Dr Nishani Ranamuka

Dr Nishani Ranamuka

Share

Positive Thinking

03/06/2026

පුද්ගලානුබද්ධ පිළිකා සත්කාරය
===========================

"අපි ඔහුට සමන් කියමු"

🔸සමන් දැනට සති දෙකකට කළින් අපේ සායනයට එනව. ඔහු වයස අවු 40 ගණනක තරුණ රෝගියෙක්, අත්තටම ඉලක්කමින් ඔහු තරුණ උනාට පෙනුමින් හැට පිරුණු පෙනුමක් තියෙන්නෙ

🔸 ඒ තරමට ඔහු කෘෂයි, එහෙමත් නැත්තම් කෙට්ටුයි. එහෙම වෙන්නෙ ඇයි, ඔහුට කන්න බෑ. හපල කන ඝණ ආහාර කන්නම බෑ. දියර ආහාර පමණයි එයත් ඉතා අඩු ප්‍රමාණයක්.

"කැඳ ටිකක් සුප් වතුර උනත් ගොඩක් බොන්න බෑ මැඩම් කැස්ස එනව"

🔸 සමන්ගෙ පිළිකාව තියෙන්න් Pharyngoesophageal Junction එකේ ඒ කියන්නෙ දලවශයෙන් කිව්වොත් උගුරේ පහල හා ගලනාලය අතර සංධිස්ථානයේ.

🔸රෝගය නිසාත් , රෝගයට මේ වන විට සිදුකර ඇති ප්‍රතිකාර නිසාත් ආහාර මාර්ග නාලය පටුවෙලා. ඒකයි කන්න අපහසු. ඒ වගේම ඔහුගේ රෝගී තත්වය අක්මාව දක්වා පැතිර ගිහින්.

🔸කොහොම උනත් රෝගියා අත්හැර දමන්න අපිට බෑ. ඒ නිසාම තාමත් බටහිර ප්‍රතිකාර දිගටම පවත්වා ගෙන යන්න ඔවුන් උත්සාහ කරනව. මොන ප්‍රතිකාරය සඳහාත් රෝගියාගේ කායික ශක්තිය වැදගත්. මෙවැනි රෝගීන් ට එය ප්‍රතිකාරයේ සීමාකාරී සාධකයක්.

🔸 ඔහුට බටහිර පරීක්ෂණ සඳහා දින පැමිණෙන තෙක් සහනයක් පතා රෝගියා අපේ සායනයට යොමු වෙනව

🔸 අපි මේ රෝගියා රෝහලේ නවතා ගන්නවා. ඇයි , සමීපව නිරීක්ෂණය කිරීමට, මේ වගේ රෝගියෙකුට අවශ්‍ය පුද්ගලානුබද්ධ ප්‍රතිකාරයක්.

🔸 විකල්ප ප්‍රතිකාර වඩා සුවිශේෂි වන්නෙ මේ personalized approch එක නිසා. ආයුර්වේදෙ වගේ සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම වල මූලික පදනම වෙන්නෙ පුද්ගලානුබද්ධ ප්‍රතිකාර. දැන් එය නවීනවත් personalized cancer care ලෙස කරලියට ඇවිත්

⁣🔸 මොකද්ද මේ personalized cancer care, treatment හෝ පුද්ගලානුබද්ධ ප්‍රතිකාර කියන්නෙ

🔸Personalized Cancer Care කියන්නෙ සෑම පිළිකා රෝගියෙකුටම එකම ප්‍රතිකාර ක්‍රමය ලබා නොදී, එම රෝගියාගේ පිළිකාවේ ජෛව ලක්ෂණ (tumor biology), ජානමය තොරතුරු (genetics), ශාරීරික හා මානසික තත්ත්වය, වයස, ජීවන රටාව සහ පුද්ගල අවශ්‍යතා සැලකිල්ලට ගෙන සැලසුම් කරන ප්‍රතිකාර හා සත්කාර ක්‍රමයක්
🔸මෙහි ප්‍රධාන අංග කිහිපයක් තියනවා

💎 Precision Diagnosis (නිවැරදි රෝග විනිශ්චය)
අද වන විට පිළිකාවක් හඳුනාගැනීමේදී එහි පිහිටීම පමණක් නොව,
Genetic mutations
Biomarkers
Molecular profile
Tumor microenvironment
වැනි කරුණුද පරීක්ෂා කරයි.

උදාහරණයක් ලෙස,
HER2 positive breast cancer
EGFR mutation lung cancer
BRAF mutation melanoma
වැනි විවිධ ජානමය වෙනස්කම් සලකනව

💎 Targeted Therapy
පිළිකා සෛලවල විශේෂ දුර්වලතා ඉලක්ක කර ප්‍රතිකාර කිරීම.
මෙහිදී වාසි විදිහට සාමාන්‍ය සෛලවලට හානිය අඩුයි.අතුරු ආබාධ අඩුයි.ප්‍රතිඵල වැඩියි

💎 Immunotherapy
ශරීරයේම ප්‍රතිශක්ති පද්ධතිය සක්‍රීය කර පිළිකා සෛලවලට එරෙහිව සටන් කරවීම. Chemotherapy වලදි සෑම රෝගියෙකුටම එකම Chemotherapy protocol භාවිතා නොකර,
වයස ,වකුගඩු ක්‍රියාකාරීත්වය අක්මාව හෘද සෞඛ්‍යය අනුව මාත්‍රා හා ඖෂධ තෝරා ගැනීම

💎 සංකූලතා සඳහා සහය වීම්( Supportive Care) ලෙස පිලිකා ප්‍රතිකාරයෙන් ඇතිවන මහන්සිය, වේදනාව, මානසික සංකූලතා , පෝෂණ ගැටළු
නින්ද සම්බන්ධ ගැටළු පාලනය කිරීමද Personalized Care හි කොටසක්

🔸පුද්ගලානුබද්ධ ප්‍රතිකාර හෙවත් personalized Cancer Care යන මෙම සංකල්පය ආයුර්වේදෙට අලුත් දෙයක් නොවේ.

🔸ආයුර්වේදය ආරම්භයේ සිටම,
Prakriti (ප්‍රකෘතිය)
Vikruti (විකෘතිය)
Desha (දේශය)
Kala (කාලය)
Vaya (වයස)
Satva (මානසික ශක්තිය)
Agni (ජීර්ණ ශක්තිය)
සලකා බැලීමෙන් පුද්ගලයාට අනන්‍ය වූ ප්‍රතිකාර සැලසුම් කරනව .

🔸ඒ නිසාම Ayurveda සහ Modern Oncology අතර සම්බන්ධය පැහැදිලි දිශානතියක් පෙන්වනව.
නවීන වෛද්‍ය විද්‍යාව Tumor genetics මත පුද්ගලීකරණය කරන පුතිකාර හා කලමනාකරනය ආයුර්වේදෙ ප්‍රකෘති Prakriti සහ දෝෂ තත්ව Dosha status මත පදනම් වෙනව.

🔸 මේ කරුණු අපක්ෂපාතිව දකින විද්වතුන්, පර්යේෂකයන් හා ආයතන මෙය විද්‍යාත්මක ඉදිරි ගමනක් පමණක් ලෙස සැලකීම නිසාම ආයුර්වේදයේ වසර දහස් ගණනක් පැරණි "පුද්ගලානුබද්ධ චිකිත්සා" සංකල්පය නවීන වෛද්‍ය විද්‍යාව තුළ නැවත තහවුරු වීමක් ලෙසද සැලකිය හැකි වෙනව

🔸 මේ කරුණු වල ප්‍රායෝගික ඇත්ත අපි සමන් වගේ රෝගීන්ගෙන් අත්විදිනවා.ඔහු දැන් ක්‍රමයෙන් වැඩි ප්‍රමාණයකින් යුත් දියර ආහාර බාධාවකින් තොරව ගන්න පටන් අරන්

🔸 ආදරණිය මිත්‍රවරුනි , එහෙම රෝගීන් නිසයි අපි වෘත්තීය කුහකත්වය පිටුදැකිය යුතු, පුද්ගල කැමති අකමැතිතා ඉවත් කල යුත්තෙ,

සැමට සුවදායි හෙටක් වෙනුවෙන් හෙටත් අපි කැපවෙනව

ස්තූතියි දිරිය දෙන සැමට 🙏

Dr Nishani Ranamuka
MD (Agad)India

01/06/2026

අද ඔබේ පිඟානේ ඇති දේ, හෙට ඔබේ සෞඛ්‍යය තීරණය කළ හැක.
=====================================

🔸අපි දිනපතා තෝරා ගන්නා ආහාර, ශරීරයේ තුවාලවීම (Inflammation), පරිවෘත්තීය ක්‍රියාවලීන් (Metabolism), හෝමෝන සංඥා පද්ධති (Hormone Signaling) සහ සෛල අලුත්වැඩියා කිරීම (Cellular Repair) කෙරෙහි සෘජුවම බලපායි.

🔸එසේම මෙම සාධක දිගුකාලීනව පිළිකා ඇතිවීමේ අවදානමටද මූලික වේ.

🔸 කුමන ආකාරයක හෝ පිළිකාවක් ඇතිවීම යනු ජානමය සාධක, පරිසරය, වයස්ගත වීම සහ ජීවන රටාව අතර ඇති සංකීර්ණ අන්තර්ක්‍රියාවක ප්‍රතිඵලයකි.

🔸කිසිදු ආහාරයක් පිළිකාවක් සම්පූර්ණයෙන්ම වළක්වන්නට හෝ සුව කරන්නට නොහැකිය

🔸නමුත් ආහාර පුරුදු නිරන්තරයෙන් දිගුකාලීන සෞඛ්‍යයට වැදගත් බලපෑමක් සිදු කරයි.

🔸තන්තු (Fiber), පොලිෆෙනෝල් (Polyphenols) සහ ස්වභාවික පෝෂක බහුල ආහාර ශරීරයේ පරිවෘත්තීය හා පටක තුවාලවීම් පාලනයට උපකාරී වේ.

🔸 අනෙක් අතට, අධික මත්පැන් භාවිතය සහ අධික ලෙස සැකසූ (Processed) ආහාර වර්ග කිහිපයක පිළිකා අවදානම ඉහළ දැමිය හැකි බව පර්යේෂණ පෙන්වා දෙයි.

🔸සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගොඩනැගෙන්නේ එක් දිනකින් නොවේ. එය අප ගන්නා කුඩා දෛනික තීරණ වසර ගණනාවක් පුරා එකතු වී විශාල වෙනසක් ඇති කිරීමකි

Want your public figure to be the top-listed Public Figure in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Kandy Road Yakkala
Gampaha
094