Little Hurt

Little Hurt

Share

Mariana To Everest

27/05/2026

Little Hurt 💌❣️

16/05/2026

ජීවත් වෙන්න පහසු පිරිමි ❣️

ජීවත් වෙන්න පහසු සහ ජීවිතේ පහසු කරවන පිරිමි මේ ලෝකේ ඉන්නවා.

හයියක් ඕනේ හැමවෙලාවකම හයියෙන් අල්ලගෙන ඉන්න

ඉස්සරහට ඇවිදගෙන යන කිසිම ගමනකට බාධාවක් නොවෙන

පැහැදිලි කිරීම් වලින් තොරවම තේරුම් ගන්න

ආත්මයම දීප්තිමත් කරන්න පුළුවන් පරිණත ආදරයක් දෙන

පිරිමි මේ ලෝකේ ඉන්නවා...!

එහාපැත්තෙන් වාඩී උනාම අද දවසේ උන දේවල් වල ඉඳලා විශ්වයේ කලුකුහර ගැන වෙනකල්ම ඔයා කතා කන දේවල් අවධානෙන් අහන් ඉන්න පිරිමි මේ ලෝකේ ඉන්නවා...

වැරැද්දක් උනාම අවංකවම සමාව ඉල්ලන, වැරැද්ද පිළිගන්න කොන්දක් තියෙන පිරිමි මේ ලෝකේ ඉන්නවා...

ඔයාගේ මානසික නිදහස ගැන ඔයාටත් වඩා හිතන ඒ නිසාම ඔයාව හරි පරිස්සමෙන් බලාගන්න පිරිමි මේ ලෝකේ ඉන්නවා...

ඔයාගේ ඇතුලාන්තයේ ජීවත් වෙන පුංචි දරුවට චූටිමවත් හානියක් නොකර ආදරේ කරන පිරිමි මේ ලෝකේ ඉන්නවා...

ඔයාගේ හැම පුංචි ස්ටෙප් එකක් දිහාම ආදරෙන් බලන් ඉන්න ඒ ගැන හුඟාක් ආඩම්බර වෙන පිරිමි මේ ලෝකේ ඉන්නවා...

කෙටියෙන්ම,

ජීවිතේ හරිම පහසුයි කියලා දනවන ආදරණීය පිරිමි මේ ලෝකේ ඉන්නවා...

එහෙම පිරිමියෙක් මුණගැහුනාම තව දුරටත් ඔයාට ඔයාව පරිවර්තනය කරන්න ඕනේ වෙන්නේ නෑ.

ඒ වගේම එයාව කියවන්න ඔයාට අමාරූ වෙන්නෙත් නෑ.

මොකද ඔයා කියන භාශාව එයා තේරුම් ගන්නවා සහ එයා කියන භාශාව ඔයාට තේරෙන්න ගන්නවා...

ඉතින් මතක තියාගන්න,

සමනල්ලු පියාඹන හැඟීම දනවන්න පුළුවන් පිරිමියෙක් වෙනුවට ඒ පියාඹපු සමනල්ලු මැරෙන්න නොදී පරිස්සමෙන් බලාගන්න පුළුවන් පිරිමියෙක් ජීවිතේට තෝරගන්න ❤️

Little Hurt ❤️

08/05/2026

ගැහැණු "Full Open" වෙන්නේ තමන්ට දැනුන පිරිමියෙක් ළඟ විතරමයි.
මුළු ලෝකයක් ඉස්සරහා ශක්තිමත් චරිතයක් රඟපෑවත්,
දැනුන පිරිමියෙක් ගාවදී ඇය නන්නාදුනන පුංචි දරුවෙක් වෙන්නේ
ඒ පපුව ඇතුළේ ඇයට දැනෙන අසීමිත ආරක්ෂාව නිසයි.

​හුරතල් වෙවී කෝලම් කරන්නේ,
හෝ ගාලා ගිරවියක් වගේ නොනවත්වා කියවන්නේ
ඇයට ඇහෙනවට වඩා ඇයව "තේරුම් ගන්න" පිරිමියෙක් ළඟ...
ඇය වැඩියෙන්ම හිනාවෙන්නේ ඔහු එක්ක නම්,
වැඩියෙන්ම කඳුළු හලන්නෙත් ඔහු වෙනුවෙන්ම විතරයි.
ඒ කඳුළු වල තියෙන්නේ වේදනාවට වඩා "ඔයාට මාව තේරෙන්නේ නැද්ද" කියන ආදරණීය චෝදනාව...

​සැක කරලා, බැනලා, රණ්ඩු වෙලා, මරාගෙන හරි ඇය ඉන්නේ ඔහුට තියෙන ආදරේ අහසටත් වඩා උස නිසාමයි.
හිතේ තියෙන බය, ආසාව, ආදරේ මේ ඔක්කොම අයිතිවාසිකම් විදිහට ඇය පාවිච්චි කරන්නේ
ඇයව රිද්දන්න බැරි කෙනෙක් ගාව විතරමයි.

​දැනුන ආදරයක් ළඟ හරි ලෝභයි ගැහැණු...
ඒ ආදරේ අඟලක්වත් වෙන කෙනෙක්ට බෙදිලා යනවා දකින්න ඇය කැමතිම නැහැ.
ඉතින්
ගැහැණුන්ට ඕනිම තමන්ව තේරුම් ගන්න කෙනෙක්
එක්ක හුස්මක් තරමටම සමීපව,
ආදරෙන් ඉන්න...

​ගැහැණු සංහතියම එහෙමයි...

පිටතින් දකින රළු බවට වඩා ඇතුළතින් තියෙන ඒ මුදු මොළොක් හිත හඳුනාගන්න පිරිමියෙක්ට,
ඇය තමන්ගේ මුළු ලෝකයම වුණත් ලියා දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ.

Little Hurt ❣️

07/05/2026

ප්‍රේම කරපු අය එක වහලක් යටට එන්නම ඕනේ ...
ඒ විතරක් නෙවෙයි ඒ වහල යට උන් හොයන ලෝකය ලැබෙන්නත් ඕනේ.....

එතනින් එහා තියන හැම පියවරම එක මගක යන්න ලැබෙන්නත් ඕනේ....

බලන් ඉන්න මිනිස්සුත් ආදරෙයි කියන තරමට
රෝමීයෝ ජුලියට්ලා වෙන්නම ඕනේ....

සංසාරේ මේ දිවිය දැනෙන තරමට ජීවත් වෙන්න පින් පලදෙන්නත් ඕනේ....
එච්චරයි ..... ❣️

Little Hurt ❤️

07/05/2026

ගැහැණියකගේ ජීවිතය ඇතුලෙ ලබන්න පුළුවන් නිදහස්ම,ආදරණීයම,වටිනම ලැබීම තමයි එයාට ආදරේ ලස්සන කියාදෙන පිරිමියෙක් ලැබීම...

ආදරය වෙනුවෙන්ම කැප කිරීම් කරන ගැහැණු ආදරණීයම පිරිමියාට හිමිවිය යුතුයි.අහිමි නොවිය යුතුයි...

ඊටත් වැඩිය, එහෙව් බැදීමක් රැකගන්න පිරිමියා තරම් වාසනාවන්ත අයෙක් තවත් නැතුව ඇති..

බැදීමකට හරි වටිනාකමක් දෙන කෙනෙක් ලග මිනිස්සු හුස්ම ගන්නවා හරි ලස්සනට... ආදරණීයව...❤️

ඉතිං,

හැම ආදරණීය හිතකටම උදා වෙන්නම ඕන ජීවත් වෙන්න ආස හිතෙන ලස්සනම ලස්සන දවස්....❣️💐

Little Hurt ❤️

06/05/2026

🥺💔

29/04/2026

ජිවිතේ දවසක් එනවා, කොච්චර ආදරෙන් හිටියත් සදහටම ඒ ආත්මෙන් සමුගන්න වෙන...
ඉතින්!

"මං නැති දවසක මේ වචන ටික ඔයා අශාවෙන් කියවන්න"

මේ ලොකේ මට දැනුනු කෙනා ඔයා!
මේ ලෝකේ වැඩියෙන් ආදරේ කරපූ කෙනා ඔයා!
මං මේ ලෝකේ වැඩියෙන් කතා කරන්න ආසම කෙනත් ඔයා!

මං වැඩිපුරම ඉන්න ආස ඔයගෙ උනුහුමේ!
ඉතින් මේ ආත්මෙට විතරක් නෙමෙයි මම සංසාරෙ පුරාවටම ඔයා වෙනුවෙන් මගෙ මුලු ආත්මේම දිලා ඉවරයි!

අතරමගදි ඔයාව තනිකරලා යන්න ගියත් ආයේ මම ඊලග ආත්මේ ඔයා වෙනුවෙන් ඉන්නවා.!
ඉතින් මට සමාවෙන්න!

මේ විදියට නොහිතපු වේලාවක ඔයාම මෙහෙම තනිකරලා සදහටම සමු ගන්න උනාට ජිවිතේ කෙටියි තමා ඒත් මේ දිගු සසරේ ඔයා එක්කමයි!
ඉතින් සමුගමු!

ඊලග නැවතුමෙන් හමුවනතුරු..! 💔🫂

Little Hurt ❣️
With my Little One 😘

17/04/2026

🥺❤️

14/04/2026

හිතේ සතුට වෑහෙන
මුවේ සිනහා පීදෙන
ගෙබිම ආදරෙන් ඉතිරෙන
සුවැති සුබැති - අලුත් අවුරුද්දක් වේවා !

Little Hurt ❤️🙏

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
00100