Boos Panda

Boos Panda

Share

Boss Pandaත් එක්ක ලෝකය වගේම ලංකාවේ වැඩ AI ටිකක් බලන්න එකතු වෙන්න.���

03/12/2025

මේ මොහොතේ අවතැන් වෙලා ඉන්න අසරණ වෙලා ඉන්න අපේම ජනතාවට හැකි අයුරින් උදව් කරමු 💝🙏🫂

#සුළි_කුණාටුව #ගංවතුර #නායයෑම් #කාලගුණය

03/12/2025

බදුල්ල, පල්ගහතැන්න ගමේ සහ ඒ ගමේ පාසලේ (ගමේ නම හරියට ඇහුනේ නෑ. ඇහුන විදිහට type කලා) පවුල් 80 ක් පමණ මේ වන විට අවැතැන් වෙලා ඉන්නවාලු. කිසිම සහන සේවාවක් ලැබිලත් නෑලු. පුලුවන් ඔයාලා දන්න දන්න අයට හරි මේ message එක share කරලා එයාලට කන්න බොන්න හොයලා. ලොකු පිනක් 🙏 පාරවල් සුද්ද කරලා නිසා දැන් යන්නත් පුලුවන් ලු.

ඒ ගමේ ඉස්කොලේ සර් කෙනෙක් වන Nishantha මහතාට කතා කරලා වැඩි විස්තර ලබා ගන්න පුලුවන් 0711970470

02/12/2025

Thank You 🇮🇳 🥹🫶

01/12/2025
01/12/2025

✍️...⭕🔴🚨පෙරේදා (27) දින සිට මෙම පින්තූරයේ සිටින මාගේ බිරිඳ හා දරුවන් දෙදෙනා පිළිබද කිසිදු තොරතුරක් නොමැත........

මම විදේශ ගතව සිටින අතර මා හට ඔවුන් පිළිබඳ යම් තොරතුරක් ඇතොත් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි........ ✍️

පූත්තලම
දිගන්වැව
බංගදෙණිය
හලාවත

තොරතුරක් ඇතොත් දැනුම් දිය යුතු අංකය🥺🙏

Eranga -+82 10-2688-9022
Chethana - 0750844335
උපුටාගැනිමකී

Photos from Boos Panda's post 30/11/2025

කඳවුරුවල ඉන්න බදුල්ලේ දරුවන්ට ආදරෙන්...

අද උදේ නැගිට්ට ගමන් බුකියේ දුටුව පෝස්ටුවක් ඌව පළාතේ ප්‍රධාන ලේකම්තුමියගෙ...ගංවතුරෙන් නායයාමෙන් අවතැන් වෙලා අසරණ වෙලා කඳවුරුවල ඉන්න දරුවන්ට Soft toys ටිකක් පුලුවන් නම් ඇරන් දෙන්න කියල. විශිෂ්ට රාජ්‍ය නිලධාරීනිනියකගේ කාරුණික ඉල්ලීමට උදව්වක් නොකර ඉන්න බෑ. එවෙලෙම ඇයට කතා කළා...ඇය බදුල්ලට එන වාහනයක් Coordinate කරල දුන්න....බදුල්ල කියන්නෙ මං පුංචි කාලෙ ඉගෙන ගත්ත ගම...රස්සාව කරල හැදිච්ච ඉස්පිරිතාලෙ බදුල්ල...බදුල්ල එක්ක තියෙන බැඳීම කවදාවත් නැති වෙන්නෙ නෑ...

උදේ අටට ආර්පිකෝ එකට ආව...ජීවිතේ ගොඩක් දේවල් නැතිවෙලා ඉන්න දරුවන්ට හිතට සතුටක් දෙන්න පුලුවන් ලස්සන Soft toys ගත්ත ලක්ෂ දෙකක විතර...තව කාර් වගෙ සෙල්ලම් බඩු ගත්ත පනස්දාහක විතර...කාන්තා සනීපාරක්ෂක තුවා ගත්ත තවත් පනස්දාහක විතර...හැමදේම තේරුවෙ මගේ පුතයි දුවයි මණියි....හැමදාම වගෙ මණී මේ දේටත් මට හයියට හිටිය....

"They will be so happy Appachchi" චූටි දූ කීව...

ගත්තු සියලු දේ ලස්සනට අහුරන්න ආර්පිකෝ එකේ කාර්ය මණ්ඩලයෙ ජයන්ත උදව් කරා...ඔහුත් මීගහකිවුලෙ...අපට සියයට පහක ඩිස්කවුන්ට් එකකුත් දුන්න...ඒකෙත් බඩු ගත්ත...

බඩු ටික ඇරන් ඉවර වෙනකොටම කැබ් එක ආව...සුරංගයි සයුරංගයි...අපි ඔක්කොමල එකතු වෙලා බඩු ටික පැටෙව්ව...කැබ් එකේ පිටුපසත් පිටුපස සීට් එකත් සම්පූර්ණයෙන්ම පිරුණ...

අපි ඔක්කොමල පින්තූරයක් ගත්ත...

මේක රටට අමාරු වෙලාවක්...කෑමබීම වතුර ඇඳුම්පැලඳුම් ඕන වෙලාවක්...ඒව සපයන ගමන්ම අන්ත අසරණ වෙලා ඉන්න දරුවන්ගෙ මානසිකත්වය ගැනත් හිතන්න ඕන වෙලාවක්...එහෙම හිතන රාජ්‍ය නිලධාරීනීයක් වන ගෝකුල මහත්මියට පුංචි හයියක් වෙන්න ලැබිච්ච එක හිතට සතුටක්...

නවය හමාර වෙනකොට කැබ් එකත් අපේ හිතුත් පිරිල...කැබ් එක බදුල්ලට පිටත් වුණා...

ආදරණීය මිත්‍රවරුනි

අපි ආයෙත් මේ රට හදාගමු...
අපි හැමෝම පුලුවන් හැටියට ඒ සඳහා එකතුවෙමු...

Respect ලක්මාල් කුලසේකර සර්🙏

30/11/2025

යක්ක පුතුනේ !
සෙරෙප්පු කෑලි දෙකයි
බයික් ජැකට් එකයි ඇඳගෙන
සෝටා දාගෙන
බයික් හෙල්මට් එක ඔළුවෙ දාගෙන
නාය ගියපු තැන් බලන්න
ගන්වතුර බැහැලා ගියපු තැන්වල
යන්ඩ එපා යකුනේ
සුලි කුනාටුවෙන් බේරිලා
මී උණ හැදිලා මැරෙයි......🥲

30/11/2025

🔥"මිනිස්සු කී දාහක් හරි පන්සලට අරන් එන්න" : මාවිල්ආරු සොරොව්වේ අවදානම නිසා සේරුවිල විහාරාධිපතිගෙන් ඉල්ලීමක්

Ven. Aludeniye Subodhi Thero

30/11/2025

ගිරිඋල්ල කියන ගමේ දැන් දවස් 3ක් ඉදලා වතුරයි කරන්ට් එකයි නැහැ.ගිරිඋල්ල පොලිසිය හරියට වතුර බවුසර් එකක් හරි වතුර supply කරන විදියක් හරි සලස්වලා උදව්වක් කරන්න
Share this🤍🙏

30/11/2025

අනේ අපේ මිනිස්සු විපතකදී තමන් ගැනවත් හිතන්නේ නැතුව උදව්වට එන්නේ 🥹🫶 තෙරුවන් සරණයි 🙏

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
Colombo