Nadisha nirmana herath
මෙහි එන බොහෝ චරිත අන්වර්ථ නම් භාවිතා වුවද ලියන සියලු කතා වල එකක හෝ ඔබගේ චරිතයේ සියුම් තැනක් හෝ ගැබ්ව ඇත.
කතා රසිකත්වයට බෙහෙවින් තුති!
21/12/2025
1 කොටස
සරසි තමන් ඇඳ මතට ආවෙි කොයි මොහොතේද මතක් කිරීමට උත්සහ කලද එය එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවේ.රාත්‍රි සාදය අතරතුර යන්න ඇය පානය කල බකාඩි බීමනිසා හිස බමන ගතිය දැන් දැන් ටිකක්අඩුව ඇත.තමන්ට ඇතිවූ තිබහ නිවීම සදහා බකාඩියට නොහැක.ඇය අදුරේම ඇද මත වූ ස්මාට් දුරකථනය අතට ගෙන එහි වට්ස් අප් නම්මරයක් ඔබන්නට විය.
"හෙලෝ ඩාලින් ,මොකෝ මෙි අවේලාවෙ" අනිත් පැත්තෙන් කතාකල පිරිමි කටහඬ පිටතට ඇසෙන තරම්ය.
"නින්ද යන්නෙ නෑ"
" වට් හැපන්.වැඩිපුර ගත්තනේ.අයිස් කැටයක් නලලෙ තියාගන්න"
"ඔහ්.ඒ ක්‍රමෙිට පරණයි.මට ඕනා අලුත් එකක්."
එවර පිරිමි කටහඬ සිනාවක් බවට පරිවර්තනය විය.
"අලුත් එකක් නම් ඉතින් රන්ජන්ට කතාකරන්න වෙනවා"
"බුල්ෂ්ට් ,මොනවද ඔය කතා" එවර සරසි තම දුරකථනය පසෙක තබා දිගු හුස්මක් පිට කලේය.මෙනුවන් තවමත් එහෙමය.විහිළු වල නම් සීමාවක් නැත.කාලයක් තිස්සේ තමන් හා වැඩ කර තිබුනද රන්ජන් තමන්ට එවන් යෝජනා කල බවක් නම් මතකයෙහි නැත.
*********************
සාමාන්‍යයෙන් දහවල් වනතුරු නිදාගැනීමෙි පුරුද්ද සරසි හට තිබුනේ ෂූටින් පටන්ගෙන කෙතරම් කාලයක සිට දැයි මතක නැත.ඇතැම් දින වලට අලුයම නැගිට යෝගී ව්‍යායාම් වල නිරත වන ඔි ඒ ගැන ඉන්ස්ටර්ග්රෑම් සදහාද පින්තූරයක් එකතු කරන්නට අමතක කරන්නේද නැත.
" මැඩම්,වෙරි ගුඩ් මෝනින් " කෙතරම් නින්දකදී සිටිය ද සරසි හැකි ඉක්මනට ඇයට ප්‍රතිචාර දක්වන්නීය.
"නීලා dont come" එහෙත් ඇය සේවිකාවට සැර කරන්නේ නැත.
"නීලම්මා" එවර නැවත නීලා තම ඇද මතින් අපිළිවෙල ඇද රෙද්ද සමඟ වාඩිවෙයි.
" කීයද වෙලාව"
"තාම උදේ පහයි කාලයි"
සිරිත්පරිදි ජය පිරිත මුල්තැන්ගෙයි රේඩියෝවෙි ධාවනය කරමින් සාදු නාදයක් දී වැඩ පටන්ගන්නාය නීලා සරසිගේ විශ්වාසය දිනූ තැනැත්තියකි.ඒ මීට වසර ගණනාවකට පෙර නුවරඑළියේදී ඔි ෂූටින් ගිය අවස්ථාවකදීය.දමිල ජාතික මවකට හා සිංහල පියෙකුට දාව උපන් නීලා පසුකාලේ තම පියා විසින් කිසිත් නොකල සමයක ඇය අපමණ දුක් විද ඇත.දර්ශන තලයේ සංග්‍රහ කටයුතු කල නීලම්මා,එහි වැඩිපුරම සමීප වූයේ සරසිටය.
" පොට්ටුව තිබ්බම ඒක නෝනට අරි ඇඩයි"
සරසිගේ කණේ මල් ගසා පොට්ටුව නලලත ඇන්ද නීලම්මා ගැන ඇගේ හිතේ පහළ වූයේ අපමණ ස්නේවන්තකමකි.
" නීලම්මා මා එක්ක කොළඹ යන්න එනවද"
" ඇත්තටම ද නෝනා ,ඔව්"
නීලම්මා ,සරසිගේ හිස අතගාන්නට වූ අතර ඇය ස්වල්පයක් වෙිලාවකින් නිදාවකට බදුන් ඇති බව දකින්නට ලැබුනි.එක්වරම ඇගේ නිවසේ දුරකථන නාද විණ.නීලම්මා ඒ දෙසට ඇදුනේ එහි හඩ නිවස සිසාරා යන නිසා එයින් නැවත තම ස්වාමි දුවගේ නින්දට බාධා වෙයි යන බියෙනි.
" හෙලෝ"
" ගුඩ් මෝනින්,සරසි ඉන්නවද,මොබයිල් එක වැඩ කලෙත් නෑ."
"මෙි කවුද"
සරසිට උදෑසනින් ඇමතූ තැනැත්තා කවුද ?
නිලියකගේ පෙම 2 කොටස බලාපොරොත්තුවන්න
ස්වතන්ත්‍ර නිර්මාණයකි.කතෘ අයිතිය සුරකින්න.
© නදීෂ නිර්මාණ හේරත්
27/11/2025
එක්තරා කාලෙක ජෝජ් නමැති ඉඩම් වෙන්දේසිකරන ව්‍යාපාරිකයෙක් හිටිය.ඔහු කලේ ඇතැම් ඉඩම් අඩු ගානකට අරන් එව්වා විකුණල දාපු එක.ඒත් කාලෙක ඉදන්ම මිනිහආදයම් බදු දෙපාර්තමේන්තුවට බදු නොගෙවා වැඩ ටික කරගෙන ගියේ.කොයි වෙිලෙක හරි ඔවුන් තමන් පස්සෙන් එන බව ඔහු දැනගෙන ඊට සුදුසු ආකරයටයි හැසිරෙන්න වුනේ.
ඔය අතරෙ පාඩු සිද්ධ වුනාම තැබෑරුමකට එන පුරුද්දත් තිබුනා.කොච්චර දේවල් වුනත් කිසිත් නොදන්නා අයෙක් හමුවුනාම පුරාජේරු කීම ඔහුගේ තවත් පුරුද්දක්
" ඔහේ දන්නවද අද මට ලොකු පාඩුවක් සිදුවුනා.මම පහුගිය සතියෙ ගත්ත ඉඩම් තුනකම පස් හෝදගෙන යනව "
ජෝජ් බාර් එකට එන පුද්ගලයෙක් සමඟ කතාවට වැටුනා.
" හැබෑට ඔහේ හිතේ අමාරුවෙන්ද "
අර මිතුරා තවත් බීර වීදුරුවක් පිරෙව්වා.
" මෙිකනෙ.කවුද හිතන්නෙ වැස්ස ට ඔික වෙයි කියල.විශ්වාස කරනව බීර වීදුරුවකට හරි මං මෙි පාවිච්චි කරන්නෙ මගෙ අන්තිම නොට්ටු දෙක තුන "
ඔය අතරෙ එතනට බියුලා නමැති නළගනක් ආවා.ඇය සියලු දෙනාම වශී කරමින් නටන්න ගත්තා.බියුලාගෙ නර්තනය නිසාම ධනවතුන් ඇය වෙත මුදල් නෝට්ටු විසිකලා.ජෝජ් තමන්ගෙ ළග තිබුනු බෑගය තුලින් ගත්තා මුදල් නෝට්ටු අතට අරගෙන ඔවුන්ව අනුගමනය කලා.
"බලනව අයිසෙ ඒ කෙල්ලගෙ ලස්සන කිසිම ඇද පළුද්දක් නෑ හරියට නිකන් මම හොදට බලල ගන්න ඉඩමක් වගේ "
එවර අර මිතුරාට හිනා ගියා.
" ඔහේ කිව්වෙ තඔ සතේට හිදිල කියල නේද "
" ඔව් බිස්නස් කාරයොනෙ අයිසෙ හැමදාම අපි කිව්වෙ එහෙම"
ඔන්න ඊළග තවත් දවසක අර තැබෑරුමට දෙන්නාම ආවා.ඒ අතරතුර බියුලා ඔවුන්ගේ මෙිසය අසල බීර බොමින් සිටිය.
" අද ඔබ නටන්නේ නැද්ද මම කැමති ඒ නැටුමට " ජෝජ් බීමතින් ඇයගේ අත අල්ලගත්තා.ඒ අතරතුර අර මිතුරා
" අයිතියක් නැති ඉඩමක් දැක්කොත් ඔබ මොකද කරන්නෙ මිත්‍රයා "
" මම ඒක අයිතිකරගන්නව "
" අයිතිකාරයෙක් ඉදල නැති වෙච්ච ඉඩමක් "
" මම ඒකට ඔප්පුවක් හදල අයිතිකරගන්නව.ඒවට ක්‍රම තියෙනව "
එවර පැනපු ගමන්ම අර මිතුරා ජෝජ්ගෙ බෑග් එක උදුරගත්තා.ඔහු කරපු දේට ව්‍යාපාරිකයාට කේන්ති ගියා.
" ඔහේ හොරෙක් දෙනව ඔය සල්ලි බෑග් එක "
" ජෝජ් මහත්තයා ඔහේ ව්‍යාපාරිකයෙක් වුනත් පල් මෝඩයේ බලනව.ආදායම් බදු නොදී බිස්නස් කරන එකට අමතරව ඔහේට මා ළග තව චෝදනාවක් තියෙනව "
ජෝජ්ගේ වෙරි සිදෙන්නට වුනා.එතෙක් මෙතෙක් තමන් සමග කතාකරපු රස්තියාදුකාරයා ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් ආපු කෙනෙක්.අර තැබෑරුමට ආපු නළගනත් එහෙම කෙනෙක්.ජෝජ්ට ආදායම් බද්ද වගේම අනුන්ගෙ ඉඩම් අයිතිකරගන්න ඔප්පු සැකසුවට අධිකරණයෙන් වරදකරු බවටත් පත්වුන.
අපි කෙනෙකුට තවත් දෙයක් කියත්දි හරි පරෙස්සමට කියන්න ඔිනෑ.උවමනාවට වඩා හැමදේම කතාකරන්න ගියොත් අනෙකා අපිව වර්ණනා කරනව වගේම ඒ එක්කම දුර්වලතා වුනත් හසුරකරගන්න අපහසු වෙන්නෙ නෑ.ඒ වගේම තමන් කැමති දේවල් දැක්කහම අපි ඉන්න තත්වය ගැන අමතක වෙල යන එකත් එච්චර හොද වැඩක් නම් නෙවෙයි .
නදීෂ නිර්මාණ හේරත් |ස්වතන්ත්‍ර කතාවකි ( කතෘ අයිතිය සුරකින්න)
24/11/2025
එක්තරා ගමක ජීවත්වුනා මියානා කියල තමන්ගෙ සැමියාගේ වියෝවෙන් තැවෙන කාන්තාවක්.ඇය ගොඩක් වෙලාවට කලේ හවස් කාලෙට තම සැමියා ගැන කවි කියන එක.ඇයට හිටියා ,වීර් වගේම නස්රින් කියල දරුවන් දෙදෙනෙකුත්.
" මියානා , ගෑනියෙක් ඔය විදියට කවි හයියෙන් කියන එක එච්චර හොද දෙයක් නෙවෙි කියල අපේ ආච්චි අම්මා කිව්වා " දවසක් මියානාගෙ අසල්වැසි මිතුරියා ආරෝ එයාගෙ ගෙදර ඇවිත් පොඩි අවවාදයක් දුන්නා.
" ආච්චි අම්මා තව මොනවද කිව්වෙ ආරෝ " මියානා තමන්ගෙ මිත්තණියට උපහාසයෙන් කතාකලා කියල හිතාගෙන ඇය ආපහු යන්න ගියා.
තමන්ගෙ පොඩි දරුවට බොන්න කිරි නැති නිසා ඇඬීම නතර කරන්න මොනවහරි ගන්න කියල හිතාගෙන ඈ කඩමණ්ඩියට ගියා.
" උඔලගෙ කවි ගැන තමයි ගමම කතාව " රසමන් නමැති මුදලාලි නරි හිනාවක් දාලා කිව්ව.
" කෑම වලට සල්ලි ඔීනැ නැත්නම් ඒ වෙනුවට කවියක් කියන්න ඇහැකි " මුදලාලි එකඟ වුනා.
මියානාගෙ කවි අහන්න ගමෙි ගොඩක් අය වැඩ කටයුතු අවසන් වෙල ගෙවල් වල තිබුණු පැදුරු වල වාඩි වෙල ඇගේ නිවස පැත්තට කන්යොමාගෙන හිටියා.
" ඔහේ මොකද පැදුරට වෙලා අද " ආරෝ තම සැමියගෙ කවි අහන පුරුද්දට නොසතුටු වුනා.මියානා හින්දා තමන්ට ලැබෙන අවධානයත් අඩුවෙන දුක ඇයට තිබුන.ඉතින් ගම පුරාම කතාවක් යැව්වා මියානාගෙ ගෙදරට හවසට පිරිමියෙක් එන විත්තිය.එය අහපු ගමෙි අය මියානා ගැන වැරදි විදියට දැක්කා.
" සළු පොරවනු හිටියද පෙනේද මෙිකි " ගමෙි අම්මණ්ඩිල ආරෝවෙන් කතාකලා.අර කවි අහන්න කියල හවස ගෙවල් වල ජනෙල් ඇරපු අයම ඒවා වහගත්තා.මියානා නම් මෙිවා එකක්වත් ගණන් ගත්තෙ නෑ.එයා කවි කිව්වා.
දවසක් ආරෝගෙ සැමිය දුර ගමනක් ගියා.එදා ඇය හිටියෙ මිත්තණිය එක්ක.ඉතින් මහ රෑ ඇයගෙ ගෙදරට ආවා සොරෙක් .නමුත් ටික වෙලාවක් යත්දි මියානාගෙ ගෙවල් පැත්තෙන් කවි සද්දෙ ඇහෙන්න ගත්තා.හොරා හිතුව කවුරු හරි තමන්ට කතාකරනව කියල.මිනිහ ගෙදරට ඇතුල්වෙත්දි ආරෝ බයවුනත් කවි සද්දෙ ඇහිල පැනල දුවපු හොරාව දැකල ඇය හයියෙන් කෑගැහුව.
" හොරෙක් හොරෙක් " කවුරුත් ආරොව බලන්න ආවෙ නෑ.නමුත් මියානා ආවා.ඇයව දැකපු ආරෝට ඇඩුනා.
" මට සමාවෙන්න.ඔයා ගෙ කවි ගැන ගමෙි කතාගෙතුවට.අද මම අර හොරාගෙන් බෙිරෙන්න හේතුවුනෙ ඔයාගෙ කවි කියන සද්දය.ආය නම් මගෙන් ඔයාට වැරදි වෙන්නෙ නෑ "
අපි සමහර අවස්ථවල කෙනෙකුගෙ හැකියාව අගයන්න ගන්නෙ එයින් තමන්ට ප්‍රයෝජනයක් වෙනවනම් විතරයි.නමුත් ඒක නෙමෙි හරි විදිහ.මියානාගෙ කවි කීම හින්දා ආරෝ අර හොරාගෙන් බෙිරුන එක හින්දයි ආරෝ ,මියානාගෙ හැකියාව දැක්කෙ.තව කෙනෙකුගෙ හැකියාව අගයන්න.එය කවදා හරි ඔබට වැදගත වෙිවි.
©නදීෂ නිර්මාණ හේරත් ( ස්වතන්ත්‍ර නිර්මාණයකි) කතෘ අයිතිය සුරකින්න.
( මෙි වගේ කතා කියවන්න Nadisha nirmana herath පිටුවත් ෆලෝ කරන්න)
Nadisha Nirmana Herath Nadisha Nirmana Herath
18/11/2025
ඔන්න එක්තරා කාලෙක ගොඩ්මන් රාතෝ නම් පුද්ගලයෙක් ජීවත්වුනා.ඔහු රස්සාව විදියට කලේ අශ්වයන් බලාගන්න එක.ගොඩ්මන් ටිකක් මාන්නක්කාර චරිතයක්.ඉතින් ඔහුලෙ සමකාලීන ව රස්සාවෙ හිටපු අය නිතරම ගොඩ්මන්ගෙ මෙි මාන්නක්කාර ගතිය අවුස්සන්න වුනා.
" ගොඩ්මන්ගෙ අස්සයා රීදී සීයක් වගෙ තමා වටින්නෙ.ඒත් ෆෑන්ක්ගෙ අශ්වය ඊට වඩා වටිනවා.
විලී සිගරට්ටුව කටෙි ගහගෙන දුමක් පිටකලා.
" කොහොමද එහෙම වටිනාකම් තීරණය කලේ "
" ඇයි වැඩියෙන්ම හයියෙන් දුවන්නෙ ෆෑන්ක්ගෙ අශ්වයා නෙ"
සියලු දෙනාම හිනාවෙද්දි ගොඩ්මන් එතනින් පිටත්වුනා.ඔහුට එදා රාත්‍රියෙ නින්ද පවා හරියට ලැබුනෙ නෑ.හිතේ වැඩ කලේම අර කතාව.
" හරි අපි එහෙනම් රේස් එකක් තියල බලමු "
ෆෑන්ක් ටිකක් නිවිච්ච මනුස්සයා.ඔහු සිනා සලලා එය අනුමත කලත් ඔහු ගොඩ්මන් ගැන දැනගෙන හිටියා.අශ්ව හලේ අයිතිකාරයා ජෙපර්සන් මහත්තයා හදිසියේම ෆෑන්ක්ට කතා කරලා තිබුණ තමාව මුණගැහෙන්න කියලා.ඔහු එහි ගොස් ආපු ගමන් තරගය පවත්වන බවට පොරොන්දු වුනා.
එහෙත් දින දෙකක් තුනක් ගියත් ඔහු ආවෙ නෑ.ඒත් ගොඩ්මන් හිටියෙ තැවුලෙන් වගේම කුතුහලයෙන්.
" අයිසෙ ගොඩ්මන් ෆෑන්ක් වැඩ ඇති.ඔය අදහස අමතක කරනවා "
ඒත් හිතුවක්කාර ගොඩ්මන් ෆෑන්ක් නැතුවම තරගය තියන්න හිතුවා.ෆෑන්ක්ගෙ අශ්වයා පැදෙව්වෙ ජෙරම් නම් අයෙක්.කොහොමවුනත තරගය ගොඩ්මන්ට ලේසි වුනේ නෑ.අවසන් වටයෙදි ඔන්න ගොඩ්මන්ගෙ අශ්වයාව ජෙරමි පැරැද්දුවා.ගොඩ්මන් මහත් අපහසුතාවයට ලක්වුණා.
තරගය බලන්න අශ්වහලේ අයිතිකාර ජෙපර්සන් මහත්තයත් ඇවිත් හිටියා.
" මොකද ගොඩ්මන් ප්‍රශ්නයකින්ද "
" මගෙ අශ්වයා වෙිගවත් නෑ "
එයා එකපාර හිනාවුනා.
" අයිසෙ ගොඩ්මන් මෙි අශ්වයො ටික මගේ අශ්ව හලත් මගේ.ඔහෙත්, ෆෑන්ක්ස් , ජෙරමි මෙිකෙ සේවකයො.ඉතින් අශ්වයන්ගෙ වෙිගය ගැන හිතලා ලොකු ප්‍රශ්න හදාගන්න එපා "
ගොඩ්මන්ගෙ මාන්නක්කාර බව එදයින් පස්සෙ අඩුවුනා. ගොඩක් වෙලාවට අපේ කියලා තියෙන තාවකාලික දේවල් හින්දා අපි මානය ඇති කරගන්න එක එච්‍චර හොඳ දෙයක් නම් නෙමෙයි.
©කතෘ අයිතිය සුරකින්න
නදීෂ නිර්මාණ හේරත්
Nadisha Nirmana Herath Nadisha Nirmana Herath
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo