Mind Map Management
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mind Map Management, Management Service, Colombo.
2026 නව වසර දැණුම සදහා ආයෝජනය කරන වසරක් කරගනිමු.එය ඔබේ අනාගතය අනිවාර්යයෙන් ජයග්‍රහණය කරා රැගෙන යනු ඇත.අපට කතාකරන්න/whatsapp පනිවුඩයක් එවන්න.වැඩිදුර විස්තර එවන්නම්.
ජීවිතයේ ප්‍රශ්න මැද අතරමං වෙලාද? "මම කවුද?", "ඊළඟට මොකද කරන්නේ?" කියන ප්‍රශ්න ඔබටත් නිතරම ඇති වෙනවාද? 🤔
ඔබේ මනස සැහැල්ලු කරගෙන, ජීවිතය ජයගන්න අවශ්‍ය නිවැරදිම මනෝවිද්‍යාත්මක මගපෙන්වීම සහ උපදේශනය ලබාගන්න Mind Map Management සමඟ එකතු වන්න.
අපගේ වටිනා ලිපි සහ ඉදිරි වැඩසටහන් ගැන දැනුවත් වීමට පහතින් අපගේ Page එකට Like කරන්න. 👍
28/12/2025
මිනිසාගේ මනස
අපේ මනස හරි පුදුම සහගතය.මනසේ සහ මොළයේ ක්‍රියාකාරිත්වය නිවැරදිව අවබෝධ කරගන්නේනම් ඔබට මානව සම්බන්දතාවල හැඩය අවබෝධ කර ගැනීම අපහසු නොවේ.ඔබේ මනසේ මූලික කාර්‍ය්ය වන්නේ ඔබව ආරක්ෂා කිරීමයි.ඔබේ ශරීරය මුදුනින් ඇති මොළයේ ප්‍රධානතම කාර්‍ය්භාරයක් වන්නේද එයයි.එබැවින් මනස නිරන්තරයෙන් ඔබව තබන්නට කැමති වන්නේ ඔබේ සුවපහසු කලාපය තුළය.(confort zone)එනම් ඔබට අඩුම කරදරකාරී පරිසරයක් තුළය.එමෙන්ම ඔබ වෙහෙසට පත්වනවාට ඔබේ මනස කැමති වන්නේද නැත.ඔබ අසනීප වනවාට කැමති වන්නේද නැත..ඔබට අපහාස නගනවා මෙන්ම ඔබට විවිධ චෝදනා නගනවාට කැමති වන්නේද නැත.කොටින්ම සෑම දිශාවකින්ම ඔබව ආරක්ෂා කරනු ලබන ඔබේ සමීපතම සහ එකම ආරක්ෂකයා ඔබේ මොළය සමග ගනුදෙනු කරන ඔබේ මනසයි.ඔබේ ඉලක්ක ජය ගැනීමේ මනසේ කාර්‍ය්ය ට ලබාදෙන දිරිගැන්වීමට වඩා ඒ වෙනුවෙන් ඔබව වෙහෙසට පත්වීම නතර කර දැමීමට මනස වඩාත් උනන්දු වේ.ඒ ඔබව සුවපහසු කලාපයේ තැබීමටය.මහන්සි වී ඉගෙන ගෙන ඉලක්ක ජයගෙන වඩා යහපත් සුවපහසු ජීවිතයක් ගත කිරීමට හැකි බවත් ඒ සදහා අද දවසේ සුවපහසුව කැපකළ යුතු බවත් ඔබ කොපමණ විශ්වාසයකින් ප්‍රකාශ කළත් මනස ඒ පිළිබද එතරම් විශ්වාසයක් තබන්නේ නැත.මනසට අවශ්‍යය වන්නේ මේ මොහොතේ ඔබේ සුවපහසුවයි.උදාහරණයක් ලෙස ඔබ ඉතාමත් තීරණාත්මක විභාගයක් සදහා සූදානම් වන බව සිතන්න.රාත්‍රියේදී ඔබ නිදි වරාගෙන ඉගෙනුම් කටයුතුවල නිරත වන බවද සිතන්න.ඔබ මේසයක් මත පොත තබාගෙන පුටුවක වාඩිවී අද්‍යාපන කටයුතු කරන විට අසල ඇති ඔබේ නිදි යහන දෙස කී වතාවක් නම් ඔබේ දෑස් යොමු වන්නේද?ඇස් දෙකට ශරීරයට මොළයට වද දීම මනසේ ක්‍රියාවලිය නොවේ.එබැවින් මනස ඔබට බල කර සිටින්නේ ඒ වෙහෙසකාරී ක්‍රියාව නවත්වන ලෙසය.සුවපහසු නින්දක් ලබාගන්නා ලෙසය.ඔබේ ඉලක්කය ජයගැනීමේ අරමුණ නිසා ඔබට ඉතා අසීරුවෙන් නිදිමත දරාගෙන සිටින්නට සිදවේ.ඔබ දන්නවාද ඔබේ ඉලක්කය ඉතාමත් ශක්තිසම්පන්න නොවුනොත්,ඉලක්කය සදහා ඇති අධ්ෂ්ටානය ඉතාම ප්‍රභල නොවූවොත් මනස විසින් ඔබව මෙහෙයවනු ලැබීම ඔබට නොනැවිත්විය හැකිය.මනස ඉතාමත් උපක්‍රමශීලී ආකාරයෙන් ඔබව නිදි යහන කරා රැගෙන යනු ඇත. ඉලක්කය සදහා කළ යුත්තේ පාඩම් කිරීමනම් එය ඇද උඩ සිටද කළ හැකි බව ඔබට ඒත්තු ගන්වමින් ඔබේ නින්ද සාධාරණීකරණය කිරීමට මනඩ ඉතා දක්ෂය.ඔබ එදා මොළය සහ මනසට අභියෝග කොට අවනත නොවුනානම්....... ඔබට ඔබේ මොළයේ සහ මනසේ ස්වභාවික ක්‍රියාවලියට අභියෝග කළ හැකිනම් පමණක් ඔබට ඔබේ ඉලක්කය කරා ගමන් කළ හැකි වන්නේය.ඒ සදහා විශාල ආත්ම ශක්තියක් මෙන්ම අති මහත් කැපකිරීමක් අවශ්‍යය වන්නේය.ඔබ ඔබේ ඉලක්ක බොහෝමයක් අත හැර දමා ඇත්තේ ඔබේ කැමැත්තෙන් නොවේ.ඒ අශාවන් තවම ඔබේ යටි සිත තුළ අහිමි වූ අශාවන් ලෙස මතු වී වරින් වර ඔබව රිදවමින් ඇතැම් විට ඔබ රෝගී තත්වයන්ට පවා ඇද දැමිය හැක.එබැවින් ඉලක්ක ජයග්‍රහණය සදහා අපේ මනසේ සහ මොළයේ විද්‍යාත්මක ක්‍රියාකාරී ස්වභාවය පිළිබද හොද අවබෝධයක් තිබිය යතුය.සාමාන්‍යයෙන් මිනිසා හැර අනිකුත් සියළු සතුන් මොළයේ මේ ස්වභාවික ක්‍රියාවලියට අනුගත වී ඇත.යටත් වී ඇත.මිනිසා එසේ නොවන්නේ ඔහු සතුව අනිකුත් සත්වයන්ට වඩා වෙනස් වූ අපූරු මොළයක් ලැබී ඇති බැවිනි.එයටත් එහා ගිය අපූර්වත්වයෙන් අනූන මනස යනුවෙන් ප්‍රපංචයක හිමිකාරිත්වය ඇති මෙළොව බිහිවී ඇති එකම ජීවියා වන්නේද ඔහු බැවිනි.එසේනම් අපේ මොළයේ නිවැරදි ක්‍රියාකාරිත්වය අවබෝධ කරගැනීමෙන් සහ එකී ක්‍රියාවළියට අභියෝග කිරීමෙන් පමණක් ඔබේ ඉලක්ක සාර්ථක කරගත හැකි බව අවබෝධ කරගනිමු.එමෙන්ම අන් සතුන්ගෙන් වෙනස් වූ වාසිය අත්පත් කරගැනීමේ මූලික පියවර සදහා සූදානම් වෙමු.(මෙම ලිපියේ තව කොටස් කිහිපයකින් මේ පිළිබද සම්පූර්ණ සමාලෝචනයක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.දීර්ඝ වශයෙන් කියවීමට ඔබේ මනස ප්‍රිය නොකරන නිසාත් ඔබ ඒ මොළයේ අභියෝගය භාරගැනීමට සූදානම් වන තුරු කෙටි ලිපි ප්‍රමාණවත් වේයැයි විශ්වාස කරමි)
C.EKANAYAKE
SENIOR PSYCHOLOGIST .
