TechXcel
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TechXcel, Writer, Koswatta, Battaramulla, Colombo.
දවස් කිහිපයක විවේකයෙන් පස්සේ අද අපි Lesson 05 එකෙන් ඉගෙන ගන්නේ Figma වල තියෙන තවත් ප්‍රායෝගික දෙයක් ගැන. ඒ තමයි Loading Screen Animation එකක් (නැත්නම් Progress Bar එකක්) හදන හැටි.
මේකේදී අපි කලින් පාඩමේ ඉගෙන ගත්ත Smart Animate පාවිච්චි කරලා, ඇත්තටම App එකක් Load වෙනවා වගේ ලස්සන animation එකක් හදමු.
App එකක් open කරද්දී මුලින්ම පේන Loading animation එක හදන්නේ කොහොමද කියලා අද බලමු.
📍 පියවරෙන් පියවර කරන හැටි:
✅Frame එකක් ගන්න: iPhone frame එකක් අරන් ඒකේ මැද පොඩි Rectangle එකක් අඳින්න (මේක තමයි Loading bar එකේ පසුබිම). ඒකට ලා අළු පාටක් (Light Grey) දෙන්න.
✅Loading Bar එක අඳින්න: ඒ අළු පාට rectangle එක උඩින්ම තව රතු හෝ නිල් පාට rectangle එකක් අඳින්න. ඒකේ පළල (Width) ඉතාම පොඩියට තියන්න (මුලින්ම load වෙන්න පටන් ගන්න අවස්ථාව).
✅Frame එක Duplicate කරන්න: දැන් Frame එක උඩ click කරලා Ctrl + D ඔබලා තව copy එකක් ගන්න.
✅Bar එක දිගු කරන්න: දෙවැනි Frame එකේ තියෙන පාට කරපු rectangle එක (Loading bar එක) දැන් සම්පූර්ණයෙන්ම දිගු කරන්න (Full load වුණු අවස්ථාව).
Prototype කරමු:
✅පළවෙනි Frame එකේ ඉඳන් දෙවැනි එකට නූල ඇදලා සම්බන්ධ කරන්න.
✅Trigger එකට "After Delay" තෝරන්න (එතකොට click කරන්නේ නැතුව ඉබේම load වෙනවා). Time එක 800ms වගේ දෙන්න.
✅Animation එකට "Smart Animate" තෝරලා, කාලය 2000ms (තත්පර 2ක්) වගේ දෙන්න.
✅Preview කර බලන්න: දැන් Play කරලා බලන්න. ඔයාගේ loading bar එක හරිම smooth විදිහට පිරිලා යනවා පෙනේවි! ✨
📍 අද ඔයාගේ Challenge එක, මෙන්න මේ පියවරවල් ටික කරලා, ඔයා කැමතිම පාටකින් Loading bar එකක් හදලා ඒකේ screen record එකක් comment කරන්න.
මේක හරියට කරගත්තොත් ඔයාට ඕනෑම App එකක "Splash Screen" එකක් නිර්මාණය කරන්න පුළුවන්. 🚀
🎨 Lesson 04: Smart Animate (Smooth Transitions)
පහුගිය පාඩමෙන් අපි screen දෙකක් සරලව සම්බන්ධ කරන හැටි ඉගෙන ගත්තා. හැබැයි ඔයා දැක්කද ඒකේ screen එක මාරු වෙන්නේ හරිම සාමාන්‍ය විදිහට කියලා? අද අපි ඉගෙන ගමු Apple හෝ Google Apps වල වගේ හරිම "Smooth" විදිහට animations හදන්නේ කොහොමද කියලා. ✨
මොකක්ද මේ Smart Animate කියන්නේ?
Smart Animate කියන්නේ Figma වල තියෙන බුද්ධිමත් මෙවලමක්. එකම object එකක් screen දෙකක වෙනස් තැන්වල තිබුණොත්, Figma විසින්ම ඒක ලස්සනට move වෙන විදිහට (Animate වීම) පෙන්වනවා.
පියවරෙන් පියවර Smart Animate කරමු:
✅Object එකක් හදාගන්න: මුලිනම frame එකක් හදාගන්න. ඒ Frame එකේ රවුමක් (Circle) ඇඳලා ඒක වම් පැත්තේ තියන්න.
✅Frame එක Duplicate කරන්න: Keyboard එකේ Ctrl + D (Windows) හෝ Cmd + D (Mac) ඔබලා ඒ frame එකේම තව කොපියක් ගන්න.
✅ස්ථානය වෙනස් කරන්න: දෙවැනි Frame එකේ තියෙන රවුම දැන් දකුණු පැත්තට ගෙනියන්න. (ඔයාට ඕනෙ නම් ඒකේ පාට හෝ size එකත් වෙනස් කරන්න පුළුවන්).
✅Prototype කරන්න: දැන් Prototype tab එකට ගිහින් පළවෙනි frame එකේ ඉඳන් දෙවැනි එකට link ඇදලා සම්බන්ධ කරන්න.
✅Setting එක වෙනස් කරන්න: Interaction details box එකේ මැද තියෙන "Instant" කියන එක වෙනුවට "Smart Animate" තෝරන්න.
✅වැඩේ බලමු: දැන් Present (Play) කරලා බලන්න. ඔයාගේ රවුම වම් පැත්තේ ඉඳන් දකුණට හරිම ලස්සනට පාවෙලා යනවා පෙනේවි! 🚀
අද ඔයාගේ Challenge එක: Frame දෙකක් අරන් එකම object එකක් (Rectangle හෝ Circle එකක්) positions වෙනස් කරලා Smart Animate පාවිච්චි කරලා බලන්න. වැඩේ හරිනම් "Done" කියලා comment එකක් දන්නා!
ගැටළුවක් අවොත් ඕනම වෙලාවක අහන්න.
මේක හරිම ලේසියි, ඒ වගේම ඔයාගේ Design එකේ වටිනාකම ගොඩක් වැඩි කරනවා. 💡
🎨 Lesson 02: UI එකක මූලිකාංග හඳුනාගනිමු (Shapes & Colors)
ඊයේ පාඩමෙන් අපි සාර්ථකව Figma Frame එකක් ඇතුළත "Hello TechXcel" කියලා ලියන්න ඉගෙන ගත්තා. අද අපි බලමු Professional App එකක දකින Shapes (කොටු, රවුම්) සහ Buttons නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා.
අද අපි ඉගෙන ගන්නේ UI එකක් design කිරීමේදී වැඩිපුරම පාවිච්චි වෙන tools කිහිපයයි:
✅Rectangle Tool (R): Buttons, Cards සහ Boxes අඳින්න.
✅Ellipse Tool (O): Profile pictures සහ Icons සඳහා රවුම් අඳින්න.
✅Selection Tool (V): ඕනෑම දෙයක් තෝරා ගැනීමට හෝ එහා මෙහා කිරීමට.
1️⃣පියවරෙන් පියවර ලස්සන "Login Button" එකක් හදමු. මේ පියවර ටික දැන්ම ඔයාගේ කලින් හදපු Frame එකේ කරලා බලන්න:
2️⃣Rectangle එකක් අඳින්න: Keyboard එකේ 'R' අකුර ඔබා Frame එක මත mouse එක drag කර කුඩා කොටුවක් අඳින්න.
3️⃣පාට වෙනස් කරන්න (Fill): දැන් දකුණු පැත්තේ පැනලයේ (Right Panel) ඇති "Fill" කොටස මත click කර ඔබට කැමති ආකර්ෂණීය පාටක් තෝරාගන්න.
4️⃣මුළු වටකුරු කරන්න (Corner Radius): Button එකක් වඩාත් professional පෙනෙන්න නම් එහි මුළු (Corners) වටකුරු විය යුතුයි. දකුණු පැත්තේ පැනලයේ ඇති Corner Radius icon එක ළඟ "10" හෝ "15" ලෙස අගයක් ලබා දෙන්න.
5️⃣Text එකක් දාන්න: දැන් Keyboard එකේ 'T' අකුර ඔබා, button එක උඩ click කර "Login" ලෙස type කරන්න. Text එක සුදු පාට කළොත් වඩාත් ලස්සන වේවි!
📍අද ඔයාගේ Challange එක තමයි මේ. ඔයාගේ frame එක ඇතුලේ ලස්සන button එකක් create කරලා අපිටත් බලන්න screenshot එකක් දාන්න.
ඔයාගේ මේ පුහුණුව තමයි ඉදිරි පාඩම් වලදී ලස්සන App එකක් නිර්මාණය කරන්න පදනම වෙන්නේ. ❤️
කරපු අය පහළින් screenshot එකක් එක්ක "Lesson 02 Done" කියලා comment එකක් දාන්න! ගැටලුවක් ආවොත් ඕනෑම වෙලාවක අහන්න. ✨
07/01/2026
🎨 Lesson 01: Figma කියන්නේ මොකක්ද? (Introduction)
UI/UX Design ලෝකයට පය තියන්න ඉන්න ඔයාලා හැමෝම Figma Prototyping පාඩම් මාලාවේ පළමු පියවරට සාදරයෙන් පිළිගන්නවා! 🚀
අද අපි සරලවම කතා කරමු මොකක්ද මේ Figma කියන්නේ සහ ඇයි මේක මේ තරම් විශේෂ කියලා.
📍 Figma යනු කුමක්ද?
Figma කියන්නේ දැනට ලෝකයේ UI/UX Designers ලා අතර තියෙන ජනප්‍රියම "Collaborative Design Tool" එක. සරලවම කිව්වොත්, ඔයාගේ App එකක් හෝ Website එකක් හදන්න කලින් ඒක පේන විදිහ සහ වැඩ කරන විදිහ (Design & Prototype) ඉතාම පහසුවෙන් සහ ලස්සනට කරගන්න පුළුවන් platform එකක් තමයි මේ. 💻✨
ඇයි Figma පාවිච්චි කරන්නේ?
✅නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් (Free Version).
✅Browser එකෙන්ම වැඩ කරන්න පුළුවන් (Software install කරන්නම ඕනේ නැහැ).
✅එකම වෙලාවේ කීප දෙනෙකුට එකම design එකේ වැඩ කරන්න පුළුවන්.
දැන්ම පටන් ගමු (Step-by-Step): වීඩියෝ එකක් බලනවට වඩා මේ පියවර ටික දැන්ම ඔයාගේ Computer එකෙන් කරලා බලන්න:
1️⃣ Account එකක් හදාගන්න: www.figma.com එකට ගිහින් Google account එකෙන් ලේසියෙන්ම log වෙන්න. (Step 01 Image)
2️⃣ New Design File: දකුණු පැත්තේ ඉහළ තියෙන "+ Design file" කියන button එක click කරන්න. (Step 02 Image)
3️⃣ Frame එකක් තෝරන්න: දැන් Keyboard එකේ 'F' අකුර ඔබන්න. එතකොට දකුණු පැත්තේ iPhone, Android, Desktop වගේ ලැයිස්තුවක් ඒවි. එතනින් ඔයා කැමති screen size එකක් තෝරගන්න. Curser point eka use කරලා ඔයාට custermize size එකක් ගන්නත් පුළුවන්.(Step 04 Image)
4️⃣ Text එකක් add කිරීමට Keyboard එකේ 'F' අකුර ඔබන්න. (Step 06 Image)
🎯 අද ඔයාගේ Challenge එක තමයි Figma වලට ගිහින් Frame එකක් අරන්, ඒක ඇතුලේ "Hello TechXcel" කියලා Text එකක් type කරන්න. (Text එකක් දාන්න Keyboard එකේ 'T' අකුර පාවිච්චි කරන්න). ඊටපස්සේ font color එක change කරන්න.(Step 07 Image)
ඔයාගේ lesson engagement එක මට ගොඩාක් වටිනවා මේ lesson series එක ඉදිරියට කරගෙන යන්න.
කරපු අය පහළින් screenshot එකක් එක්කම "Done" කියලා comment එකක් දාන්න! මොනවා හරි ගැටලුවක් ආවොත් අහන්න.👇
06/01/2026
ලංකාවේ අපේම අයට, Figma Prototyping දැන් සිංහලෙන්! 🎨🚀
ඔයා UI/UX Design ඉගෙන ගන්න ආස කෙනෙක්ද?
නැත්නම් ඔයාගේ Design එකක් ඇත්තම website එකක් App එකක් වගේ click කරලා බලන්න පුළුවන් විදියට හදන්න (Prototyping) ඉගෙන ගන්න කැමතිද?
UI/UX ලෝකයේ Adobe XD, Sketch, Framer වගේ Tools තිබුණත්,
අපි මේ Lesson Series එක පටන් ගන්නේ Figma වලින්.
ඒක තමයි අද industry එකේ most popular & beginner-friendly tool එක 💙
TechXcel අපි හෙට ඉදන් ඔයාලා වෙනුවෙන් නොමිලේම
📘 Figma Prototyping Lesson Series එකක් පටන් ගන්නවා.
Video බලලා confuse වෙන එකට වඩා,
👉 Step-by-step, සරල සිංහලෙන්, practical විදියට ඉගෙන ගන්න පුළුවන් ✨
මේ Series එකෙන් අපි ඉගෙන ගන්නේ:
✅ Figma Basics & UI Elements
✅ Interactive Prototypes හදන හැටි
✅ Smart Animate භාවිතය
✅ Professional UI/UX Tips & Best Practices
Coding දැනුමක් නැති ඕනෑම කෙනෙක්ට උනත් හෙට ඉදන් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්! 💻🔥
⏰ හෙට දවසේදී - Lesson 01 බලාපොරොත්තුවෙන්න.
මේ Design ගමනට එකතු වෙන්න සූදානම් අය
“READY” කියලා Comment එකක් දාන්න! 👇
06/01/2026
2026 දී උපදින්නේ ලෝකයේ 'Smart' ම පරපුරද? ඔබ 'බීටා පරපුර' (Generation Beta) ගැන දන්නවාද? 👶🚀
අපි Millennials, Gen Z සහ Gen Alpha ගැන කතා කරපු කාලය ඉවරයි! දැන් ලෝකයේ අවධානය යොමු වෙලා තියෙන්නේ අලුතින්ම එන 'බීටා පරපුර' (Generation Beta) වෙතටයි. 2025 වසරේ සිට 2039 දක්වා උපත ලබන සියලුම දරුවන් මේ පරපුරට අයත් වෙනවා.
💡 ඇයි මේ පරපුර මෙච්චර විශේෂ?
🔹 AI සමඟ උපදින දරුවන්: Gen Alpha දරුවන් තාක්ෂණය "භාවිතා කරන්න" ඉගෙන ගත්තා. හැබැයි Generation Beta දරුවන් උපදින්නේම AI, රොබෝවරු සහ Virtual Reality සාමාන්‍ය දෙයක් වුණු ලෝකයකට. ඔවුන්ට AI කියන්නේ තාක්ෂණයක් නෙවෙයි, ජීවිතයේ කොටසක්!
🔹 Digital Natives 2.0: මොවුන් ලෝකය දකින්නේ Screen එකකින් විතරක් නෙවෙයි. 'Spatial Computing' සහ 'Holograms' හරහා ඩිජිටල් ලෝකය සහ සැබෑ ලෝකය අතර වෙනසක් මොවුන් දකින්නේ නැහැ.
🔹 අධ්‍යාපනයේ පෙරළියක්: මේ දරුවන් වැඩෙන විට සාම්ප්‍රදායික පන්ති කාමර වෙනුවට, එක් එක් දරුවාට ගැලපෙන ලෙස සැකසූ "Personalized AI Tutors" ලෝකය පාලනය කරනු ඇත.
🔹 ඇයි 'බීටා' කියන්නේ?: ග්‍රීක හෝඩියේ 'Alpha' (ඇල්ෆා) අකුරට පසුව එන්නේ 'Beta' (බීටා) අකුරයි. 21 වන සියවසේ දෙවන අකුරෙන් නම් කෙරෙන පරපුර මෙයයි.
🤔 2026 දී ඔබේ පවුලටත් අලුත් සාමාජිකයෙක් එකතු වෙන්න ඉන්නවාද? එහෙනම් මතක තබා ගන්න, ඔබ හදාවඩා ගන්නේ ලෝකය මෙතෙක් නොදුටු ආකාරයේ තාක්ෂණික විප්ලවයක කොටස්කරුවෙක්වයි! 🌍✨
අනාගතය දැන්මම පටන් අරන්! මේ දරුවන් වැඩෙන විට ලෝකය තවත් කොතරම් වෙනස් වේවිද?
ඔබේ අදහස මොකක්ද? තාක්ෂණයත් එක්ක මේ දරුවන්ගේ අනාගතය සුබ වෙයිද? පහළින් Comment එකක් දාන්න! 👇
මේ වගේ අලුත්ම දේවල් දැනගන්න දැන්ම TechXcel පිටුව Follow කරලා තියාගන්න! 🔔
04/01/2026
🚀 අනාගතයේදී අපිට Smart Phone එකක් ඕන වෙන්නේ නැති වෙයිද? 📱🚫
2026 වසරේ තාක්ෂණික ලෝකයේ ලොකුම පෙරළිය වෙලා තියෙන්නේ "Wearable AI" උපාංගයි. මින් පෙර අපට AI පාවිච්චි කරන්න නම් දුරකථනයක් හෝ ලැප්ටොප් එකක් අනිවාර්ය වුණා. නමුත් දැන් ඒ තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පවතිනවා.
අද TechXcel අපි ගෙන එන්නේ ලෝකයම හොල්ලන අලුත්ම Wearable Tech Updates කිහිපයක්:
✅ 1. AI Smart Glasses (සැබෑ ලෝකයට උඩින් ඩිජිටල් ලෝකය): දැන් තියෙන ස්මාර්ට් කණ්ණාඩි වලට පුළුවන් ඔබ ඉදිරියේ ඉන්න කෙනා කවුද, ඔවුන් කතා කරන භාෂාව කුමක්ද සහ ඔබට යා යුතු මාර්ගය ඔබේ ඇස් ඉදිරිපිටම පෙන්වන්න.
උදාහරණයක් විදියට චීනය වැනි රටවල සංචාරකයින් භාෂා පරිවර්තනය (Live Translation) සඳහාත්, ඇමරිකාවේ Apple Vision Pro හරහා ඩිජිටල් කාර්යාල (Spatial Computing) නිර්මාණය කරගැනීමටත් මේවා දැනටමත් පාවිච්චි කරනවා.
✅ 2. AI Pins & Rings (ඇඟිල්ලේ පැලඳිය හැකි තාක්ෂණය): දුරකථනය සාක්කුවෙන් එළියට ගන්නේ නැතුව, කුඩා පින් එකක් හෝ මුදුවක් හරහා ඊමේල් වලට පිළිතුරු දීමට සහ මීටින් Schedule කිරීමට දැන් AI සහාය දෙනවා.
උදාහරණයක් විදියට දකුණු කොරියාවේ සහ ජපානයේ Samsung Galaxy Ring වැනි මුදු හරහා ගෙවීම් කටයුතු සහ සෞඛ්‍ය දත්ත (Heart rate) 24/7 පරීක්ෂා කිරීම ඉතා ජනප්‍රියයි.
✅ 3. Mental Health Monitoring: ඔබේ මානසික ආතතිය (Stress) වැඩි වන විට එය කලින්ම හඳුනාගෙන, ඔබට සන්සුන් වීමට උපදෙස් දෙන AI Wearables දැන් ප්‍රධාන ධාරාවට පැමිණ තිබෙනවා.
✅ 4. Screen-less Future: 2026 කියන්නේ Screen එකකට වහල් නොවී, කටහඬ (Voice) සහ අභිනයන් (Gestures) හරහා තාක්ෂණය පාලනය කරන වසරක්. සිංගප්පූරුව වැනි රටවල් පොදු සේවා කටයුතු වලදී මේවා පාවිච්චි කරමින් "Smart City" සංකල්පය තවත් ශක්තිමත් කරනවා.
තාක්ෂණය දැන් ඔබේ සාක්කුවේ සිට ඔබේ සිරුරේ කොටසක් බවට පත්වෙමින් තිබෙනවා. දියුණු රටවල් දැනටමත් මේ "Screen-free" යුගයට සූදානම්. 2026 දී ලංකාවටත් මේ රැල්ල ඉක්මනින්ම ඒවි! 🌍✨
03/01/2026
සිතෙහි පවතින අඳුර දුරු කර, ප්‍රඥාවේ ආලෝකය දල්වමු! ✨☸️
2026 වසරේ උදාවූ පළමු පුන් පෝය - දුරුතු පුර පසළොස්වක පොහොය අදයි. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ මේ උතුම් දිනය, සිංහල බෞද්ධ අප සැමට අභිමානවත් දිනයකි.
තාක්ෂණයෙන් ලෝකය ජය ගන්නා අතරතුර, අපේ මනසෙහි සහ අධ්‍යාත්මයේ සැනසීම උදා කරගැනීමට මේ උතුම් පෝදා අවස්ථාවක් කරගනිමු. නවීන ලෝකයේ කෙතරම් වේගයෙන් ඉදිරියට ගියත්, හික්මුණු මනසක් සහ නිවැරදි දැක්මක් ඇති කෙනා සැමදා සාර්ථක වේ.
TechXcel අපි, අපේ සියලුම රසිකයන්ට සාමය, සැනසීම සහ ප්‍රඥාව පිරි වාසනාවන්ත දුරුතු පෝය දිනයක් ප්‍රාර්ථනා කරමු! 🙏
02/01/2026
2026 දී Job එකක් ගන්න නම් Degree එක විතරක් මදි!
ඔයාගේ "Proof of Work" එක Ready ද? 🚀💻
Software Engineering හෝ ඕනෑම Technology ක්ෂේත්‍රයක ඉන්න student කෙනෙක් විදිහට, 2026 ජොබ් මාකට් එකේ කැපී පෙනෙන්න නම් ඔයා කරපු දේවල් ලෝකයට පෙන්වන්න ඕනේ. අද TechXcel වෙතින් අපි කියලා දෙනවා ඔයාගේ Portfolio එක "Next Level" එකට ගන්නේ කොහොමද කියලා:
✅ 1. Open Source වලට දායක වෙන්න (Contribute): නිකන්ම c code කරනවා වෙනුවට ලෝකයම පාවිච්චි කරන Open Source ප්‍රොජෙක්ට් එකකට පුංචි හරි code එකක් ලියන්න. 2026 දී සමාගම් බලන්නේ ඔයා කොච්චර හොඳින් කණ්ඩායමක් එක්ක (Collaboration) වැඩ කරනවාද කියන එකයි.
✅ 2. AI-Integrated Projects: දැන් සාමාන්‍ය CRUD App එකක් හැදුවාට වැඩක් නැහැ. ඔයාගේ ප්‍රොජෙක්ට් එකකට AI Agent එකක් හෝ AI-driven feature එකක් එකතු කරලා ඒක "Smart" කරන්න. ඒකෙන් ඔයාට අලුත්ම තාක්ෂණය පාවිච්චි කරන්න තියෙන හැකියාව ඔප්පු වෙනවා.
✅ 3. Documentation is Key: Code එක ලියනවා වගේම ඒක අනිත් අයට තේරෙන විදිහට විස්තර කරන්න (README file). හොඳ Documentation එකක් ලියන්න දන්නා කෙනාට 2026 දී ලොකු ඉල්ලුමක් තියෙනවා.
✅ 4. Build in Public: ඔයා කරන ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකම් ඉන්න එපා. LinkedIn හෝ Twitter වල ඔයාගේ ප්‍රගතිය (Progress updates) නිතරම Share කරන්න. ඒකෙන් ඔයා වටා හොඳ "Professional Network" එකක් හැදෙනවා.
ඔබේ දැනුම සහතිකයකට පමණක් සීමා කරන්න එපා. එය GitHub එකේ code එකක් විදිහටත්, සැබෑ ලෝකයේ විසඳුමක් විදිහටත් පෙන්වන්න! 🔥
අලුත් දේවල් ඉගෙන ගන්න, TechXcel එක්ක හැමදාම Update වෙලා ඉන්න! නවතම updates එසැනින් දැනගන්න TechXcel whatsapp channel එක දැන්ම follow කරලා තියාගන්න. 👇
https://whatsapp.com/channel/0029Vb6WVbXCBtxGLjt3Ws0z
01/01/2026
2026 දී IT Job එකක් ඕනෙද? එහෙනම් මේක කියවන්නම වෙනවා! 💻
ඔයා දන්නවාද? 2024, 2025 ට වඩා 2026 දී IT ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. දැන් Job එකකට යද්දී "මම coding දන්නවා" කිව්වට විතරක් මදි. දැන් හැමෝම හොයන්නේ "AI Skills තියෙන IT වැඩ්ඩෙක්" වයි.
ඇයි 2026 දී AI Skills මේ තරම්ම අත්‍යාවශ්‍ය? මෙන්න හේතු 3ක්:
1. Coding වලට වඩා AI එක හසුරවන එක වැදගත් (Prompt Engineering):
දැන් AI එකට code ලියන්න පුළුවන්. හැබැයි ඒ code එකේ වැරදි හොයන්න සහ AI එකට නිවැරදි උපදෙස් දෙන්න ඔයාට දැනුම තියෙන්න ඕනේ.
2. AI Agents නිර්මාණය (The Age of Agents): හුදෙක් website එකක් හදනවා වෙනුවට, තනියම තීරණ අරගෙන වැඩ කරන්න පුළුවන් AI Agentsලා හදන්න දන්න අයට තමයි 2026 දී ලොකුම ඉල්ලුම තියෙන්නේ.
3. වේගය සහ කාර්යක්ෂමතාව (Speed is Everything): අතින් පැය 10ක් යන වැඩේ AI Tools පාවිච්චි කරලා පැය 1කින් ඉවර කරන්න පුළුවන් කෙනාට තමයි සමාගම් වැඩි වැටුපක් ගෙවන්නේ.
💡 ඔයා දැන් කරන්න ඕනේ මොකක්ද?
AI-Assisted Tools (Cursor, Copilot) පාවිච්චි කරලා code කරන්න පුරුදු වෙන්න.
Large Language Models (LLMs) වැඩ කරන විදිහ ගැන ඉගෙන ගන්න.
Data Security & AI Ethics ගැන අවබෝධයක් ලබාගන්න.
ඉතින් IT ලෝකයේ රැඳී ඉන්න නම් වෙනස් වන තාක්ෂණයත් එක්ක ඔයත් වෙනස් වෙන්න ඕනේ. 2026 කියන්නේ AI එක්ක වැඩ කරන අය දිනන කාලයක්! 👑
31/12/2025
අනාගතයේ තාක්ෂණය සමඟින් අලුත් අවුරුද්දට පා තබමු! 🤖✨
තාක්ෂණික ලෝකයේ අලුත්ම පෙරළියන් සහ දැනුම සොයා යන ඔබ සැමට TechXcel වෙතින් සුවිශේෂී වූත්, සාර්ථක වූත් 2026 නව වසරක් වේවා!
ගෙවුණු වසරේ අප සමඟ රැඳී සිටි ඔබට ස්තූතියි. මේ වසරෙත් අලුත්ම Tech Updates, AI දැනුම සහ අනාගත ලෝකයේ රහස් අපේ "Tech Panda" සමඟින් ඉගෙන ගන්න එකතු වෙන්න.
2026 - තාක්ෂණයෙන් ලොව දිනන වසරක් කරමු!
Year2026
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo