CEYLONNow
ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන්
❤️💪
04/07/2026
🐐 ලියොනල් මෙසී නැවතත් වාර්තා පොත් අලුතින් ලියයි! 🇦🇷⚽
2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 32 වටයේදී කෙපේ වර්ඩේට එරෙහි තරගයේදී ලියොනල් මෙසී නැවතත් තමන්ගේ අසමසම හැකියාව ලෝකයටම පෙන්වමින් වාර්තා රැසක් අලුතින් ලියා තැබුවා.
තරගයේ පළමු ගෝලය වාර්තා කළ මෙසී, මෙවර ලෝක කුසලානයේ තම 7 වැනි ගෝලය ලබා ගනිමින් තරගාවලියේ වැඩිම ගෝල ලාභීන්ගේ ලැයිස්තුවේ නැවතත් පළමු ස්ථානයට පැමිණියා.
වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ, ඔහුගේ මෙම ගෝල 7ම දඬුවම් පහරකින් (Penalty) නොලැබූ විවෘත ක්‍රීඩාවේ ගෝල වීමයි.
🔥 මෙසීගේ නව වාර්තා
🏆 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ 20 වැනි ගෝලය වාර්තා කරමින් වැඩිම ලෝක කුසලාන ගෝල ලාභියා ලෙස තම වාර්තාව තවත් ඉදිරියට ගෙන ගියා.
🏆 ලෝක කුසලාන ඉතිහාසයේ ගෝල 20ක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වුණා.
🏆 එක දිගට ලෝක කුසලාන තරග 8කදී ගෝල ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙස තවත් වාර්තාවක් තම නම ඉදිරියේ ලියා ගත්තා.
මීට පෙර මෙම වාර්තාව තරග 6 බැගින් පවත්වාගෙන ගියේ ජස්ට් ෆොන්ටෙයින් සහ ජර්සීන්යෝයි. නමුත් දැන් එම වාර්තාව තරග 8ක් දක්වා ඉහළ නැංවීමට සමත් වී ඇත්තේ මෙසී පමණයි.
තරගයේ ආජන්ටිනා කණ්ඩායමේ තෙවැනි ගෝලයට මූලික වූ විශිෂ්ට පන්දු පිරිනැමීමද සිදු කළේ මෙසීයි. කෙසේ වෙතත්, එය ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ ස්පර්ශයෙන් දැල තුළට ගිය Own Goal එකක් ලෙස සටහන් වූ නිසා එම ඇසිස්ට් එක ඔහුට හිමි වුණේ නැහැ.
එම ඇසිස්ට් එකද හිමි වූවා නම්, ලෝක කුසලාන තරගාවලි 6කදී ගෝල සඳහා සහාය ලබාදුන් පළමු ක්‍රීඩකයා ලෙසද තවත් වාර්තාවක් ඔහුට හිමි වීමට ඉඩ තිබුණා.
මෙසීගේ නායකත්වය සහ අතිවිශිෂ්ට දස්කම් හමුවේ ආජන්ටිනාව මේ වන විට අවසන් 16 වටයට සුදුසුකම් ලබා තිබෙන අතර, එහිදී ඔවුන්ගේ මීළඟ අභියෝගය වන්නේ ඊජිප්තුවයි.
🐐 වාර්තා බිඳ දමන එක දැන් ලියොනල් මෙසීට සාමාන්‍ය දෙයක් වෙලා...! 💙🤍
04/07/2026
🏏 ළහිරු උදාරගෙන් සුපිරි ටෙස්ට් ඉනිමක්! 🇱🇰🔥
අද ළහිරු උදාර ක්‍රීඩා කළ ලකුණු 188ක විශිෂ්ට ඉනිම, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී වාර්තා රැසක් සමඟ සටහන් වුණා.
📊 මෙම ඉනිම සමඟ බිඳ වැටුණු වාර්තා:
✅ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු ටෙස්ට් තරඟයක පළමු දිනයේ වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව – 188
✅ කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ටෙස්ට් ශතකය – පන්දු 117කින්
✅ කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව – 188
✅ කොදෙව් බිමේදී ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව – 188
✅ ලකුණු 180ට වැඩි ටෙස්ට් ඉනිම් අතර ශ්‍රී ලාංකිකයෙකුගේ 9 වැනි ඉහළම ප්‍රහාරාත්මක වේගය, සහ මව්බිමෙන් පිටතදී 4 වැනි ඉහළම ප්‍රහාරාත්මක වේගය
✅ ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවෙකු මව්බිමෙන් පිටතදී වාර්තා කළ 8 වැනි ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව
✅ ශ්‍රී ලාංකික ආරම්භක පිතිකරුවෙකු ටෙස්ට් ඉනිමකදී වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව – 5
නමුත් මේ වාර්තාවලටත් වඩා වටින්නේ මේ ඉනිම ගොඩනැගුණු ආකාරයයි.
Green pitch එකක, පළමුවෙන් පන්දුවට පහර දෙන්න සිදු වූ අවස්ථාවක, එම තත්ත්වයන්ට හොඳින් හුරු කොදෙව් පන්දු යවන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා ඉනිමේ සම්පූර්ණ වගකීම තම කරට ගනිමින් ළහිරු උදාර එල්ල කළ මෙම ප්‍රහාරාත්මක ඉනිම තරඟයේ ගමන් මඟම වෙනස් කළා.
ඔහුගේ හයේ පහර 5 සහ හතරේ පහර 21, කොදෙව්වන්ගේ සැලසුම් ඉක්මනින්ම වෙනස් කිරීමට බල කළ අතර, තරඟයේ පීඩනය ශ්‍රී ලංකාවෙන් ඉවත් කරමින් ප්‍රතිවාදීන්ව පසුපසට තල්ලු කළා.
ලකුණු 55දී එක් ජීවිතයක් ලැබුණත්, සමස්ත ඉනිම දෙස බලන විට එය දැඩි පීඩනය මධ්‍යයේ ක්‍රීඩා කළ අතිවිශිෂ්ට ටෙස්ට් ඉනිමක් බවට සැකයක් නැහැ.
ආරම්භක පිතිකරුවෙකුගෙන් කණ්ඩායම බලාපොරොත්තු වන්නේ මෙවැනි ඉනිම්මයි.
දැන් අවශ්‍ය වන්නේ මේ දස්කම් අඛණ්ඩව පවත්වාගෙන යාම පමණයි.
👏🇱🇰 සුබ පැතුම් ළහිරු උදාර! ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් තවත් මෙවැනි අමතක නොවන ඉනිම් රැසක් දැකීමට අපි බලාපොරොත්තු වෙමු. 💙💛
පොසොන් නැරඹීමට ත්‍රීවීල් රථයෙන් ගමන් ගස් එකම පවුලේ පිරිසක් බස් රථයක ගැටී දෙදෙනෙකු මරුට.එම අනතුර බස් රථයේ cctv කැමරාවක සටහන්ව තිබුණි.
ඊයේ රාත්‍රී දොළහට පමණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල පොලිස් වසමට අයත් කටුකුරුන්ද ප්‍රදේශයේ බස් රථයක් හා ත්‍රීවිල් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීවිල් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ කුඩා දරුවකු මිය ගොස් ඇති බව පයාගල පොලිසිය ප්‍රකාශ කරයි. එම අනතුරින් ත්‍රීවිල්රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකු බරපතළ තත්ත්වයේ සිටි.
කොළඹ සිට මාතර දක්වා ගමන් ගත් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයේ කළුතර කටුකුරුන්ද ප්‍රධාන බස් නැවතුම්පලේ නවතා නැවත ගමන් ආරම්භ කිරීමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිවිල් රථය එකවරම එකවරම බස් රථයේ ඉදිරිපස ගැටී තිබේ.ත්‍රීවිල් රථයේ සිටි එකම පවුලේ මිත්තණිය (වයස 62) සහ වයස අවුරුදු දොළහක පිරිමි දරුවකු එම අනතුරින් බරපතල තුවාල ලබා කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.ත්‍රීවිල් රථය සීයා විසින් පදවා ගෙන ගොස් ඇති අතර, සීයා ද බරපතල තුවාල ලබා කළුතර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ත්‍රීවිල් රථයේ සිටි තවත් කාන්තාවක් සුළු තුවාල ලබා ඇත.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ කළුතර දුවේ පන්සල පාර ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් බේරුවල ප්‍රදේශයේ පොසොන් සිරි නරඹා නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
බස් රථය බස් නැවතුම්පොළේ නවතා නැවත ඉදිරියට ගමන් කරන අවස්ථාවේ ඉදිරිපසින් පැමිණි ත්‍රිවිල් රථය පෙරළී ගොස් බස් රථයේ ගැටී තිබේ.ත්‍රීවිල් රථයේ රියදුරට නින්ද යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක පල කෙරේ.
එම අනතුර අතරතුර බස් රථයේ සිටි මගියෙකුට එම බස් රථයේ රියැදුරුගේ වාහන බලපත්‍ර සහ රියැදුරු බලපත්‍ර සහිත බෑගයද සොරකම් කොටඇත.එම සොරකම සිදුකරන ආකාරය ආකාරයද බස් රථයේ සීසී ටීවී කැමරාවේ සටහන්ව තිබුණි.
02/07/2026
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල නාමයක් ව්‍යාජ ලෙස භාවිතා කරමින් බදු ගෙවන්නන් මුලා කර මුදල් ලබාගත් සැකකරුවෙකු කොම්පඤ්ඤවීදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාව සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයෙකු විසින් ජුනි 05 වනදා කොම්පඤ්ඤවීදිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව කොම්පඤ්ඤවීදිය පොලීසිය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව සිදුකළ සූක්ෂම විමර්ශනයකින් පසු මෙම සැකකරු කොටුකර ගැනීමට හැකි වී ඇත.
මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු ව්‍යාජ නාමයක් භාවිත කරමින්, තමන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කරන බව පවසමින් මූල්‍ය වංචාවන් සිදුකර ඇති බවය.
පසුගිය ජුනි 27 වනදා ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීම මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ජුනි 29 වනදා අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
මෙම පුද්ගලයාගෙන් දුරකථන ඇමතුම් ලැබුණු හෝ ඔහු වෙනුවෙන් මුදල් බැර කරන ලද යම් පුද්ගලයෙකු වේ නම්, ඒ පිළිබඳ තොරතුරු වහාම කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 0112135000 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
02/07/2026
ඊසානදිග තායිලන්තයේ මුක්දහාන් පළාතේ පාගමනක යෙදී සිටි භික්ෂූන් වහන්සේලා පිරිසක් වෙත 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙකු පැදවූ කැබ් රථයක් කඩා වැදීමෙන් භික්ෂූන් වහන්සේලා අට නමක් අපවත් වී ඇති බව එරට පොලිසිය පවසයි.
මෙම අනතුරින් තවත් භික්ෂූන් වහන්සේලා 13 නමකට බරපතළ තුවාල සිදුව ඇත.
මුවැන්ග් දිස්ත්‍රික්කයේ බන් නා සි නුවාන් ප්‍රදේශයේදී අද (2) දහවල් 12ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සහ සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට ළඟා වනවිටත්, අනතුර හේතුවෙන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් මාර්ගය අසල වැටී සිටි බව වාර්තා වේ.
අනතුරින් භික්ෂූන් වහන්සේලා පස් නමක එම ස්ථානයේදීම අපවත් වී ඇති අතර, බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ භික්ෂූන් වහන්සේලා අතරින් තිදෙනෙකු රෝහලේදී අපවත් වී තිබේ.
තුවාල ලැබූ සෙසු භික්ෂූන් වහන්සේලා 13 නම මේ වනවිට කඩිනමින් අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් පවතී.
මූලික පොලිස් පරීක්ෂණවලට අනුව අනතුර සිදුකර ඇති කැබ් රථය පදවා ඇත්තේ 11 හැවිරිදි බාලවයස්කාර දරුවෙක්ය.
ඔහු තම දෙමාපියන්ගේ හෝ භාරකරුවෙකුගේ කිසිදු අවසරයකින් තොරව මෙම වාහනය පදවාගෙන විත් මෙම මාරක අනතුර සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අනේ මන්දා මොනවා කියන්නද කියලා 😁
27/06/2026
කොළඹ ඉදල බදුල්ලට යන්න ඇවිත් තිරිංග දෝෂයක් නිසා දියතලාවේදි රේල් පාරට පෙරළුන ලංගම බස් එක 43 ක් රෝහලේ
24/06/2026
බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ (The Guardian) පුවත්පත වාර්තා කරන අන්දමට, ළමා ආරක්ෂණ රෙගුලාසි හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන එංගලන්ත විස්සයි-20 සංචාරයේදී ඉන්දීය යොවුන් සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශිට (Vaibhav Sooryavanshi) ඇඳුම් මාරු කිරීම සඳහා වෙනම පහසුකම් භාවිතා කිරීමට සිදුවනු ඇත.
ලබන සිකුරාදා බෙල්ෆාස්ට්හිදී අයර්ලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙමින් ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් ලැබූ ලාබාලම ක්‍රීඩකයා බවට පත්වීමට නියමිත මෙම 15 හැවිරිදි ක්‍රීඩකයා, ඉන් අනතුරුව තරග පහකින් සමන්විත විස්සයි-20 තරගාවලියක් සඳහා එංගලන්තය බලා යාමට නියමිතය.
‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ළමා ආරක්ෂණ නීති සහ එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ (ECB) රෙගුලාසිවලට අනුව, වයස අවුරුදු 16ට අඩු ක්‍රීඩකයින්ට වැඩිහිටි ඇඳුම් මාරු කරන කාමර භාවිතා කිරීම තහනම් කර ඇති බවයි. මේ හේතුවෙන් එංගලන්ත සංචාරයේදී සියලුම ක්‍රීඩාංගණවල සූර්යවංශි වෙනුවෙන් වෙනම පහසුකම් සලසා දෙනු ඇත.
තරග පැවැත්වෙන අවස්ථාවන්හිදී සහ කණ්ඩායම් රැස්වීම්වලදී සූර්යවංශිට ඉන්දීය ක්‍රීඩාගාරය (dressing room) තුළ රැඳී සිටීමට තවදුරටත් අවසර ලැබෙන නමුත්, මෙම සීමාව බලපාන්නේ තරගවලට පෙර සහ පසුව ක්‍රීඩකයින් ඇඳුම් මාරු කරන අවස්ථාවන්හිදී පමණක් බව එම වාර්තාවේ සඳහන් වේ.
‘ද ගාඩියන්’ පුවත්පතට අනුව, අවශ්‍ය ආරක්ෂණ පියවරයන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ECB ආයතනය, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සහ ක්‍රීඩාංගණ බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටී. සූර්යවංශිගේ දෙමාපියන්ද මෙම සංචාරය පුරාවටම ඔහු සමඟ රැඳී සිටීමට නියමිත බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
24/06/2026
ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා (පා.ම) මහතා විසින් “සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත” (Social Media Minimum Age Bill) අද දින පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දෙන ලදී. දරුවන් සමාජ මාධ්‍ය වේදිකා වෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම මෙම පනතේ මූලික පරමාර්ථයයි.
මෙම නව පනත මගින් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වේදිකා වෙත ප්‍රවේශ වීම වැළැක්වීමට අදාළ විෂය භාර අමාත්‍යවරයාට (ළමා කටයුතු අමාත්‍යවරයා) නියෝග පැනවීමට බලය ලැබේ. එමෙන්ම, දරුවෙකුට දිනකට සමාජ මාධ්‍ය භාවිත කළ හැකි කාලය සීමා කිරීමට හෝ භාවිත කළ හැකි නිශ්චිත වේලාවන් නියම කිරීමට ද මෙහි විධිවිධාන ඇතුළත් වේ.
මෙම නීතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත් කිරීමට යෝජිතය. පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙන බව ද එහි සඳහන් වේ. මේ වනවිට බ්‍රිතාන්‍යය ඕස්ට්‍රෙලියාව ඇතුළු රටවල් රැසක මෙම නීතිය ක්‍රියාත්මකය.
Click here to claim your Sponsored Listing.