27/12/2025
පසුගිය කාලය පුරාවට විටින් විට අපට නව යොවුන් වියෙහි පසුවන්නන් සහ තරුණ තරුණියන් අතර පැවති සියදිවි හානි කරගැනීමේ සිදුවීම් අසන්නට දකින්නට ලැබිණි.
රටක් ජතියක් ලෙස අප විසින් මේ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සකස් කිරීමට එහා ගිය සාධනීය වළක්වා ගැනීමේ උපක්‍රම (preventing techniques)පිළිබඳ අවධානය යොමු කළ බවක් මේ වන තුරුම දක්නට නොලැබේ.විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්ය වරුන්ට වැටුප් පිළිබඳ ගැටලු නිරාකරණය කර ගැනීමටවත් කාලයක් නැතිකොට සහ පර්යේෂණ දීමනාව වාහනයේ ටයර් ටික දමා ගැනීමටවත් මදිවන වාතාවරණයක් තුළ අනාගත ඩිජිටල් ලෝකය භාර ගැනීමට සැදී පැහැදී සිටින අපේ තරුණ සම්පත මෙරට හැරයාම නොනැවැත්විය හැකි කරුණකි.
එබැවින් මේ ටටේ මිනිසුන්ගේ බදු මුදල්වලින් අද ආතල් ගන්න හරමානිස්ලා ටිකට මේවා එච්චර මැජික් නොවේ.ඔවුන්ගේ මොළයේ ප්‍රමාණයට අනුව මේ සිදුවීම් ඔනෑම සමාජයක සාමාන්‍ය සිදුවීම් වේ.
පසුගිය කාලය තුළ සිදු වූ සියලු සියදිවි නසාගැනීම් සඳහා අඩු වැඩි ලෙස බලපා ඇති සාධක අතර,තරුණ විශාදය,සයිබර් හිරිහැරකිරීම්(syber bullying),හිරිහැර කරන්නන්ගේ විකෘති මානසික තත්වයන්,ප්‍රමුඛ වේ.
අදුරට සාප කර කර සිටීම අපගේ ක්‍රමය නොවන නිසාත් මේ රටේ වගකිව යුත්තන්ට සාපය විශාල විනාශයක් වී තමාද මකබෑවී යන්න මොහොතකට කලින්වත් එය තේරුම් ගැනීමේ කල්පනා ශක්තියක් නොමැති නිසාත් මේ groups වල සිටින යම් සමාජ වගකීමක් සහිත අනුන්ට වචනයකින් හෝ හිත හදාගන්න කිසිදු ලාභයක් අපේක්ෂා නොකර post එකක් දාන්න තරම් තාමත් කාරුණික හදවත් මා දැක තිබෙන නිසාත් මේ කරුණු කිහිපය ඔබේ දැණුම සඳහා ඉදිරිපත් කරන්නට සිදුවිය.මෙමගින් ඔබ විසින් දැනට ඉටුකරමින් සිටින සමාජ මෙහෙවරට යම් රුකුලක් සැපයීම මගේ අරමුණ වේ.
🔴පරපීඩකයන් (අනුන්ට හිරිහැර කිරීමෙන් සතුටක් ලබන අය) වර්ගීකරණය
පරපීඩක කොටස් පිළිබඳ අවබෝධයක් තිබීම ඔබට ඔබේ දරුවා,සොහොයුරා ,සොහොයුරියහෝ මිතුරා පිළිබඳව යම් දැණුමක් ලබාගැනීමට උපකරි වනු ඇත.පරපීඩකයින් බොහෝදුරට විවිධ පවුර්ෂ ලක්ශන ,විවිධ හැසිරීම් රටා තිබෙන විවිධ පීඩාකාරී අත්දැකීම් තිබෙන අපගමනීය අභිප්‍රේරනයන් සහිත පුද්ගලයින් වේ.බොහෝ අවස්ථාවලදී මොවුන් සඳහා මානසික ප්‍රතිකාර සහ පුනුරුත්තාපනයන් අවශ්‍ය බව පෙනී ගොස් ඇත.
🔴හිරිහැර වින්දිතයන්(bully victims)
මේ පිරිස් පාසලේ දී හෝ විශ්වවිද්‍යාලයේ දී අන් අයව පීඩාවට පත් කරනු ලබන්නේ ඔවුන්ද එවන් අත්දැකීම්වල වින්දිතයින් නිසාය.බොහෝ පුද්ගලයින්ගේ නිවෙස් තුළ පරිසරය ඉතාමත් පීඩාකාරීනම් තමාට නිවස තුළ ස්වාධීනත්වයක් නැති අධිකාරිත්ව මාපියන් සහිත පුද්ගලයින් ඔව්න්ගේ අහිමිවූ අධිකාරිත්වය ,ස්වාධීනත්වය ,බලය සංකේතීයව තහවුරු කරගැනීමේ උත්සාහයක නිරත වේ.මෙය මනෝව්ද්‍යවේ දී ප්‍රතිගමනය(regression ) යනුවෙන් හැදින්වේ.
එසේත් නැතිනම් මේ පුද්ගලයින් ද මේ වැනිම ශාරීරික,මානසික, ලංගික හෝ වාචික හිංසනයන්ට ගොදුරු වූ අය වේ.මොවුන් අන්ත දෙකක සිට ක්‍රියාත්මක වන බව පෙනේ.යම් පුද්ගලයෙකුගේ පියා අධික ලෙස බීමට ඇබ්බැහි වී සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු මත්පැන් නොබන පුද්ගලයෙකු හෝ පියාටත් වඩා වැඩියෙන් බොන අයෙකු වන්නට බොහෝ ඉඩකඩ ඇත.එමෙන්ම ඉතා අමානුශික ආකාරයෙන් නවක වධයට මුහුණ දුන් හෝ පාසලේ හෝ tution පන්තියේදී නැතිනම් නිවසේදී ඉතා දරුණු පවුර්ෂ හානි සිදු වූ පුද්ගලයින් මෙම හිංසනයට විරුද්ධ වේ.එසේත් නැතිනම් එය ඊටත් වඩා තීව්‍රතාවයකින් සිදුකරයි.
දිනෙන් දින පිරිහෙන මානුශීය ගුනත්වය නිසාත් ඔරොත්තු දීමේ හැකියාවන් අඩු නිසාත්,අභියෝගයන්ට මුහුණදීමේ යාන්ත්‍රනයන්(defence mechanism) පිළිබද ඇති අඩු අවබෝධය නිසාත් බොහෝ දුරට ප්‍රතිචාර දක්වන්නේ දෙවන ක්‍රමයටය.එබැවින් අතීතයට සාපේක්ශව තරුණ තරුණියන් අතර හිංසනය වැඩි වශයෙන් ක්‍රියාත්මක වන බව පෙනේ.
C. EKANAYAKE
SENIOR PSYCHOLOGIST
27/12/2025
20/12/2025
Expert Guidance for Your Growth Journey. 🌱
At Mind Map Management, we specialize in: ✅ Psychological Development ✅ Corporate & HR Training ✅ Career & Life Coaching
With over 20 years of experience, we help you build a thriving future.
Get in touch with us: 📞 0770 229 255 | 0703 229 255 | 0765 616 062
වේදනාබර සම්බන්දතාවලට කොමාවක් නොතබන්න.නැවතීමේ තිත තබන්න.
Anger management tips
Click here to claim your Sponsored Listing.