HOW TV SRI LANKA
යහපත් දේශයක් ගොඩ නගනු වස් යහපත් පුරවැසියන් වෙමු..!!!
වංචාව දූෂණය පිටුදකිමු.!!! ඊට එරෙහි වෙමු..!!!
16/06/2026
අපේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව කථා කළොත් පොදුවේ ගත් කළ මහජනතාව වන අප කාගේත් සිත් තුළ ඇත්තේ මහත් අප්‍රසාදයක් බව කවුරුත් පිළිගන්නා කරුණකි..
බහුතරයක් රාජ්‍ය ආයතන වලට යම් සේවයක් කරගන්න ගිහින් ඉන් පිටව යන්නේ අසතුටිනි.. හේතුනම් ගොඩයි..
අනවශ්‍ය රස්තියාදුව..
සුහදශීලීත්වයක් තබා නිකමටවත් හිනා පොදක් නැති මුහුණු..
සමහර විට පෝලිම කොතෙක් දිගට තිබුණද කැඳ බීපු උන් වගේ පන නැතිව වැඩ කරන මලානික හදවත්...
කම්පියුටරේ එහෙන් මෙහෙන් ඔබන ගමන් අල්ලපු මේසේ කෙනා එක්ක ඕපා දූප කියවන චීත්ත...
පෝලිමේ සෙනග කොච්චර හිටියත් තමන්ගෙ පුද්ගලික ඇමතුමේ දිගට ඉන්න හාල්පාරුවෝ..
පොඩි අඩුවකට ඩොක්‍යුමන්ට් ටික ආපහු විසි කරන ගෝතයෝ..
රාජ්‍ය සේවකයො නෙවෙයි දුටු ගැමුණු රජ කාලේ රාජ පුරුෂයො කියලා හිතන් ඉන්න පසික්කාටුවෝ පසික්කාටියෝ..
මනුස්සයෙකුට නොතේරෙන දෙයක් පැහැදිළි කරනවා වෙනුවට එය තවත් පටලන සිපයියෝ..
පොඩි අඩුපාඩුවක් මහා මෙරක් කරලා කීයක් හරි කඩාගන්න දඟලන හිඟන්නෝ..
ඉඳලා හිටලා තමන් ළඟට යම් සේවයක් කරගන්න එන කෙනාට දිනපතා එන කෙනෙක් මෙන් සිතා ඇයි දන්නැද්ද මේව මෙහෙම බෑ කියලා වැනි කුනුහරුප ප්‍රශ්න අහන මෝඩ හැත්ත..
මෙකී නොකී මහා අමන රැළකින් සමන්විත රාජ්‍ය සේවයේ.. හොඳ මිනිසුන්ද කොටසක් ඇත..
හැබැයි සීමිතය... ඉතාම අල්පය...
📌 එවැනි සුහදශීලී කාර්යක්ෂම සේවාවක් තමන්ට හැකි උපරිමයෙන් ලබා දෙන ආයතනයක් තමයි මාලබේ තැපැල් කාර්යාලය..❤️❤️❤️
එහි ස්ථානාධිපති තුමිය ඇතුළු සියළුම කාර්යමණ්ඩලය ආයතනය සතු පහසුකම් මත ඔවුන්ට කළ හැකි උපරිමය කරන බව අප දකිනවා..
වැඩිහිටි පඩි ගන්න එන අයට ඉතාම කාරුණිකව ඒ අදාළ සේවය ලබා දෙන හැටි අපි දැකලා තියෙනවා.. ඒ ගැන නම් හරිම සතුටුයි..
ඇතැම් අය තවම පැන්ෂන් එක වැටිලා නෑ කියලා
දුක් වෙනවා.. පිං පඩිය ගන්න ආවේ බේත් ටික ගන්න කියලා හැඬු කඳුලින් පිටව යන අය ඉන්නවා.. ඒ අවස්ථා වල මේ ආයතන වල නිළධාරීන් හරිම අපහසුතාවයට පත් වෙනවා අපි දැකලා තියෙනවා..
අපිට මේ තරම් දේවල් දකින්න අපි මොකද එච්චර වෙලා තැපැල් කන්තෝරුවේ කරන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්..
(අපි අපේ ව්‍යාපාරයට අදාළ පාර්සල් රජයේ තැපෑලෙන් COD ක්‍රමයට සහ SPEED POST ක්‍රමයට යවන නිසා සතියට දින කිහිපයක් තැපැල් කන්තෝරුවට යනවා.. ඒ ගිහාම අපි අපේ පාර්සල් සම්බන්ධ කටයුතු සඳහා සමහර විට පැය භාගයක් පැයක් එහි ගත කරනවා..)
ඒ නිසා ඒ අතරේ සිදුවන දේවල් පාදක කරගෙන තමයි මේ ලිපිය ලියන්නට හිතුවේ..
ඇත්තටම අපි හැමෝම පොදුවේ අපේ රටේ රාජ්‍ය සේවය ගැන අසතුටෙන් කථා කළත් අපිට සතුටු විය හැකි තැනුත් කලාතුරකින් හෝ තියෙනවා..
හොඳ දේට හොඳයි කියන්නම ඕන..
ඒ නිසයි මේ ලිපිය පළ කළේ.. ඉතින් ඔබටත් මේ ගැන යම් අදහසක් හෝ ඔබේ අත්දැකීමක් හෝ තිබේනම් පහතින් කමෙන්ට් කරන්න..
අපේ රටේ රාජ්‍ය සේවයේ යෙදෙන්නේද අපේම රටේ අපේ මිනිසුන්ය..
ඔවුන්ද මිනිසුන්ය.. නමුත් අවිධිමත් පාලන තන්ත්‍ර හා විධිමත් අධ්‍යාපනය නිසා.. විධිමත් පුහුණුවක් නැති නිසා.. හරිහමන් වැටුපක් නැති නිසා ඔවුන්ගේ මානසික පීඩා නිසා හොඳ සේවාවක් පිට වෙන්නෙ නැති බව අපි දන්නවා..
ඒත් ඒ සියළු තත්වයන් මැද වුවද ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් තමන් ගන්නා වැටුප වෙනුවෙන් තමන්ට හැකි උපරිම සේවාවක් ජනතාවට ලබා දෙන ඒ ගෞරවනීය රාජ්‍ය සේවක සේවිකාවන්ට අපගේ හද පිරි ප්‍රණාමය හිමි වේවා..
ස්තූතියි !
16/06/2026
23/04/2026
https://youtu.be/f0dx3vNn8B0?si=kU0ObT2jMTZ6BLvO
HOW TV LANKA 1 like, 1 comment. "වල් නපුංසකයාගේ පොන්න ක්‍රීඩා උළෙල Chandimal Jayasinghe's Ponna festival in Sri Lanka 2026 "
22/01/2026
https://youtu.be/Ggswv86UJK8?si=A411Ph3gj4Em-SMU
බූරුවනේ අහගනිව් ! පරණ අධ්‍යාපන ක්‍රමය හොඳනම් තොපි වගේ උන් බිහිවෙයිද ? අධ්‍යාපනය යනු රටක හදවතයි.. එයින් තමයි එහි පන නල ගැට ගැහෙන්නේ.. එය දුර්වල වූ විට රටක සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැක.. ශ්....
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
10115
30/09/2025