No One There
I know the feeling when, no one there for you
28/03/2026
27/03/2026
😶
ජීවිතේ අමාරුම කාලවලත්, ළඟම හිතවතුන්/නෑයන් යැයි හිතපු මිනිස්සුත් පිහිටට නැති වෙනකොට No One There කියලා අවබෝධ වෙනවා.
“අනෙක් අය වෙනුවෙන් වගකීම් ගන්න.
(ඔබ වගකීම ගත්ත හේතුව ඔවුන් නොදකිනු ඇත.)
අමාරුවට වැටුණු මිනිසුන්ට උදව් කරන්න.
(ඔවුන් අමාරුවට වැටුණු හේතුව ඔබ නොදකිනු ඇත.)
අනෙක් අය වෙනුවෙන් ඔබේ කාලය හා ශ්‍රමය වැය කරන්න.
(ඔවුන්ට ඒවා අවශ්‍ය වූ හේතුව ඔබ නොදකිනු ඇත.)
මොන කැපකිරීම් කළත්, කිසි දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවන්න.
ලැබුණත්, කිසිසේත්ම බාරගන්න එපා.
එහෙම ලබාගත්තොත්, ඒක බොහෝවිට ඇමක් විය හැක.
නැවත වගකීමක් ඇති වුණාම ඔවුන්ට ඔබව මතක් වෙයි.
නැවත අමාරුවට වැටුණු විට ඔබව මතක් වෙයි.
නැවත කාලය සහ ශ්‍රමය අවශ්‍ය වූ විට ඔබව මතක් වෙයි.
එදිනෙදා ඔබ උන්නද මළාද කියලා ඔවුන් සොයා බැලීමට උනන්දුවක් නොදක්වනු ඇත.
ඔබ මිය ගියත් ඔවුන් නොදනිනු ඇත.
දවසක, ඒ අය ඔබව හික් ගැස්වෙන ලෙස පුදුම කරනු ඇත.
හොඳින් සිතා කියවන්න.
ඇත්ත තිත්තයි.”
දැන් ළමයෙක් ලංකාවට ජාතක කරනවට වඩා හොඳයි සරමෙ පිහිදගන්න එක. පිනක්
වෙලා නොමැතිමුත් කිසිදා ආලයක
නෙලා හදවතක් රිසිදා ප්‍රේමයක
වැලා කොතෙක් පිසදා එක් සරමකම
කැලා නොයෙක් දෑ කියතෙයි සසරකම
මනසින් තෙරපුමක් දැනෙනවා කලක සිට
වෙදදුන් සහනයක් නොමදුනි වසක සිට
කියමින් නිදහසක් නොලැබුනි එදා සිට
අසමින් සිටින්නෙක් නොමඋනි සදා මට
වැඩුනේ තනිවමයි මහ ලොකු ගසක් යට
උන්නේ තනිවමයි මහ සේනාව යට
ඉන්නේ තනිවමයි මහ ප්‍රශ්නයක් යට
යන්නේ තනිවමයි මහ සංසාරෙ යට
යන්නෙම ඇදේටයි කියමින් මගෙ වැරදි
ඉන්නෙම හරහටයි හොඳ දේ කරමින් පදිරි
දන්නෙම හොයන්ටයි අනුන්ගෙ කුණු ඊරී
රෙන්නෙම අනුන්ගේ වතුවල උන් බීරී
තනිකම පාලුව මුලු ජීවිතේම වෙලා 😶
Click here to claim your Sponsored Listing.