News Alert
“Daily news, sports, entertainment, politics, lifestyle—සියලු පුවත් එකම page එකෙන්.”
24/05/2026
රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ 2026 සහ 2027 සංවර්ධන සැලසුම් සම්බන්ධ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ග්‍රාමීය දිළිඳු බව තුරන් කර, සමාජය සවිබල ගැන්වීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන් සමාලෝචනය කිරීම මෙන්ම 2027 වසර සඳහා යෝජනා හඳුනා ගැනීමේ රාමුවක් සකස් කිරීම සම්බන්ධව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
11/05/2026
මෙම වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් නැවත විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා ඉල්ලීම් නොකරන බව බලශක්ති සහ වරයා හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (11) පැවසීය.
ජනනන වියදම ඉහළ යෑමත් සමඟ විදුලි ගාස්තුව සියයට 18 කින් වැඩිකිරීමට සිදුවූ බවත් අමාත්‍යංශය හැටියට බලශක්ති අමාතයංශය කළ ඉල්ලීමකට අනුව මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා කීය.
01/05/2026
01/05/2026
වැඩ කරන ජනයාගේ දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය අදට (මැයි 1) යෙදී තිබේ.
1886 අද වැනි දිනෙක ඇමෙරිකාවේ චිකාගෝ නගරයේදී පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටන නිමිති කරගෙන ලොව පුරා විසිරුණු කෝටි සංඛ්‍යාත කම්කරු ජනයා අද මැයි දිනය සමරති.
1927දී පළමු වරට ලංකාවේ කම්කරු දින සැමරුම් ආරම්භ වූ අතර 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවෙදාර දක්වා පළමු මැයි රැලිය පැවැත්විණි.
මෙවර ප්‍රධාන දේශපාලන පක්ෂ අතරින් ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර කම්කරු දිනයට මැයි දින රැලි පැවැත්වීමට නියමිත ය.
ඒ අනුව, ජාතික ජන බලවේගය ‘ජන රජයට බලයක්’ තේමාවෙන් දිස්ත්‍රික් මට්ටමින් මැයි දින රැලි පැවැත්වීමට තීරණය කර ඇති අතර ඔවුන් ප්‍රධාන මැයි රැලියක් ලෙස සංවිධාන කර නැත.
ජාතික ජන බලවේගය උතුරු පළාත කෙන්ද්‍ර කරගෙන තනි රැලියක් සහ බදුල්ල, නුවරඑළිය ඒකාබද්ධව තනි රැලියක් පවත්වන අතර එම පක්ෂය සෙසු දිස්ත්‍රික්කවල වෙන වෙනම මහජන රැලි සූදානම් කර තිබේ.
ජාතික ජන බලවේගය මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිට පවත්වන කොළඹ දිස්ත්‍රික් රැලියට ජනාධිපති අනුර කුමාර දිසානායක එක් වීමට නියමිතය.
මෙවර කම්කරු දිනයේදී පෙළපාළිවලින් බැහැර වීමට දේශපාලන පක්ෂ තීරණය කර තිබෙන නමුත් ජාතික ජන බලවේගය ගම්පහදී එවැනි පෙළපාළියක් පවත්වයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මැයි පළමු වන දා පස්වරු 1:00ට කොළඹ මාළිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
එසේ ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය ‘දූෂිත ආණ්ඩුවට එරෙහි ජන බලයක්’ මැයෙන් බොරැල්ල, කැම්බල් පිටියේ දා සවස 2:00ට පැවැත්වීමට තීරණය කර ඇත.
ඒකාබද්ධ පොදු විපක්ෂයේ පක්ෂ නායකයන් ගත් තීරණය අනුව තවත් දේශපාලන පක්ෂ කිහිපයක්ද ශ්‍රී.ල.නි.ප. රැලියට සහාය පළකරන බව දන්වා තිබේ.
මේ අතර, බොහෝ දේශපාලන පක්ෂ පෙළපාළි හෝ මහජන රැලිවලින් ඉවත්ව කම්කරු දිනය ජය සැමරීමට තීරණය කර තිබේ.
මෙම පක්ෂ ආගමික වතාවත්, උපහාර පිදීම්, පුෂ්පෝහාර දැක්වීම්, දේශන පැවැත්වීම වැනි වැඩසටහන් එදිනට යොදාගෙන ඇත.
මැයි දිනය වෙසක් දිනය බැවින් රැස්වීමක් හෝ පෙළපාළියක් යෑම වෙනුවට වැඩ කරන ජනතාව ඇගයීමේ වැඩ සටහනක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
23/04/2026
ශ්‍රී ලංකාව ප්‍රතිවහ්‍යුහගතකරණය කළ ණයවලින් ඕස්ටේ්‍රලියාවට පසුගිය වසරේ අගදී යොමුකළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් හෙවත් ඩොලර් ලක්‍ෂ 25ක මුදලක් සයිබර් හැකර්වරුන් වංචනිකව ලබාගෙන ඇති බවත් ණය හිමියන් කීපදෙනකුට යොමුකළ එම මුදල් වෙනත් පාර්ශවයක් ලබාගෙන ඇතැයි පසුගිය ජනවාරි මස හෙළිකරගත් බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (23) පැවසීය.
අදාළ හැකර්වරුන් රාජ්‍ය ණය කළමණාකරණ කාර්යාලයේ ඊමේල් පද්ධතියට රිංගා ඒ හරහා මෙම වංචාව කර ඇති අතර විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණයක දී පසුගිය ජනවාරි මාසයේ දී හැකර්වරුන් විදේශ සම්පත් දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව අනාවරණය වූ බවත් ඒ අනුව ඊට පෙර කළ ගණුදෙනු පිළිබඳව කළ විමර්ශනයේ දී හැකරුවරුන් මෙම ඩොලර් මිලියන 2.5 ක මුදල පසුගිය වසර අගදී වංචනිකව ලබාගෙන ඇතැයි අනාවරණය වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
20/04/2026
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ ඇප මතු මුදා හරියේය.
කොම්ෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කරනු ලබන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහිරව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස බලතල අයුතු ලෙස භාවිතා කරමින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් සුළු සේවකයන් 134 කු බඳවා ගැනීමෙන් දූෂණය නැමැති වරද සිදුකිරීම හා විනය නියෝග මත ස්ථාන මාරුවීම කර තිබූ යාපනය තාක්ෂණය විද්‍යාලයේ අධ්‍යක්ෂකවරයකුගේ ස්ථාන මාරුවීම අවස්ථා කිහිපයකදීම කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට බලපෑම්කර අවලංගු කරවීමට කටයුතු කිරීම තුළින් උක්ත අධ්‍යක්ෂකවරයාට වාසියක් සිදු කිරීම යන චෝදනාව මත සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.
20/04/2026
ශ්‍රී ලංකාවේ වසරකට වරක් පමණක් විදුලි බිල සංශෝධනය කරන නව සූත්‍රයක් හඳුන්වා දීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. මෙම පුවත ඉංග්‍රීසි පුවත්පතක් උපුටා දක්වමින් පළ කර ඇත.
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන මාසික විදුලි ගාස්තු සංශෝධන ක්‍රමය වෙනුවට නව ක්‍රියා පටිපාටිය ගෙන ඒම කෙරෙහි අවධානය යොමු වී ඇති බව අනාවරණය වේ. එම පුවතේදී, බලශක්ති අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය මෙම නව ගාස්තු සූත්‍රය අවසන් කිරීම සම්බන්ධයෙන් දැනට සාකච්ඡා පවත්වමින් සිටී
නව ක්‍රමය මඟින් වසරේ මුල් මාස කිහිපය වියළි බවත් වසර අවසානයේ වැසි සහිත බවත් සැලකිල්ලට ගනී. වත්මන් ක්‍රමය තුළ, වියළි සමයේදී පාරිභෝගිකයින් ගාස්තු වැඩිවීමකට සහ වැසි සමයේදී අඩුවීමකට මුහුණ දෙයි.
මෙම අවස්ථාවේ දී, නව ක්‍රමයට අනුව, වසර ආරම්භයේදී ගාස්තුව එක් වරක් පමණක් නියම කරනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, පළමු මාස හය තුළ විදුලිබල මණ්ඩලය හිඟයකට මුහුණ දුන්නද, වසරේ දෙවන භාගයේදී ජනනය වන ආදායමෙන් හිඟය පියවා ගත හැකි බව නිලධාරීන් පවසති. මෙම අවස්ථාවේදී, එම සූත්‍රය අවසන් කිරීමෙන් පසු, එය අනුමැතිය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යවන බව පෙන්වා දී ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ මිනිත්තු 40 ක් පුරා දුරකතන සංවාදයක් පැවැත්විණි.
පාකිස්තානයේ මැදිහත් වීමෙන්, ඇමෙරිකාව සහ ඉරානය අතරේ සටන් විරාමයක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු, ට්‍රම්ප් සහ මෝදි අතරේ දුරකතන සංවාදයක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
නායකයන් දෙදෙනා අතරේ සුහද කතාබහක් සිදුවුණු බවත්, දෙරට අතර පවතින උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ට්‍රම්ප් සහ මෝදි එකගත්වය පළ කළ බවත් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ, මෙම වසරේ ට්‍රම්ප් සහ මෝදි අතරේ පැවැත්වුණු තෙවැනි දුරකතන කතාබහයැයි ද පැවැසෙයි. මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් දීරඝ වශයෙන් සාකච්ඡාවට බදුන් විය.
බටහිර ආසියානු කලාපයේ ආරක්ෂාව මෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණ වශයෙන් විවෘතව සහ ආරක්ෂිතව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
15/04/2026
අවුරුදු නිවාඩුවෙන් පසු රාජ්‍ය ආයතනවල කටයුතු අද (අප්‍රේල් 15) සිට ආරම්භ කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිවේදනය කළේ, අද, හෙට (අප්‍රේල් 16) සහ අනිද්දා (අප්‍රේල් 17) රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවය.
15/04/2026
හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය අද(15) පූර්ව භාග 6.55 ට මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි.
මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධාන සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
04/04/2026
ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ ආරම්භකරන ලද 1990 ගිලන්රථ සේවාව අද වන විට ස්ථාවරත්වයට පත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ වෙනුවෙන් කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වාට මෙන්ම ඉන්දියානු අග්‍රාමාත්‍ය පුමුඛ ඉන්දියා ජනතාවට විශේෂ ස්තූතියක් පුද කළ යුතු බවද අමාත්‍යවරයා කීය.
“සුවසැරිය” ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමෙි උත්සවයට සහභාගී වෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීය.
මෙම නව ප්‍රධාන කාර්යාලය අංක 43,හොර්ට්න් පෙදෙස, කොළඹ 07 ස්ථානයේ ස්ථාපිත කෙරුණ අතර, 2016 වසරේ සිට රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක එම ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ලදී.
Click here to claim your Sponsored Listing.