Sanwee Fancy Corner
Bringing Style,Charm & Elegance to every little moment 💙
04/06/2026
💙🩵
04/06/2026
Good morning ❤️🌹
Have a beautiful day ❤️🌹
03/06/2026
Good night 🖤
Sweet Dreams My Lovely Friends 🖤❤️
02/06/2026
Good night 🤎
Sweet Dreams My Loving Friends 🤎
02/06/2026
සිතුවිලි ලස්සන මිනිස්සු දවසක ජීවිතේ දිනනවාමයි... ❤️✨
හදවතේ පිරිසිදු බව විතරක්ම අරන්,
ලෝකය දිහා සෙනෙහසින් බලන...
සිතුවිලි ලස්සන මිනිස්සු
හැමදාමත් හරිම නිහඬයි...
කකුලෙන් අදිනා මිනිසුන් මැද වුවත්,
වෛරයෙන් තොරව පෙරටම යන...
පරාජය හමුවේ සැලෙන්නේ නැතිව,
අලුත් බලාපොරොත්තුවකින් නැගිටින...
ඒ කටුක මාවත් කොයිතරම් දුෂ්කර වුණත්,
තමන්ගේ හිතේ තියෙන අවංකකම නිසාම...
විශ්වාස කරන්න,
ඔවුන් දවසක ජීවිතේ දිනනවාමයි! 🌟
අනූ ✍️✍️
01/06/2026
Good night 🤎
Sweet Dreams my loving friends 💕
01/06/2026
යාන්ත්‍රික වූ ලෝකයක
කාලයේ රෝදයට හසුවී,
හැඟීම් යටපත් කරන්
දුවනවා මම නොනැවතී...
ඉලක්ක හඹායන
වෙහෙසකර නිමේෂ,
හදවතේ ඇති සියුම් වේදනා
නොදුටුවා සේ ඉවසන මනස...
පැය අටක සිරගෙයක
විකුණන මගේ ශ්‍රමයට,
මිලක් නියම කල හැක්කේ කාටද?
මගේ ජීවිතයේ වටිනාම කාලයට...
කවදා හෝ දිනක
මගේම කියා හීනයක් සැබෑ කරගන්න,
අද විඳින මේ හැම දුකක්ම
හුස්මක් පාසා දරාගන්නෙමි මම...
අනූ ✍️✍️
01/06/2026
වැහි බිඳු වැටෙන සඳ...
මැයි මලින් සමුගෙන
සිහිල් පවනක් සමඟින්,
වැහි වලාකුළු අතරින්
ජුනි මාසය ඇවිදින්...
වියළි ගිය සිතුවිලි
නිවාලන වැහි බිඳක් වී,
නව පියවරක් තබන්නට
ආරාධනා කරයි...
ජුනි මාසය ඔබට සුබදායී වේවා!
31/05/2026
Good night 🖤
Sweet dreams my lovely friends ❤️
31/05/2026
ජීවිතය
මහපොළොව සිපගන්නා වැහි බිඳුවක් සේ,
නොදන්වාම ඇවිදින් නික්ම යන,
හුස්ම පොදක් විතරමයි...
මේ ජීවිතය...
අතීතයේ සෙවණැලි දිගේ,
හෙටක් ගැන හීන මාලිගා තනද්දී,
අද දවසත් වැලි කැටයක් සේ,
ඇඟිලි කරු අස්සෙන් ගිලිහී යයි.
අයිති කරගන්නට වෙරදරන,
මේ කිසිවක්ම අපේ නොවේ...
නතර වන තැනක දමා යන්නට,
මඟදී හමුවුණු නවාතැන්පොළක් පමණි.
සිඳී යන දිය දහරක් සේ,
මැකී යන පියසටහන් සේ,
ජීවිතය අනියතයි...
නමුදු, ඒ අනියත බව අස්සේ,
ලෙන්ගතුකම විතරක්ම ඉතිරි කර යන්න
අනූ ✍️✍️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo