Lanka Chat News

Lanka Chat News

Share

රටේ තොටේ සියලු පුවත්, විනෝදාත්මක දේවල? රටේ තොටේ සියලු පුවත්, විනෝදාත්මක දේවල් එකම තැනකට.. Page එක Like කරලා අපිත් එක්ක Set වෙන්න බ්‍රෝ..

11/04/2026

බලාගාරයේ දත්ත වලින් පැහැදිලිවම ඔප්පු වෙද්දි,

ටෙන්ඩර් ප්‍රෙසෙස් එක වැරදියි කියලා Lanka coal එකේ හිටපු සභාපති ඉල්ලා අස් වෙලා තියෙද්දි,

ප්‍රමිතිය නිරීක්ෂණය කරපු සමාගම ලියාපදිංචි වෙලාවත් නෑ කියලා ඔප්පු වෙලා තියෙද්දි,

ඒ සමගාම් වලට ගල් අඟුරු වල ප්‍රමිතිය පරීක්ෂා කරන්න අවශ්‍ය සුදුසුකම් නෑ කියලා ඔප්පු වෙලා තියෙද්දි,

අම්පයර් සාම්පල් එක බලන්න ඕනි තරම් ඉඩ තියෙද්දි ඒක මගහැරියා කියන එක ඔප්පු වෙලා තියෙද්දි,

බාල ගල් අඟුරු නිසා රටේ ආර්ථිකයට සහ සොබාදහමට වෙන හානිය මහජන උපයෝගීතා කොමිසම කියලා තියෙද්දි,

රජයේ විගණකාධිපති වරයාගේ විගණන වාර්තාවෙන් මේ සමස්ත ක්‍රියාවලිය නිවැරදියි බව පිළිගත නොහැකියි කියලා පැහැදිලිවම කරුණු දක්වලා තියෙද්දි,

බාල ගල් අඟුරු නිසා විදුලි උත්පාදනය අපේක්ෂිත මට්ටමට සිදු කරගත නොහැකි වීම නිසා ජනතාවට නොදන්වාම ලයිට් කපපු බව පද්ධති පාලකමධ්‍යස්ථානය කියලා තියෙද්දී,

ඒ අඩුව පුරවන්න ඩීසල් යොදාගන්න නිසා මේ ගෙවන අප්‍රේල් මාසෙ ඉදන්ම විදුලි බිල 15%කින් වැඩි කරන්න කියලා නැෂනල් සිස්ටම් ඔපරේටර් පෞද්ගලික සමාගම PUSCl එකෙන් ඉල්ලලා තියෙද්දී,

25% - 30% ත අතර ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දැමිය යුතු බවත් ඒකට බාල ගල් අඟුරු හේතුවක් බවත් IMF එක කියලා තියෙද්දි,

ඒ සියල්ල අභිභවා,

මට ගල් අගුරු හපලා කාලා බලන්න බැරි වුනාට,
මන් ජයකොඩිව කාලා බලලා තියන නිසා,

"මට ජයකොඩිව විශ්වාසයි" කියන කතාව පිළිගන්න කියලා අනුර මේ රටට කියන්නේ !

ඔහු ඒක රටට කිව්වට, මේ දැන් අනුරගේ සහ ජයකොඩිගේ මූණු දිහා බැලුවොත් පේන විදිහ තමා ඔය පහළ තියෙන්නෙ,

අර පිටිපස්සේ හොරෙන් සියල්ල බලා ඉන්නවා නේද ?

ඒතන පේන්නේ ඇස් 4ක් වුනාට,
අනුර මතක තියාගන්න,
එතන ලක්ෂ 68ක මිනිස්සුන්ගේ ඇස් තියනවා !

153ක් අත් උස්සලා,
කිරි දියෙහි දෙවියත්,
අඟුරු සුදු වන කලෙක් නම් නැත් !

20/10/2025

තවමත් අවුරුදු 15ක් වන ශ්‍රී ලාංකික දැරියක්, ලොව පුරා තරුණ කවීන් දහස් ගණනක් අභිබවා ගොස්, ජයග්‍රහණයේ රන් සිංහාසනයටම නැග්ගාය කීවොත් ඔබ පුදුම වේවි.

මේ දක්ෂ දැරියගේ නම තමයි, එල්ලන්‍යා සිවසූබ්‍රමනියම් (Ellanya Sivasubramaniam). ඇය ජීවත් වෙන්නේ එංගලන්තයේ රීඩිං නගරයේ වුවත්, ඇයගේ හදවතේ රිද්මය දිවෙන්නේ ලාංකික මුල්වලින්.

ඇය විසින් ලියන ලද “The Girls Who Grow Antlers” (අං වැඩෙන ගැහැණු ළමයින්) නම් කවිය, ලෝකයේ තිබෙන කවි තරග අතරින් ඉහළින්ම සැලකෙන ‘Foyle Young Poets of the Year Award’ හි ප්‍රධාන ජයග්‍රාහකයන් 15 දෙනා අතරට තේරී පත් වී තිබෙනවා.

සිතා බලන්න, රටවල් 135කින් ලැබුණු කවි 28,000කට අධික සංඛ්‍යාවක් අතුරින් තමයි මේ පුංචි දියණියගේ කවිය ඉහළටම ආවේ!

🌱 අමතක නොවන දවස!

‘The Poetry Society’ මඟින් සංවිධානය කරනු ලබන, වයස අවුරුදු 11ත් 17ත් අතර දරුවන් වෙනුවෙන් පැවැත්වෙන මේ සම්මාන උළෙල, තරුණ ලේඛකයන්ට ලැබෙන විශාලතම ගෞරවයක්.

මේ ජයග්‍රහණය, "ඇත්තක්ද කියලා විශ්වාස කරන්න අමාරුයි, හරිම ආඩම්බරයි" කියා එල්ලන්‍යා කියනවා.

"ඉස්කෝලේ ඇරිලා ගෙදර එන අතරේ තමයි මට මේ ගැන කියලා දුරකථන ඇමතුම ලැබුණේ. ඒ වෙලාවේ මට ඇත්තටම තරුවක් දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් දැනුනා," ඇය සිනාසෙමින් කීවාය.

ජයග්‍රාහකයන් සැමරීම ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය පුස්තකාලයේදී (British Library) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. එල්ලන්‍යාට දැන් අවස්ථාව ලැබෙන්නේ Shropshire හි ‘The Hurst’ හි පැවැත්වෙන විශේෂිත ලේඛන පාඨමාලාවකට එක්වෙන්නයි. එහිදී ඇය අනෙකුත් දක්ෂ තරුණ කවීන් සමඟ එකතු වී ඇගේ නිර්මාණ කුසලතාව තවත් ඔප මට්ටම් කර ගනීවි.

ඒ වගේම, ඇයගේ ජයග්‍රාහී කවිය එංගලන්තයේ සියලු පාසල් සහ පුස්තකාල වෙත බෙදා හරින ජාතික කවි සංග්‍රහයක (national anthology) ලබන වසරේදී පළ කිරීමට නියමිතයි. ඒ කියන්නේ, ඇගේ වචන තවත් දහස් ගණන් දරුවන්ට අලුත් බලාපොරොත්තු සහ ආශ්වාදයක් ලබා දෙනවා කියන එකයි.

🌍 දේශ සීමා නැති කවිය

මේ වසරේ තරගයට බොට්ස්වානා සිට වියට්නාමය දක්වා ලෝකයේම හඬවල් එක්කාසු වී තිබුණා. අනන්‍යතාව, අයිතිය සහ කලාත්මක බව වැනි විවිධ තේමා ඔස්සේ ඔවුන් කවි නිර්මාණය කර තිබුණා.

අවුරුදු 27ක් පුරා පවත්වන මේ ‘Foyle’ සම්මානය, අද ලෝක සාහිත්‍යයේ බලවත්ම හඬවල් බවට පත් වී සිටින තරුණ කවීන් රැසකට විශාල වේදිකාවක් සපයා දී තිබෙනවා.

දැන්, නිහඬ විශ්වාසයකින් සහ වර්ණවත් පරිකල්පනයකින් සපිරි අපේ එල්ලන්‍යාත් ඔවුන් අතරට එක් වී අවසන්!

මූලාශ්‍රය: ද අයිලන්ඩ් පුවත් සේවය

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Main Street
Colombo
20207