SAMMY

SAMMY

Share

There is always a reason to SMILE♥️

18/01/2026

ඔයත් marry කරන්න කලින් class ගියාද?
මේ අපි Pre-Cana class ගියපු දවසක්. මෙතනදි marriage එකක් ඇතුලෙ අපිට එන common ප්‍රශ්න වලට හරියන උත්තර ගන්න විදිහ ගැන කියලා දෙනවා.
අපි කොහොමද marriage එකක් ඇතුලෙ හරියට Communicate කරන්නෙ? තමන්ගෙ partner එක්ක රහස් තියාගන්නෙ නැතුව, ඕනම දෙයක් කතා බහ කරලා ඉන්න ඕන විදිහ කියලා දෙනවා මෙතනදි. මට මතකයි ඒ කතා කරපු Doctor කෙනෙක් කිව්වා අතිශය පෞද්ගලික කාරණාවක් තමන්ගෙ wife කියලා තිබුණ නිසා පිටින් ඒ දේ ආරන්චි වුණහම එයා ඒදේට react නොකර හිටපු විදිහ ගැන.
ඒ වගේම finance manage කරන්න ඕන අපි පව්ලක් විදිහට. ආදායම්, වියදම් හන්ගන්නෙ නැතුව කතාබහ කරන විදිහ ගැන. මේ topic එක මම එච්චර හිතපු නැති දෙයක්. මම මගේ financial දේවල් අම්මා එක්කවත් කතා නොකරපු කෙනෙක්. හැබැයි මේක කොච්චර තමන්ගෙ partnerට effect වෙනවද කියන එක ගැන හරිම පැහැදිලිව කියලා දුන්නා.
Family and priorities ගැනත් ඒ වගේම තමන් මේ අලුතෙන් create කරන තමන්ගෙ පවුලට නිසි තැන ලබාදෙන විදිහ. ප්‍රශ්න විසඳගන්න විදිහ, තමන්ගෙ තීන්දු තීරණ වලට පෙනී ඉන්න විදිහ වගේම අවශ්‍ය තැන් වලදි flexible වෙන විදිහ සහ balance කරන විදිහ ගැනත් මීට අමතරව intimacy, parenthood වගේ වැදගත් දේවල් ගොඩාක් ගැන මේ class එකෙන් කියලා දෙනවා. Doctorsලා lawyersලා family counselorsලා මේ workshop එකට එනවා.
මම හිතන්නෙ අපේ රටේ හැම කෙනෙක්ටම, ආගම ගැන නොහිතා මේ වගේ දේවල් තියෙන්නම ඕන. එතකොට ගොඩාක් pages වලට anonymous පවුල් ප්‍රශ්න කියන ප්‍රමාණය අඩු වේවි.

18/01/2026

"ගෑණුන්වනම් තේරුම්ගන්න බෑ" කියලා හිතන කෙනෙක්ද ඔයා? නැත්තම් ඔයාට මෙහෙම ඇහිලා තියෙනවද?
ඇත්තටම ඒක එහෙම නෑ. හරිම ලේසි. හොඳින් කතා කරන්න. දවස කොහොමද අහන්න. ආදරෙයි කියන්න. අහම්බෙන් වෙලාවක ආදරෙන් හාද්දක් දෙන්න. ඒ ඇති.

රෑට කන්න pizza එකක් ගේන්නම් ඔයා උයන්න එපා කියන්න😁❤️😘
゚viralシ

17/01/2026

2016 මම 2026 මාව දැක්කොත් සතුටු වේවි අනිවාරෙන්ම. ඒ කාලෙ ඉඳන්ම මම ගොඩාක් හීන දැක්කා. ඒ හීන වලට මහන්සි වෙලා වැඩ කලා. 2016 අවුරුද්දෙ මම AL කරේ. අපේ ගේ හදන්න ගත්තා අවුරුද්ද මැදදි. මට පාඩම් කරන්න තැනක් නැතුව යාලුවන්ගෙ ගෙවල් වල ඉඳන් පාඩම් කළා. Tution class එකේ වැඩිපුර වෙලා ඉඳලා පාඩම් කලා. මට ඒ දවස් වල හීනෙන් පෙනුනෙත් exam එක විතරයි. අවුරුද්ද ඉවර වෙනකොට අපේ අම්මට bypass එකක් කරන්නත් වුණා. එදා අම්මව අරන් කළුබෝවිල hospital එකෙන් කොළබ hospital එකට යනකොට මගේ කකුල් දෙකේ සෙරෙප්පු දෙකක් තිබ්බෙත් නෑ. හොඳටම බය වෙලා හිටියෙ. හැබැයි කිසිම දෙයක් නිදහසට හේතුවක් කරගන්න මට ඕන වුණේ නෑ. ඕනම challenge එකකට මූණ දෙන්න පුදුම හයියක් මගේ හිතේ තිබුණා. ඉතින් අවුරුදු 10ක් පුරාවට එදා වගේම ඒ හයියට කරගත්ත දේවල් ලියලා ඉවර කරන්න බැරිතරම්. ඒ වුණාට පිටිපස්ස හැරිලා බලද්දි හරිම සතුටුයි. මට මගේ ගැන ආඩම්බරයි. තව අවුරුදු 10කින් මේ post එක memory එකක් විදිහට එනකොට තවත් සතුටු හිතන්නයි මට ඕන. ඉතින් මට පුලුවන්නම් ඔයාට අනිවාරෙන්ම පුලුවන්. ඔයා ඔයාව විශ්වාස කරන්න පටන්ගන්න.❤️

23/12/2025

බබාව daycare එකට දාලා ඔයාලට බලාපොරොත්තු වෙන්න පුලුවන් මොනාද?

18/12/2025

අවුරුදු 20කට විතර පස්සෙ මේ දත එන්නෙ මොකටද ඇත්තටම? 😪

#ඕන්නැතිප්‍රශ්න

18/12/2025

Breastfeed කරන නිසා කොණ්ඩෙ ගොඩාක් යන්න පටන් අරගෙනනම් මේ products ටික use කරලා බලන්න😍❤️

14/12/2025

පොඩි ළමයෙක් එක්ක ඇවිදින්න බෑ කියලද ඔයත් හිතුවෙ? අපි ආකිට මාස 2,3 ඉඳන්ම ඇවිදින්න එක්කන් යනවා. ලෝකෙ වටේ යන්න plan කරන් ඉන්නෙ😁❤️

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo