Lanka Music Store

Lanka Music Store

Share

Buy all kinds of Music Instruments and Learn Music For Free

03/03/2026

Cyber ​​Miyurusara Special Program March 21st at 1.00 PM Sri Lankan Time
Special thanks
Anuruddha Pebotuwa

R A Darshani Chandrasena
Music School by Darshani Chandrasena Darshani Chandrasena Harshadewa Ariyasinghe Dilhara Samarakoon Anoja Ranatunga SLBC Bandula Nanayakkarawasam

Photos from Lanka Music Store's post 14/02/2026

( වැලන්ටයින් සංගීත මතක )
සංගීතවේදී ආර් ඒ චන්ද්‍රසේන /මඑස්ත්‍රෝ ප්‍රේමසිරි කේමදාස
(ගෞරවනීය සංගීතමය හමුව ) 1953 පෙබරවාරි 14 ...
සංගීත ගුරු ආර්.ඒ.චන්ද්‍රසේන සහ මඑස්ත්‍රෝ ප්‍රේමසිරි කේමදාස මහතා අතර වූ ලාංකේය සමාජයට සංගීතම බුද්ධිමය දේපළක් ලෙස හටගත් ගුරු ගෝල (ගෞරවනීය) ආදරය 1953-පෙබරවාරි-14 අද වන් වැලන්ටයින් දිනයක වූ බවට ලිඛිත සාක්ෂි සහිතව හුවා දක්වන්නට ලැබීම චන්ද්‍රසේන දියණියක ලෙස මා ලද දුර්ලභ කලාත්මක අවස්තාවක් ලෙස නිහතමානීව හෝ එසේ නොවී හුවා දක්වන්නේ සංගීතයේ - ගායන වාදන නිෂ්පාදන යන ත්‍රිවිධාත්මක කෝණ දසුනේ මුල් පුරුක් යුවලක් ගැන මෙසේ අභිමානයෙන් මතක් කරමිනි.
ප්‍රේමසිරි කේමදාසයන් වනාහි මෙරට ගීත කළාවට නව මුහුණුවරක් එක්කල නවතම මුහුණ විය.එකල හෙතෙම වාසය කලේ වාද්දුව ප්‍රදේශයේය.එහි සිට මාගේ ගෞරවනීය පියානන් වන චන්ද්‍රසේන ශූරීන් වෙත අද වන් දිනෙක මුලින්ම පැමිණි කේමදාස සිසුවා විසින් අප පියානන් සහ මව වන ශ්‍රියානි චන්ද්‍රසේන යුවලගේ සංගීත පංතියේ බටනලා වාදක ශිල්පියෙක් ලෙස අයදුම පත් පිරවූ කේමදාසයන්ගේ අත් අකුරු සහිත මුල් පිටපත අදද මා අත සුරැකිව තබා මෙලෙස ඔහුට ගෞරවනීය උපහාරයක් ලෙස ඉදිරිපත් කරනෙමි. කේමදාස මහතා වැනි ප්‍රවීන ගාන්ධර්වයකුගේ ගුරුවරයෙකු වූ මාගේ ආර්.ඒ.චන්ද්‍රසේන සංගීතවේදියාණන්ගේ සංගීත ඉගැන්වීමේ රටාව කෙතරම් අග්‍රගන්‍ය තලයක තිබෙනු ඇත්තැයි පැවසීමට මාගේ සංගීත ගමනම මා හට නිදසුන් ගෙන දෙන්නේය. ඉඳින් මෙවන් වූ කෙටි ලිපියක් මගින් මගේ දයාබර පියාණන් සහ කේමදාස මහතාගේ ගුරු ගෝල සම්බන්ධතාව ඇරඹූ අද වැනි අතීතාවර්ජන දිනක මෙසේ සටහන් තබන්නේ දෙපලටම ඉමහත් වූ ගෞරවයක් ඇතිවය.

මම දර්ශනී චන්ද්‍රසේන.

Photos from Lanka Music Store's post 09/12/2025

2026/12/04
Tower Hall
Golden Award
GLORY OF SRI LANKA
ස්වර්ණ පදනම

සංගීත විශාරද දර්ශනී චන්ද්‍රසේන මැතිනිය ශ්‍රී ලාංකීය සංගීතය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ සංගීත ශිල්පිනියක් ලෙස
ලෙස අදටත් කලාකෙත අස්වද්දමින් කටයුතු සිදු කරයි.
වර්ෂ 1983 දී ලලිත කලා ගෞරව උපාධිධාරීනීයක් ලෙස ඇය එම වසරේ සිට මේ දක්වාම ගුවන් විදුලියේ විශිෂ්ඨ ශ්‍රේණිය සරල ගී ගායන ශිල්පිනියක් ලෙස මහා සේවයක් ඉටු කරයි.
වර්ෂ 1983 සිට සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ හොරණ මණ්ඩපයේ හින්දුස්ථානයේ රාගධාරී සංගීතය ගායනය/ වාදනය සහ බටහිර සංගීත බාහිර කතිකාචාරිනියක් ලෙස සේවය ඉටු කරයි.
වර්ෂ 1985 සිට උපාධිධාරී සංගීත ගුරුවරියක් සේ බස්නාහිර පළාතේ පාසල් ගනාවක සේවය ඉටු කරමින් බස්නාහිර පළාත් අධ්‍යාපන සංගීත විෂය බාර අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරමින් සිය රාජකාරී නිවැරදිව ඉටු කරන ලදී.
සංගීතය පිළිබඳව තම ජීවන හැඟීම වඩ වඩාත් ආලෝකමත් කළ ඇය
ආර්. ඒ. චන්ද්‍රසේන සංගීත කලායතනය නමින් (වසර 45 ක් ) සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ කලායතනය (අධි ශ්‍රේණි ගත කලායතණය) තුළින් සුවහසක් දුවා දරුවන්ට සංගීතය විඳින්නට ඉගෙන ගන්නට අවස්ථාව ඉටු කරන ලදී.
2017 රත්මලාන ස්වර්ණ භූෂන සම්මානය, 2018 විශ්වාභිනන්දන භූෂන සම්මානය, 2022 කොළොම්තොට භූෂන සම්මානය, 2022 කලා භූෂන රාජ්‍ය සම්මානය, ඇතුළුව තවත් සම්මාන ගණනාවකින්ම පිදුම් ලබමින්,
කීර්ති ශ්‍රී දේශමාන්‍ය ගෞරව නාමය පිදුම් ලබමින් ස්වර්ණ අභිමන් කළා ප්‍රසාදිනී සම්මාන ඇතුළු තවත් නොයෙකුත් සම්මාන වලින් පිදුම් ලැබු දර්ශනී චන්ද්‍රසේන මැතිනිය ඔබට උණුසුම් සුබ පැතුම් හද පිරි සතුටින් මෙලෙස එක් කරන්නෙමූ.
මහපොළොව වෙනුවෙන් තම යුතුකම් නොපිරිහෙලා ඉටුකරමින් සැබෑ මානුෂීය ගුණයෙන්ම කලාව වැළඳ ගනිමින් මේ මව් පොළව ලස්සන කරන්නට කලා භූෂණ රාජ්‍ය සම්මානිත කීර්ති ශ්‍රී දේශමාන්‍ය ලලිත කලා ගෞරව කළාවේදී,ගෞරව සංගීත විශාරද ,ගායන වාදන වේදී බටහිර සංගීත පියානො වාදන ශිල්පිනි ආර් ඒ දර්ශනය චන්ද්‍රසේන අනුස්මරණ සංගීත කලායතනාධිපතිනිය ඇයයි.

ශ්‍රී ලංකාවේ මහිමය රන් සම්මානයෙන් අද දින පිදුම් ලබන්නේ දර්ශන චන්ද්‍රසේන මැතිණියයි.ඇය පිළිබඳව අනිවාර්යෙන් කතා කළ යුතුයි. ආර් ඒ චන්ද්‍රසේන කියන නාමය මේ මහා පොළොවට ඇහෙන්නේ
"දසබලධාරී බුදු රජු පෙර කළ ඉපදි හිමාලේ කිදුරෙකු වීලා"
ඒ ලස්සන ආදරණීය පියාණන් ඒ වගේම කලා පවුලක යුතුකම් වගකීම ඉටුකරන ඇය, සුන්දර කලාකාරනීයක් ලෙස ලස්සන අත් පොලෝසන් නාදයකින් ශ්‍රී ලංකාවේ මහිමය රන් සම්මානයෙන් පිදුම් ලබන මොහොත.

මේ මානව හිතවාදී ගුණයෙන් තම කලාව අන් අයට තිළිණ කරන ගෞරවාන්විතයන්
වග මා සිහිපත් කල යුතුයි.

ඉදිරිපත් කලේ
විජේන්ද්‍ර විශ්වනාථ
Thank you so much
Special Thanks
Anurada Perera
(Founder of the Golden Foundation)

Want your business to be the top-listed Computer & Electronics Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Tower Hall Theatre
Colombo