Adya Dedunu

Adya Dedunu

Share

හදවතට දැනෙන වචන🩵!

11/04/2026

🍃🙇‍♀️.

29/03/2026

ඇත්තටම🥹🩵🌊!

25/03/2026

🥹🩵

17/03/2026

14/03/2026

❤️‍🩹!

Photos from Adya Dedunu's post 12/03/2026

2025 වසරේ කැමරා කාචයට හසුකරගත් ඡායාරූප කීපයක්!

11/03/2026

අකුරින් අකුර ගෙතුණු සිතුවිලි සහ තවත් අපූරු කතා ඉදිරියටත් ඔබ වෙත රැගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක රැඳී ඉන්න කැමති නම් Follow කරන්න. 🕊️✨"

11/03/2026

Magical Sky🥹🩵!

28/02/2026

🥹🧡

28/02/2026

කියවන්න! තේරුම්ගන්න!

තමන්ට තමන්වවත් දරාගන්න බැරි කාලයක් අපි හැමෝගෙම ජීවිතේට එනවා.ඒ තමයි අපේ ජීවිතේට ලැබෙන දිනන්න අමාරුම අභියෝග සහිත කාලවකවානුව.

කාලවකවානුව?

ඔව්! ඒක එක්තරා අන්දමක දෛවය විසින් අපිට තිළිණ කරපු කාලවකවානුවක්.

මේ කාලවකවානුවේදී මොකක්ද සිද්ධවෙන්නේ?

විශේෂයෙන්ම මේ කාලවකවානුව තුළ දී සිද්ධවෙන්නේ අපේ දරාගැනීම් උරගා බැලීමක්.අපි අපේ ජීවිතේ මොනතරම් පරිණත ස්වභාවයකින් ඉස්සරහට ගෙන යනවද? ගත කරනවද? කියලා පරීක්ෂා කිරීමක්.

තව දුරටත් මේ කාලවකවානුව පැහැදිලි කළොත්,

සරලවම අවු:16 හෝ 17 සිට අවු:55ත් 60ත් අතර සිටින ඕනම පුද්ගලයෙකුට ප්‍රශ්න තිබෙනවා. මේ ප්‍රශ්න ඒ ඒ පුද්ගලයාට අනුව විවිධාකාරයි. සමහර අයට පවුල් ප්‍රශ්න තිබෙන්න පුළුවන් තවත් පිරිසකට ඉඩම් ප්‍රශ්න,මුදල් ප්‍රශ්න,ආදර සම්බන්ධතා ප්‍රශ්න වගේ ඕනම ප්‍රශ්නයක්.හැබැයි ඔයාලට දැන් හිතෙන්න පුළුවන්,

"අපිටනම් එක ප්‍රශ්නයක් නෙවේනේ.ප්‍රශ්න වැලක්නේ."කියලා

ඔව් වෙන්න පුළුවන්.සමහර මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඉවර වෙද්දි තවත් ප්‍රශ්නයක්.ගොඩ ඒමක් නෑ කියලා තමන්ට හිතෙන තරමටම ප්‍රශ්න.

ඒත් ඔයාලා දන්නවද? මේ ප්‍රශ්න අපේ ජීවිතේට එන්නේ අපේම හොඳටයි කියලා.නෑ! ඔයාලා කීයටවත් එහෙම හිතන්නෙ නෑ සහ ඔයාලා පිළිගන්න කැමතිත් නෑ.

මං ඔයාලට පොඩි ඇත්‍තක් කියන්නම්...

මම ඔයාලට කිව්වානේ මේ ප්‍රශ්න අපේ ජීවිතේට එන්නේ අපේම හොඳටයි කියලා.මෙහෙමයි ඔයාලා දන්නවද මේ ප්‍රශ්න එහෙමත් නැත්නම් තමන්ට දැනෙන දුක දරාගැනීමට බලපානවා කියලා.දුක කියන්නේ අපේ ප්‍රශ්නවල එක් ප්‍රතිඵලයක්.ඔයා මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ ඔයා එක්කම සටන් වදිමිනුයි.ඔයා ඔයාගේ ජීවිතේට හානියක් කරගන්නේ නැතිව ඔයාගේ ලස්සන අහිංසක හීන වෙනුවෙන් නැත්නම් පවුල වෙනුවෙන් මේ ප්‍රශ්නවලට තනියම මුහුණ දෙනවා නේද?
"නෑ මම සැලෙන්නෙ නෑ" "අපිටත් හොඳ කාලයක් ඒවිනේ" "ළමයින්ට කොහොමහරි උගන්වලා හොඳ තැනකට යවාගත්තොත් ඇති" "එයා මං ළඟ නැතත් වෙන කෙනෙක් ළඟ හරි සතුටින් ඉන්නවා නේ" මේ වගේ ඕනම දෙයක් ඔයා ඔයාටම හෝ ඔයාගේ සමීපතමයෙකු සමග හෝ කියනවා නේද?
ඇයි අපි එහෙම කියන්නේ? ඒ අපේ දරාගැනිම තුළ තියෙන එක් විධික්‍රමයක් නිසයි.විශේෂයෙන්ම අපේ හිතට සැහැල්ලුවක් ලබා ගන්නයි.

හිතන්න!,

කාලයක් ගියාට පස්සේ ඔයා ඔයාගේ සිත,මනස උසස් මට්ටමකට ගොඩනාගාගෙනයි තියෙන්නේ.
ඒ කොහොමද? අර ඔයා මීට මාස ගාණකට කලින් අවුරුදු ගාණකට කලින් මුහුණ දුන්න ප්‍රශ්නවල,දුක් කන්දරාවල තෙරපිළා තෙරපිළා තැළිලා ඔප මට්ටම් වෙලයි තියෙන්නේ.ඔයා ජීවිතේ ගැන යම් දෙයක් දැනගන්නවා.අත්දැකීමක් අපිට ලැබෙන විට අපි දේවල් දෙස බලන විදිහ වෙනස් වෙනවා. මීට පෙර අපිට වැදගත් කියලා සිතුණු දේවල්, ඒ අත්දැකීමෙන් පසු සුළුපටු යැයි සිතෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට, කෙනෙකු මුහුණ දෙන අසීරු කාලයකදී ඔවුන්ට වැටහෙනවා තමන්ගේ ශක්තිය හෝ සබඳතාවල වටිනාකම ගැන මීට පෙර නොවූ ආකාරයේ ගැඹුරු අවබෝධයක්.
ඉතිං අද ඔයා කළින් හිටියට දශමයකින් හෝ උසස් මට්ටකින් හෝ යම් තැනක ලස්සනට හරිම නිදහස්ව ජීවත් වෙන්නේ අන්න අර ප්‍රශ්න නිසයි.එදා ඔයා ඒවට මුහුණ නොදී දරාගන්න බැරිව ජීවිතේ ගැන තියෙන ආසාව අත්හැරලා දැම්ම නම් ඔයා අද අඩියටම වැටිලා.තව දෙයක් ඔයාලගේ දුක,ප්‍රශ්න මේ හැමදේම ටික වෙලාවකට අමතක කරගන්න, ටික වෙලාවකට ඒ දේවල්වලින් මිදෙන්න තමන්ගේ යාළුවෙක් සමග හෝ සමීපතමයෙකු සමග හෝ කියනවා නේද? නැත්නම් තනිවම නිදහසේ කාලයක ගත කරනවා නේද?අන්න එතනදී ඇත්තට ඔයා බුද්ධිමත් පුද්ගලයෙක්.

බුද්ධිමත් පුද්ගලයෙක්?

ඔව්!
වෙලාවකට අපිට අපේ ඉරණමට පිටු පාන්න බැරි අවස්ථා එනවා.කෙනෙකුට දරාගන්න බැරි වෙලාවල් එනවා.ඒ වෙලාවට ඒ කෙනාගේ එකම තීරණය 'ජීවිතය නැති කරගන්න' එක විතරමයි.අද කාලේ සමහර මිනිස්සු එයාලාගේ ආවේගයට ගන්න හරිම මෝඩ තීරණයක් ඒක.හැබැයි ඉතින් ඒක එයාලගේ වැරැද්දක් නෙවේ.ඒක එයාලගේ අවාසනාව.ඉතින් ඒ අතින් ඔයා බුද්ධිමත් පුද්ගලයෙක් නෙවේද?
දැන් ඉතින් ඔයාලා හිතයි "අපෙත් අවාසනාව තමා" "ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්ච දෙන්" "දැන්නම් දරාගත්තා හොඳටම ඇති" කියලා.ඒ වගේ අදහස් දැන්ම අයින් කරගන්න.මොකද අපි ඕනම කෙනෙක්ට දරාගන්න පුළුවන්.ප්‍රශ්නවලට මුහුණ දෙන්න පුළුවන්.හැබැයි ඉතින් ඔයා නිකන් හිටියා කියලා කවදාවත් ප්‍රශ්න විසඳෙන්නෙත් නෑ ඔයාට ඔයා දැන් ඉන්න තැනින් ගොඩ එන්නත් බෑ.මුලින්ම ඔයාලා ඔයාලගේ සිතුවිලි වෙනස් කරගන්න.

විශ්වාස කරන්න ලෝකේ ඕන තරම් පුද්ගලයෝ ඉන්නවා අඩුම වේල් දෙකක්වත් නොකා තමන්ගේ ජීවිතේ ගොඩදාගත්ත මිනිස්සු.අද එයාලා වේල් තුනම කාලා කන්න නැති මිනිස්සු ගණනාවකගේ බඩත් පුරවනවා.

අර බෑ කියලා ජීවිතේ අතහැරපු මිනිස්සු දිහා බලලා "එයාලට බැරි කොට අපි කොහොමද දරාගන්නේ" කියන්නෙ නැතුව,
එදා බැරිවෙලත් පුළුවන් කියලා දුක් විඳලා සමාජෙන් බැටකාලා ලෝකෙම දිනපු ඒ මිනිස්සු දිහා බලලා "එයාලට පුළුවන්නම් ඇයි අපිට බැරි" කියලා තමන් තමන්ටම කියාගන්න.

තේරුම් ගන්න!

ඔබ ඔබේ ජීවිතයේ නිර්මාණකරුවායි.
​ජීවිතය ගලා යන නදියක් නම්, ඔබ එහි පාවෙන කොළයක් නොව, ඒ නදියට අවශ්‍ය දිශාව සහ වේගය ලබා දෙන ඉංජිනේරුවරයා විය යුතුයි.

​පාර තනා ගැනීම (Vision & Goal Setting): ඔබ යන්නේ කොතැනටද යන්න නිශ්චිතව තීරණය කිරීමේ අයිතිය ඇත්තේ ඔබටමයි. අරමුණක් නැති ගමනකදී ඕනෑම සුළඟක් ඔබව වෙනතක ගෙන යා හැකියි.

​ඔප මට්ටම් කිරීම (Consistency & Improvement): ඔබ තැනූ පාර සෑම විටම සිනිඳු නැත. එහි බාධක එයි. ඒ බාධක ඉවත් කරමින්, අත්දැකීම්වලින් උගත් පාඩම් එකතු කරමින් පාර වඩාත් ශක්තිමත් කිරීමයි 'ඔප මට්ටම් කිරීම' යනු.

​අවශ්‍ය පරිදි ගලා යාම (Strategic Flow): පාර තැනූ පලියට වැඩක් නැත, නදිය ගලා යා යුතුයි. එනම්, සැලසුම් කරන දේ ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යයි. බලා නොසිට ක්‍රියාත්මක වීමයි ඔබ පවසන එම ගලා යාම.

​"ජීවිතය යනු අහඹු සිදුවීම් මාලාවක් ලෙස දකිනවා වෙනුවට, අපගේ තීරණ සහ කැපවීම්වල එකතුවක් ලෙස දකින විට, ඔබ ඔබේ ඉරණමේ නියමුවා බවට පත් වේ."

ඉතින්,
දරාගැනීම කියන්නේ ඔබේ ගමන නතර කිරීම නොව, ගමන මන්දගාමී වූ විට එය නැවත වේගවත් කර ගැනීමට අවශ්‍ය ශක්තිය සපයා ගැනීමයි.

ප.ලි: ජීවිතේ දිනපු බුද්ධිමතුන් කීපදෙනෙක්.තව ඕන තරම් අය ඉන්නවා.

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo
12138