Naveen
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naveen, Entrepreneur, Colombo.
10/08/2025
🚀 Google එකෙන් නොමිලේ ඉගෙන ගන්න පුළුවන් සුපිරි කෝර්සස් 20ක් - 2025 අප්ඩේටඩ්! 🌟
සුපිරි ඩිජිටල් ලෝකයේ ඔබේ කුසලතා ඉහ�ළ නංවන්න ඕනද? Google ආයතනයෙන් ලබා දෙන නොමිලේ ඔන්ලයින් කෝර්සස් එකතුව ඔබට ඒ අවස්ථාව ගෙනල්ලා දෙනවා! 🎉 2025 මාර්තු 21 වෙනකොට active ඒවා අතරින් තෝරා ගත්තු, ලෝකෙටම ජනප්‍රිය වුණු කෝර්සස් 20ක් මෙන්න ඔබ වෙනුවෙන්! 💻📚 AI, ඩිජිටල් මාකටින්, ඩේටා සයන්ස් වගේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරන මේවා ඔබේ CV එකටත් ලස්සන බූස්ට් එකක් දෙනවා! ✨
🎯 1. Google AI Essentials
⏳ කාලය: පැය 10කට අඩු💡 AI ගැන මූලික දැනුම ඕන කෙනෙකුට! Prompt engineering, content creation වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්.🎖️ සහතිකය: Free badge🔗 (https://grow.google/certificates/ai-essentials/)
🖥️ 2. Introduction to Generative AI
⏳ කාලය: පැය 1-2💡 Generative AI ගැන මූලික හැඳින්වීමක්. Google එකේ AI tools භාවිතයත් එක්ක!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/536)
🔒 3. Cybersecurity Basics
⏳ කාලය: පැය 8💡 Cyber තර්ජනවලින් ආරක්ෂා වෙන්න ඉගෙන ගන්න. Entry-level jobs සඳහාත් perfect!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/621)
📈 4. Fundamentals of Digital Marketing
⏳ කාලය: පැය 40💡 SEO, Google Ads, Analytics එක්ක ඩිජිටල් මාකටින් ලෝකයට ගමනක්!🎖️ සහතිකය: Free certificate🔗 (https://learndigital.withgoogle.com/digitalgarage/course/digital-marketing)
💾 5. Google IT Support Fundamentals
⏳ කාලය: පැය 10💡 IT support ගැන මූලික දැනුම. Troubleshooting, networking ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/622)
📊 6. Data Science with Python
⏳ කාලය: පැය 20💡 Python එක්ක ඩේටා ඇනලිටික්ස් ඉගෙන ගන්න ආරම්භකයන්ට!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/623)
🌐 7. Google Analytics for Beginners
⏳ කාලය: පැය 4💡 Google Analytics භාවිතයෙන් වෙබ්සයිට් performance බලන්න ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://skillshop.exceedlms.com/student/path/17758-google-analytics-for-beginners)
⚙️ 8. Introduction to Google Cloud
⏳ කාලය: පැය 2💡 Google Cloud ගැන මූලික හැඳින්වීමක්. Cloud computing ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/624)
📱 9. UX Design Basics
⏳ කාලය: පැය 10💡 User experience design ගැන ඉගෙන ගන්න Google experts ලගින්!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/625)
🔍 10. Power Searching with Google
⏳ කාලය: පැය 6💡 Google search එකේ pro එකෙක් වෙන්න shortcuts එක්ක!🎖️ සහතිකය: Free badge🔗 (https://www.edx.org/course/power-searching-with-google)
📧 11. Gmail Productivity
⏳ කාලය: පැය 2💡 Gmail එක efficient විදිහට භාවිත කරන්න ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/626)
🛠️ 12. Google Ads Certification Prep
⏳ කාලය: පැය 5💡 Google Ads campaigns ගැන මූලික දැනුමක් ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://skillshop.exceedlms.com/student/path/18049-google-ads-certification)
🤖 13. Machine Learning Crash Course
⏳ කාලය: පැය 15💡 ML ගැන ඉක්මනින් ඉගෙන ගන්න Google එකේ experts ලගින්!🎖️ සහතිකය: Free badge🔗 (https://developers.google.com/machine-learning/crash-course)
🗣️ 14. Effective Communication Skills
⏳ කාලය: පැය 3💡 Communication skills improve කරගන්න Google style එකෙන්!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/627)
🏢 15. Project Management Basics
⏳ කාලය: පැය 10💡 Project management ගැන මූලික දැනුම ඕන කෙනෙකුට!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/628)
🌍 16. Google Maps Platform Intro
⏳ කාලය: පැය 3💡 Google Maps API එක භාවිතයෙන් interactive maps හදන්න ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/629)
📝 17. Google Docs Mastery
⏳ කාලය: පැය 2💡 Google Docs එකේ pro එකෙක් වෙන්න tips එක්ක!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/630)
⚡ 18. Responsible AI Practices
⏳ කාලය: Pැය 1.5💡 AI ethically භාවිත කරන්න ඉගෙන ගන්න Google එකේ approach එකත් එක්ක!🎖️ සහතිකය: Free badge🔗 (https://www.cloudskillsboost.google/course_templates/631)
📲 19. Android Basics
⏳ කාලය: පැය 12💡 Android app development ගැන මූලික දැනුමක් ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://developer.android.com/courses/android-basics-kotlin/course)
🌟 20. Career Development with Google
⏳ කාලය: පැය 5💡 ඔබේ කැරියර් එක ඉහළට ගන්න skills ඉගෙන ගන්න!🎖️ සහතිකය: Free badge🔗 (https://grow.google/certificates/career-development/)
🌈 ඇයි Google කෝර්සස් තෝරගන්නේ?
• නොමිලේ: Registration fee එකක් නෑ! 💸
• Flexible: ඔබේ වේලාවට ඉගෙන ගන්න! ⏰
• සහතික: Free badges/certificates එක්ක CV එක බූස්ට් කරගන්න! 📜
• Google Quality: ලෝකෙටම පිළිගත් experts ලගින් ඉගෙන ගන්න! 🌍
💡 කොහෙන් enroll වෙන්නද?
• Google Digital Garage: (https://learndigital.withgoogle.com)
• Google Cloud Skills Boost: (https://www.cloudskillsboost.google)
• Grow with Google: (https://grow.google)
එකක් තෝරලා ඉගෙන ගන්න ගමන ආරම්භ කරන්න! 🚀 2025 ඔබේ skillset එක shine කරන්න Google එක්ක! 🌟
Copied
11/07/2025
අදට වයස අවුරුදු සීයයි.
මැලේසියාවේ ගමන් මග වෙනස් කරලා අග්නිදිග ආසියාවේ මහා වෙනසකට නායකත්වය දුන්නු නායකයා මහතීර් මොහමඩ්. 90 දශකයේ මුල මුළු අග්නිදිග ආසියාවේ ම ආර්ථිකය කඩා වැටිලා IMF මැදිහත්වීම ඉල්ලද්දී, IMF නැතුව මට රට ගොඩ ගන්න පුලුවන් කියලා, ඒක කරලා පෙන්නන තරම් කෙලින් කොන්දක් තිබුණු නායකයෙක්. හැබැයි ඒක කලේ IMF ඕනෙ කිව්ව උප අගමැති සහ මුදල් ඇමැති අන්වර් ඊබ්‍රහිම් හිරේ දාලා කොන්ද කැඩෙන්න ගහලා. (අද මැලේසියාවේ වත්මන් අගමැති ඒ අන්වර් ඊබ්‍රහිම් තමයි). මහතීර් මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙමෙයි. එක්තරා විදියක ආඥාදායකයෙක්. හැබැයි රට හැදුවා. තාමත් සක්‍රිය දේශපාලනයේ ඉන්නවා. මීට දවස් දෙකකට කලින් ඔහු මැලේසියාවේ Strait Times පුවත්පතට දුන්නු සාකච්ඡාවෙන් පේනවා තවමත් ඔහු ඉතා තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක් කියලා. හැබැයි හරියාකාර දෙවැනි නායකත්වයක් හදන්න බැරි උනා කියලා අදත් ඔහු පසු තැවෙනවා. බොහෝ දක්ෂ නායකයෝ ෆේල් වෙන්නෙ ඔතනදි තමා.
09/07/2025
Starlink කියන්නේ SpaceX ආයතනය මඟින් ලබාදෙන අන්තර්ජාල සැපයූම් සේවාවක්. මේකේ තියෙන විශේෂත්වය තමයි, මේ internet පාවිච්චි කරන කෙනාට internet ලැබෙන්නේ චන්ද්‍රිකා ජාලයක් මඟින් වීම. අපිට සමාන්‍ය අන්තර්ජාල පහසුකම් ලැබෙන්නේ පොළොව සහ මුහුද යටින් රටවල් එකිනෙක connect කරලා තියෙන අධිවේගී දත්ත සම්ප්‍රේෂණ cables (Submarine fiber optic cables වැනි) වලින්.
ලෝකේ මේ වගේ චන්ද්‍රිකා ජාල මත පදනම් වුනු වෙනත් අන්තර්ජාල සේවාවන් තිබ්බත්, Starlink සුවිශේෂී වෙන්නේ ඒගොල්ලන්ගේ චන්ද්‍රිකා කක්ශගත කරලා තියෙන්නේ low Earth orbit (LEO) එකක 550 km ක උසකින්. ඒ කියන්නේ අනිත් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවන් සපයන සමාගම් භාවිතා කරන geostationary satellite එහෙමත් නැත්නම් 36,000km ක් විතර උඩින් කක්ශගත කරලා තියෙන භූ ස්ථාවර චන්ද්‍රිකාවන් විසින්.
මේ වෙද්දී Starlink චන්ද්‍රිකාවන් 7,875කට ආසන්න සංඛ්‍යාවක් පෘථිවිය වටේ කක්ශගත කරලා තියෙනවා. ඔවුන්ගේ plan එක නම් මේ satellite network එක චන්ද්‍රිකා 42,000 දක්වා වැඩි කරන එක. Starlink චන්ද්‍රිකාවන් low Earth orbit එකක තියෙන නිසා ඒගොල්ලන්ට පුලුවන් ~20–60 ms වගේ සාපේක්ශව අඩු Latency එකකින් ~50–300 Mbps වගේ Download/upload speed එකක් ලබාදෙන්න.
හැබැයි ඇත්තම දේ තමයි මේ Satellite internet connections වලට Fiber connections වල තියෙන Performance වලට කිට්ටු වෙන්න ටිකක් විතර අමාරුයි. Fiber connections වලට සාමාන්‍යයෙන් Up to 1 Gbps+ (ලංකාවේ නම් residentials වලට ලැබෙන්නේ උපරිම 300 Mbps) වගේ Download speed එකක් සහ ~1–10 ms අතර Latency එකක් හම්බෙනවා. ඒ වගේම Fiber connections වල තියෙන විශ්වාසනීයත්වය (Reliability) ගොඩක් වැඩියි. Satellite internet connections වලට අයහපත් කාලගුණය යටතේ පොඩි පොඩි බාධාවන් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ආරම්භක පිරිවැය Fiber connections වල ගොඩක් අඩුයි.
මීට සති කිහිපයකට කලින් ලංකාවට Starlink අන්තර්ජාල සේවාව ලබාදීම නිල වශයෙන් ආරම්භ කලා. මේ වෙද්දී රුපියල් 9,200ක් වෙන Residential Lite සහ රුපියල් 15,000 ක මාසික ගාස්තුවක් හිමි Residential කියන අන්තර්ජාල package ද්විත්වයක් අපිට හඳුන්වලා දීලා තියෙනවා. ඊට අමතරම ලංකාව වටේ Countrywide Coverage එකක් තියෙන ගමන් කරන ගමන් පාවිච්චි කරන පුලුවන් Roam (50GB - LKR15,000/mo) සහ Roam - UNLIMITED (LKR27,000/mo) කියලා තවත් package එකක් තියෙනවා.
කොහොම උනත් අපිට වැදගත් වෙන්නේ Residential package ටිකනේ. Starlink අන්තර්ජාල සබඳතාවක් පටන් ගන්න රුපියල් 118,000 ක ආරම්භක ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඒ ගාස්තුවෙන් තමයි අපිට Starlink Standard Kit ඒක ඒ කියන්නේ Satellite dish එක ඇතුලුව අනෙකුත් උපාංග හම්බෙන්නේ.
Residential package දෙකටම Unlimited data හම්බෙනවා. හැබැයි Residential Lite package එකේ speed එක peak times වලදී ඒ කියන්නේ ගොඩක් අය use කරන වේලාවල් වලදී ටිකක් අඩු වෙන්න පුළුවන්. මේක ලංකාවට තාම එච්චරම බලපාන එකක් නැහැ. මොකද තාම ගොඩක් අය Starlink connections පාවිච්චි කරන්නේ නැති නිසා. මේ එක connection එකක් devices 20 (PC's/ Mobile phones/ Tablets වගේ)ක් දක්වා සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා.
ඒ වගේම අලුතින් පනවපු තාක්ශණික බද්ධ (18% ක VAT - Non-Resident Digital Services) එක මේ මාසික ගාස්තුවේ අඩංගු වේලා තියෙනවා. ඒ නිසා මේ මාසික ගාස්තුව වෙනස් වෙන්නේ නැහැ.
මෙච්චර කල් ලංකාවේ ISP ලා පාරිභෝගිකයන්ට Unlimited කියලා දුන්නේ ඇත්තටම Unlimited internet නෙමෙයි. ඒ නිසා සාමාන්‍යයෙන් අන්තර්ජාලය යොදාගෙන ගොඩක් වැඩ කරන අයට නම් මේ Starlink connection එක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි තාමත් ලෝකේ තියෙන හොඳම සහ reliable ම household internet connection type එක වෙන්නේ Fiber යි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |