 😱 I do...❤ Limited edition. Grab your fairy coffee shop now❤❤❤ . . #lumossl #viralpost2024 #fypシ #foryoupage #handmade

Photos from Gabriella's beautiful world's post 07/11/2025

මිදුල පුරා දුව පනින මෙයාලගෙ ලස්සන බලන්නකො..🐔️🐓
ලා නිල් පාට බිත්තර කූඩයක් ඔයාල ලඟත් තියෙනවද?😍❤
සුබ උදෑසනක්!❤🙏

Want your business to be the top-listed Interior Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Colombo
10700